Expendables III එකේ වැඩ පෙන්නන්ඩ Jackie Chan’නුත් එනවලු!
Sylvester Stallone ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු ‘The Expendables (2010)’ චිත්‍රපටය Simon West ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු දෙවැන්නට –‘The Expendables 2 (2012)’– වඩා ඇමෙරිකාව තුළ ප්‍රවේශපත් අලෙවිය අතින් ඉහළින් රැඳෙනවා වුණත්, දෙවැන්න මුල් එක අභිබවා ගියේ ලෝකෙ පුරාම හොඳ අලෙවියක් ඇති වූ නිසා. ලොව පුරා ඩොලර් මිලියන 300ක් උපයා ගනිමින් මේ චිත්‍රපටය ලබාපු සාර්ථකත්වය නිසා මෙහි තෙවැන්නත් තැනීමට Stallone’ගේ අවධානය යොමු වෙලා. ඒ විතරක්නම් මදැයි! මේ චිත්‍රපටයේ ආභාෂය ලබමින්, නිළියන් යොදාගෙන කරන්නට යන ExpendaBelles කියන චිත්‍රපටයක් ගැනත් දැන් කතාවක් තියෙනව නෙවැ. මේක හැඩිදැඩි ශක්තිසම්පන්න පිරිමින්ගෙන් සමන්විත Expendables චිත්‍රපටයෙහිම; ලාලිත්‍යය සහ ක්‍රියාන්විතය රැගත් කාන්තා පාර්ශ්වික නිර්මාණයක් කියලයි කියැවෙන්නේනම්. (මේ ගැනත් වැඩි විස්තර අපි ඉදිරියේදී ගේන්නම්…)
ඒක නෙමේනෙ කියන්ඩ ආවෙ. මේකෙ තුන්වැන්නට Jackie Chan එකතු වෙනවලු. කියන විදිහට Stallone’ගෙන් Jackie’ට ආරාධනාව ලැබුණේ දෙවෙනි එකටයි. නමුත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නට සිදු වෙලා. හේතුව ඔහුගේ සිහින නිර්මාණය වන Chinese Zodiac වෙනුවෙන් කරපු අතිමහත් කැපකිරීම. නමුත් Stallone මේ තුන්වෙනි එකට නැවතත් ඔහුට ආරාධනය කළ නිසා ඒ වෙනුවෙන් එක්වෙන්නට ඔහු කැමැත්ත පළ කරලා. හැබැයි; කොන්දේසි පිට. ආ..හ්! මොනවද ඒ…?
‘දෙවෙනි එකේ Chuck Norris ආව වගේනම් එන්ඩ බෑ කිව්වලු; යන්තම් මූණ දාල, පොඩි වැඩ කෑල්ලක් පෙන්නලා යන්ඩ කැමති නැති හින්දා. ඒක නිසා නිකම්ම නිකම් සුළු චරිතයක් නොවෙන; යමක් කරන්ඩ හැකි තරමේ චරිතයක් තමන්ට ඕනි කියල Jackie කියලනේ.’ 😛
ඉතිං Sly’ට මේ චිත්‍රපටයට Jackie’ව එක්කරගන්ඩ තියෙන වුවමනාව කොච්චර ප්‍රබලද කිව්වොත් ඔහු වෙනුවෙන්ම දැන් තිරපිටපත පවා යළි සකසමින් යනවලු. මේ තුන්වෙනි එකේ තිරරචනාව කරද්දී ඒ වෙනුවෙනුත් Sly ගේ මැදිහත් වීම සෑහෙන බරපතළ බවයි පැවසෙන්නේ. කොහොමින් හරි Jackieගේ චරිතය මේ තුළ යම් වැදගත්කමක් සහ කාර්යයභාරයක් ඇති චරිතයක් වෙන්නට යන බව තමයි ආරංචියේ හැටියට අපට දැනගන්ඩ ලැබෙන්නේ.
ඒ අතරෙම Rush Hour 4 වැන්නකුත් Jackie එක්ක කරන්ඩ එහි නිෂ්පාදකවරයා වගේම Chris Tucker’ත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අය බලාපොරොත්තු වුණාට Rush Hour චිත්‍රපටි තුනක් ඇති කියල තමන්ට හිතෙන නිසා Jackie ඒකට එන එක සැකසහිතයිලු. නමුත් දැනටමත් ලියල හමාර කරපු මේ තිර පිටපත Chris Tucker අධ්‍යනය කරමින් ඉන්නා නිසා, ඔහු ඉල්ලුවොත් ඒ වෙනුවෙන් තමන් එකතු වෙන්ඩත් බැරි නෑ කියලයි Jackie නම් කියල තියෙන්නේ.
වටින තොරතුරු ටිකක්.. බොහොම ස්තූතියි..