LetsEndChildAbuse | ළමා හිංසනය පිටුදකිමු

උපසිරසි නිර්මාණය : හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත


ඔයාල වයස තිහට වැඩි නම් ඔයාලට මතක ඇති මතුගම සමන් කුමාර සිදුවීම. ලංකාවේ ළමයින්ට එරෙහි හිංසනයේ ඉතාමත් ප්‍රසිද්ද වෙච්ච පළමු සිදුවීම තමා ඒ. රටම කතා උනා. සින්දු, විරිදු, කවි බිහි උනා. පත්තර රේඩියෝ කතාව පතුරු ගැහුවා. ඒත් ටිකෙන් ටික ඔක්කොටම කතාව අමතක වෙලා සින්දු සහ කවි කීපයක් ඉතිරි උනා. අසුව දශකය ගැන නොදන්නවා නම් මිට වසර තුනකට කලින් වෙච්ච සේයා දැරියගේ සිදුවීම මතක ඇති. ඒ සිදුවීමත් රුපවාහිනී වලට හොද්ද බොර කරගන්න හොඳ මාර්ගයක් උනා. විටින් විට දෙතුන්දෙනෙක්ම හිරෙත් ගියා. තව කතා ගොඩක් වෙලා සිදුවීම ඔක්කොටම අමතක උනා. ඉතින් මම මේ සිදුවීම් දෙකක් විතරක් ඔයාලට මතක් කලේ මේ කියන්න යන දේ ගැන පුර්ව අවබෝදයක් ලබාගන්න.

ඔයාල දන්නවා මම විටින් විට ලෝකයේ හිතට දැනෙන වීඩියෝ දක්නට ලැබුනොත් ඔයාල එක්ක ඒක බෙදාගන්නවා කියල. මෙන්න ඒවගේ තවත් වීඩියෝ පටයක්. ඉන්දියාවේ සිදුවන ළමයින්ට සිදුවන හිංසනයට එරෙහි වීම තමා එයින් හිතට දැනෙන්න කියන්නේ. මෙම වීඩියෝ පටය ටයිම්ස් නෙට්වර්ක් යන ඉන්දියානු මාධ්‍ය ජාලය විසින් ZOOM කියන රුපවාහිනී නාලිකාවේ ප්‍රචාරය කරන්නේ ඉන්දියාවේ සිදුවන ළමා හිංසනය ගැන අවබෝද කරදීමට සහ ඒවා මැඩපැවැත්වීමට හැකි ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීමට.

ඉතින් ලංකාවේ නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ තවම. මොකද ඒක මාකට් කරන්න බැරි හින්ද වෙන්න ඇති. ඒත් බයිස්කෝප් අපි ඒ ගැන පොඩි උත්සාහයක් තමා මේ කරන්නේ. අවුරුදු 16 අඩු සියලුම දෙනා ලංකාවේ දරුවන් විදියට තමා ගැනෙන්නේ. ඉතින් එයාලට සිදුවන ශාරීරික, මානසික හිරිහැර ළමා හිංසනය විදියට තමා ගැනෙන්නේ. ලිංගික අපචාරම වෙන්න ඕනා නැහැ. අඩු වයසේ ළමයෙක්ගෙන් වැඩපල කරවා ගැනීම පවා ළමා හිංසනයක්. ඉතින් මෙම වීඩියෝව සිංහල උපසිරසි සමග බලන්න. හිතට මොනවත් දැනුනා නම් ඔබට දක්නට ලැබෙන පළමු ළමා හිංසනයම ලංකාවේ ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දෙන්න. මොකද ළමාරක්ෂණ අධිකාරියට අනුව ලංකාවෙත් 2018 වසරේ පළමු මාස දෙක ඇතුලත ළමා හිංසන 1500 ක් වාර්තා වෙලා තියෙනවා. වාර්තා නොවෙන ඒවා තව ගණන් කරන්න බැරි තරම් ඇති. ඉතින් අපේ යුතුකම සහ වගකීම මේ සම්බන්දයෙන් අපට පුළුවන් දේ කිරීම.


ශ්‍රී ලංකා ළමා රක්ෂණ අධිකාරියේ දුරකථන අංකය : 0112 778 911

G.A.P. Ranathunga (51 Posts)


One thought on “LetsEndChildAbuse | ළමා හිංසනය පිටුදකිමු

  • May 6, 2018 at 9:31 PM
    Permalink

    වටින දැනුවත් කිරීමක්..
    මේ වගේ දේවල් තවත් සමාජෙට යන්න ඕනෙ… මෙහෙම දෙයක් දාපු එක හරිම වටිනවා. බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *