Venom (2018) Trailer Breakdown දන්න සිංහලෙන්…

දැන් මම කියන්න හදන්නේ මේ වසරේ නිකුත් වීමට නියමිත මාවල් කොමික් ඇසුරින් නිර්මාණය කෙරුණු සිනමා සිත්තමක ඊයේ දිනයේ නිකුත්වුන පූර්ව ප්‍රචාරක පටය ඇසුරින් චිත්‍රපටයේ පෙර සලකුණු කිහිපයක් ගැන. අද(25) වැනිදා ලොව පුරා ආරම්භ කරපු ඉන්ෆිනිටි වෝ චිත්‍රපටය තරම් දැවැන්ත නිර්මාණයක් නොවුනත් SONY සමාගමේ නිර්මාණය වුනු Venom (2018) චිත්‍රපටයත් හොද ගුණාත්මක චිත්‍රපටයක් වේවි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන්. ලොකු ලොකු විදයම් දැරුවේ නැති උනාට මේකත් 20th Century Fox ලා නිර්මාණය කරපු ඩේඩ්පූල්, ලෝගන් වැනි නිර්මාණ සාර්ථක වූවා සේම වෙනොම් චිත්‍රපටයත් සාර්ථක වේවි කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම කියනවනම් මේ වෙනොම් චිත්‍රපටයත් R-Rated ගණයට වැටෙන චිත්‍රපටයක්. හරියටම නිකුත් වෙන දවස වෙන්නේ 2018 ඔක්තෝම්බර් 5’වැනිදා. මුලින්ම කියන්න ඕනා විනාඩි තුනකටත් අඩු ප්‍රමාණයකින් දිවෙන මේ පූර්වප්‍රචාරක පටයේ ඊස්ටර් එග්ස් වලින් කියවෙන නිසැක කරුණු ටික තමයි මේ කියන්න හදන්නේ. හරියටම වෙන්නේ මේකයි කියලා දැනගන්න නම් ඔක්තෝබර් වෙනකන්ම ඉන්න වෙනවා.

අපි පූර්ව ප්‍රචාරක පටයේ අවසානයේ සිදුවුණු සරල සිදුවීමකින්ම පටන් ගම්මුකො එහෙනම්.

01) අපිට මෙතනදී වෙනොම්ගේ හෙළිදරව් කිරීම හොදාකාරවම පෙන්නුම් කලා. කොමික්වල අපිට දකින්න ලැබෙන සුදුපාට දිගැටි ඇස් දෙකක් තියෙන, සර්පයකුගේ වගෙ දිගැටි දිවක් තියෙන, අති විශාල කටක් තියෙන වෙනොම්ව දැකගන්න ලැබුනා. වෙනොම් කියන්නේ අමුතුවෙන් කියාදෙන්න ඕන නැහැනේ. මොකද Spider-Man (2007) චිත්‍රපටයෙනුත් අපට වෙනොම් කෙනෙක්ව දකින්න ලැබුනානේ. ඒත් වෙනොම් කියන්නේ මෙහෙම කියලා මේ කෙනා කියන විදිහට විස්තර කරන්න බැරි කෙනෙක්.                                                                                                                                                                                                                             

02) එඩිගේ ක්‍රියාදාම සහිත බයික් එකකින් යන සිද්දීන් වගයක් අන්තිම හරිය කිට්ටු වෙලා දකින්න ලැබුනා. කොහොම නමුත් එයා ඒකෙන් ගිහින් හෝ නැතා පාරක වැටිලා ඉන්නවා පෙන්නුම් කලා. ඒවගේම එයාගේ පස්සෙන් ආව ලයිෆ් ෆවුන්ඩේෂන් එකේ මනුස්සයෙක්ද කොහෙදෝ එයා ලග ඉදන් “උබ මොකෙක්ද කියලා” ඇහුවානේ. අන්න ඒ හරියේදී පොඩ්ඩක් ලං කරලා බැලුවොත් එඩිගේ පපුව මැද්දේ සුදු පාටට හුරු මොකක්දෝ මන්දා දෙයක් දකින්න ලැබුනා. ඒක අර වෙනොම්ටම ආවේනික ස්පයිඩර් මෑන්ගේ සලකුණද කියලා කියන්න අමාරුයි. ඒත් පස්සේ අපිට සුදූපාටට හුරු නහරවල් නම් එයාගේ ඇග පුරාම දකින්න ලැබුනා. එයා වෙනොම්ගේ හැඩරුව ගත්තට පස්සේ වෙලාවෙදි.      

03) වෙනොම්ගේ බලය ගැන කතා කරද්දී මුලින්ම අපිට දකින්න ලැබෙන හොදම උදාහරණය තමයි ලයිෆ් ෆවුන්ඩේෂන් එකේ එවුන් වගයක් එඩි නැවතිලා ඉන්න තැනට කඩාගෙන පාත්වෙලා එඩිට කියනවා ඩ්‍රේක්ගෙන් ගත්ත දේවල් ආයෙ ඕන කියලා. එඩි එයාගේ මොනවා ගත්ත එක ගැනද මේ කියනවා ඇත්තේ? කොහොම නමුත් එඩිට පහර දෙන්න ගිය වෙලාවේදී එයාගේ අත් දෙකෙන් වගේම පිටෙන් සිම්බයෝට්ගේ ග්‍රාහිකාවන් මතුවෙලා අර මිනිස්සු ටිකට පහර දෙන්න ගන්නවා. දැන් ආයෙ ට්‍රේලර් එකේ මුල් හරියෙන් පටන් ගම්මු. 

04) එඩි බ්‍රෝක් වෙනොම් වෙන්න කලින් මේ සිම්බයෝට්ලා ඉන්න යානය කඩාගෙන වැටුණු තැනින් තමයි පූර්ව ප්‍රචාරක පටය ආරම්භ වෙන්නේ. මේ යානය කඩාගෙන වැටුණු තැන නම් අපිට මුල් ටිසර් ට්‍රේලර් එකෙනුත් දැකගන්න ලැබුණා. 

 

05) එඩි බ්‍රෝක්ගේ පුද්ගලික ජීවිතය ගැන කතා කරනවානම් ඈන් වෙයින්ගේ (පසුකාලීනව ශී-වෙනොම් වෙන 😉) චරිතයට පණ පොවන මිචෙල් විලියම් එක්ක කතා කර කර ඉන්න සිදුවීමක් පෙන්නුම් කලා. බොහෝදුරට මේ එඩිගේ පෙම්වතිය වෙන්න පුලුවන්. එහෙමත් නැත්තම් කලින් හිටිය පෙම්වතිය වෙන්නත් පුලුවන්. කොහොම නමුත් එඩි බ්‍රෝක්ගේ කෝණයට අනුව නම් ඈන්ව දකින්නේ යක්ෂ මනුස්සයෙක් වෙනුවෙන් තමන්ගේ ආයතනය සේවය කරන කෙනෙක් හැටියටයි.ආයතනය කියලා අදහස් කලේ ඈන් කියන්නේ නීතිඥවරියක්. ආයතනය කියලා අදහස් වෙන්නේ නීතිමය සහය සපයන තැනකට. 

06) හැබැයි එඩිගේ මතය හරි. මොකද පූර්ව ප්‍රචාරක පටය පටන් ගද්දිම කඩාවැටීමකට ලක් වුනු තැනෙ තිබුණ සමූයන් කෙලින්ම අරන් යන්නේ ලයිෆ් ෆවුන්ඩේෂන් එකට. කාල්ටන් ඩ්‍රේක් තමයි සැන්ෆ්‍රැන්සිස්කෝවල තියෙන ලයිෆ් ෆවුන්ඩේෂන් එකේ අයිතිකාරයා. කාල්ටන් ඩ්‍රේක්ට රංගනයෙන් දායක වෙන්නේ 2016 වසරේ නිකුත් වුන Rogue One: A Star Wars Story චිත්‍රපටයේ රංගනයෙන් දායක වුනු Riz Ahmed නමැති රංගධරයා. 

07) ඒවගේම තමයි එඩි බ්‍රෝක් කියන්නේ මොන වගෙ චරිතයක්ද කියලා එතනදී ඊලගට කියනවා. එයා ඇවිල්ලා පස්සෙන් ගිහින් හොයන්න හොද නැති මිනිස්සුන්ගේ පස්සෙන් ගිහින් එයාලා ගැන හොයලා පරීක්ෂණ කරන වාර්තාකරුවෙක්.

08) වාර්තාකරුවෙක් ගැන කියද්දී අපිට දැකගන්න ලැබෙනවා එඩි ලයිෆ් ෆවුන්ඩේෂන් එකට ගිහින් කාල්ටන් ඩ්‍රේක්ව ඉන්ටර්වීව් කරනවා. ඒවගේම එයා අහන්න නුසුදුසු ප්‍රශ්නයක් කාල්ටන්ගෙන් අහනවා. ඒ තමයි කට්ටියව බදවාගෙන අන්තිමට මැරිලා යන්න උනත් පුලුවන් විදිහේ පරීක්ෂණ වලට ලක් කරනවා කියලා චෝදනා එල්ල වෙන එක ගැන. එතනදී එයාලාට එයාලගේ ඉන්ටර්වීව් එක නවත්තලා දාලා යන්න වෙනවා. එහෙම පරීක්ෂණ ඇත්තටම වෙන්නේ නැත්තම් නැහැයි කියන්න තිබුනා නේද? 

09) ඊලගට තමයි එඩිට ආපහු වතාවක් ලයිෆ් ෆවුන්ඩේෂන් එකට යන්න පොට පෑදෙන්නේ එයාගේ පස්සෙන් ආව කෙල්ලෙක් නිසා. ලයිෆ් ෆවුන්ඩේෂන් එකේම වැඩ කරන විද්‍යාඥවරියක් තමයි එඩිගේ පස්සෙන් ඇවිත් තියෙන්නේ උදව් ඉල්ලගෙන. එයාට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Jenny Slate විසින්. එයා එතනදී ලයිෆ් ෆවුන්ඩේෂන් එකේ පරීක්ෂණ වගයක් ගැන හෙලි කරනවත් එක්ක. 

10) මේක තමයි මං කැමතිම කොටස. ලයිෆ් ෆවුන්ඩේෂන් එක ඇතුලෙදි අපිට දකින්න ලැබෙනවා මිනිසු කිහිපදෙනෙක්ව සිම්බයෝට්ට ධාරකයෙක් හැටියට ඇතුල් වෙන්න අවසර දෙනවා. ඒවායින් හුගක් ඒවා බලාත්කාරයෙන් කල බවක් තමයි හැබැයි පේන්නේ නම්. කොහොම නමුත් මේ විදිහට ධාරකයෙක් හැටියට ඇතුල් කලාට පස්සේ මේ හැම කෙනෙක්ම වියරුවට ලක් වෙලා ඉන්නවත් දකින්න ලැබුණා. මේ වෙනොම් චිත්‍රපටය මූලිකවම නර්මාණය වෙන්නේ Venom: Lethal Protector කියන 1993 වසරේදී නිකුත් වීම ආරම්භ කල කොමික් පොත් ඇසුරින්. මේවා කතාපොත්පෙළ තුලින් කියවෙන්නේ වෙනොම් ඇන්ටි හීරෝ කෙනෙක් එහෙම නැත්තම් වීරයෙකු වෙන්න  හැකියාවන් හිගව පවතින වීරයෙක් හැටියට. කොහොම නමුත් අර චිත්‍රකතා පොත්පෙල තුලින් කියවෙන්නේ තවත් සිම්බයෝට් ධාරකයින් පස්දෙනෙක්ගෙන් සැන්ෆ්‍රැන්සිස්කෝ නගරය ආරක්ෂා කරන්න බැදී ඉන්න ප්‍රතිවිරයෙක් ගැනයි. එතකොට චිත්‍රපටයේ පෙන්නුවෙත් සැන්ෆ්‍රැන්සිස්කෝ නගරය නෙහ්? එතකොට කෝ අනික් පස්දෙනා? එක්තරා තැනකදී අපිට දකින්න ලැබෙනවා එඩිට ධාරයෙක් වෙලා වියරු වැටිලා හිටිය ගෑනු කෙනෙක් පහර දෙනවා. බොහෝවිට ඒ කෙනා පසුකාලීනව“ස්ක්‍රිම්”නමින් හදුන්වන සිම්බයෝට් කෙනෙක්ව ධාරකයෙක් හැටියට දරාගෙන ඉන්න ඩෝෝනා ඩියේගෝ වෙන්න පුලුවන්. එහෙම නැත්තම් “ඇගනී” නම් සිම්බයෝට්ව දරාගෙන ඉන්න ලෙස්ලි ගෙස්නේරීයා වෙන්න පුලුවන්. ඊළගට තවත් පිරිමි කෙනෙක් පෙන්නනවා සිම්බයෝට් කෙනෙක්ගේ ධාරකයා වෙන. ඒ කෙනා එක්කෝ “ලෑෂර්” නම් සිම්බයෝට් ධාරකයා දරන රෑමන් හර්නෑන්ඩු වෙන්න පුලුවන්. එහෙමත් නැත්තම් “ෆේජ්” නම් සිම්බයෝට් ධාරකයා දරන කාල් මැක් හෝ “රයට්” නමැති සිම්බයෝට් ධාරකයා දරන ට්‍රෙවර් කෝල් වෙන්න පුළුවන්.

ඒවගේම තමයි කටකතාවක් පැතිරිලා තියෙනවා “Woody Harrelson” පවා රංගනයෙන් දායක වෙනවා කියලා ශ්‍රේණිගත මිනිමරුවෙක් හැටියට සලකන වගේම පසුකාලීනව “කානේජ්” කියන සිම්බයෝට්ව කෙනෙක් වෙන කෙනා හැටියට චරිතයට දායක වෙනවා කියලා. හරියටම තහවුරු කරලා නම් කියලා නැහැ ඒ ගැන. හැබැයි බොහෝදුරට මේ චෙනොම් චිත්‍රපටයෙන් කානේජ්වත් දකින්න ලැබේවි එන්නේ 2018 චිත්‍රපටය විතරක් නම්. එහෙම නැත්තම් තවත් චිත්‍රපට එනවනම් මේ අයව ලස්සනට එකින් එක පෙලගස්වාවී.

11) එඩිට සිම්බයෝට් කෙනෙක් ආවේශ වීමත් එක්කම එයාටත් අනිත් අයට වගේම සෑහෙන දරුණු අසනීප ගතියක් පෙන්නුම් කරනවා. ඒවගේම එයාට කටහඩවල් පවා ඇහෙන්න ගන්නවා. අනිවාර්යෙන්ම ඒ ඇහුනේ වෙනොම් බවට පත් වෙන සිම්බයෝට්ගේ රාක්ෂයෙක් වගෙ ගැඹුරු කටහඩ. ඔයාලා දන්නවද එඩි බ්‍රෝක්ට රංගනයෙන් දායක වෙන ටොම් හාඩිම තමයි ඔය හඩකැවීමට දායක වෙලත් තියෙන්නේ. එඩි වගේම වෙනොම් අතර ලොකු එදිරිවාදිකම් පෑමක් පෙන්නුම් කරනවා. කොටින්ම අර ලයිෆ් ෆවුන්ඩේෂන් එකේ අය එඩි නැවතිලා ඉන්න තැනට ආවම ඇතුලේ ඉන්න සිම්බයෝට් පහර දෙන්න ගත්තට පස්සේ එඩි කතා කරන්න ගන්නේ “අපි” කියලා.                                                                        

12) ඊලගට තවත් තැනකදී පෙන්නනවා එඩි එයාගේ ඇග ඇතුලාන්තයෙ ඉන්න කෙනා එක්ක කතා කරනවා. එතනදී නම් එච්චර හොද කතාබකක් නෙවෙයි වෙන්නේ. මොකද සිම්බයෝට් කෙනෙක් විතරක් නෙවෙයි ඕනෙම කෙනෙක් තවත් කෙනෙක්ව ධාරකයෙක් කරගත්තට පස්සේ ඒ ධාරකයා කරගත්ත කෙනාට ඕන වෙන දේ තමයි තමන්ට ඕන දේ කරන එක, තමන්ගේ බලය පෙන්නන එක. ඉතින් එඩිගේ ඇග ඇතුලෙ ඉන්න සිම්බයෝට් පවා ඒ විදිහට හැසිරෙන්න ගන්නවා. එයා කියනවා “අපිට ඕනම කරන දෙයක් අපිට කරන්න පුලුවන් කියලා.” එහෙමත් කියලා එඩිව බිත්තියට තියලා තද කිරීමක් දකින්න ලැබෙනවා. එඩි මොන තරම් කේවල් කරන්න හැදුවත් එයා කියන පදේට නටන්න නම් ඇතුලේ එකා ලැස්ති නැහැ වගෙ. ඒත් එඩි අන්තිමට කොහොම හරි ගනුදෙනුවක් ගහලා වගෙ. මොකද ඒකනේ එයා කියන්නේ “ඔයාට රිද්දන්න පුලුවන් නරක මිනිස්සුන්ට විතරයි” කියලා. 


13) මොකක්ම හරි සිදුවීමක් නිසා එඩිව කාල්ටන් ඩ්‍රේක්ට අහුවෙලා තියෙන බවක් තමයි මේකෙන් පේන්නේ නම්. ඒවගේම එඩිට පලිගන්න තියෙන ලොකු කැමැත්තක් නිසාම තමයි කාල්ටන්ට කියන්නේ එයා හරිනම් බයවෙන්න ඕන කියලා. මෙතන ඉදන් සිදුවීම් ටික තමයි ඔයාලට මුල් ටිසර් ට්‍රේලර් එකේ දකින්න ලැබුනේ. එඩිව ER ස්කෑන් මැෂින් එකකට ඇතුල් කරන සිදුවීම් පෙළ, එතකොට ටික වෙලාවක් ගිහින් එයාට වෙනොම් විසින් ආවරණය කරගන්න සිදුවීම් පෙළ. ඔය ටික සම්බන්ධ වෙන්නේ මෙතනට වෙන්න ඕන. 

14) ඔන්න එහෙනම් මුලින් පටන් ගත්ත කාරණයට ආවා ඔන්න ඉවරයක් කරන්න. අන්තිමටම හොදාකාරවම තහවුරු කරලම බලාගන්න පුලුවන් එඩි වගේම එයාගේ සිම්බයෝට් එකට එක්කාසුවෙලා ඉන්න බවක්. මාරක ආරක්ෂකයා හැටියට වෙනොම් කියන චරිතය ඉස්මතු වෙලා පෙන්වීමක්. චිත්‍රපටයේ කිසිදු පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් වෙන්න පෙර අතුව සමාජ ජාලා ඔස්සේ “We are Venom” කියලා හැෂ්ටැග් ගහලා නිකුත් කල පින්තූර වලට හොදම පිළිතුර තමයි අන්තිමට ඉදිරිපත් කරන්නෙ. හරියට නිකන් සුපර්හීරොලා තමන් කවුද කියලා හෙලිදරව් කරනවා වගෙ. උදා – මම තමයි බැට්මෑන්, මම තමයි අයන් මෑන්. 

මේ කියපු දේවල් තමයි අපිට මෙදාපාර පූර්ව ප්‍රචාරක පටයෙන් දකින්න ලැබෙන්නේ. මේ ටික එක්කාසු කලාම අපිට කතාව පැහැදිලි කරලා හදාගන්න පුලුවන්. ඒත් මේ දේවල් හැරුනම තවත් හුගක් කරුණු කාරනා සැගවිලා තියෙන්න පුලුවන්. ඒවා ඉතින් බලාගන්න වෙන්නේ ඔක්තෝබර් මාසයේදී තමයි. ඊලගට නිකුත් වෙන පූර්ව ප්‍රචාරක පටයේදීත් මෙවැනිම විස්තරයකින් මුණගැහෙමු. ඒවගේම මේ චිත්‍රපටයේ සිංහල උපසිරසි නිකුත් වෙන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනම දේවල් ටික එක්කාසු කරලා හොද ලිපි ටිකක් අරන් එන බව පොරොන්දු වෙනවා. මෙවැනිම තවත් ලිපියකින් මුණගැහෙමු. ජය!!

8 thoughts on “Venom (2018) Trailer Breakdown දන්න සිංහලෙන්…

  • November 18, 2018 at 4:08 PM
    Permalink

    Thanx broo..evage pahadili kirim denavata.

  • June 27, 2018 at 8:22 PM
    Permalink

    ela bro

  • May 1, 2018 at 6:12 PM
    Permalink

    thnaks bro lipiyata dan thama meka gana tikak padili adahasak awe ela bro

  • April 27, 2018 at 7:31 PM
    Permalink

    Venom කියලා කිව්වට පැහැදිලි අදහසකින් නෙවෙයි හිටියෙ.බොහොම ස්තුතිවන්ත වෙනවා කරලා තියෙන පැහැදිලි කිරිමට

  • April 27, 2018 at 7:02 PM
    Permalink

    බොහොම ස්තූතියි

  • April 27, 2018 at 5:00 PM
    Permalink

    spiderman 2007 eke venom weakness eka meketh tiyanawada

  • April 26, 2018 at 7:19 PM
    Permalink

    “Woody Harrelson කියන්නේ නවු යු සි මි එකේ පොර නේද

  • April 26, 2018 at 6:11 PM
    Permalink

    බොහොම ස්තුතියි .

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!