THE HUNT FOR WOLVERINE සමඟ ලෝගන් නැවතත්

ලෝගන් නොහොත් වුල්වරින් පසුගිය අවුරුද්දේ කොමික් චිත්‍රපට තුල මිය ගියා කියල ඔයාල කවුරුත් දැනටමත් දන්නවා නේ. සරලවම කියනවා නම් ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් ස්ටුඩියෝවේ සහ හියු ජැක්මන් ගේ උවමනාවට තමා ඒදේ සිද්ද උනේ. නමුත් කොමික් පොත් තුල වුල්වරින් මිය ගියේ 2014 අවුරුද්දේ ඩෙත් ඔෆ් වුල්වරින් කියන කොමික් කතා මාලාවේ. කොහොම නමුත් සුබ ආරංචියක් තියෙනවා මාවල් කොමික් ආයතනය නැවත වුල්වරින් කොමික් කතාමාලාව ආරම්භ කරලා තියෙනවා THE HUNT FOR WOLVERINE නමින්.

ප්‍රධාන කොටස් හතරකින් විදියට එන්න තියෙන මෙම නව කොමික් කතා මාලාව Adamantium Agenda, Claws of the Killer, Mystery in Madripoor, Weapon Lost විදියට තමා නම් කරලා තියෙන්නේ.  2018 අප්‍රේල් 25 පලවෙනි කතාව පිටවෙනවා කියල තමා ආරංචිය.

අපි කවුරුත් දන්නවා කොමික් වල වුල්වරින් චරිතය මියගිය ආකාරය වෙනස් චිත්‍රපටයට වඩා. ඉතින් සමහර විට මේ නව කොමික් කතාවලින් X MAN චිත්‍රපට මාලාවට වෙනසක් නොවේවි. නැතිනම් නව නළුවෙක් එක්ක අලුත්ම චිත්‍රපට මාලාවක් ආරම්භවේවි. කොහොම උනත් ලෝගන් චරිතයේ නව ආරම්භයක් සොයමින් සිටි අප සැමට මේ ආරංචිය සුළු හෝ සුබ ආරංචියක් වේවි.

G.A.P. Ranathunga (54 Posts)


One thought on “THE HUNT FOR WOLVERINE සමඟ ලෝගන් නැවතත්

  • April 21, 2018 at 7:45 PM
    Permalink

    niyamayi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!