ඉංග්‍රීසිට්‍රේලර්ටීවී කතා මාලාදැනුමටපුවත්භාෂාවවගතුගවිචාරවීඩියෝසියල්ල

Westworld දෙවස කතාසමයේ පුර්ව ප්‍ර‍චාරකපටය පිළිබදව කෙටි විවරණයක්

ආයුබෝවන් අවුරුද්දකට විතර පස්සේ නැවතත් Westworld  වෙනුවෙන් ලිපි කිහිපයක් ගෙන එන්න තීරනය කලා.ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ඉදිරි දින කිහිපයේදි නිකුත් වෙන්න තියෙන Westworld  Season 2 වෙනුවෙන් කෙරෙන පෙර සුදානමක් විදිහට.මේ ලිපි පෙලෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ Westworld  පලමු කතාසමය ගැන කෙටි සාරාංශයක්.

Spoiler Alert !

හැබැයි ඔයා මේ කතාව මීට කලිං නොබලපු කෙනෙක්නම් මේ ලිපිය කියවන එක නවත්තලා මෙන්න මෙතනින් Westworld කතාව අරගෙන බලලා ඉන්න.

හරි එහෙනම් පටන්ගමු නේද මේ ලිපියෙන් Westworld පුර්ව ප්‍රචාරකපටය තුලින් අපිට දකින්න ලැබුනු ඉගි කිහිපයක් ගැනයි කතා කරන්නේ.


පුර්ව ප්‍ර‍චාරක පටය බැලුවනේ පලමු දර්ෂනයේදි අපිට දකින්න ලැබෙනවා බර්නාඩ් මුහුද අසල වැටි ඉන්න දර්ෂනයක්.ඒ මුහුදේ මළ සිරුරු විශාල සංඛ්‍යාවක් තියෙනවා.මේ බෝහෝවිට මිනිසුන් වෙන්න පුළුවන්.ඊට තත්ත්පර කිහිපයකට පස්සේ ඔහු අසලට තවත් කළු හැදත් පුද්ගලයෙක් පැමිනෙනවා(00.10).මේ අලුත් චරිතයක් කව්ද කියලා නම් තාම නිෂ්චිත තොරතුරක් නෑ.කවුරු උනත් මෙයා ඩිලෝස් සමාගමේ තවත් ප්‍ර‍ධානියෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.


මේ බෝහෝවිට ඩොලෝරස් සහ ආනෝල්ඩ්  කතාබහක් වෙන්න පුළුවන්(00.16) .මේ සංවාදයේදි ඩොලෝරස් අහනවා “ඔයා හිටියද අපිත් එක්ක“ කියලා මෙතන ඉන්නේ බර්නාඩ් කියලා හිතුවොත් නම් ඔහු “නෑ“ කියලා දෙන පිලිතුරේ ව්‍යංගයෙන් කියවෙන්නේ බර්නාඩ් ඉන්නේ වෙනස්ම මතයක බවයි.එයා බෝහෝවිට මිනිසුන්ට පක්ෂපති කදවුර නියෝජන කරාවි.


ස්ටැබ්ස් මහත්තයා එක්ක ලේසි නෑ පේනවනේ බොහෝම දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නයි හදන්නේ.පලමු වෙනි කතා සමය හොදින් බලා සිටියානම් ඔයා දකින්න ඇති ස්ටැබ්ස් මුල් කොටස් වලදි ඔහු ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වන බවක්.හැබැයි තෙරේසගේ මරනය සහ අයලේ ගිය රොබෝවරයාගේ සිදුවිමෙන්  පස්සේත් මිනිහා ෆෝඩ්ගේ ලණුව කාපු එකයි අවුල.


උද්‍යාන පරිපාලන ගොඩනැගිල්ලේ තියෙන පුස්ථකාලයක් වෙන් පුළුවන්.මේකෙන් ඩොලෝරස් මිනිස්සු ගැන තව දැනගනිවි.


මේ ඉන්නේ බෝහෝවිට ඩොලා්රස්ගේ කල්ලියට හසුවු ඩිලෝස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් පිරිසක් වෙන්න පුළුවන්.


මතකද විලියම් මුලින්ම උද්‍යානයට එනකොට පිලිගන්න හිටපු රෝබෝ තරුණිය.මෙන්න එයා !

අමතර – Elon Musk මහත්තයගේ හිටපු බිරිද


ඩොලෝරස් එයාගේ කල්ලියට අලුතින් කට්ටිය බඳවගෙන.


අසරන සයිස්මෝර්.මේව්ගේ ග්‍ර‍හණයට හසුවෙලා.ඒ වගේමයි පලක මැදිරේ සියළු දෙනාම මිය ගිහිං.සයිස්මෝර් මේවිට උදව් කරයිද ඇයගේ දරුවව හොයාගන්න.


මේ කතාංගයෙත් විලියම්-ඩොලෝරස් සහ ටෙඩි-ඩොලොරස් ආදර කතාව බලාගන්න පුළුවන් වෙයි වගේ.


කව්ද ෆෝඩ්ගේ කුඩාකාලය නිරුපනය කල රෝබෝවරයට මෙහෙම කලේ ? Man in Black වගේ පෙන්නේ.කොහොමත් මිනිහට ෆෝඩ් එක්ක පොඩි අවුලකුත් තිබුනනේ.


බර්නාඩ් උද්‍යානයෙන් පිටවෙනවා ?

බර්නාඩ් කියලා අනුමාන කලේ බලන්න අවට තියෙන අදුරු ස්භාවය .විදුලිය බලය බිදවැටිලා.ඒ කියන්නේ මේ උද්‍යානයේ ඇතිවුනු කැරැල්ලෙන් පස්සේ දර්ෂනයක් වෙන්න ඔනේ


මේ season එකේ නම් සටන් වලින් අඩුවක් නෑ වගේ


ලෝගන් මේ ඔයාද ?


චාර්ලට් නෝනා බේරිලා එහෙනම්


ඔන්න  මේ තමයි Westworld වල සැබෑ හිමිකාරයා එහෙමත් නැතිනම් ඩිලෝස් සමාගමේ ප්‍ර‍ධානියා/සභාපති සහ ලෝගන්ගේ පිතෘ වන James Delos ගේ වැඩත් ඉදිරයෙදි බලාගන්න පුළුවන්


ආරංචි වෙන විදිහට මෙයාලට කියන්නේ Super Host කියලාලු.දැක්කනේ මෙයාගේ වැඩ.


මේ තමයි රෝබෝවරයෙක්ගේ මොලයක් නිර්මානය කරන ආකාරය(අනුමානයක් පමනයි)


ඔන්න තවත් උද්‍යනයක් මේ කතාංගයේදි විවෘත වෙනවා.


ඩොලෝරස් පිටත ලෝකයට(Main Land) එකට ගියාද ?

ඇය ඇදගෙන ඉන්න ඇදුම් වල හැටියත් පුර්ව ප්‍ර‍චාරක පටයේ නැතින් තැන පෙන්වන දර්ෂන වලට අනුව නම් ඇය පිටත ලෝකයට එහෙමත් නැතිනම් උද්‍යානයෙන් පිටත මිනිසුන් ඉන්න නගරයකට ඇවිත්.එහෙමත් නැතිනම් මේ තවත් එක උද්‍යානයක්.


කව්ද මේ ???


මේ කතාවේ පුර්වප්‍රචාරක පටයේ සෑම තත්ත්පරයක් තුලම වැදගත් ඉගික් ගැබ්වෙලා තියෙනවා.මගහැරුනු ඉගි තියෙනවා නම් පහලින් ලියලා යන්න.

ප.ලි

මේ ලිපිය ලියන මෙහොතේදි tribeca චිත්‍රපට උළලේ Westworld පිලිබද නිර්මානකරුවන් හා රංගන ශිල්පින් සමග සාකච්චාවක්(panel discussion) සිදුවෙනවා.එහිදි ලිසා ජොයි සදහන් කලා මේ කතා සමයේදි නිරුවත් සහ ලිංගික දර්ශන පලමු කතා සමයට වඩා ගොඩක් අඩුවෙන් තියෙන්නේ කියලා.

එවගේම ඉහතින් සදහන් කල අලුත් උද්‍යානය සමුරායිවරුන් ඉන්න උද්‍යානය නිර්මානයට උත්ජෙනයක් ලැබුනේ  Akira Kurosawaගේ නිර්මාන ඇසුරු කරගෙන කියලා.Akira Kurosawaගේ නිර්මාන වල ආභාෂය අපේ රටේ වේදිකා නට්‍ය වලට සහ සිනමාවටත් ලැබිලා තියෙනවා.

හරි එහෙනම් Westworld සමගින් නැවත හමුවෙමු.

Author

One thought on “Westworld දෙවස කතාසමයේ පුර්ව ප්‍ර‍චාරකපටය පිළිබදව කෙටි විවරණයක්

  • These reviews are really good. Keep it up. This also will be a hella of a season!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *