Ian Somerhalder to Star in Netflix Vampire Drama Series ‘V-Wars’ | වැම්පයර් ඩයරීස්හි ප්‍රධාන චරිතයක් මෙහෙයවූ ඉයන් සමර්හෝල්ඩර් ප්‍රධාන චරිතයක් ඔස්සේ නැවතත් රූපවාහිනී තිරයට…

The Vampire Diaries කතාමාලාවේ ප්‍රධාන චරිතයන් වලින් එකක් හැටියට ඩේමන් සැල්වටෝර්ගේ චරිතය හදුන්වන්න පුළුවන්. බලපු අය දන්නවා ඇති මේ සදහා දායක වුණේ ඉයන් සමර්හෝල්ඩර් නම් රංගධරයා බව. TVD කතාමාලාව නම් පසුගිය වසරේ මාර්තු මාසයේදී නිමාවට පත්වුණා. ඒත් එක්කම ඒ කතාමාලාවේ හිටිය කිහිප දෙනෙක් විතරයි වෙනත් කතාමාලා වල හෝ චිත්‍රපට රංගනයෙන් දායක වීමට නියමිත වුණේ.

මේ අතරින් TVD තුල රංගනයෙන් දායක වුනු ඉයන් සමර්හෝල්ඩර් නැවතත් රූපවාහිනී කතාමලාවක ප්‍රධාන චරිතයක් මෙහෙයවීමට නියමිත බව දැනුම් දීලා තියෙනවා. Teenage Mutant Ninja Turtles Universe, Star Trek, Ghostbusters වගේ සෑහෙන සෑහෙන පොත් ගණනාවකම හිමිකරුවන් වන IDW කොමික් ප්‍රකාශිතයින්ගේ තවත් පොතක්වන V-Wars නම් නවකතාව ඇසුරින් ඒ නමින්ම නිර්මාණය වෙන කතාමාලාවක් තමයි මේ V-Wars කියන්නේ. ඒවගේම මේකත් වැම්පයර්ලට සම්බන්ධයි. කොටස් දහයකින් සමන්විත මේ කතාමාලාව Netflix සමාගමේ එකක්.

කතාමාලාව තුල ගලාගෙන යන්නේ “ඩොක්ටර් ලූතර් ස්වාන් (ඉයන්) දැනගන්න ලැබෙනවා ලෝකය සැහැසි බැවින් වගේම ප්‍රචණ්ඩකාරී වුනු බව තමන්ගේ හොදම යාලුවා වැම්පයර් කෙනෙක් වෙලා මිනිස්සුන්ගෙන් ලේ බිලා පෝෂණය වෙන්න ගත්තමත් එක්ක. මේ නිසා ඩොක්ටර් ලූතර්ට ඕන වෙනවා තව තවත් ප්‍රමාද වෙන්න කලින් ලෝකය බේරගන්න. ඒවගේම තමයි එයාලගේ යාලුවා වැම්පයර්වරුන්ගේ ප්‍රධාන නායකයා බවටත් පත්වෙනවා. ඒ කියන්නේ ඉතින් ඩොක්ටර් ලූතර්ගෙ උත්සාහය අතරතුරේ මේ වෛරසයේ තත්වය තවත් නරක අතට හැරිලා කියන එකනේ.”

දැනට නම් මෙච්චරයි සදහන් වෙලා තියෙන්නේ. කොටින්ම කතාමාලාව නිකුත් වෙන දිනයක්වත් සදහන් කරලා නැහැ. ඉස්සරහට බලමු ඉතින්  Netflix ලා කරන්නම් වාලේ කතා හදන්නෙත් නැහැ වගේම ලෝ බජට් වලින් කිසිම දෙයක් කරන්නෙත් නැහැ කියලා. හොදම උදාහරනේ MTV නාලිකාවේ විකාශය වුනු Teen Wolf කතාමාලාවයි Netflix ලගේ Hemlock Grove කතාමාලාව. අහසට පොලව වගේ. දන්නෝ දනිති. බලාගෙන ඉම්මුකෝ TVD කතාමාලාව වගේම V-Wars කතාමලාවත් සුපිරිම එකක් වේවිද කියලා.

තවත් ලිපියකින් හමුවෙමු. ජය!!

චාමර සම්පත් (93 Posts)


One thought on “Ian Somerhalder to Star in Netflix Vampire Drama Series ‘V-Wars’ | වැම්පයර් ඩයරීස්හි ප්‍රධාන චරිතයක් මෙහෙයවූ ඉයන් සමර්හෝල්ඩර් ප්‍රධාන චරිතයක් ඔස්සේ නැවතත් රූපවාහිනී තිරයට…

  • April 20, 2018 at 6:31 PM
    Permalink

    එහෙනං අනිත් අය වගේ නෙමෙයි
    සුපිරියටම හදනවා එකක් හැදුවොත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!