Padman (2018) | පෑඩ් මෑන් : සැබෑ ලොව වීරයෙක්

1962දි, දකුණු ඉන්දියාවේ කොයිම්බතුර් කියන ගමේ රෙදි වියන්නෙකු වූ S.අරුනාචලම් සහ A. වනිතාට දාව අරුනාචලම් මුරුගානන්දම් කියල පිරිමි දරුවෙක් උපදිනව. අනතුරකින් S.අරුනාචලම් මියගියාට පස්සේ රෙදි වියන කර්මාන්තය අයිතිවෙන්නෙ මුරුගානන්දම්ට. ඒ සිදුවීම් එක්ක පවුලේ බර කරට ගන්න වයස අවුරුදු 14දි එයාට පාසල් ජිවිතයට සමුදෙන්න වෙනවා. එතැන් පටන් ඔහු සුළු රැකියා කිහිපයක නියැලෙනවා. කර්මාත ශාලාව යන්ත්‍ර සුත්‍ර ක්‍රියාකරුවෙක් විදියට. ගොවිපලවල් වල, වැල්ඩින් වැඩ වල ආදී වශයෙන්. ඒ විදියේ ජිවිතයක් ගතකරපු අරුනාචලම් මුරුගානන්දම්ට 2016 වසරේදී ඉන්දියානු රජය විසින් වරක් පමණක් පිරිනමන ඉහලම සම්මානය වන පද්මශ්‍රී සම්මානය පුද කරනව. ඒ විතරක් නෙමෙයි 2014 වසරෙදි ටයිම්ස් සඟරාව විසින් හිලරි ක්ලින්ටන්, බැරක් ඔබාමා, ජෝන් කෙරී, නරෙද්‍ර මෝඩි, සෙරීනා විලියම්ස්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වගේ උදවිය ඉන්න ලොව බලවතුන් සිය දෙනා  අතරට මොහුව එක්කරගන්නවා. ඇයි ඔහුව මෙතරම් ගෞරවයට පාත්‍ර උනේ?
අරුනාචලම් මුරුගානන්දම් ධානපති බිල් ගේට්ස් සමග 

සාමාන්‍යයෙන් කාන්තාවකට ස්භාවිකව සිදුවෙන දෙයක් තමයි ඔපස් වීම කියන්නේ. කාන්තාවක් තම වර්ගයා පවත්වාගෙන යාම සඳහා ශාරීරිකව මුහුකුරායාම සිදුවීම පටන්ගන්න පළමු සිදුවීම ගම් හතකට කියල මගුල් කාලා සද්දේ දාල සැමරුවට ඊට පස්සේ ඒ ගැන සාමාන්‍යයෙන් විවෘතව කතා කරන්නේ නැහැ සමාජය. sanitary pads ගන්න ගියාම උනත් සෑහෙන ලජ්ජාවකින්නේ ඒක ඉල්ලන්නේ. සාමාන්‍යයෙන් අතීතයේ එම ස්භාවික සංසිද්දිය සිදුවෙලා තියෙන කාන්තාවක් “කිලි” එහෙම නැත්නම් අපිරිසිදුයි කියල සලකනවා. ලංකාවේ බරපතලවම නම් ඒ සම්බන්ධව සිදුවීම් නැහැ. නමුත් ඉන්දියාවේ සමහර පලාත්වල සහ කුලවල කාන්තාවන්ට ඔපස්විම සිද්දවුනාම ඔවුන්ට එම සිදුවීම නතරවෙනකම් එම දවස් දෙක තුන ගතකරන්න වෙන්නේ ගෙදර තියෙන ගව මඩුවක. එතකොට වෙන්නේ තවත් විෂබීජ වලට නිරාවරණය වීමක් ඉතිං. ඉතිං ඔය වගේ අදහස් මුල් බැසගත්ත සමාජයක වෙසෙන කාන්තාවන්ට අරුනාචලම් මුරුගානන්දම් අඩු වියදම් සනීපාරක්ෂක තුවා හඳුන්වාදෙනවා. එකට හේතුව වෙන්නේ වෙළඳපොලේ මිලට ගන්න තියෙන තුවා මිලාධික වීම. ඒවා අරගන්න බැරි අය පත්තර සහ පරණ රෙදි කෑලි තමයි සනීපාරක්ෂක තුවා වෙනුවට පාවිච්චි කරන්නේ. ඉතිං ඒක සෞඛ්‍යරක්ෂිත ක්‍රමයක් නෙමෙයි. ඉතිං අරුනාචලම් කියන්නේ තමන් කරපු සුළු සුළු රැකියාවන්ගේ පිහිටෙන් දෑතේ යමක් කරගන්න බුද්ධියක් තියෙන කෙනෙක්. මේ සිදුවීම එයාගේ ඇහැ ගැටෙන්නේ බිරිඳ ඔපස්විම නිසා එයා ගෙදර තියෙන පරණ පත්තර එකතු කරල සනීපාරක්ෂක තුවා සඳහා විකල්පයක් සාදගන්නකොට. ඊට පස්සේ තමා එයා මේ ගැන හොයන්නේ එතකොට එයාට දැනගන්න ලැබෙනවා මුලික අමුද්‍රව්‍ය වල මිල ඇමරිකානු ඩොලර් සත 15ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් ඩොලරයක් ලංකා රුපියල් 150 කියල අරගත්තොත්, 0.15 X 150 = 22.50Rs නමුත් සනීපාරක්ෂක තුවා වෙළඳපොලේ විකුණුම් මිල වෙන්නේ අමුද්‍රව්‍යවල මිල වගේ 40 ගුණයක්. ඒ කියන්නේ 22.50 X 40 = 900Rs වගේ ඉහල මිලකට. සාමාන්‍යයෙන් ඉන්දියානු දිළිඳු සමාජයට ඔය මිල සමහර විට තමන්ගේ සතියක ආහාරවලට යන මුදල වෙන්න පුළුවන්. ඉතිං ඒ මිනිස්සු තමන්ගේ ප්‍රමුඛතාවය ලබාදෙන්නේ ජිවත් වෙන්න අවශ්‍යම දේවල් වලට.කොච්චරද කියනවනම්ඉන්දියානු කාන්තාවන්ගෙන් 2% ක් පමණයි සනීපාරක්ෂක තුවා පළඳින්නේ, අනිත් හැමෝම අනුගමනය කරන්නේ පත්තර සහ පැරණි රෙදි කැබලි වැනි විකල්ප. ඒ ගැටලුව වටහාගන්න අරුනාචලම් මුරුගානන්දම් සමාජයේ දෝෂාරෝපණ සමග තමන්ගේ බිරිඳ ශාන්තිගේ නෝක්කාඩු එක්කම දික්කසාදය පවා ලැබෙන්න ඔන්න මෙන්න තත්වයක් හටගත්තත් නොසැලී ඉදිරියට යමින් වසර ගණනාවක වෙහෙසකින් පස්සේ අඩු මිලට සනීපාරක්ෂක තුවා නිපදවීමේ යන්ත්‍රය සාදනවා.

අරුනාචලම් මුරුගානන්දම්  ජේම්ස් කැමරන් සමග  

සාමාන්‍යයෙන් වෙළඳපලේ එම යන්ත්‍රයක මිල ඇමරිකානු ඩොලර් පන්සීය හතලිස්දහසක් (ඩොලර් ලක්ෂ පහයි, හතළිහක්) පමණ වෙනවා නමුත් මුරුගානන්දම්ගේ යන්ත්‍රය ඇමරිකානු ඩොලර් දහසක පමණ ඉතාම අඩු මිලකට ඔහු නිපදවාගන්නව. එතනින් පස්සේ ඔහු ‘ජය-ශ්‍රී ඉන්ඩ්‍රස්ට්‍රි’ නමින් කර්මාන්තශාලාවක් පිහිටුවනවා. රට පුරා මෙවැනි ලාභදායි සනීපාරක්ෂක තුවා නිපදවන ස්ථාන 630ක් පමණ පිහිටුවා තියෙනව ඔහු මේ වෙනකොට.වයස අවුරුදු 14දි පාසල් ගමන අත්හැරපු ඔහු Indian Institute of Technology බොම්බේ. Indian Institute of Management අහමදාබාද් සහ බැංගලෝර් පමණක් නෙමේ හාවඩ් සරසවියෙත් ආරාධිත දේශනා පවත්වල තියෙනවා. වතාවක් ප්‍රකට ටෙඩ් ටෝක් සමගින් එකතුවෙන ඔහු තමන්ගේ කතාව මේ විදියට ලෝකයට පවසනවා.

එතැනදී ඔහු කියනවා “තමන් මුදල් පසුපස හඹා යන්නේ නැහැ ඔහුට අවශ්‍ය ඉන්දියාවට සේවය කරන්න, තමන්ගේ රටේ දුක්විඳින මිනිස්සුන්ට උපකාරයක් වෙන්න, සල්ලි කියන්නේ මගේ ඉස්සරහ සාක්කුවේ තියෙන දෙයක් නෙමේ මං ඒක හැම වෙලාම පසුපස සාක්කුවේ දාගෙන ඉන්නේ” කියල.


ඉතිං එම චරිතය ඇසුරින් නිමවුන මෙම සිනමාපටය IMDB 8.4, කුණු තක්කාලි දර්ශකයේ 100% වැනි ඉහල අගයන් වාර්තා කළා වගේම ඉන්දියානු රුපියල් බිලියන 1.2ක ඉහල ආදායමක් ලබාගත්ත. මේ නිර්මාණය අක්ෂේ කුමාර්, රාධිකා ආප්තේ, සෝනම් කපුර් ආදීන්ගෙන් හැඩවෙලා තියෙනවා. ඉතිං ළඟදීම මේ කතාව ඔයාලට බයිස්කෝප් සිංහලෙන් තුලින් ලබා දෙන්න අපි සුදානම්…

6 thoughts on “Padman (2018) | පෑඩ් මෑන් : සැබෑ ලොව වීරයෙක්

  • June 29, 2018 at 12:58 PM
    Permalink

    කෝ බන් දෙනවයි කිව්ව සබ්!

  • June 21, 2018 at 12:02 AM
    Permalink

    සබ් දෙමුද සහෝ

  • March 28, 2018 at 1:28 PM
    Permalink

    වටින ලිපියක්… එහෙනං සබ් එක එනකල් බලං ඉන්නවා. කාලෙකට පස්සේ එන බලන්න පුළුවන් විදිහේ හින්දියක්… ස්තුතියි!

  • March 26, 2018 at 7:11 PM
    Permalink

    “ඔපස්” නොව “ඔසප්” ලෙස නිවැරදි විය යුතුයි.

  • March 25, 2018 at 10:42 AM
    Permalink

    කරුමේ :/

  • March 25, 2018 at 1:22 AM
    Permalink

    පට්ට….
    සාන්ගේ හින්දි උපසිරසියක් ළඟදීම…
    ජයෙන් ජය…!!!!

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!