Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 26

Ek do teen 1988/2018

සින්දුවේ නම                                  : Ek do teen
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය     : 1988
නව නිර්මාණය සිදුවූ වර්ෂය         : 2018

ආයුබෝවන් යාළුවො හැමෝටම.. හින්දි සිංදු එදා සහ අද කැටගරියට මම  පෝස්ට් එකක් දාන පලවෙනි වතාව වෙන්න ඕන මං හිතන විදිහට.
හොඳයි මං අද අරගෙන ආවේ කවුරුත් දන්නා තේසාබ් චිත්‍රපටියේ එන “ඒක් දෝ තීන්” කියන ගීතය. කවුරුවත් හිතන්නේ නැතුව ඇති මේක ආයෙත් රීමේක් කරාවි කියලා.

ඔයාලට මතකනේ අනිල් කපූර්ගේ තේසාබ් චිත්‍රපටයේ තිබුණු මේ ගීතයට නර්තනයෙන් දායක උනේ ඉන්දියානු සිනමාවේ ඩාන්සින් අයිකන් එක නොහොත් මධුරි ඩික්ෂිත්.. ඉතින් එදා මේ ගීතය ගායනා කලේ අල්කා යාග්නික් විසින් ඉතින් එදා අල්කා යාග්නික් හට වසරේ හොඳම පසුබිම් ගායිකාවට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය මේ ගීතය වෙනුවෙන් හිමි වූවා. එමෙන්ම හොඳම නර්තන රචනයට(best Choreography) හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයද හිමි කරගැනීමට මේ ගීතය සමත් වෙනවා. ඊට අමතරව වසරේ හොඳම නිළිය(මධුරි), වසරේ හොඳම නළුවා (අනිල් කපූර්) ඇතුළු නාමයෝජනා දොළහකින් වසරේ හොඳම නළුවා (අනිල් කපූර්) ඇතුළුව ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් දිනාගැනීමට තේසාබ් චිත්‍රපටය සමත් වෙනවා. මේ ගීතය රචනා කලේ Javed Akhtar විසින්.

මේ තියෙන්නේ 1988 දී Tezaab චිත්‍රපටයට ඇතුලත් වූ  Ek Do Teen ගීතය…


ඉතින් ඔන්න ඔය ගීතයේ නව නිර්මාණයක් පසුගියදා TSeries ආයතන විසින්  පසුගිය මාර්තු 19 වනදා නිකුත් කරනු ලැබූවා.. ඒ ඉදිරියේදී නිකුත් වීමට නියමිත Baaghi 2 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු වලට සමගාමිව.

මේ ගීතය ඇත්තටම අඩංගු වන්නේත් එළඹෙන මාර්තු 30 වන දින නිකුත් වීමට නියමිත ඉහත සඳහන් කල baaghi 2 චිත්‍රපටියේම Item Song එකක් විදිහට.

ඉතින් සිද්දිය කියන්නේ මේ ගීතය සඳහා තමන්ගේ රංගනයෙන් සහ නර්තනයෙන් දායක වෙන්නේ අපේ සුරූපී ජැක්ලින් ෆර්නැන්ඩස් විසින්. නමුදු මේ ගීතය අන්තර්ජාලයට නිකුත් වූ දින සිට අද වනතුරු මේ ගීතය සඳහා ජැක්ලින් හට සිනමා විචාරකයින්ගෙන් සහ රසික ජනතාවගෙන් ලැබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් නොවන බව තමයි පෙනීයන්නේ. කෙසේ වෙතත් මේ වනතුරු මධුරි ඩික්ෂිත් ජැක්ලින් යොදාගනිමින් ප්‍රතිනිර්මාණය කල ම ේ ගීතය පිලිබඳ තමන්ගේ අදහස තවමත් ප්‍රකාශ කල නොමැති බව තමයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසා සිටින්නේ.කෙසේ වෙතත් වසර 30කට පසු යලි ප්‍රතිනිර්මාණය කල මේ ගීතයේ ගුණාත්මකභාවය එලෙසම රැකගනිමින් 2018 වසරේදී එය ගායනා කරන්නේ වර්තමාන බොලිවුඩ් ගීත කෝකිලාව ශ්‍රෙයා ගෝශාල් විසින්

ඉතින් මේ තියෙන්නේ 2018 වසරේ Baaghi 2  චිත්‍රපටය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය වූ Ek Do Teen ගීතය…


එහෙනම්…. අයෙත් දවසක යලි හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා…
ඔබ සැමට ජයෙන් ජය…!!!

තාරක නුවන් දිල්හාර (93 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!