පිටසක්වල ආක්‍රමණයෙන් ලෝකය බේරගන්න ඔබත් සූදානම්ද?

මේ හදන්නෙ කවදාවත් නොකරපු දෙයක් කරන්නයි. වැඩි උදව් ලැබුනේ සහ 95% විතර අදහස් හසාගෙන්

මේ කියන්න යන්නේ ඉදිරියේ තිරගතවෙන්න නියමිත Avengers:Infinitity War චිත්‍රපටයේ දෙවන පූර්ව ප්‍රචාරක කටයුතු කොටසින් කොටස අපට තේරුන විදිහට ඔයාලට පැහැදිලි කරන්න. ඒ වගේම චිත්‍රපටය පෙළ ගැහෙන හැටිත් අපි අනුමාන කරපු ස්පොයිලර් එකක් මේ ලිපිය තුල අන්තර්ගත වෙනවා.
මුලින්ම පටන් ගන්නෙ මැන්හැට්න් නගරේ අහසේ ඉඳන් පෙන්වන උඩු යටිකුරු වෙච්ච දර්ශණයකින්. ඒක හරියට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපටියේ අවකාශය එකට ඇකිලෙන දර්ශණ වලට සමානයි. හැබැයි කලින් පෙර දසුනෙදි තැනෝස් ගේ Q-ship එක මැන්හැට්න් වල උඩ තියෙනවා පෙන්නුවා. මේකේ ඒක පේන්න නෑ. ඉතින් අනිවා මේක ඇවිල්ලා ඒ Q-ship එක කැරකෙන කොට, ඒකේ ඉන්න කෙනෙක්ට පේන දර්ශණයක විදිය වෙන්න ඕනා. කැරකෙන්නෙ ඒ වලල්ල කැරකෙන හින්දයි. කලින් ට්‍රේලර් එකේදිත් දකින්න ඇති මේ යානය දුටු විගසම තරුණ කම ඉහට ගහලා කාගෙන්වත් අහන්නේ නැතුව ඉස්සෙල්ලම ප්‍රතිචාර දක්වන්නේ කවුද කියල. ඒ සමහරවිට ස්පයිඩර් මෑන් වෙන්න පුළුවන්. අනුමානයක් පමණයි.

ඒ වගේම ඒ දර්ශණයෙ අහසින් කඩා වැටෙන ආලෝකයක් පෙන්වනවා. ඒ ආලෝකෙම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන්න තැන කවාකාර වීදුරුවෙත් පේනවා. එතන අපිට දකින්න ලැබෙනවා බෘස් බැනර්, බ්ලැක් විඩෝ සහ අයන් මෑන් ගේ සගයා වෝර් මැෂින් අහස දෙස බලා සිටිනවා. මේ දර්ශණය චිත්‍රපටයේ ආරම්භක දර්ශනයක් නම් නෙමේ. මේ දර්ශණය ඔයාලට දැකගන්න ලැබෙන්නේ චිත්‍රපටය මැද බාගයේදී පමණ වෙන්න ඕනේ අපි මේ කියන්න යන අනුමානය අනූව. මොකද මාවල් ස්ටුඩියෝ එකෙන් අපිට ලේසියෙන් ලේහාගෙන බලන්න දෙයක් නම් දෙන්නේ නැහැ. මේ දෙවන ප්‍රචාරක පටය තුලත් අග, මැද සහ මුල දර්ශන කවලම් කරලා අපිට හිතා ගන්න බැරි විදිහේ දෙයක් තමයි වෙනදා වගේම දීලා තියෙන්නේ. ඉතින් මේ පැටලුන නූල් බොලේ කෙරවලක් අල්ල ගන්නවා නම් ඔයාලට සිද්ධ වෙනවා බ්ලැක් පැන්තර් හෝ තෝර් තුන්වන චිත්‍රපට දෙකේ අවසාන වලට යොමු වෙන්න. බ්ලැක් පැන්තර් බැලුවේ නැති නම් ඔන්න පොඩ්ඩක් ස්පොයිල් වෙනවා. බ්ලැක් පැන්තර් චිත්‍රපටයෙන් අපි බලාපොරොත්තු උන විදිහට Infinitity War චිත්‍රපටයට ලොකු රුකුලක් ලැබුනේ නැහැ බකිගේ දර්ශණය ඇරෙන්න. එතකොට අපිට ඉතිරි වෙන්නේ තෝර් 3 වන්නේ අවසන් දර්ශණය. ඔව් ඒ තමයි අපිට මේ අවුල ලෙහාගන්න ලැබෙන එකම එක නූල්පට. මීට කලින් ප්‍රචාරක පටයේ Breakdown එකේ කිව්වා වගේම ඇස්ගාඩ් වලින් ආපු වැසියන් සහිත යානය එන්නේ පෘතුවිය බලා නමුත් එයාලට මගදී මුණ ගැහෙන්නේ කවදාවත් මුණ ගැහෙන්න උවමනාම නැති කෙනෙක්. ඒ තමයි පිස්සු ටයිටැන්කාරයා හෙවත් තැනොස්. එතැනදී සිද්ධ වෙන දෙයින් තමයි මේ කතාවට මුල පිරීමක් කරන්න සිද්ධ වෙන්නේ.

අහසින් යමක් කඩා වැටෙන සිදුවීම ගැන දැන් නෙමේ මම තව ටිකකින් කියන්නම්. ඊට පස්සේ තියෙන දර්ශණය ගැන කියන්නම් දැන්. ඔයාලට පේනවා ඇති තැනොස් තවත් ඉන්ෆිනිටි ස්ටෝන් එකක් එයාගේ අත් වැස්මට එකතු කරගන්නවා. ඒ තමයි ටෙසරැක්ට් එකතුල ආරක්ෂිතව තිබුන ඇස්ගාඩ් වැසියන්ගේ වස්තුව. අවකාශයට සම්බන්ධ ඉන්ෆිනිටි ස්ටෝන් එක තමයි ඒ තැනොස් තමන්ගේ අත්වැස්මට එකතු කරගන්නේ. ඇස්ගාඩ් විනාශ උනාට පස්සේ ටෙසරැක්ට් එක අරගෙන ලොකි තෝර් සමඟ යානයෙන් පිටත් උනා නොපෙන්නුවට කලින් ප්‍රචාරක පටයේදී අපි දැක්කා ලොකි ටෙසරැක්ට් එක අරගෙන මියගිය ඇස්ගාඩ් වැසියන් අතරින් ඇවිදගෙන යනවා. ඉතින් දැන් තහවුරු වෙනවා ඇස්ගාඩ් යානය තැනොස් මුණ ගැසීමත් එක්ක සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද කියල. කලින් කිව්වා වගේම ඇස්ගාඩ් වැසියෝ සියල්ලම වගේ විනාශ කරලා තැනොස්ට අවශ්‍ය දේ ලබාගන්නවා. ඒ වනවිට යානයේ හිටපු අය අතර ලොකි, තෝර් සහ බෘස් බැනර් ප්‍රධානයි. මේ ට්‍රේලර් එක මුල ඉඳන් අගට බැලුවොත් සහ කලින් ට්‍රේලර් එක බැලුවොත් ඔයාල දකින ප්‍රධාන දෙයක් තමයි ඇවෙන්ජර් කණ්ඩායම කොටස් දෙකකට වෙන් වෙලා කියන කාරණය. තෝර්, අයන් මෑන්, ගාඩියන්ලා, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සහ ස්පයිඩර්මෑන් එක කණ්ඩායමක් විදිහට වෙනත් ලෝකයකත් කැප්ටන්, විෂන්, ස්කාලට් විච්, වෝර් මැෂින්, බකි, හල්ක්, බ්ලැක් පැන්තර් වකන්ඩා වලත් වෙන වෙනම සටන් වදිනවා දකින්න ලැබෙනවා. ඉතින් මේ හොඩුවාවල් දිගේ ගියොත් අපිට මේ වගේ කතාවක් ගොඩ නගන්න පුළුවන්. ඒ කතාව කියන ගමන් මම ට්‍රේලර් එකේ යන සිදුවීම් පැහැදිලි කරන්නම්.


කොහොමහරි ලොකුම විස්තරේ දෙන්නෙ ගැමොරා විසින්. ගැමොරා කියන්නෙ තැනොස් දරුකමට හදාගත්ත කෙනෙක්. දරුකමට ගන්නෙ ඇයගේ ජාතියම මරල දාලයි. ඒ දර්ශණයත් ෆ්ලෑෂ්බැක් එකක් විදියට තියෙනවා ඔයාල දකින්න ඇති. පොඩි ගෑණු ළමයෙක් අතින් අල්ලගෙන යන දර්ශනය. කොහොමහරි ඇය කියනවා ඇසුරු සැනින් තැනොස්ට විශ්වයේ බාගයක් විනාශ කරන්න පුළුවන් කියලා. හරියටම ඒක කොමික් පොත් වල වෙන දෙයක් තැනෝස් ඉන්ෆිනිටි ස්ටෝන් ඔක්කොම එකතු කරගත්තට පස්සේ. තැනොස් ඒ විදිහට ඇඟිලි දෙකෙන් ශබ්දයක් කරන සැනින් තමන්ට අවශ්‍ය ස්ටෝන් එකෙන් අවශ්‍ය පරිදි බලය හසුරවනවා අනාගතයේදී දකින්න ලැබේවි. හැබැයි ඒක මේ චිත්‍රපටයේදී සිදු වෙයි කියන එකට නම් පොඩි ගැටළුවක් එනවා ට්‍රේලර් එක අවසන් බාගයේදී. හරි දැන් යොමු වෙමු ට්‍රේලර් එකට. මේ සිදුවීමට අදාළ දෙන්නා වෙන්නේ ගැමොරා සහ ටෝනි ස්ටාක්. මේ දෙන්නා කොහොමද මුණ ගැහෙන්නේ? නැහැ මේ දෙන්නා ඉන්නේ එකම ස්ථානයක නෙමේ. පසුබිම් දෙක බැලුවොත් ටෝනි ඉන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්ථානයට සමාන පසුබිමක් තියෙන තැනක. ගැමොරා මේ විස්තරය කියන්නේ වෙන කාටවත් නෙමේ ඒ කෙනා තමයි තෝර්. තෝර්ගේ යානය විනාශ කරලා ටෙසරැක්ට් එකත් අරගෙන සමහරවිට ලොකිවත් පැහැරගෙන තැනොස් නැවත ටයිටැන් වලට ගියා වෙන්න පුළුවන් නැතහොත් පෘතුවිය දෙසට එනවා විය හැකියි. ඇස්ගාඩ් යානය තමන් සතු කරගත් බවට සාධකයක් මේ ට්‍රේලර් එකේ මැද හරියේදී දකින්න ලැබෙනවා. ඒ ලොකිව යටත් කරගෙන ඉන්න බ්ලැක් ඕඩර් කණ්ඩායම සහිත දර්ශණය නිසා. ඒ අවට ඇස්ගාඩ් වැසියෝ මැරිලා වැටිලා ඉන්නවා. කලින් ට්‍රේලර් එකේදී අපි දැක්කා ලොකි ටෙසරැක්ට් එක රැගෙන යනවා. එතැනදීත් අපි දැක්කා තැන තැන විසිරි ගිය ඇස්ගාඩ් සිරුරු. එත් තැනොස් කියන්නේ මොනවගේ කෙනෙක්ද කියන එක හොඳටම දන්න දෙන්නා තමා තැනොස්ගේ දියණියන් දෙදෙනා. ඉන් කෙනෙක් තමා ගැමොරා. එයා මේ පැහැදිලි කරන්නේ තෝර්ට සහ ඔහුගේ යානට විපතක් කල කෙනා කවුද එයාගේ හැකියාවන් මොනවද කියලා. එතකොට ටෝනි අහන්නේ කවුරු ගැනද ඒ අහන්නෙත් තැනොස් ගැනම තමා නමුත් ටෝනි ඉන්නේ පෘතුවියේ. එතකොට පෘතුවියේ ඉන්න ටෝනි දන්නේ කොහොමද තැනොස් ගැන. අන්න ඒ කරණයේදී අපිට යන්න වෙනවා කලින් ට්‍රේලර් එකේ බෘස් බැනර් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්ථානයේ වහලෙත් කඩාගෙන බිම වැටිලා ඉන්න දර්ශණයට. ඔව් ඒ සිදුවීමත් සමඟ තමා පෘතුවියේ ඉන්න වීරයෝ මේ පිස්සු ටයිටැන්වරයා ගැන දැනගන්නේ. ටෝනි මේ ගැන අහන්නේ බෘස් බැනර්ගෙන් හෝ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙන් විය හැකියි. එත් එක්කම අපි දකිනවා තැනොස්ගේ දර්ශනයක්. එයත් පැරණි සිදුවීමක මතකයක් විය හැකියි.

ඉන්පසුව අපි දකිනවා කවාකාර යානය හෙවත් Q-ship එක. කලින් කිව්වා වගේ පීටර් පාකර් තමයි ඊට ප්‍රතිචාර දක්වන මුල්ම කෙනා. බොහෝ දුරට ඉන් පසු ඒ ගැන පීටර් ටෝනිව දැනුවත් කල නිසා ඔහුත් ඒ පසුපස ලුහු බඳිනවා විය හැකියි. ඒ වගේම අපි දැක්කා පීටර් කවාකාර යානයට ගොඩවෙලා ඉන්න දර්ශනයකුත්. මෙහි දැකපු අලුත්ම දේ තමයි ටෝනි ස්ටාක්ගේ අලුත්ම ආමර් එකේ අලුත්ම අංගය. ඒ තමයි පාද දෙක සඳහා නිර්මාණය කල බූස්ටර් ජෙට් එක. යානය පසුපස හඹා යන අයන් මෑන් ඉතාමත් වේගයෙන් ඉහලට ඇදී යනවා එහි උපකාරයෙන්.

පසුව දකින්න ලැබෙන දර්ශණය ඒ කියන්නේ කොළපැහැති ටයිම් ස්ටෝන් එක මුල්ම වරට දකින්න ලැබෙනවා. එය හිමිව තිබෙන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට. Eye of Agamotto කියන්නේ මේ ස්ටෝන් එක දරාගෙන සිටින ආධාරකය. බොහෝ දෙනෙක් දන්නවා උනාට නොදන්නා අයට කියන්නේ මේ හැම ස්ටෝන් එකක්ම තියෙන්නේ යම් යම් බහාලුම් හෙවත් ආධාරක තුල. නිල් පාට ස්පේස් ස්ටෝන් එක ටෙසරැක්ට් එකෙත්, කොළ පාට ටයිම් ස්ටෝන් එක අගමැටෝ ඇස තුලත්, රතු පාට රියලැටි ස්ටෝන් එක Aether එකෙත්, දම් පාට පවර් ස්ටෝන් එක Orb ඒක තුලත් කහ පාට මයින්ඩ් ස්ටෝන් එක මීට පෙර Scepter තුලත් දැන් විෂන්ගේ නළලට සවි කරලා තිබෙන්නේ. මේ ටික කිව්වේ අමතර දැනුවත් කිරීමක් විදිහට. ඒ සමඟ වකන්ඩා වලට සමාන පසුබිමක විෂන් සහ ස්කාලට් විච් දෙදෙනා දකින්න ලැබෙනවා. තව දුරටත් කියනවා නම් කොමික් පොත පතට අනූව මේ දෙදෙනා පෙම්වතුන්.

පසුව දකින්න ලැබෙන්නේ වකන්ඩා වල දර්ශනයක්. වකන්ඩා වලට එන ඇවෙන්ජර්ස් කණ්ඩායම පිළිගන්නේ එහි රජු බ්ලැක් පැන්තර් විසින්. එයාල වකන්ඩා වලට එන්න ප්‍රධාන හේතුව මම දකින විදිහට නම් විෂන්ගේ නළලට සවිකර තිබෙන මයින්ඩ් ස්ටෝන් එක ආරක්ෂා කරගැනීම සහ එය නැතුව විෂන්ට ජිවත් වීමට හැකිදැයි බැලීමට ඇති හැකියාව සොයා බැලීමට. කවුද ඒ වගේ දෙයක් කරන්න ඉන්න දක්ෂයා? බ්ලැක් පැන්තර් චිත්‍රපටය බලපු ඔයාල දන්නවා ශුරි හෙවත් බ්ලැක් පැන්තර්ගේ නැගණිය ඉතාමත් දක්‍ෂයි මේ වගේ දේවල් වලට. ඉතින් ඇයගේ නිර්මාණ ගැන බ්ලැක් පැන්තර් බලපු ඔයාලට කියන්න ඕනේ නැතිව ඇති කියල හිතනවා. ඉතින් විෂන්ගේ හිස හොලෝග්‍රෑම් එකක් හරහා ශුරි විසින් විශ්ලේෂණය කරනවා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඔයාල ඒ දර්ශණය නතර කරලා බැලුවොත් පේනවා විෂන්ගේ මුහුණ සහ ඔහු ඇලවෙලා ඉන්නවා. හොඳින් බැලුවොත් ඔයාලට පෙනෙයි තවමත් මයින්ඩ් ස්ටෝන් එක විෂන්ගේ හිසේ තිබෙනවා. ඉතින් මේ පැමිණීම ආරක්‍ෂිත උපක්‍රමයක්ම තමයි.

ඊට පස්සේ අපි දකිනවා ගාඩියන්ලා යම් ස්ථානයකට ගොඩ බහිනවා. පසුබිම අනූව සහ ඊළඟ දකින දර්ශණය අනූව නම් ඒ තමයි තැනොස්ගේ නිවහන හෙවත් ටයිටැන් ග්‍රහලෝකය. පස්සේ අපි දකිනවා ස්ටාලෝඩ්, ඩ්‍රැක්ස්, අයන්මෑන් සහ ස්පයිඩර්මෑන් හතර දෙනාව. අපි මුලින් දැක්කා Q-ship ලුහු බැඳගෙන ආපු ටෝනි සහ ස්පයිඩර්මෑන් දෙන්නා. එත් එක්කම ගාඩියන්ලා සහ තෝර් වෙනත් යානයක ආවේ. මේ දෙගොල්ලොම එකතු වෙන්නේ ටයිටැන් වලදී ඒ බව දකින්න ලැබෙනවා තවත් දර්ශන කීපයකට පසුව. මොකද Q-ship එක කඩා වැටෙන්නේ තැනොස්ගේ ලෝකයට. බොහෝ දුරට Q-ship කියන්නේ තැනොස් විසින් යවපු ඔත්තු බලන යානයක් විය හැකියි. ගාඩියන්ලා ටයිටැන් වලට එන්න හේතුව තෝර්, ලොකි සහ ටෙසරැක්ට් එක. ඒ වගේම ටෝනි සහ පීටර් ටයිටැන් වලට එන්න හේතුව Q-ship එක. එසේ දෙපැත්තකින් ආපු දෙගොල්ලක් මෙහෙම මුණ ගැහිලා තැනොස්ට මුහුණ දෙන්න සැලසුම් කරනකොට තමයි ස්ටාලෝඩ් ටෝනිට කියන්නේ ඔයාගේ සැලසුම නම් මහා ගොන් එකක් කියල.

පස්සේ අපි දකිනවා වකන්ඩා ප්‍රහාරක යාන දෙකක බ්ලැක් පැන්තර් සහ කැප්ටනුත් තවත් යානයක බකි සහ බ්ලැක් විඩෝ දෙදෙනාත් ගමන් කරනවා. මේ දර්ශණය චිත්‍රපටය අවසන් බාගයේ දකින්න ලැබෙන එකක් බොහෝදුරට. එත් එක්කම තෝර් තමන්ගේ බලය පාවිච්චි කරන දර්ශනයක් දකින්න ලැබෙනවා. ඔයාල හැමෝම දන්නවා හෙලා විසින් තෝර්ගේ  ආයුධය විනාශ කලාට පස්සේ ඔහුට කලින් වගේ ආයුධයක් තිබුනේ නැහැ. ඒ වගේම මේ චිත්‍රපටය අදාළ කරගෙන වෙළඳපලට නිකුත් කල සෙල්ලම් බඩු වල තෝර්ග් අතේ අමුතු ආකාරයේ පොරවකට සමාන ආයුධයක් තිබෙනවා. එහි මිට හරියට ගෘට්ගේ අතක් වගේ. කොමික් චිත්‍රපට වලට ගෙන ඒමේදී වෙන වෙනස් කම් නිසා මේ අලුත් ආයුධය සඳහා ගෘට්ගේ සහයක් ලැබී තියෙන බවට සාධකයක් තමයි තෝර් චරිතය වෙනුවෙන් වෙළඳපලට නිකුත් කල කෙළි බාණ්ඩය. ඒ වගේම කොමික් පොත් වල දකින්න ලැබෙන ආයුධයත් ඔබට පහතින් දකින්න ලැබේවි.

එත් එක්කම දකින්න ලැබෙනවා කලින් කියපු Q-ship එක අමුතු ප්‍රදේශයකට කඩා වැටෙනවා. ඒ වෙන කොහෙවත් නෙමේ තැනොස්ගේ ටයිටැන් ලෝකය. ඒ තමයි ටෝනි සහ පීටර් ටයිටැන් ලෝකයට පැමිණෙන ආකාරය. එතන ඒ දෙදෙනා නැති උනත් එන්නේ නම් Q-ship එක විනාශ කරගෙනමයි. මාවල් ප්‍රේක්ෂකයෝ පටලවන්න හිතාගෙන දාපු දර්ශනයක් තමයි ඊළඟට දකින්නේ. ඒ තැනොස් ඇවිදගෙන එන දර්ශනයක්. ඔයාල එය ආරම්භ වනවාත් සමඟ පොඩ්ඩක් නතර කරලා බැලුවොත් පහල තියෙන පොඩි ගෑණු ළමයෙකුගේ කොණ්ඩය සහිත හිසක් පෙනෙනවා ඇති. මේ දර්ශණය මෙතනට අදාළ එකක් නෙමේ බොහෝ දුරට ගැමොරා තමන්ගේ අතීත සිදුවීම් මතක් කරන චිත්‍රපටයේ මුල් බාගයේ සිදු වීමක්. මේ තමයි ගැමොරාගේ ලෝකය විනාශ කරලා තැනොස් ගැමොරා රැගෙන යන්න ඇය දෙසට පියනගන ආකාරය. ඊට පස්සේ පෙනෙනවා ගැමොරා තැනොස්ගේ අතින් අල්ලාගෙන ඔහු සමඟ පිටවෙනවා. ඔහුගේ ආරක්ෂකයෝ ගැමොරාගේ ලෝකයේ වැසියන් හිරකරගෙන ඉන්න දර්ශනයක්. මේ දර්ශන සියල්ලක්ම ගැමොරාගේ මතකයන්.

ඊට පස්සේ දකින්නේ අපිව තවත් පටලවන්න දාපු දර්ශනයක්. තෝර්ගේ හිස පොඩි කරන්න වගේ තැනොස් අතින් ඔහුගේ හිස අල්ලාගෙන ඉන්න දර්ශනයක්. මේ දර්ශණය චිත්‍රපටය ආරම්භයේදී හෝ ඊට සුළු වෙලාවකට පසු සිද්ධ වෙන සිදු වීමක් විය හැකියි. ඒතමයි තැනොස් ඇස්ගාඩ් යානයට පහරදෙන අවස්ථාව. එත් එක්කම දකිනවා මම කලින් කිව්වා වගේ එබොනි මෝ, ප්‍රොක්සිමා මිඩ්නයිට්, කෝවස් ග්ලේව් සහ උසට යෝධයෙක් වගේ ඉන්නේ බ්ලැක් ඩ්වෝෆ්. සුපර් ජයන්ට් නම් මෙතන අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ පිරිස තමයි බ්ලැක් ඕඩර් කියන්නේ. එයාල ගැන අපි වෙනම ලිපියක සඳහන් කළා. ඒ ගැන බලන්න ඕනේ නම් මෙතනින් බලන්න. ප්‍රොක්සිමා මිඩ්නයිට් තමයි ලොකි දෙසට එයාගේ හෙල්ලය යොමු කරගෙන ඉන්නේ. එත් එක්කම තැනොස් ටෙසරැක්ට් එක කුඩු කරලා ස්පේස් ස්ටෝන් එක තමන් සතු කරගන්නවා. මේ තමයි මේ චිත්‍රපටයේ ආරම්භයට අදාළ දර්ශන.එත් එක්කම අපි දකිනවා වකන්ඩා වලට විශාල ප්‍රහාරයක් දියත් වෙලා. ඇවෙන්ජර්ස් කණ්ඩායම සහ වකන්ඩා හමුදාව සූදානමින්. අපිට එත් එක්කම දකින්න ලැබෙනවා හල්ක් බස්ටර් එක. කලින් ට්‍රේලර් එකේ දැකපු දෙයක් දැන් නිසැකවම කියන්නම් මේ හල්ක් බස්ටර් එකේ ඉන්නේ වෙන කවුරුත් නෙමේ බෘස් බැනර්. ඔයාලට පේනවා ඇති වකන්ඩා වල ආරක්ෂාව වෙනුවෙන් තියෙන ශීල්ඩ් එකට ලොකු ප්‍රහාරයක් දියත් වෙනවා. හැබැයි මේ ප්‍රහාරයට මුහුණ දෙන්න ස්කාලට් විච් සහ විෂන් නම් ඉන්නවා දකින්න ලැබෙන්නේ නැහැ. එයාල වෙනම ස්ථානයක සිටිනවා වෙන්නත් පුළුවන්. වකන්ඩා වලට පහර දෙන්නේ කලින් ට්‍රේලර් එකේ අර පුනිලාකාර හැඩයක් සහිත යාන වලින් පැමිණි අවුට්රයිඩර්ස් ලෙසින් හඳුන්වන අත් හතරක් සහිත ජීවින් කොටසක් වන තැනොස්ගේ හමුදාවයි.

ඉන්පසුව දර්ශනයෙන් පෙනෙන්නේ නැවත ආරම්භයේ දර්ශනයක්. ස්ටාලෝඩ් පනිමින් යන දර්ශනයක්. එයට ආධාර සපයන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විසින්. පසුව දකින්න ලැබෙනවා ස්කාලට් විච් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් අමුතු උගුලකට හසු වෙලා ඉන්න අකාරයක්. මේ දර්ශන දෙක වෙනස් ස්ථාන දෙකක සිද්ධ වෙන දර්ශන දෙකක්. නමුත් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ ආකාරයට හිරකරගෙන ඉන්නේ නම් වෙන කවුරුත් නෙමේ බ්ලැක් ඕඩර් සාමාජික එබොනි මෝ විසින්. එයා තමයි මේ කණ්ඩායමේ ඉන්න මොළය වෙන්නේ. මුහුණත් දැකලා පුරුදුයි වගේ ටිකක් වොල්ඩමොට් වගේ.

ඒ එක්කම වකන්ඩා වල යුද්ධයේ දර්ශනයක් දකින්න ලැබෙනවා. ෆැල්කන් පියාඹගෙන යන දර්ශනයක් සහ අවුට්රයිඩර්ස්ලා හල්ක් බස්ටර් එකේ ඉන්න හල්ක්ව පෙරලගන්න දර්ශනයක්. බොහෝ දුරට මේ සිදුවීමෙන් පසු බෘස් බැනර් හල්ක් විදිහට එයින් එලියට ඇවිත් සුපුරුදු දක්ෂතා දක්වයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ මේ චිත්‍රපටයේ ඉතාමත් වැදගත් සිදුවීමක්. බොහෝ දුරට අපි ඔයාල ආදරය කරපු වීරයෙකුගේ නික්ම යෑමක් විය හැකියි. ඒ කෙනා කවුද කියල 80% විතර නිවැරදි ඔත්තුවක් දෙන්න පුළුවන් මොකද ඊළඟ දකින්නේ අලුත් ආමර් එක විනාශ වෙලා ගිය ටෝනි ස්ටාක් නිසා. කලින් ට්‍රේලර් එකේදී පීටර්ට පහර දෙනවා දැක්කත් ඔහුට ඉදිරියේ ලැබෙන්න තියෙන චිත්‍රපට නිසා ස්පයිඩර්මෑන් චරිතය මේ චිත්‍රපටයේදී මරා දැමීම සිදු නොවන දෙයක්. ඉතින් අපේ අනුමානය නම් මේ තමයි අයන් මෑන් චරිතයේ අවසානය.

තැනොස් කියන විදිහට “I hope they remember you”. තැනොස් විසින් කරන එක්තරා විදිහක අවසන් ගෞරව දැක්වීමක් වගේ.

එත් එක්කම තැනොස් උඩින් පැනගෙන එන දර්ශනයක් පෙනෙනවා. ඒ සිදුවීම වෙන්නේ ටයිටැන් වල නමුත් ඊට පසුව දකින දර්ශණය වෙන්නේ කැප්ටන් විසින් තැනොස්ගේ අත තම අත්දෙකෙන්ම අල්ලාගෙන ඉන්න දර්ශනයක්. ඒ සිදුවීම වෙන්නේ වකන්ඩා වල. ස්ථාන දෙකක සිදුවීම් දෙකක්. ආයෙත් මාවල් උපක්‍රම. අපි අහුවෙයි. ඔයාල හොඳින් බැලුවොත් තැනොස්ගේ අතේ තවමත් තියෙන්නේ ස්ටෝන් දෙකක් පමණයි. පවර් ස්ටෝන් එක සහ ස්පේස් ස්ටෝන් එක. බොහෝ දුරට ඔහුට මෙම චිත්‍රපටය තුල ස්ටෝන් සියල්ලම ලබාගන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා තමයි මෙහි දෙවැන්නක් නිර්මාණය වෙන්නේ. බොහෝ දුරට වකන්ඩා සටන අවසානයේ ඔහු තව එක ස්ටෝන් එකක් හිමි කරගනීවි. එහෙත් තැනොස්ට අවශ්‍ය දේ කරගන්න හැටි බලන්න තවත් අවුරුද්දක් (2019 මැයි) අපිට බලා ඉන්න සිද්ධ වේවි. එත් එක්කම මෙතනදී පොඩි වරදක් අහු උනා. ඔන්න ආතල් කඩන්න යන්නේ සොරි වෙන්න ඕනේ. කැප්ටන් මුලින් අත අල්ලාගෙන ඉන්නකොට දකුණු අතේ අලුත් වකන්ඩා ශීල්ඩ් එක පෙනෙන්න නැහැ. වම් අතේ පමණයි එය දකින්න ලැබෙන්නේ. නමුත් තප්පර කීපයකට පසු නැවතත් දකුණු අතේ ශීල්ඩ් එක දකින්න ලැබෙනවා. සමහරවිට ඒක වකන්ඩා තාක්ෂණය වෙන්නත් පුළුවන්. සැඟවී යන ආකාරයේ පළිහක් නිසා. මොක නමුත් තැනොස්ගේ මූණ ඇඹුල් වෙලා යන්න තරම් හයියක් කැප්ටන්ට තියෙනවා කියල ඔයාලට දකින්න ලැබෙනවා.

අවසානයේ දකින්න ලැබෙන්නේ පීටර් සහ ස්ට්‍රේන්ජ් දෙදෙනා මුණ ගැහෙන ආකාරය. එයත් බොහෝ දුරට ටයිටැන් වලදී වන සිදුවීමක්. ඒ වගේම අවසානයේදී දකින්න ලැබෙනවා විනාශ වෙමින් පවතින යානා කොටස් අතරින් අයන් ස්පයිඩර්මෑන් දක්‍ෂ ලෙසින් රිංගා යන ආකාරයයි. බොහෝ දුරට මේ චිත්‍රපටය අවසන් වෙනකොට කැප්ටන් මාවල්ගේ ආගමනය සටහන් වෙන්න ඉඩ තියෙනවා. මොකද එයාට ලොකු චරිතයක් තියෙනවා මේ සටනේදී. ඔන්න එහෙනම් ස්පොයිලර් ගොඩක් එක්ක ට්‍රේලර් එක විස්තර කළා. බලමු තව මාසයක් වගේ කාලයක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ එහෙනම් මුණ ගැහෙමු නැවතත්. ඔබ සැමට ජය!!

රොයිලි (48 Posts)


10 thoughts on “පිටසක්වල ආක්‍රමණයෙන් ලෝකය බේරගන්න ඔබත් සූදානම්ද?

  • March 22, 2018 at 9:57 PM
    Permalink

    Mulin logan dn iorn man ai bn ehema karanne ..asama charitha deka…

  • March 22, 2018 at 12:29 PM
    Permalink

    හිත රිද්දුවා හොඳේ
    නියම ලිපියක්..

  • March 21, 2018 at 12:04 AM
    Permalink

    manam hithane merene tony neme..ehenam eka trailer eken ochara penanne na..api ta aduwen ma penanne thor wa trailer 1 2 deke dima…1 trailer eke tony kageda athak alagena andana wa..asgurd vinasa wela iwarai..ithuru una ayath boho durata merila indi…godak durata thor merena ida thiyana wa mn hithana vidihata

  • March 20, 2018 at 8:49 PM
    Permalink

    නියම ලිපිය අයියේ. ට්‍රේලර් එක් කීපාරක් බැලුවද කිව්දොත් සදහන් කරපු දේවල් සේරම ක්ලික් වෙලා තිබුනේ..! හැමෝම හිතන දෙයක් තමා කැප්,තෝර් දෙන්නව මරයි කියලා ෆිලුමෙදි. මොකද අයන් මෑන් හැමදාම මාර්වල්ලා උඩින්ම තියපු චරිතෙනේ. හැබැයි මටනම් හිතෙන්නේ ඕක අනිත් පැත්ත තමා අර අයියා කිව්වා වගේ. බලමුකෝ.. කොහොම උනත් සුන්දර අවසානයක් බලන්න වෙන්නේ ආ කියන එකනම් ස්තීරයි!

  • March 20, 2018 at 5:41 PM
    Permalink

    එලම.බොහොම ස්තූතියි

  • March 20, 2018 at 11:59 AM
    Permalink

    ලිපියනම් නියමයි
    එත් තාම බ්ක් පැන්තර් බැලුවේ නෑ නේ

  • March 20, 2018 at 10:06 AM
    Permalink

    මේක නම් සුපිරිම ෆිලුමක් බ්‍රෝ එනකල් ඉන්න බැ මං හෙනම ආසාවෙන් ඉන්නෙ ලිපියට ස්තූතියි.

  • March 20, 2018 at 7:39 AM
    Permalink

    Royli is a Marvel Fan!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!