Supernatural [S13 : E16] | ස්කූබි-නැචුරල් – සැබෑ ජිවිත තුලින් ස්කුබී-ඩූ කාටූන් තුළට..

ඉස්සර සුපර්නැචුරල් කිව්වම ඒකාකාර විදිහට ගලාගෙන යන කතාවක් විදිහට නැතුව “Parody” එහෙම නැත්තම් හාස්‍ය කතාංගක් එකතු කරනවා. මේ වෙද්දී ඒ වගේ සම්පුර්ණ කොටස් 25 ක් වගේ කතාමාලාව තුල අන්තර්ගත වෙනවා. ඒත් කාලයත් එක්ක මේ අත්දැකීම අපිට නැතුව ගියා. කතාවත් එන්න එන්නම ඒකාකාර වුණා. පස්සේ මේකේ අධ්‍යක්ෂකවරුන්ටම තෙරිලාද මන්දා ඒ අය සුපර්නැචුරල් තුල වෙනසක් කරන්න යන බව පසුගිය වසරේදී නිවේදනය කලා. මේක ඇත්තටම කියනවනම් ඔයාලා CW නාලිකාවේ වසරක් පාසා දකින DCTV යුනිවර්ස් එකෙන් කහා හතරක් එක්කාසු කරලා නිර්මාණය කරන ක්‍රොස්ඕවර් කතාංගයක් වගේ. අන්න ඒ විදිහටම සුපර්නැචුරල් වගේම ස්කුබී-ඩූ කතා දෙක එක්කාසු කරලා තමයි මේක නිර්මාණය වෙන්නේ.

සෑම් කෙසේ වෙතත් ඩීන් කියන්නේ අසභ්‍ය වීඩියෝ වලට වගේම කාටූන් වලට ආස කෙනෙක්. විශේෂයෙන්ම ස්කුබී-ඩූ කාටූන් වලට. එයා ස්කුබී-ඩූ කාටූන් වලට ක්‍රියා කරන විදිහ අපිට ඕනෑ තරම් දකින්න ලැබිලත් තියෙනවා. මෑතකදී අපිට දකින්න ලැබුණු හොදම උදාහරණය තමයි, දහතුන්වන කතාසමයේ දෙවැනි කොටසේදී සෑම් වගේම ඩීන් ජැක්වත් අරගෙන මොටෙල් කාමරේ නවතින්න ගියාම ජැක් ටීවී එක බලන්න ගන්නවා. එතකොට ටීවී එකේ යන්නෙත් ස්කුබී-ඩූ කාටූන් එක. ඩීන් ඇවිල්ලා ටීවී එක වහන්න යද්දී එයත් දකිනවා ස්කුබී-ඩූ කාටූන් එක විකාශය වෙනවා. මේක දැකලා එයත් ටික වෙලාවක් ආසාවෙන් බලන් හිටියා. ඔය වගේ හුගාක් තැන් වලදී ඩීන් ස්කුබී-ඩූ කාටූන් වලට ප්‍රතිචාර දක්වපු හැටි මතක ඇති කියලා හිතනවා.

ඉතින් දැන් ඔක්කොම කතා පැත්තක දාලා Supernatural [S13: E16] කොටස ගැන කතා කරනවානම් සුපර්නැචුරල් කතාමාලාව තුල තිරපිටපත් රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක් හැටියට කටයුතු කරන රොබර්ට් සිංගර් කියලා තියෙන විදිහට නම් මේ ක්‍රොස්ඕවර් කතාංගය පටන් ගන්නේ ශාපලත් ටීවී එකකට සෑම්ව වගේම ඩීන්ව ඇදිලා ගිහින් මේ දෙන්නව ටීවී එක ඇතුලේ හිර වෙනවා. හිරවෙන්නේ ඇනිමේෂන් චරිත දෙකක් හැටියට. පස්සේ මේ අයට ස්කුබී-ඩූ කණ්ඩායම මුණගැහෙනවා. මේ ගැන ඩීන් ලොකු කැමැත්තක් වගේම ලොකු ආශාවක් එයාට ඇතිවෙන්න ගන්නවා. මේ නිසාම මේ දෙගොල්ලෝ එකතු වෙලා අභිරහසක් විසදනවා. රොබර්ට් කියලා තියෙන විදිහට මේ ක්‍රොස්ඕවර් කතාංගය පදනම් වෙන්නේ 1970 කාලයේ විකාශය වූ Scooby-Doo, Where Are You කාටූන් පෙළෙහි “A Night of Fright Is No Delight” කියන කතාංගය පදනම් කරගෙනයි.

ඒත් ඉතින් අවසනාවට අපිට මේ කොටස ලේසියෙන් ඉක්මනට බලාගන්න වෙන්නේ නැහැ. මොකද CW නාලිකාවේ අනික් හැම කතාමාලාවක්ම විකාශය වෙද්දී සුපර්නැචුරල් විතරක් සති දෙකකට කල් දාලා තියෙනවා 16’වැනි කොටස විකාශය කරන්න. සමහරවිට මේ ක්‍රොස්ඕවර් කතාංගය එහෙම කල් දාන්න විශේෂ හේතුවක් වෙන්න ඇති කියලයි මම නම් විශ්වාස කරන්නේ. එහෙනම් ඉතින් සති දෙකකින් ආපහු කෙලින්ම මම එන්නේ උපසිරැසියත් අරගෙනමයි. එදාට හමුවෙමු. ටිසර් ට්‍රේලර් එකකුත් නිකුත් වෙලා තියෙනවා ඒකත් බලන්නකෝ එහෙනම්. ඒ දීලා තියෙන ට්‍රේලර් එකේ හැටියට ඩීන් ඩැෆ්නිවත් සෙට් කරගන්න වගේ හදන්නේ. එහෙම උනොත් නම් ෆ්‍රෙඩිට වෙන්නේ අයින් වෙලා පයින් යන්න තමයි. 😂😂

මම ගිහින් එන්නම් එහෙනම්. තවත් ලිපියකින් මුණගැහෙමු. ජය!!

——-

  • ක්‍රොස්ඕවර් කතාංගයෙ නම: “Scoobynatural”
  • අධ්‍යක්ෂණය: රොබර්ට් සිංගර්
  • ලිව්වේ: ජිම් ක්‍රිග් වගේම ජෙරමි ඇඩම්ස්
  • විකාශනය වෙන්නේ: 2018 මාර්තු 29

 

චාමර සම්පත් (67 Posts)


2 thoughts on “Supernatural [S13 : E16] | ස්කූබි-නැචුරල් – සැබෑ ජිවිත තුලින් ස්කුබී-ඩූ කාටූන් තුළට..

  • March 10, 2018 at 7:36 PM
    Permalink

    elaa ne aparade kal giye
    thanks bro elama

  • March 10, 2018 at 7:12 PM
    Permalink

    නියමයි නෙ
    අයියෝ FEDI
    ස්කුබි ඩුබි ඩු ඌඌඌ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *