සැක් ස්නයිඩර් ජස්ටිස් ලීග් චිත්‍රපට පෙලින් ඉවතට.. . .

අහස උසට සැහෙන ලොකු බලාපොරොත්තු තියන් ඉදලා අන්තිමට ඒ සේරම අන්තිමට සුළු විසුළු වෙලා ගිහින් අන්තිමට හුගක් නරක ප්‍රතිචාර ලැබුණු, ගිය වසරේදී නිකුත් වුන චිත්‍රපටයක් තමයි Justice League (2017) කියන්නේ. මේකට ප්‍රධානම හේතුව වුණේ චිත්‍රපටය තිර පිටපත් දෙකක්, අධ්‍යක්ෂකවරුන් දෙදෙනක් වගේම වෝනර් බ්‍රදර්ස්ලගේ දුර දිග බලලා වැඩ කරන්න තියෙන දැක්ම නිසා පැය තුනක චිත්‍රපටය පැය දෙකකට සීමා කරලා නිකුත් කරලා ප්‍රේක්ෂකයින්ට එපා කරපු නිසා. ඕනෙම කෙනෙක් ඉතින් දක්ෂයිනේ තමන් වැරැද්දක් කරලා වෙන එකකේගේ පිට ඒ වැරැද්ද පටවන්න. මේ නිසාම සැහෙන දෙනෙක් බනින්න ගත්තේ ස්නයිඩර්ට. නිකමට හිතලා බලන්න ස්නයිඩර්ගේ පැය තුනක චිත්‍රපටයම සම්පුර්ණයෙන්ම එයාගේ තිරපිටපතට නිකුත් වුණා නම් 2009 අපිට දකින්න ලැබුණු සුපිරි කොමික් චිත්‍රපටයක අත්දැකීම Watchmen. අන්න ඒ වගේ වෙන්න තිබුණා. අපෙයි ස්නයිඩර්ගේ අවාසනාවට එයාට Justice League චිත්‍රපටය නිර්මාණයයෙන් අයින් වෙලා තමන්ගේ පවුල එක්ක කාලය ගත කරන්න යන්න වුණා තම දියණියගේ සිය දිවි නසාගැනීමේ සෝචනීය සිදුවීම නිසා. 80% ක ප්‍රමණයක් නිර්මාණය කරලා ඉතිරි හරිය අධ්‍යක්ෂණය කරන්න බාර වුණේ ජොස් වේඩන් නම් පිනට පහල වුනු උත්තමයෙක් ඇවිල්ලා පැය දෙකක තිරපිටපතකට චිත්‍රපටය නිර්මාණය කරලා බොහොමයක් කොටස් කපා කොටා දැමීමකුත් ඇතුළුවය.

DCEU එක පටන් ගත්ත දා ඉදලා වුණේ ඒකෙ නමේ හැටියට කොටස් කපලා සිනමාහල් වලට නිකුත් කරපු එක. එහෙම කරලා ඉවර වෙලා බ්ලුරේ පිටපත් නිකුත් කරද්දී වැඩිපුර කොටස් අඩංගු කරලා නිකුත් කිරීමක් කරලා වෝනර් බ්‍රදර්ස්ලා එයාලාගේ ලාභය ඉහල දාගත්තා. වාසනාවට එදා මෙදා කාලය අතරතුර ඒකට අහු උනේ නැත්තේ Man Of Steel (2013) වගේම Wonder Woman (2017) චිත්‍රපටය විතරයි. Justice League චිත්‍රපටයත් සැහෙන කොටස් අයින් කරලා එළිදක්වපු නිසා බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් උන්නේ Justice League චිත්‍රපටයේ බ්ලුරේ පිටපතවත් Extended Cut පිටපතක් හෝ Zack Snyder විසින් නිර්මාණය කල සැබෑම තිර පිටපතට අදාළ කොටස් අඩංගු Directioner’s Cut පිටපතක් නිකුත් වේවි කියලා. එහෙම එකක් තියෙනවද නැද්ද කියලවත් ආරංචි නොලැබුණු නිසා දැනට මාස දෙකකට කලින් කොමික් රසිකයින් එකතු වෙලා ඔනල්යින් පෙත්සමකුත් එකිනෙකා අතර යවලා අත්සන් කලා වෝනර් බ්‍රදර්ලාගෙන් දැඩි ඉල්ලීමක් කරලා ස්නයිඩර් වීසින් කල කට් වර්ෂන් එකක් නිකුත් කරන්න කියලා. ඒත් මේ දේවල් වලට කිසිම පිළිතුරක් නොදක්වපු වෝනර් බ්‍රදර්ස්ලා මෑතකදී කියලා තියෙනවා සැක් ස්නයිඩර් විසින් අධ්‍යක්ෂණය කල Directioner’s Cut සංස්කරණය බලන්නවත් බැරි තරම් දෙයක් කියලා. ඒ කියන්නේ බලන්න බැහැලු. ඔය නිසාම තමයි සැක් ස්නයිඩර්ව ඉදිරියේදී නිකුත් වීමට නියමිත Justice League චිත්‍රපට තුලින් අයින් කරලා තියෙන්නේ.

සැක් ස්නයිඩර්ව  Justice League චිත්‍රපට පෙළ තුලින් අයින් කිරීමත් සමගම ප්‍රවීණ පුවත්පත් ලේඛකයෙක් වන ජොස්. එල්. ඩිකි තමන්ගේ Twitter ගිණුමේ අමුතුම විදිහේ සටහනක් තිබ්බා ස්නයිඩර් ගැන. මේ පහල තියෙන්නේ ඒ ට්විටර් සටහනයි.

මේ පණිවිඩේ කියලා තියෙන විදිහට නම් ස්නයිඩර්ව DCEU එකෙන්ම අයින් කරලා තියෙන්නේ මිට අවුරුද්දකට කලින්. ඒ කියන්නේ BvS එකෙන් පස්සේ කාලයේ. හැබැයි ගිය වසරේ ස්නයිඩර්ගේ උපන්දිනය දවසෙදි (2017 මාර්තු 02 වැනිදා) එයා ටිව්ටර් සටහනක් තියලා තිබුණා මතකද දන්නේ නැහැ ඇක්වාමෑන් ඇට්ලෑන්ටික් රජුව මුණගැහෙන්න යන සිදුවීමෙහි වීඩියෝවක් නිකුත් කරලා.

ඊටපස්සේ මාසයේදී එයා ජස්ටිස් ලීග් චිත්‍රපටයේ රගපාන අය දම්මලා සිනමාකෝන් තුල ප්‍රවර්ධනය කිරීමක් පවා සිදු කරලා තිබුණා. එතනින් පස්සේ අප්‍රේල් හෝ මැයි මාස දෙක අතරතුර තමයි මං හිතන විදිහට ඔය මිට කලින් ස්නයිඩර්ව DCEU එකෙන් අයින් කිරීමක් කරලා තිබුණේ.

                                               

කළු ඇදුම සහිත සුපර්මෑන්ගේ පෙනීසිටීම අඩංගු වන නමුත් චිත්‍රපටය තුලින් මකා දැමු කොටස

මේ එක්කම තවත් අපූරු වැඩක් සිද්දවුණා. ආදරවන්තයින්ගේ දිනයට කලින් දවසේ ඒ කිව්වේ 13 වැනිදා රෑ අන්තර්ජාලය පුරාවටම අපිට දැකගන්න බැරි වුනු ජස්ටිස් ලීග් තුලින් මකලා දාපු සුපර්මෑන්ගේ රූපරාමුවක් වගේම පින්තූර කිහිපයක් නිකුත් වුණා. පහුවදා ආදරවන්තයින්ගේ දිනයේදී ස්නයිඩර් තම බිරිද එක්ක ඉන්න පින්තූරයක් ට්විටර්වල පල කරලා තිබුණා. එතකොට තවමත් ජස්ටිස් ලීග් ගැනම සිහියෙන් ඉන්න ප්‍රේක්ෂකයෙක් ඒ පින්තුරයට අදහසක් පල කරලා අහලා තිබුනා

ඔයා ජස්ටිස් ලීග් චිත්‍රපටයේ මකලා දාපු කොටස් බැලුවද?

ඒවගේම ඒකට හොද පිළිතුරක් දීලා තියෙනවා ස්නයිඩර්. “එයා ඒ රූප රාමු ටික රූගත කලා වගේම හැම දසුනක්ම හරි කෝණයෙන් දැක්කා කියලා.” ඉතින් මේ වෙච්ච සිදුවීම් එක්ක ඉස්සරහට අපිට ස්නයිඩර්ව දකින්න ලැබෙන්නේ නැහැ ජස්ටිස් ලීග් චිත්‍රපට පෙළෙහි ඉදිරියට නිකුත් වීමට තියෙන චිත්‍රපට දායකත්වයට.  බොහෝදුරට ඉදිරියට නිකුත් වෙන්න තියෙන්න DC චිත්‍රපටවල අධ්‍යක්ෂණයෙන් නම් අපිට ස්නයිඩර්ව දකින්න ලැබෙන එකක්ම නැහැ. මොකද දැනට නිවේදනය කරලා තියෙන විදිහට නිෂ්පාදන කටයුතු වලින් විතරයි එයා දායක වීමක් වෙනවා කියලා තියෙන්නේ. DC කොමික් පදනම් කරගෙන නිර්මාණය වෙන චිත්‍රපටවල අධ්‍යක්ෂනයෙන් දායක වෙන්න ලැබුනේ නැතත් ඔහුගේ අධ්‍යක්ෂකවරයෙකුගේ කරතව්‍ය මෙතනින් නවතින්නේ නැහැ. මොකද 2019 වර්ෂයේදී Fountainhead නම් චිත්‍රපටයක් නිකුත් වේවි කියලත් කියනවා. සැක් ස්නයිඩර් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය නිර්මාණය වීමේ කටයුතු වෙන්නෙත් වෝනර් බ්‍රදර්ස් හරහාම තමයි.

මගේ මතයට අනුව නම් මේ වෙලාවේ DCEU එකට වෙන්න තියෙන නරකම සිදුවීම තමයි මේ වුණේ. මොකද සැක් ස්නයිඩර්වත් ඉස්සරහට කොමික් චිත්‍රපට නිර්මාණය දායක වෙන්නේ නැහැ කියන්නේ වෝනර් බ්‍රදර්ස්ලා ගහන පදේටම නටන්න තව කවුරුහරි කෙනෙක් අධ්‍යක්ෂක කටයුතු වලට එයි. ඒ කෙනා හොද වුනොත් අපෙ වාසනාව. එහෙම නැතුව ඉස්සරහට එන හැම චිත්‍රපටයක කෑලි කප කප පෙන්නන්න ගියොත් නම් මාවල්ලා එක්ක කරලියට යෑම කෙසේ වෙතත් වැඩි කල් යන්නේ නැතුව අකුලගෙන පැත්තකට වෙන්නයි වෙන්නේ. මාවල්ලගේ වගේ ගුණාත්මක බාවයෙන් දැනට නිෂ්පාදනය වෙන චිත්‍රපට වගේම DC ලගෙත් චිත්‍රපට නිර්මාණය වෙයි කියලා හිතන් ඉන්න එක නම් මේ කපේට වෙන දෙයක් නෙවෙයි. මොකද චරිතවල අයිතිය ඔක්කොම තමන් ලග තියෙන නිසා කෑලි කපාගෙන සල්ලි පස්සේ විතරක් දුවන වෝනර් බ්‍රදර්ස්ලාගෙන් එක්කෝ කවුරුහරි කෙනෙක් ඉදිරිපත් වෙලා චරිත ටික සල්ලි වලට අරගෙන DC ලගෙම කියලා ස්ටුඩියෝවක් හදාගෙන ගොඩ ආවොත් මිසක් වෝනර් බ්‍රදර්ස්ලා ගහන පදේට නට නට හිටියොත් ඉස්සරහට DCEU එකට වෙන්නෙත් දැන් මේ වෙන දේම තමයි.

අමතරව : – 

පූර්ව ප්‍රචාරක පටය තුලිදී ඇල්ෆ්‍රඩ් අන්තිම මොහොතෙදි කියනවා,

He said you’d come. Now let’s hope you’re not too late

එයා කිව්වා ඔයා ඒවි කියලා. අපි දැන් “බලාපොරොත්තු” වෙමු ඔයා පරක්කුයි නැහැයි කියලා.

ඔය සිදුවීමද මකා දමිම්මට ලක් වෙලා තිබුණා චිත්‍රපටය තුලින් පැය දෙකකට සීමා කිරීමේදී. ඒකට අදාළ ජායාරූප පෙලක්ද නිකුත් වී තිබුණා.

චාමර සම්පත් (77 Posts)


3 thoughts on “සැක් ස්නයිඩර් ජස්ටිස් ලීග් චිත්‍රපට පෙලින් ඉවතට.. . .

  • February 19, 2018 at 7:52 PM
    Permalink

    marvel la Disney nisa patan gatta gema me wenakota supiriytama adagena yanwa attama kathawa marvel la ekka harenna DC lata tikak amarui…monwa unath justice league kiyannae math asama wechcha movie ekak WB la a wge movie ekak gana meeta wada godak hithanna thibba..

  • February 17, 2018 at 8:01 PM
    Permalink

    ඉතා සරලව කිව්වොත් බෙල්ලෙ අමාරුවට කොට්ටෙ මාරු කරලා! Justice League ෆිල්ම් එකක් Avengers වගේ ඇහි පිය නොගහා බලන්න වෙන්නේ නෑ කවදාවත් මේ විදියට ගියොත්..මට තියෙන ප්‍රශ්නේ 300M වියදම් කරලා 650M හොයන එකටද WB ලා සල්ලි හොයනවා කියනේ කියලා. එතකොට මාර්වල් සිවිල් වෝර් එකට 250M වියදම් කරලා 1.4B හොයපු එකට කියන්නේ මොකක්ද දන්නේ නෑ.. ලෝකේ හොදම ෆිල්ම් හදපු WB ලට DC ෆිල්ම් එකක් හරියට හදාගන්න බෑ කියන්නේ රසිකයෝ විදියට අපේ කරුමයක්

  • February 17, 2018 at 7:06 PM
    Permalink

    පොර අයින් කරලා
    කොරයිද බලමුකෝ ඊලග එක
    අනුනම ආයි පොර ගනියි
    ඔන්න ඒ අයට කෙල උන thaන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *