Hrithik Roshan, Shekhar Kapur සමඟ අත්වැල් බැඳ ගනී…

Hrithik Roshan කිව්වාම නොදන්න කෙනෙක් නෑනේ, මේ ඔහු පිළිබඳ අලුත්ම තොරතුරයි. ඔහු ළඟදීම Yash Raj සමාගමෙන් නිෂ්පාදනය කරන අලුත්ම සිනමා නිර්මාණයට තෝරගෙන ඇත. මෙම නිර්මාණය නම් කර ඇත්තේ ‘Paani’ ලෙසයි. මෙහි අධ්‍යක්ෂණය සිදුකරන්නේ Shekhar Kapur විසිනි.

Shekhar Kapur මේ පිළිබඳව කියන්නේ;

” -Paani යනු චිත්‍රපටයකි. නමුත් එමෙන්ම ඊටත් වඩා, Paani යනු ආශාවකි.”
“-නමුත් මෙහි ඊට වඩා දේවල් ඇතුලත් වේ. Paani යනු මෙහෙයුමකි.”

                                                                      

මේ ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ  මෙම Paani නම් සිනමා නිර්මාණය පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ගෙන ඇති බවයි. මෙහි පිටපත මීට වසර 15 පෙර Shekhar Kapur විසින් ලියන ලද්දකි. එමෙන්ම මෙය වාණිජ වශයෙන් දුප්පත් පුද්ගලයෙක් හා ඔහුගේ ආදරය පිළිබඳව කතා වස්තුව ලෙස ගෙතී පවතී. මෙහි සංගීතය ඔස්කාර් සම්මාන ලාභී A. R. Rahman විසිනි. එමෙන්ම මෙය 2013 මැද භාගයේ තිරගත වන බව දැන ගන්නට ලැබේ. ඊට අමතරව මෙය නිෂ්පාදනය කීරිමට $30 million වැය වන බව ද දැන ගන්නට ලැබේ.

මෙම නිර්මාණය විනෝද ගණයේ සිනමා නිර්මාණයකි. එහෙනම් බලාපොරොත්තු වෙන් ඉමු Paani.

~ලිපිය චේතිය සහෝගෙන් ~

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!