ඉදිරි දිගහැරුම CII | Maari 2

හොඳයි.. බොහොම කාලෙකට පස්සේ ඔන්න ආයෙත් මම මංසල පැත්තට ගොඩවදිනවා කට්ටිය මාව දන්නවද දන්නේ නෑ. කමක් නෑ, මගෙන් වැඩක් නෑ ආපු වැඩෙයි වැදගත්. මම මේ එන්නේ අලුත් ඉඟියක් අරගෙන. දමිල සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ හට මේක නම් ගොඩක් සුභ ආරංචියක් වේවි…!!සමහරවිට ඔයාල මේ වෙද්දී මේ පිලිබඳ සමාජ ජාලා හරහා මේ ආරංචිය ගැන දැනුවත් ඇති. ඒත් ඉතින් සිනමාවේ නෙක තතු සොයා අපේ මංසල වෙත පිවිසෙන රසික ඔබ මෙයින් දැනුවත් කිරීම අපේ යුතුකමක්. ඉතින් ඔයාලා හොඳටම දන්නවා ධනුෂ් කියන්නේ මේ වෙද්දී දමිල සිනමාව හොල්ලගෙන ඉන්න සුපර් ස්ටාර් කෙනෙක් කියලා. ධනුෂ් කිව්වම මුළු ලෝකයම නොදන්නේ නැති තරම්. දක්ෂතාව, හැකියාව සහ වාසනාව යන මේ හැම දෙයකින්ම ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට සමත් වුනු ධනුෂ්ගේ මීළඟට නිකුත් වීමට නියමිත චිත්‍රපටයක් ගැන පොඩි ඉඟියක් පසුගියදා සමාජ ජාලා වලට නිකුත් වුනා. ඉතින් අන්න ඒ ගැන තමයි මම අද ඔයාලට අරගෙන එන්න සුදානම් වෙන්නේ.

ඔයාලට මතක ඇති මීට අවුරුදු දෙකකට විතර කලින් ඒ කියන්නේ 2015 වසරේදී නිකුත් වුනු ධනුෂ් සමගින් සුරූපී කාජල් අගර්වාල්ගේ රංගනයෙන් හැඩවුණු (Maari 2015) කියන ලස්සන චිත්‍රපටිය.

ඉතින් අන්න ඒ චිත්‍රපටියේ දෙවන කොටසක් Maari 2 නමින් නිර්මාණය වෙමින් පවතින බවක් සමාජ ජාලා හරහා බයිස්කෝප් මංසලේ අපට පසුගියදා දැනගන්නට ලැබුණා.

කලින් එක වගේම මේ සලරුවත් අධ්‍යක්ෂණය කරන්නේ සුපුරුදු පරිදි බලාජි මෝහන් නම් දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින්…

ඒ වගේම සුපුරුදු පරිදි මාරිගේ චරිතයට මෙවරත් ධනුෂ්වම තමයි යොදාගන්න තීරණය කරලා තියෙන්නේ (හරි හරි ධනුෂ් නැතුව වෙන මාරි කෙනෙක් කොහෙන්ද ඉතින්…)

ප්‍රධාන නිළිය සඳහා මේ චිත්‍රපටියේ රංගනය සඳහා යොදාගන්නට තීරණය කරලා තියෙන්නේ සුරූපී සායි පල්ලවී කියන ලස්සනම ලස්සන හුරුබුහුටි කෙල්ලව
මතක ඇතිනේ ප්‍රේමම් වගේ චිත්‍රපටි වල මෙයා රඟපෑවා.


ඊට අමතරව Tovino Thomas, Krishna, Varalaxmi Sarathkumar වගේ දක්ෂ නළු නිලියන්ගේද රංගන දායකත්වය මේ සඳහා එක්වෙනවා කියලයි ආරංචි වෙන්නේ.

ඉතින් මේ චිත්‍රපටිය ගැන තවමත් හරි හැටි තොරතුරක් තවමත් අන්තර්ජාලයට නිකුත් කරලා නෑ. නමුත් මේ චිත්‍රපටියේ ඔෆීෂියල් ලෝගෝ එක මේ ජනවාරි පළවෙනිදා අන්තර්ජාලයට නිකුත් වුනා.

තවමත් මේ චිත්‍රපටිය නිකුත්වෙන, තිරගතවෙන දිනයක් ගැන කොහෙවත් හරිහැටි සඳහනක් නෑ.  නිලනොලත් ආරංචි මාර්ග පවසන ආකාරයට මේක නිකුත් වෙද්දී මේ අවුරුද්දේ අන්තිම විතර වෙනවා කියලා තමයි අපට දැනගන්නට ලැබුනේ.

ඉතින් මේ ගැන අපිට දැනගන්න ලැබෙන හැම තොරතුරක්ම ඔයාලත් එක්ක බෙදාගෙන ඔයාලව යාවත්කාලින කරන්න ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මේ සලරුවුව නිකුත් වූ සැනින් එසැනින් උපසිරැසි සමගින් ඔබ හමුවට අරගෙන ඒමට අපගේ කණ්ඩායම සැදි පැහැදී බලාගෙන ඉන්නවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ගමන්. සිනමාවේ නෙක තතු සොයා යන ගමනේ තවත් මෙවැනි සොඳුරු සන්ධිස්ථානයකදී නැවතත් ඔබව මුණගැහෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා
රැඳෙන්න දිගටම අපත් සමගම.
ඔබට ජයෙන් ජය….!!!!

තාරක නුවන් දිල්හාර (89 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *