ComicBook Golden Issue Awards 2017 ජයග්‍රහණ

මහලොකුවට අවුරුද්ද පුරාවටම නොයෙක් ආකාරයේ සම්මාන උළෙලවල් පවත්වනවා. ඒවායින් හුගක් ඒවා ලොකු වියදමක් දරලා නළු නිලියෝ, අධ්‍යක්ෂකවරු වගේම තවත් ලොකු ලොකු තනතුරු දරන ඈයෝ ගෙඅල්ලා පවත්වන ඒවානේ. ඒත් අහලා තියද  ComicBook Golden Issue Awards ගැන? නැතුව ඇති. මේක හරිම සරලව පවත්වන එකක්. හරියට ලොකුවට මගුලක් නොගෙන රෙජිස්ටර් ගාවට ගිහින් අත්සන් කරලා මනමාලියෙක් අරං එනවා වගේ වැඩක්. එහෙමයි කියලා නිකන්ම කියාගෙන යන්නේ නැහැ. ඇගයීමට ලක් වෙන්න ඕන කොමික් අංශයේ, කොමික් චිත්‍රපට අංශයේ වගේම ටෙලි කතාමාලා අංශයේ කොමික් වලට සම්බන්ධ ඒවා තමයි මේකට අදාළ කරගන්නේ .මෙතනදී කිසිම භේදයක් නැහැ. හැම වර්ගයකින්ම ඉදිරිපත් කරලා මේවා නාම යෝජනා වලටත් ඉදිරිපත් කරවලා තමයි පස්සේ ජයග්‍රහණ තෝරා පත් කරගන්නේ. 2017 ට නියමිත ComicBook Golden Issue Awards’හි ජයග්‍රහණ ටික ඉදිරපත් කරන්න තමයි මම මේ ලැස්ති වෙන්නේ. නිර්දේශ නාම යෝජනා කියන්න යන්නේ නැහැ. තේරුමක් නැහැනේ. බලන්නකෝ ඔයාලා කැමති ඒවත් මේ අතරේ තියද කියලා.

  • හොදම නළුවා සම්මානය –  Logan (2017) චිත්‍රපටයේ රගපෑ හියු ජැක්සන් හට.

  • හොදම නිළිය සදහා සම්මානය – Wonder Woman (2017) චිත්‍රපටයේ රගපෑ ගැල් ගැඩොට් හට.

  • හොදම කොමික් කතාමාලාව සදහා සම්මානය – Batman

  • හොදම අධ්‍යක්ෂණය සදහා සම්මානය – Wonder Woman (2017) චිත්‍රපටය වෙනුවෙන් පැටි ජෙන්කින්ස් හට.

  • හොදම සටන් ජවනිකාව සදහා සම්මානය – Wonder Woman (2017) චිත්‍රපටයේ “No Man’s Land” සිදුවීම.

  • හොදම මුල්ම මුහුණුවර සදහා සම්මානය – Logan (2017) චිත්‍රපටයේ X -23 හට. 

  • හොදම චිත්‍රපටය සදහා සම්මානය – Wonder Woman (2017) චිත්‍රපටයට.

  • හොදම පෝස්ට් ක්‍රෙඩිට් සදහා සම්මානය – Justice League (2017) චිත්‍රපටයේ ඩේත්ස්ට්‍රෝක්ගේ ආගමනය නම් සිදුවීම.

ප:ලි: මේක මෑතකදී නිකුත්වුන HC HD කියන පිටපතේ අන්තර්ගත වුණේ නැහැ. තිබුනේ ෆ්ලෑෂ් vs සුපර්මෑන් තරගය විතරයි. නමුත් සිනමාශාලාවල නිකුත් කල දර්ශනවාර සියල්ලකදීම මේ සිදුවීම දැකගන්න ලැබුනා. ඒවගේම තමයි මේක ඉදිරියේදී නිකුත් වීමට නියමිත බ්ලුරේ පිටපත තුලින් දැකගන්න පුලුවන් වේවි.

  • හොදම සංගීත විභ්නය සදහා සම්මානය Thor Ragnarok (2017) චිත්‍රපටයේ Mark Mothersbaugh

  • හොදම දෘශ්‍ය ප්‍රයෝග සදහා සම්මානය – Thor Ragnarok (2017) චිත්‍රපටයට.

  • හොදම ඇනිමේ චිත්‍රපටය සදහා සම්මානය – Your Name චිත්‍රපටය

  • නවතම කතාමාලා සදහා සම්මානය – ABC නාලිකාවේ විකාශය වූ Marvel’s Inhumans කතාමාලාවේ බ්ලැක් බෝල්ට් හට.

  • හොදම ටෙලිකාතාමලාවන්හි රංගන ශිල්පියා සදහා සම්මානය – FOX නලිකාචේ විකාශය වූ Legion කතාමාලාවේ ඩේවිඩ්ගේ චරිතයට රග පෑ Dan Stevens හට.

  • හොදම කතාංගය සදහා සම්මානය – Arrowverse හි Crisis on Earth X නම් කතාංගය.

  • හොදම ආරාධිත රංගනයේ යෙදීමේ මුහුණුවර සදහා සම්මානය – FOX නලිකාචේ විකාශය වූ Legion කතාමාලාවේ ඔලිවර් බර්ඩ්ගේ චරිතයට රග පෑ Jemaine Clement හට.

  • හොදම වීරයා සදහා සම්මානය – Jessica Jones කතාමාලාවේ ජෙසිකා ජෝන්ස් සදහා පණ පොවන Krysten Ritter හට. 

  • හොදම නැවත ආරම්භක කතාමාලාව සදහා සම්මානය – ABC නාලිකාවේ විකාශය වන Marvel’s Agents Of S.H.I.E.L.D කතාමාලාව සදහා 

  • හොදම දුෂ්ටයා සදහා සම්මානය – AMC නාලිකාවේ විකාශය වන The Walking Dead කතාමාලාවේ නීගන් හට. 

  • වඩාත් කම්පණය වන සිදුවීම සදහා සම්මානය – Netflix හි විකාශය වූ Marvel’s Punisher කතාම්ලාවේ ෆ්‍රෑන්ක්ගේ ප්‍රශ්න කිරීම නම් සිදුවීම. 

  • ඛේදජනකම මරණය සිදුවීම – Legends of Tomorrow කතාමාලාවේ රගපෑ “මාර්ටින් ස්ට්‍යින්ගේ මරණය”

  • හොදම සමස්ත කණ්ඩායම සදහා සම්මානය – Hulu නාලිකාවේ විකාශය වූ Marvel’s Runaways.

  • හොදම හවුලේ වැඩ කල ජෝඩුව සදහා සම්මානය- Arrowverse තුලදී මුණගැහෙන සාරා ලාන්ස් හා ඇලෙක්ස් ඩැන්වර්ස් දෙපළ හට.

  • නවතම හොදම කතාමාලාව සදහා සම්මානය – Netflix හරහා විකාශය වූ Marvel’s Punisher කතාමාලාවට.

  • හොදම ඉන්ඩි කොමික් සදහා සම්මානය – Saga නම් කොමික්පොත් මාලාව.

  • හොදම සීමිත කොමික්පොත් මාලාව සදහා සම්මානය – DC කොමික් විසින් නිකුත් කල Mister Miracle කොමික් පොත් මාලාව.

  • හොදම චිත්‍ර ශිල්පියා සදහා සම්මානය – ඩේවිඩ් මා(ර්)කියුස් 

  • හොදම චිත්‍ර වර්ණ ගැන්වුම්කරු සදහා සම්මානය – DC Comics තුල චිත්‍ර ශිල්පියෙකු වශයෙන් සේවය කරන Jonathan Glapion හට. 

  • හොදම කොමික්පොත්වල අකුරු ලියන්නිය – Asian American’හි අවුරුදු 13 පුරාවටම සේවය කරන Janice Chiang හට. 

  • සියල්ලගේම ආදරය දිනාගත් හොදම ප්‍රකාශකයා සදහා සම්මානය – DC Comics 💜

චාමර සම්පත් (80 Posts)


4 thoughts on “ComicBook Golden Issue Awards 2017 ජයග්‍රහණ

  • January 7, 2018 at 6:52 AM
    Permalink

    thanks ela..

  • January 1, 2018 at 7:46 PM
    Permalink

    niyaමයි
    මෙහෙම සම්මාන දෙන එකක් තියෙනවා කියලා දන්නෙත් අද
    නිකන් සල්ලි වියදන් කරගෙන මගුල් කනවට වැඩිය
    හොදයිනේ රිජිස්ටර් කරන එක නෙ
    සල්ලිත් ඉතිරියි \
    හි
    ……………..

  • January 1, 2018 at 2:30 PM
    Permalink

    Thank you bro

  • January 1, 2018 at 8:41 AM
    Permalink

    Niyama lipiyak sahoo ela.thanks..
    #Hail Dc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *