Step Up චිත්‍රපටපෙළ ඇසුරින් රූපවාහිනී කතාමලාවක් ලබන වසරෙදි.. .

Step Up චිත්‍රපට කියන්නේ මේ ලෝකේ සැහෙන්න දෙනෙක් ආස කරපු, විශේෂයෙන්ම නර්තනයට ආස කරපු අය පිස්සුවෙන් වගේ බලපු චිත්‍රපට හතරක්. චිත්‍රපට හතරෙන්ම ලොකු ගානක් හොයාගන්න බැරි වුනත් වියදම් කරපු මුදල එක්ක බලද්දී ඩොලර් 650 ක අගයක් පවා හොයාගත්තා. ඉස්සරහට රූපවාහිනී කතාමාලා ක්ෂේත්‍රයට හැදෙන තැන වැඩියි. ඒ නිසාමද මන්දා චිත්‍රපට පදනම් කරගෙන රූපවාහිනී කතාමාලා නිර්මාණය වෙනවා. කියන්න සතුටුයි මේ Step Up චිත්‍රපට පදනම් කරගෙනත් රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය වෙනවා Step Up High Water කියලා.

චිත්‍රපට හතරම මග හරින්නේ නැතුව බලපු කෙනෙක් ඉන්නවනම් Adam Shankman, Jennifer Gibgot වගේම Meredith Milton මේ නම් තුන දැක්ක හැටියේ මතක් වෙයි. මතක් උනේ නැත්තම් මං කියන්නම්. මේ තමයි මුල් Step Up චිත්‍රපට පෙළෙහි වල නිෂ්පාදකවරුන්. ඉතින් මේ අය එකතු වෙලා තමයි Step Up High Water කතාමලාවත් නිර්මාණය වෙන්නෙත්. එහෙම වෙන එක හුගක් හොදයි. මොකද දෙයක් දන්න අය ඒකට අත ගහන එක හුගක් හොදෙයිනෙ නොදන්න අය අය අතදාලා අනාගන්නවට වඩා. Channing Tatum වගේම Jenna Dewan Tatum දෙන්නත් ඇතුළුව. මතක ඇතිනේ මේ දෙන්නා මුල් චිත්‍රපටවල හිටියා. මේ දෙන්නත්මේ මේකේ ඉන්නවා. YouTube Red ලගේ ඔරිජිනල් සීරිස් එකක් හැටියට ලබන වසර තුලදී බලාගන්න පුලුවන් වෙන්නේ.  දීලා තියෙන පූර්ව ප්‍රචාරක පටය අනුව නම් ලබන වසරේ ඒ කියන්නේ 2018 ජනවාරි 31′වැනි දිනට නිකුත් වීමට නියමතයි. 

මොකක්ද මේ YouTube Red කියන්නේ?

YouTube Red කියන්නේ ගෙවීමක් කරලා සාමාජිකත්වය අරගන්න ඕන දෙයක්. එතකොට ඔයාලට පුලුවන් වෙනවා සුපිරිම විදිහේ යුටියුබ් ආස්වාදයක් අරගන්න අනික් අයට අරගන්න බැරි විදිහේ. සුපිර්ම විදිහේ සංගීත අත්දැකීමක් අරගන්න පුලුවන් වගේම යුටියුබ් නිර්මාතෘලා හදන සීරිස් පවා මේකෙන් බලාගන්න පුලුවන්. දැනට මේ සේවාව දීලා තියෙන්නේ ඇමරිකාව, නවසීලන්තය වගේම ඔස්ට්‍රේලියාවට විතරයි (දන්න තරමින්). අද දවසට ඩොලර් එකක වටිනාකම අනුව ගත්තම මේකට සාමාජිකත්වය අරගන්න නම් මසකට ඩොලර් 9.99ක ගානක් වැය වෙනවා. ලංකාවේ මුදලින් නම් ආසන්න රුපියල් 640 කට ආසන්න අගයක් තමයි වෙන්නේ.

චාමර සම්පත් (62 Posts)


One thought on “Step Up චිත්‍රපටපෙළ ඇසුරින් රූපවාහිනී කතාමලාවක් ලබන වසරෙදි.. .

  • December 26, 2017 at 10:21 PM
    Permalink

    Tnq..dan patta..baiscope mansala..digtama demu mehema ewwa….we are waigting for u guys..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *