ඉංග්‍රීසිකොමික්චිත්‍රපටටීවී කතා මාලාදැනුමටපුවත්භාෂාවවගතුගවිචාරවිවිධසියල්ල

ඩිස්නි-ෆොක්ස් ගණුදෙනුව සහ මාවල් සිනමා විශ්වය

මොකක්ද මේ හැමෝම කතාවෙන ෆොක්ස් සහ ඩිස්නි ගනුදෙනුව? සරලවම කෙටියෙන් කියනවනම් ඒ සිද්දවුනේ “DCU මළගමේ මිනි පෙට්ටියේ අන්තිම ඇණය ගැසීම” 😛 හරි එහෙනම් මෙහෙම පටන් ගමු විස්තරේ. මාවල් කොමික් මාවල් ටීවී සිරිස් සහ මාවල් ෆිල්ම් කියන දේවල් තුනෙ අයිතිය හිමිකම් කියන්නේ එකිනෙකට වෙනස් ආකාරයට. මාවල් කොමික් වල අයිතිය සම්පුර්ණයෙන්ම හිමිවෙන්නේ මාවල් කොමික්සලට. එක්ස් මෙන්ලා ෆැන්ටාස්ටික් 4, අයන් මෑන්, හල්ක් ආදී මෙකි නොකී සියදහස් ගානක කොමික් චරිත වල සම්පුර්ණ අයිතිය මාවල් කොමික්ස් ආයතනය සතුයි. ටීවී සිරිස් පැත්තට හැරෙද්දී ඩිස්නිලට පුළුවන් කැමති කැමති විදියට කැමති කැමති දේවල් කරන්න. XD’s Ultimate Spider-Man cartoon එකට හල්ක්ව ගේනව වගේ දේවල් පවා එයාල කළා ඒ අයිතිය යටතේ. කොහොම නමුත් ඩිස්නිල මාවල් අයිතිය ගන්න කලින් Spectacular Spider-Man වගේ ටීවී සිරිස් වලදී හිටියෙ එයාලගේ පුංචි පුංචි ලෝක වල. ඩිස්නි සමාගම ටීවී සිරිස් අයිතිය ගත්තට පස්සේ සැහෙන විදියට මේ චරිත එක්කාසු කිරීම සිද්දකලා. මතක තියාගන්න අපි තවම කතා කරන්නේ කාටුන් සිරිස් ගැන. හැබැයි X-men කාටුන් සිරිස් වල අයිතියනම් මාවල් සතුයි. X-Men Evolution වලිඩ් නික් ෆියුරි සහ කැප්ටන් ඇමරිකා guest appearances එහෙක යෙදෙන්නේ. ඒ වගේම මතක තියාගන්න හැම ස්පයිඩර් මෑන් කාටුන් එකක්ම අයිති නැහැ ඔය කාටවත් එක එක ඒවායේ අයිතිය බෙදිලා ගිහින් තියෙන්නෙ මාවල් සහ ඩිස්නි අතර. ඊට පස්සේ අපි ලයිව් ඇක්ෂන් සිරිස් වලට ආවොත්, ලුක් කේජ්, අයන් ෆිස්ට්, ඩෙයාඩෙවිල්, පනිෂර් වගේ චරිත එක්ක ආව නෙට්ෆ්ලික්ස් සිරිස්වල අයිතිය තියෙන්නෙ තවමත් මාවල් සමාගමට. අපි ඒ පැත්ත පැත්තකින් තියල ෆිල්ම් පැත්තට හැරෙමුකො. ඒ වගේම කියන්න ඕන මේ ටීවී සිරිස් ගැන කියනකොට යම් වරදක් තියනවනම් නිවැරදි කරන්න. අන්තර්ජාලයේ උනත් සටහන් වෙලා තියෙන වාර්තා සැහෙන පරස්පර තැන් තියෙනවා.

ඒ දේවල් පැත්තකින් තියල අපි කෙලින්ම හැරෙමු රිදී තිරය දිහාවට. 2000 අවුරුද්ද වගේ වෙනකම් මාවල් කොමික් පාදක කරෙන යුනිවර්ස් එකක් ආකාරයට චිත්‍රපට නිෂ්පාදනයට වැඩි දෙනෙක් අවධානය යොමු කලේ නැහැ. ඒ නිසා මාවල් සමාගම කලේ යුනිවර්සල්, ෆොක්ස්, සෝනි සමාගම් වලට. ඊට පස්සේ සොනිලගේ පළමු ස්පයිඩර් මෑන් චිත්‍රපට තුනක් ෆොක්ස්ලගේ එක්ස් මෙන් සිනමාපට පෙළත් ජනප්‍රිය සහ ආදායම් අතින් ඉහලට එන්න පටන් ගන්නවා. ඔන්න දැන් මාවල් සමාගම මෝඩ වෙනවා එයාල තමන්ගේ රත්රන් බිත්තර දාන කිකිළියෝ ටික වික්ක එක ගැන. ඒත් මොනවා කරන්නද වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි ඒ වෙනකොට. ඔන්න ඊට පස්සේ මාවල් කොමික් තීරණය කරනවා තමන්ගේම කියල ස්ටුඩියෝ එකක කොමික් පාදක කරගත්ත මාවල් කොමික් විශ්වය ගොඩ නගන්න, ඒ අනුව තමයි 1993 ඉඳල තිබිච්ච මාවල් ෆිල්ම්ස් කියන ආයතනය මාවල් ස්ටුඩියෝ කරගෙන තිබ්බ එකෙන් හරියටම වැඩක් ගන්න පටන් ගන්නේ. අයන් මෑන් පළමු චිත්‍රපටය නොසෑහෙන බලාපොරොත්තු කන්දක් එක්ක 2008දී පැරමවුට් බෙදාහැරීමක් ලෙසින් නිකුත් වෙනවා. රොබට් ඩව්නි අයන් මෑන් විදියට අති සාර්ථක අන්දමින් ආදායම් වාර්තා සමග ලෝක ප්‍රසිද්ද වෙන්න ගන්නවා. එතැන් පටන් 2017 දෙසැම්බර් වෙනකම් මාවල් සිනමා විශ්වය ඈදුණු සිනමාපට 17ක් නිකුත් වෙලා තියෙනවා. ඔය අතරවාරයේ හල්ක් ස්පයිඩර් මෑන් සහ එක්ස් මෙන්ලගේ ෆිල්ම් සෙට් එකත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් තිරගත වෙනවා. මේ දේවල් නිමවෙන්නේ මාවල් ස්ටුඩියෝ කියන ආයතනයේ, ඊට පස්සේ එහි බෙදාහැරීමේ සහ අදාල සිනමාපටයට සිදුවෙන්න ඕන වෙනස්කම් ගැන තීරණය කරන්නේ අදාළ චරිත වල හිමිකාරිත්වය හිමි සමාගම්. මාවල් ස්ටුඩියෝ එක ඩිස්නි සමාගමේ කොටසක් වෙනකොට මාවල් එන්ටර්ටෙන්මන්ට් විසින් විකුනපු චරිත ඇරුනම අනෙක් චරිත සියල්ලම ඉතාම සාධාරණ ආකාරයට රිදී තීරණයට ගෙනල්ල තියෙනවා. මාවල් ස්ටුඩියෝ එකේ සභාපති වෙන්නේ Kevin Feige මේ ආයතනය 2015 ඉඳල මේ වෙනකොට පවතින්නේ Walt Disney Studios යටතේ. ඒ නිසයි මාවල් චරිත කියන්නේ ඩිස්නිලගේ බාබිඩොල් චරිත කියල අපහාස කරන්නේ, නමුත් JL එක බල්වුඅට පස්සේ වෝනර් බ්‍රදර්ස්ල DC චරිත ටික එයාලගේ රුකඩ බවට පත්කරලා තියෙන විදිය ගැන බැලුවම බාබිඩොල්ල ගැන සැහෙන ආඩම්බරයි.

ඉතිං බලමු පිළිවෙලට මොන මොන චරිත ටිකද මේ විකුණලා තිබ්බේ දැන් ඒවා කොහේ කොහෙද තියෙන්නේ කියල,

* 1993 දි එක්ස් මෙන් F4 චරිත අයිතිය ෆොක්ස්ලට විකුනනවා.
* කොලොම්බියා සහ ආටිසන් එන්ටර්ටෙන්ට්මන්ට්ලක විකුණලා තිබ්බ බ්ලැක් පැන්තර් චරිත හිමිකම 2005 දි ආයේ මාවල් ස්ටුඩියෝවට ලැබෙනවා.
* 2005 වසරේදීම නිශ ලයින් සිනමා එකට විකුණලා තිබ්බ අයන් මෑන් හිමිකම මාවල් ස්ටුඩියෝවට ලැබෙනවා.
* ආටිසන් ගාව තිබ්බ තෝර් චරිත හිමිකම 2006දි මාවල්ලට ලැබෙනවා.
* ලයන්ස් ගේට්ලට අයිතිවෙලා තිබ්බ බ්ලැක් විඩෝ චරිත හිමිකම මාවල්ලට ලැබෙනවා ඒ 2006දීම.
* 2006 වසරේදීම හල්ක් අයිතියත් මාවල්ලට ලැබෙනව.[කොන්දේසි යටතේ]
* නිව් ලයින් සිනමාවට අයිතිවෙලා තිබ්බ බ්ලේඩ් චරිත හිමිකම නැවත මාවල්ලට ලැබෙනවා ඒ 2012දි
* ඩෙයාඩෙවිල් චරිත අයිතිය නැවත මාවල්ලගේ බව 2013දි ඩිස්නි ආයතනය තහවුරු කරනවා
* 2013 වසරේදීම සෝනිලට හිමිවෙලා තිබ්බ ගෝස්ට් රයිඩර් හිමිකමත් ලයන්ගේට්ස්ලට තිබ්බ පනිෂර් හිමිකමත් මාවල්ලට නැවත ලැබෙනවා ඒවගේම සෝනිල ගාව තිබ්බ ලුක් කේජ් හිමිකමත්.
* ගාඩියන් ඔෆ් ද ගැලක්සි 2 එකේදී ආව Ego the Living Planet චරිතය ෆොක්ස්ල ගාව තිබ්බේ ඒක ගාඩියන් 2 එකට යොදාගන්න මාවල්ලට අවසර ලැබුනාඩේඩ්පුල් එකේ ආව නෙගසොනික් ටිනේජ් චරිතයට තියෙන බලය ෆිල්ම් එකේදී වෙනස් කිරීමට අයිතිය දෙනවා කියන කොන්දේසිය යටතේ. හුවමාරුවක් වගේ දෙයක් එතන සිද්දවුනේ.
* ඒ වගේම ස්පයිඩර් මෑන් චරිතය මාවල් ස්ටුඩියෝ එකට සහ MCU එකට යොදාගන්න අවසර ලැබෙනවා සෝනිලාගෙන්. ඒ බෙදාහැරීම ෆිල්ම් එකේ චරිත ගැන තීරණය කිරීම සහ කැපීම් කෙටිම් සිද්දකිරීමේ සියලු කටයුතු සොනිලට සිද්දකරන්න අවසරය තියාගෙන.

විශේෂ කරුණක් විදියට කියන්න ඕන මේ ගොඩක් චරිත නැවත මාවල්ලට ලැබුනේ හෝ MCU එකට යොදාගන්න අවසර ලැබුනේ, අවුරුදු කිහිපයකට වතාවක් ඒ ඒ චරිත හිමිකම් කියන සමාගම් අදාළ චරිත වලින් ෆිල්ම් ගැහුවේ නැත්නම් නිකම්ම ඒ චරිත මාවල්ලට අයිති වෙන විදියට විකුනපු වෙලාවේ ගිවිසුම් ගහල තිබ්බ නිසා. ඒ කියන්නේ මේ චරිත ගොඩක් ලැබුනේ නොමිලේ. එක්ස් මෙන්ල වගේ සල්ලි වලට ගන්න උනේ නැහැ. ඒක මතක තියාගෙන විකුනපු චරිත වලින් දැනට ආව සිනමාපට පෙළ ගැන මේ විදියට සඳහන් කරන්නම් එතකොට ඔයාලා තියෙන අවුල් ගොඩක් විසඳිලා යාවි.

*X-Men (film series)
Production companies: 20th Century Fox / Marvel Entertainment /The Donners’ Company
Distributed by: 20th Century Fox

දැන් පේනවා ඇතිනේ, 2000 ඉඳල මේ වෙනකම් ආව හැම එක්ස් මෙන් ෆිල්ම් එකක්ම විධායක නිෂ්පාදනය සහ බෙදාහැරිම සිද්දවෙන්නේ ෆොක්ස් අතින්. ඒ අනුව මේ වෙනකම් ආව එක්ස් මෙන්ලා ෆොක්ස්ලගේ වැඩක්. ඒ අයව කොහෙත්ම අදියර එක දෙක තුන හතර පහ කියල ඉදිරියට යන මාවල් සිනමා විශ්වයට ඈදාගන්න බැරුවයි හිටියෙ, ඒ චරිතවල හිමිකම මේ වෙනකම් තිබෙනේ ෆොක්ස් ආයතනයට නිසා.

 

*Tobey Maguireගේ Spider-Man චිත්‍රපට ත්‍රිත්වය
Production companies: Marvel Enterprises / Laura Ziskin Productions
Distributed by: Columbia Pictures

කොලම්බියා පික්චර්ස් කියන බෙදාහැරීමේ සමාගම අයිති වෙන්නේ Sony Corporationලට, ඒ කියන්නේ සෝනිලට, මාවල් ආයතනය සොනිලට ස්පයිඩිව වික්කට පස්සේ අවුරුදු ගානකට පසුව නැවත ස්පයිඩර් මෑන් සිනමාපටයක් නිකුත් කලයුතුයි එහෙම නොකලොත් ස්පයිඩිව ආයෙමත් මාවල් ආයතනයට හිමිවෙන ආකාරයට තමයි ගිවිසුම් ගතවෙලා තිබ්බේ, ඒ අනුව තමයි 2012දි The Amazing Spider-Man එන්නේ ඒ එන්නෙත් ඉහත ආකාරයටමයි. ඉතින් ඒක මුල් සිනමාපට තරම් සාර්ථක නොවුන නිසා සෝනිල තීරණය කරනවා මාවල්ට ස්පයිඩිව පාවිච්චි කරන්න දෙන්න. ඒ අනුව මුල්වරට කැප්ටන් ඇමරිකා සිවිල් වො තුලින් MCU එකට එන පීටර් පාකර් 2017 දි නිවහන කරා එනවා ඒ එන්නෙ පහත ආකාරයට

Production companies : Columbia Pictures / Marvel Studios / Pascal Pictures
Distributed by: Sony Pictures Releasing

දැන් පැහැදිලි ඇතිනේ වෙච්ච දේ, MCU එකට ස්පයිඩිව යොදාගන්න අවසරය තියෙනවා, නමුත් තවමත් අයිතිය තියෙන්නේ සෝනිලට. මං හිතන්නෑ මේ කපේට ඒ අයිතිය නම් ලැබෙයි කියල :/

 

 

* Hulk 2003

Production company: Universal Pictures / Marvel Enterprises / Valhalla Motion Pictures / Good Machine
Distributed by: Universal Pictures

කාටත් මතක ඇති එක පාරම ඇවෙන්ජර්ස් 2012 ෆිල්ම් එකේදී හල්ක් වෙනස් වෙනව, මාක් රෆ්ලෝ එනවා හල්ක් විදියට, ඒ වෙනකම් යුනිවර්සල් පික්චර්ස්ල ගහපු හල්ක් ෆිල්ම් පළමු හල්ක් නළුවා සහ 2008 හල්ක් නළුවා වෙනස් කරලා ඩිස්නිල විසින් ඒම චරිතය යොදාගන්නවා. එහෙම වෙන්නේ හල්ක් නිෂ්පාදන හිමිකම The Incredible Hulk 2008 එකත් එක්ක මාවල් සතුවුන නිසා, අනෙක් චරිත විකුනපු ආකාරයට නෙමෙයි මාවල්ල හල්ක්ව දුන්නේ. නිෂ්පාදන හිමිකම තමන් යටතේ තියාගෙන. අන්න ඒ නිසයි හල්ක්ව කරදරයක් නැතුව සිනමා විශ්වයට අරගන්න පුළුවන් උනේ. මොකද වැදගත්ම හිමිකමක් තමයි නිෂ්පාදන හිමිකම කියන්නේ. The Incredible Hulk 2008 කියන්නේ සම්පුර්ණයෙන්ම මාවල් ස්ටුඩියෝ හිමිකමක්. ඒ ෆිල්ම් එක ගැහුවේ 2003 එක හෑ සබැදි වගේ පේන්න උනත් කතාවෙන් සබැදි නොවෙන්න. යුනිවර්සල්ලට පුළුවන් මාවල් ස්ටුඩියෝ හදන හල්ස් චරිතයට තනියම ගහන ෆිල්ම් එකක් කෑලි කපල එයාලට ඕන විදියට වෙනස් කරගන්න, බැරි වෙලාවත් මාවල් R රේටඩ් හල්ක් ෆිල්ම් එකක් ගැහුවොත් යුනිවර්සල්ලට පුළුවන් ඒක PG13 කරන්න. මම හිතනවා දැන් යම් තාක් දුරකට හරි පැහැදිලිවෙලා ඇති මේ දේවල් ගැන. යම්කිසි ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කෑලි නොකපපු World War Hulk ෆිල්ම් එකක් අපිට දැකගන්න ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා. ඒ වගේම ඉහත සඳහන් කරපු Production companies එහෙමත් නැත්නම් නිෂ්පාදනය කියන කොටසේ 1/3ක් මාවන් සිදුකරනකොට මාවල්ලට අදාළ සිනමාපටය වෙත යම් ප්‍රමාණයක බලපෑමක් කිරීමේ හැකියාව තිබ්බා. නමුත් ඒක ඉතාම සුළු ප්‍රමාණයක්, මොකද විධායක බලතල තිබ්බේ අදාළ චරිතය හිමි ආයතනයට නිසා.

ඉතිං පහුගිය සුමානේ කොමික් ලෝකය පුරා පැතිරුණ ආරංචිය තමයි ලොව දෙවනියට විශාලතම ගණුදෙනුව සිදුකරමින් ඩිස්නි සමාගම එක්ස් මෙන් ඇතුළු මාවල චරිත රැසකගේ හිමිකම අරගත්තා කියන එක. ඩොලර් බිලියන 52ක් වියදම් කරලා ඩිස්නි සමාගම Twenty-First Century Fox, Inc. Fox Broadcasting network and stations, Fox News, Fox Business, FS1, FS2, National Geographic, Star in India, Hulu, Sky plc, Tata Sk සහ Big Ten Network කියන ෆොක්ස් ආයතනයට අයිතිව තිබු නාලිකා සමුහයත් මේ අනුව ඩිස්නිලට හිමිවෙනවා. ඒ අනුව කොමික් විතරක් නෙමෙයි සමස්ත හොලිවුඩ් සිනමාවේ සියයට හතළිහක් විතර දැන් තියෙන්නේ ඩිස්නිල ගාව. මොකද මාවල් චරිත විතරක් නෙමේ ලැබෙන්නේ ස්ටාර් වෝ වගේ ඒවත් ලැබෙනවා අපි කතා කරන්නේ මාවල් සිනමා විශ්වය ගැනනෙ. ඉතින් මේ එකඟතාවයන් අනුව ඩිස්නිලට පුළුවන් X-Men, Fantastic Four සහ Deadpool වගේ කට්ටියව දැන් අති සාර්ථක අන්දමින් ඉදිරියට ගලාගෙන යන MCU එකට සම්බන්ධ කරන්න. නිකමට හිතන්න ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වො එකේදි එක්ස්මෙන්ලා අයන් මෑන් තෝර් කැප්ටන් ඇමරිකා හල්ක් ඇතුළු පිරිසට එකතු වෙනවනම් තානෝස්ට එරෙහිව? හිතාගන්නවත් බැහැ නේද ඒක මොන තරම් අපුරු අත්දැකීමක් වෙයිද කියල. ඇත්තටම මේ හැබෑ වෙන්නේ මාවල් DC බේදයකින් තොරව සෑම කොමික් පිස්සෙක් තුලම තිබ්බ හීනයක්. ඉතිං අනෙක් සිදුවීම් පැත්තකින් තියල අපි බලමු මාවල් සිනමා විශ්වයට මේ ගනුදෙනුවෙන් සිදුවන බලපෑම් ගැන. ඒත් ඊට කලින් මාවල්ගේ විරුද්ධවාදියා වෙන DCල ගැන කියනවනම් මේ වෙනකොට එයාල ඉන්නේ වෝනර් බ්‍රදර්ස් යටතේ. වෝනර් බ්‍රදස්ලට පුළුවන් එයාල කැමති කැමති විදියට ෆිල්ම් එක කපල කොටලා දාන්න එහෙම. ඒ බලතල මොන තරම් මෝඩ විදියට පාවිච්චි කරනවද කියල ඔයාලට දැනගන්න ලැබෙයි අද සබ් දෙන[2017/12/23] JL එක බලුඅට පස්සේ. කියන්න තියෙන්නේ පට්ටම චරිත ටිකක් කරන පට්ටම නළුවෝ ටිකක් ඉන්න පට්ටම සිනමා විශ්වයක් මේ විදියට ජරා ගොඩක් වෙලා තියෙන්නේ වෝනර් බ්‍රදර්ස්ල නිසා. අනිත් කාරනෙ ඔය CW එකේ පජාත ෆ්ලෑෂ් උඩ දාගෙන ඉන්න උදේ හවා මල් තියල වඳින සෙට් එක JL එකේ ෆ්ලෑෂ්ව බලල මානසිකත්වය පොඩ්ඩක් හදාගනිල්ල උඹල උඩ දාගෙන ඉඳල තියෙන්නේ මල් මල් ෆ්ලෑෂ් කෙනෙක්ව නේද යකෝ කියන හිතිවිල්ලත් එක්කම. [ඔව් දැන් බැනහල්ල මට සීන් එකක් නෑ, CW එකේ ඉන්නේ කොරින් කතාවල ඉන්න ඕන ෆ්ලෑෂ් කෙනෙක්]

1. ඇවෙන්ජර්ස් කණ්ඩායමට එක්ස් මෙන්ලාගේ පැමිණීම?

මාවල් ආයතනය එක්ස් මෙන්ල නැති අඩුව ඉන්හියුමන්ලාගෙන් පුරවන්න බලවත් උත්සහයක් අරගත්තා. අවාසනාවකට ඒ උත්සාහය හිතුව තරම් සාර්ථක උනේ නැහැ, ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එකේ විතරයි ඉන්හියුමන් සම්බන්ධතාවය සාර්ථක අන්දමට දිවගියේ සහ වත්මනෙත් දිව යන්නේ. ඒ නිසා මාවල් විශ්වයට එක්ස්මෙන්ලාගේ ආගමනය කියන්නේ මාවල් ආයතනයට නොසෑහෙන සතුටක් ගෙනාපු දෙයක්. දැනටමත් දන්නවනේ වොන්ඩා සහ ක්වික් සිල්වර්ගේ තාත්ත වෙන්නේ මැග්නිටෝ බව. ඒ වගේම හඳුන්වාදීම එක්ස්මෙන්ලයි 2012 ඇවෙන්ජර්ස්ලයි අතර සටනකින් වගේ සිද්දවෙනවනම්? ඒ ඕන නෑ වුල්වරින්ව විතරක් උනත් හොඳටම ඇති 😀 මේ වෙනකොට මාවල් සිනමා විශ්වයේ යන්නේ තවන අවධියේ මේක 2016 – 2019 කාලසීමාව තුල දිව යනවා ඒ අනුව තෙවන අවධියේ ඉදිරියේදී එන්න තියෙන සිනමාපට පෙළ වෙන්නේ Black Panther, Avengers: Infinity War, Ant-Man and the Wasp, Captain Marvel, Avengers 4 ඊට පස්සේ තමයි 2019 – 2028 කාල තුල දිවයන සිව්වැනි අවධිය ආරම්භ වෙන්නේ. ඉන්ෆිනිටි වො එකේදී කිදෙනෙක්ට මැරෙන්න වෙයිද කියලවත් තවම නොදන්නා නිසා ඒ අයගේ අඩුපාඩු පුරවන්න අනිවාර්යෙන්ම එක්ස් මෙන්ල ඉදිරියට ඒවි. ඒ වගේම මෙතෙක් ආව විදියට එක්ස් මෙන් ලගේම වගේම වුල්වරින් ආව වගේ තනි තනි සිනමාපටත් එන්න පුළුවන්. Deadpool 2, The New Mutants, and X-Men: Dark Phoenix සිනමාපට පෙළ රුගත කරලා අවසන් නිසා ඒ දේවල් ඒ විදියටම ඒවි, නමුත් එක්ස් මෙන්ලගේ අනාගතය දැන් තීරණය වෙන්නේ වෙන විදියකට. 2019දි මොනවා වෙයිද කියල අපිට දැන්ම කියන්න බැහැ ඒ නිසා අපි බලන් ඉමු මාවල් සහ ඩිස්නි මේ අපුර්වත්වය රිදී තිරයේ දිග හරිනකම්. කෙසේ වෙතත් රි බූට් නොවේවා කියල ප්‍රර්ථනා කරමු.

2. F4 පුනරාගමණය?

මම හිතන්නේ අවාසනාවන්තම කණ්ඩායමක් තමා මේ ෆැන්ටාස්ටික් 4 කියන්නේ. මෑතකදී ආව නව නිමවුමත් 2015 දි අති අසාර්ථක අන්දමින් නිමා උනා :/ ඉතින් මේ විදියට දෙවතාවක්ම අසාර්ථක වෙච්ච F4ලට මොනවා වෙයිද ඉදිරියේ? ඒ වගේම ෆොක්ස් ආයතනයෙන් කරපු F4 මුල් සිනමාපටයේ හියුමන් ටෝච විදියට එකතු උන ක්‍රිස් එවන්ස්, තමයි දැන් රසිකයින්ට රොබට් ඩව්ණි හිහු ජැක්මන් වගේ අමරණීය ආකාරයේ මතකයක් එකතු කරපු කැප්ටන් ඇමරිකා විදියට ඉන්නේ. ඉතිං පිට පිටම අසාර්ථක නිර්මාණය සිදුවුන නිසා තවම මේක ගැන මොනවා වෙයිද කියල පැහැදිලි ආරංචියක් නම් නැහැ.

3. සිල්වර් සර්ෆර් සහ ප්‍රොෆෙසර් චාල්ස් ක්ෂේවියර් පුංචි තිරයට?

F4 කියනකොටම මතක් වෙන අනිත් කෙනා සිල්වර් සර්ෆර් එහෙමත් නැත්නම් නොරින් රෑඩ්. දැනට තියෙන ආරංචිවල හැටියට සිල්වර් සර්ෆර් FX නාලිකාවේ Legion සහ The Gifted සනුහරයට අයිති වෙන්න යන බවක් තමයි කියවෙන්නේ. අහ්හ් ඒ විතරක් නෙමෙයි ප්‍රොෆෙසර් X එහෙම Legion සමගින් එන ආරංචියක් එහෙමත් තියෙනව. දන්නවනේ ඩේවිඩ් හෙලර්ගේ තාත්ත කවුද කියල 😀 ඒ වගේම පොලාරිස් කිව්වොත් එයාගේ හිතවතිය මැග්නිටෝගේ දුව කියල. ආයේ එක්ස්මෙන් සිනමාපට පෙළත් එක්ක ක්‍රොස් ඕවර් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

 

4. තානොස්ට පස්සේ ගැලක්ටස් ඒවිද? ඩුම් ඒවිද?

එක දෙක තුන අවධි සියල්ලම ඇවිල්ල අන්තිමේ නවතින්නේ තානොස් ගාවනේ, ඊට පස්සෙත් තානෝස්වම විකුණන් කන්න අමාරු වෙයිනෙ. එතකොට කවුද එන්නේ? මේ තියෙන්නේ හොඳ ආදේශක දෙකක්. 2009දි Imagine Games Networkලා මාවල් DC කොමික් ලෝකයේ හොඳම දුෂ්ටන් සියදෙනෙක් තෝරනවා, ඒ අනුව එහි පළමු තැන මැග්නිටෝටත් දෙවැනි තැන ජෝකර්ටත් තෙවැනි තැන ඩොක්ටර් ඩුම්ටත් හතරවෙනි තැන ලෙක්ස් ලුතර්ටත් පස්වෙනි තැන ගැලක්ටස්ටත් හිමිවෙද්දී ඇති භයංකර තානොස් ඉන්නේ 47වෙනි තැන. හිතාගන්නකෝ එහෙනම් මාවල් විශ්වයේ පස්වෙනි අධියර කොහොම හෙල්ලෙයිද කියල මේ වෙනසින් 😀

 

 

 

 

 

 

5. ඩෙඩ්පූල්ට මොනවා වෙයිද?

ආයේ මොනවා වෙන්නද පොර හැමදාටම R රේටඩ් වෙයි. නමුත් මං දැක්ක FB එකේ වීඩියෝ එක්ක තිබ්බ ඩෙඩා ආයේ R රේටඩ් වෙන්නේ නැහැ කියල. ඒක වැරදියි. මාධ්‍ය සාකච්චාවේදී ඩිස්නි ප්‍රධානියෙක් වෙන Bob Iger ඒක තහවුරු කරනවා මෙන්න මේ විදියට.

“It (Deadpool) clearly has been and will be Marvel branded. But we think there might be an opportunity for a Marvel-R brand for something like Deadpool, as long as we let the audiences know what’s coming, we think we can manage that fine.”

මේක R රේටඩ් නොවේවි කියල කියන්නේ ඩිස්නි බෙදාහැරීමක් වෙන්න යන නිසානම් 2006දි ආව Apocalypto කියන්නෙත් R රේටඩ් ඩිස්නි නිෂ්පාදනයක් ඒ නිසා ඒ ගැන බයවෙන්න දෙයක් නැහැ. වේඩ් විල්සන් කිව්වා වගේ බෝල අතගාලා හදාගත්ත ෆිල්ම් එක ආදායම් වාර්තා තියාගෙන තිරගත වෙච්ච ෆිල්ම් එකට හානියක් කරයි කියල හිතන්න බැහැ. ඒ වගේම ඩෙඩ්පූල්ව මාවල් සිනමා විශ්වයේ සිව්වැනි අදියරේ දකින්න ලැබෙයි කියල. අඩුගානේ ස්ටැන් ලී එක්ක ඇවිල්ල යන්න හරි ඒවි ඉක්මනටම. ඒ වගේම අපිට අමතක කරන්න බැහැ ඩෙඩ්පූල්, ස්පයිඩර් මෑන් සහ කැප්ටන් ඇමරිකා සම්බන්ධය. හැම වෙලේම MF. සහ F වැනි මියුරු වදන් පවසන ගානක්වත් නැතුව මිනි මරණ ඩෙඩ්පූල්ට යහපත් ආකාරයෙන් සැලකුව ප්‍රධානම දෙන්න මේ දෙන්නා. විශේෂයෙන්ම සොනිලගෙන් ආව ස්පයිඩි එක්ක ඩෙඩ්පූල් සෙට් වෙලා ෆිල්ම් එකක් ගහනවා කියන්නේ අනිවාර්යෙන්ම ඩොලර් බිලියනයක විතර සල්ලි කන්දක්. චරිත ටික ආයේ ගන්න යට කරපු සල්ලි ටික හොයන්නත් එපයි 😛

6. අනෙකුත් චරිත එකිනෙක මුහුකිරිම.

එජ් ඔෆ් අල්ට්‍රෝන් එකේදී ක්වික් සිල්වර් සහ ස්කාලට් විච්ගේ උපත ගැනවත් කිසිම දෙයක් කියවුනේ නැහැ, මොකද මැග්නිටෝ ඒ වෙනකොට හිටියෙ ෆොක්ස්ල ගාව. ඒත් දැන් ඒ බාධාව ඉවරයි. දැන් ඕන දෙයක් නිදහසේ ක්‍රොස් ඕවර් කරන්න පුළුවන්, හල්ක් සහ වුල්වරින් ක්‍රොස් ඕවර් එකක් වගේ දෙයක් මටනම් හීනයක් වගේ 😀 ඒ වගේම ඉදිරියේදී එන Cloak & Dagger ටීවී සිරිස් එකයි Legion සහ The Gifted එකිනෙක සම්බන්ධ කලොත්. මොකද Cloak & Dagger කියන්නේ Disney–ABC Television Group එකේ වැඩක්. ඒ වගේම මේ වෙනකොට බ්ලේඩ් ගැනත් ටීවී සිරිස් එකක් එන කතාවක් කියනවා ඒකත බලමු. දැන් සියයට 95ක් පමණ චරිතවල අයිතිය මාවල්ලට තියෙන නිසා හොඳ හොඳ දේවල් ඉසරහට ඒයි කියල හිතනවා. මේ ගිවිසුමත් එක්ක ගොඩක් දේවල් වෙන්න පුළුවන්.

ඉතින් DC සිනමා විශ්වය ලත් තැනම ලොප් වෙමින් වෝනර්බ්‍රදස් නිසාවෙන් වලපල්ලට යන ලකුණු පහල වේගෙන එනකොට අපි නොමැරී ඉවසං ඉමු ඩිස්නිල මාවල් ස්ටුඩියෝ එක්ක එකතු වෙලා මේ චරිත සේරම අරගෙන මවන විස්මිත මාවල් සිනමා විශ්වය ගෙත්තම් කරන අපුරුව සියැසින් දැකගෙන අනාගතේ අපේ දරුමල්ලන්ටත් අපේ කාලේ තිබ්බ මේ අපුරු කොමික් ලෝකය ගැන කියාදෙන්න කාලයක් උදාවෙනතුරු.

#HailMarvel

Author

12 thoughts on “ඩිස්නි-ෆොක්ස් ගණුදෙනුව සහ මාවල් සිනමා විශ්වය

  • R – Restricted
    Under 17 requires accompanying parent or adult guardian. Contains some adult material. Parents are urged to learn more about the film before taking their young children with them.

    Reply
  • මට නම් DC marvel බේදයක් නෑ දෙකටම පැලෙන්න ආදරෙයි. ඒත් දැන් dc වලට වෙන දේ එක්ක හදවත පැලී යන දුකක් එන්නේ.
    ඒ දුක පොඩ්ඩක් හරි නිමා ගන්නේ marvel වසන්තය නිසා. ඔබතුම හරි හොදම චරිත හොදම නළුවෝ dc සතුයි. එක්කෝ marvel studio/disney එකට පට්ට සල්ලියක් තියෙන නිසා ඕක wb mf ලාගෙන් අරං dc ලට වෙනම ස්ටුඩියෝ එකක් දාලා දෙන්න ඕන පාඩුවේ වැඩ ටික කරන්න. එයාලට ඕන විදිහට film හදන්න.ඒත් ඒකට marvel වුනත් ඇගිලි ගැහිම සම්පුර්නයෙන්ම නවත්වන්න ඕන. එයාලට dc studio එකේ හදන movies ලබන ආදායමෙන් කොටසක් ලැබෙන එක විතරයි වෙන්න ඕන. ඊට පස්සේ ස්නයිඩර් නොලන් ලා බස්සුවානම් මෙන්න සල්ලි උතුරයි වේල්ල කැඩුවා වගේ.

    Reply
  • R රේටඩ් කියන්න්‍ෙ මා‍ෙකක්ද මචං

    Reply
  • එලම එලම තව post දෙමු

    Reply
  • විස්තරෙ නම් පට්ට ඇ ඔය අවදාේ පෙ⁣ාතක පතක වැඩකට දුන්නා නම් ඩිග්‍රිය ගන්න එක නතින්.

    Reply
  • වටින් ගොඩින් ඇහිලා තිබුනට උණු දේ හරියාම දැන ගත්තේ අද තමයි….thanx bro …… සුපිරි post එක

    Reply
  • මං කියවපු හොදම ලිපිය.Marvel Fan Page එකේ වත් මෙච්චර විස්තර නෑ. 🙂

    Reply
  • නියමයි….සුපිරි පොස්ට් එකක්….මේ news එක අහන්න තමා ගිය මාසෙම බලාගෙන හිටියේ…..
    හැබැයි මන් දැක්ක විදිහටනම් Fox News, Fox Business, FS1, FS2 ඇතුළු සමහර කොටස් ඩිස්නි එකට විකුණුවේ නැ.
    අයේ මටනම් හිතෙන්නේ X-Men, F4 එක අයේ reboot වුනොත් හොදයි කියල….ඒක විකාරයක් වෙලා.
    අනිත් ඒවා කෙලින්ම MCU එකට් දැම්මනම් හරි….Deadpool, New Mutnts….

    Reply
  • නියම ලිපිය.. තැන්ස්ස්

    Reply
  • අයේ කතා ඕනී නෑ විමෝ. මෙච්චර කාලෙකට කියවපු හොදම ලිපිය. සිරාවටම සුපිරි. මේ වගේම ඉස්සරහට ෆිල්ම්ස් ටිකත් ආවොත් නම්.. !!!! හම්මෝ…ඔනි නෑ ඒ ගැන කියලා. ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. මොකද අර කියුවා වගේ චරිත ටික ගන්න වියදම් කරපු ගාන හොයන්නත් ඕනිනේ. DC ගැන කතා නොකර ඉමු. JL බලලා සම්පූර්ණයෙන්ම කලකිරිලා ඉන්නේ.. තවත් ලිපියක් ගේමු හොදේ. ජය වේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *