SHIELD එකට අලුතින් එකතුවෙන උදවිය

ගොඩක් දෙනෙක් බැලුව කතාවක් තමයි Marvel’s Inhumans කියන්නෙ. ඉතිං මේ කතා මාලාව ලබපු අසාර්ථකත්වත් එක්ක මෙවර Agents of SHIELD කතා මාලාව පෙරටත් වඩා ඉහල මට්ටමින් නිර්මාණය කරන්න උත්සහ කරලා තියෙනවා. පළවෙනි ට්‍රේලර් එක බැලුව අය ඒ ගැන දන්නවා. හරි දැං ඉතිං ම ලෑස්ති වෙන්නෙ Marvel’s Inhumans ගැන කියන්න නෙවෙයි. Agents of SHIELD කතා මාලාවට අලුතින් එකතුවෙන මුහුණු කිහිපයක් පිළිබඳව සදහන් කරන්න තමා මේ ලෑස්ති වෙන්නෙ.

ඊට කලින් කවදටද Agents of SHIELD විකාශනය ආරම්භ වෙන්නෙ කියන්නම්. දැනටමත් ගොඩක් අය දන්නවත් ඇති. Agents of SHIELD කතා මාලාව මේ වසරේ දෙසැම්බර් 1 වෙනිදා සිට ABC නාලිකාව ඔස්සෙ විකාශනය වෙන්න නියමිතයි. ඒ වගේම තමා තවත් විශේෂ දෙයක් තියෙනවා. මුල් කොටස නැත්නම් මුල් කොටස් දෙක පැය 2 ක විශේෂ කතාංගයක් විදිහට විකාශනය කරන්න යනවා කියලත් ආරංචි වෙනවා.

 

 

 

SHIELD එකට එන අලුත් අය
====================
Agents of SHIELD Season 5 සඳහා තවත් චරිත හතරක් එක් කරලා තියෙන බව තමයි ආරංචි වෙන්නෙ. ඒ අය කවුද කියලා කියන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.

  • Jeff Ward, Deke ලෙස

 

මෙයාගෙ චරිතය ගැන පොඩ්ඩක් කියනවනම්, මෙයාව එච්චර විශ්වාස කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. හැබැයි මිනිහා හොද කෙනෙක්, ඔහුගෙ විශ්වාසය දිනා ගත්තොත් තමන්ගෙ කිට්ටුව වුනත් තියා ගන්න පුළුවන් ජාතියෙ කෙනෙක්.

 

 

 

 

 

  • Eve Harlow, Tess ලෙස

 

මෙයා ගොඩක් උපායම වශයෙන් එහෙමත් නැත්නම් resourceful කාන්තාවක් විදිහට තමයි හදුන්වලා දෙන්නෙ. ඒ වගේම තමන් වටේ ඉන්න අයව විශ්වාස කරන හැම දෙනෙක්ටම හොද අනාගතයක් පතන කෙනෙක්. තව දෙයක් තමා අපිට මෙයාව මීට කලින් The 100 තුලින් මායා විදිහට හම්බවෙලා තියෙනවා.

 

 

 

 

 

 

  • Coy Stewart, Flint ලෙස

දුෂ්කර පරිසරයක් තුල හැදි වැඩෙන්න වුනු තරුණයෙක්, වගේම ශීල්ඩ් කණ්ඩායමත් එක්ක එකතුවෙන්න දගලන එයාගෙ හැකියාවන් පෙන්නන්න දගලන කෙනෙ.

 

 

 

 

 

  • Pruitt Taylor Vince, Grill ලෙස

මෙයා තමයි හතරවෙනියා. “gruff taskmaster”, මෙයාව හදුන් වන්න පුළුවන්නෙ තමන්ගෙ බලය අනිසි විදිහට, කෲර ලෙස පාවිච්චි කරන කෙනෙක් හැටියට.

 

ඔය තමයි අලුතින් එකතු වෙන කට්ටිය පිළිබඳව කියන්න තියෙන විස්තර ටික. ඒ වගේම තවත් අලුතු විස්තර ටිකක් කියන්න තියෙනවා. බලමු ඒ මොනවද කියලා.

 

 

 

 

 

 

         1) Nick Blood, aka Lance Hunter සීසන් 5 තුලින් යලි කරලියට.

කට්ටියට මතක ඇතිනෙ හන්ටර් Agents of SHIELD Season 3 එකෙදි අයින් වෙලා ගියා. කොහොම වෙතත් හන්ටර් ආපහු මෙවර කතා මාලාවෙන් ආපහු අපිට දකින්න ලැබෙනවා. හන්ටර් විතරක් නෙවෙ මෙයාගෙ ප්‍රියම්බිකාවත්(බොබි) අයින්වෙලා ගියා. හැබැයි හන්ටර් කොච්චර කාලයක් ශීල්ඩ් එකත් එක්ක ඉදීවිද කියන කාරණේ තාමත් පැහැදිලි නැ. ඒ වගේම බොබී(Palicki) මේ වතාවෙ දකින්න ලැබෙයිද කියන එකත් පිළිබඳවලොකු විශ්වාසයක් නැ. Palicki එහෙමත් නැත්නම් බොබීව නම් Orville කතා මාලාවෙන් දකින්න පුළුවන්. කොහොම වුනත් හන්ටර්ගෙ රසිකයින්ට නම් මේක සුබ ආරංචියක් වෙනවා නියතයි.

 

       2) මීලග කාරණේ තමයි Jeff Ward,

Agents of SHIELD පස්වන කතා මාලාවෙ ප්‍රධාන චරිතයක් බවට පත් කරලා ඇති බවට ලැබෙන තොරතුරු. හැබැයි මේ ගැන ලොකුවට කියන්න දෙයක් මට හොයාගන්න බැරිවුනා. මෙමොන චරිතෙ කරයිද කියන එක තාම පැහැදිලි නොවුනත් මේ චරිතය කතාවෙ ප්‍රධාන චරිතයක් වෙනවා. (දැන් නම් ඒවා විසදිලා ඇත්තෙ)

 

 

 

 

        3) යෝ-යෝ

Natalia Cordova-Buckley, Agents of SHIELD Season 5 දි ප්‍රධාන චරිතයක් බවට පත් කරලා තියෙනවා. මෙයාව කරලියට එන්නෙ Season 3, Episode 11 තුලින්. ටෙරිජෙනිසස් හේතුවෙන් සුපිරි බලයක් ලැබුනු, එහෙමත් නැත්නම් සුපිරි වේගයක් ලැබුනු කොලොම්බියානු විජලාන්ටි කෙනෙක්. කොහොම හරි Yo-Yo Rodriguez ශීල්ඩ් වලට නැතුවම බැරි කෙනෙක් බවට පසු කාලයෙ පත් වුනා. අවසානයේ ශීල්ඩ් හි සාමාජිකාවක් වගේම මැක්ගෙ ආදරවන්තිය බවටද පත්වුනා.

 

විධායක නිෂ්පාදක වරුන් වන Jed Whedon, Maurissa Tancharoen, සහා Jeffrey Bell, Cordova-Buckley ගෙ චරිතය පිළිබඳව ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමයි,

 

 

 

“නතාලියා කියන්නෙ ඇගෙ වැඩ කටයුතු වලදි වගේම එදිනෙදා ජීවිතයෙදි ක්‍රියාශීලිව වැඩ කරන කෙනෙක් වගේම, ඇගේ තියෙන ස්භාවික ශක්තිය සහා හාස්‍ය ප්‍රකාශ කිරීමෙ හැකියාව නිසාවෙන් අපේ ප්‍රියතම චරිත වලින් එකක් බව”

ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා.

යෝ-යෝ නිර්මාණය වෙන්නෙ ඒ නමින් තියෙන කොමික් චරිතයක් පදනම් කරගෙන. මෙයාව හදුන්වලා දීලා තියෙන්නෙ 2008 නිකුත් වෙච්ච Mighty Avengers කියන කොමික් පොත හරහා.

ඉතිං ඔය තමා Agents of SHIELD Season 5 පිළිබඳව වාර්තා වෙන අලුත්ම තොරතුරු. අලුතින් එක් වන සහා ඉවත්ව ගිහින් ආපහු කතාවට එක් වන වගේම කතාවෙ හිටපු චරිත වෙලා තියෙන වෙනස්කම්. ඕවට අමතරම කතාවෙ පරණ හිටපු චරිත ටික එහෙම්ම ම ඉන්නවා. ඒ අය මතක් කලොත්,

Clark Gregg – අධ්‍යක්ෂක ෆිල් කෝල්සන් ලෙසත්,
Ming-Na Wen – නියෝජිත මෙලින්ඩා මේ ලෙසත්,
Chloe Bennet – නියෝජිත ඩේසි ජොන්සන් හෙවත් ක්වෙක් ලෙසත්,
Iain De Caestecker – නියෝජිත ලියෝ ෆිට්ස් ලෙසත්,
Elizabeth Henstridge – නියෝජිත ජෙමා සිමන්ස් ලෙසත්,
Henry Simmons – නියෝජිත මැකන්සි හෙවත් මැක් ලෙසත්,

සුපුරුදු පරිදි කතා මාලාව තුල තම තමන්ගෙ සුපුරුදු චරිත මෙහෙයවනවා.

තවත් දෙයක් තමයි පසුගිය කතා මාලාවෙ “හයිව්” එහෙමත් නැත්නම් “ග්‍රාන්ඩ් වෝඩ්” මෙවර කතා මාලාව තුලත් ඉන්න බවට ආරංචි වෙලා තියෙනවා. හරියාකාරවම ඒ පිළිබඳව විස්තරයක් නම් කියන්න දන්නෙ නැ. මමත් කියවපු ආටිකල් එක්ක තමා තිබුනෙ. ඔය කාරණාව නම් තක්කෙටම හරිද කියන්න දන්නෙ නැ.

එහෙනම් හැමෝම Agents of SHIELD Season 5 සමග එකතු වෙන්න, සිංහල උපසිරැසි සුපුරුදුපරිදි බයිස්කෝප් සිංහලෙන් තුලින් බලාපොරොත්තු වන්න.

#Hail marvel

 

 

 

 

ලහිරු ප්‍රසාද් (9 Posts)


4 thoughts on “SHIELD එකට අලුතින් එකතුවෙන උදවිය

  • November 22, 2017 at 7:06 AM
    Permalink

    ghost rider nadda

  • November 17, 2017 at 7:13 PM
    Permalink

    ELA

  • November 17, 2017 at 8:21 AM
    Permalink

    Agents of shield…amme enakl iwasnna briyoo…ow itin baiscope nattm balalath hamari sub natuwa..tnx..lipiyatath tnx…ahh..s05 enkal brida thawath lipiyak meka gena danna..kammlai appaa

  • November 16, 2017 at 1:32 AM
    Permalink

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!