ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ඇසුරින් රුපවාහිනී කතාමාලාවක්.. .

පීටර් ජැක්සන් කියූ පමණින්ම ඕනෙම කෙනෙක්ට මතක් වෙන චිත්‍රපට දෙවර්ගයක් තියෙනවා. එකක් Load Of The Rings වගේම අනික තමයි Hobbit චිත්‍රපට පෙළ. මේ අතරින් Lord Of the Rings කියන්නේ ඕනෙම කෙනෙක් පිස්සුවෙන් වගේ බලපු චිත්‍රපට ත්‍රිත්වයක් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. ඕනිම කෙනෙක් මේ වෙද්දී ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට පෙල නරඹලා ඇති කියලා. නැති වෙන්න විදිහක් නැහැ. මොකද හුගක් දෙනෙක් කැමතිම චිත්‍රපට පෙලක් වුනෙත් ලෝඩ් ඔෆ් ද රින්ග්. මේකයි කාරණාව,

මේ චිත්‍රපට කිහිපය තුලින් දැකපු මේ ලෝඩ් ඔෆ් ද රින්ග් චිත්‍රපට පෙළ ඇසුරින් ටෙලි කතමාලාවක් නිර්මාණය කරන්න Amazon ආයතනය මේ වෙද්දී Warner Bros. ආයතනය සමග ගිවිසුමක් ගහලා හමාරයි. Amazon එකෙන් සදහන් කරලා තියෙන විදිහට මේකට ඒ අය ඇමරිකානු ඩොලර් මිලියන 250 කට ආසන්න මුදලක් වියදම් කිරීමක් සිදු වෙනවා කියලා. ඔයාලා දන්නවද දන්නේ නැහැ Game Of Thrones කතාමාලාවේම හයවන කතාමාලාව සදහා එක් කොටසකට විදයම් කරලා තිබුනෙම ඩොලර් මිලියන 10 බැගින්. (ඊට පෙර කතාසමයන් වල එක් කොටසකට ඩොලර් මිලියන 6 බැගින්) හයවැනි සීසන් එක ගත්තත් එතකොට ඇමරිකානු ඩොලර් මිලියන 100’යි. (Game Of Thrones අවසාන කතාසමය සදහා එක් කොටසකට ඩොලර් මිලයන 15 කට කිට්ටු මුදලක් වැය කිරීමක් වෙනවා කියලත් කියලා තියෙනවා) ඉතින් ඒ වගේ සුපිරි කතමලාවකට ඒ වගේ පොඩි ගානක් වියදම් කරලා කලා නම් Lord Of The Rings කතාමලාවක් වෙනුවෙන් එක සැරේ මේ වගේ ලොකු ගානක් වියදම් කරගෙන ටෙලිකාතාමාලාවක් නිර්මාණය වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම Game Of Thrones  ලොකු අභියෝගයක් එල්ල වෙනවා කියන එකේ ආයේ කිසිම සැකයක් නැහැ. මොකද මෙච්චර ලොකු ගානක් වියදම් කරගෙන ආවට ගියාට දෙකයි පනහේ සීරීස් එකක් නෙවෙයි එතකොට නිර්මාණය වෙන්නේ.

කොහොම නමුත් Amazon එකෙන් කියලා තියෙන විදිහට Lord Of The Rings ටෙලි කතාමාලාව කතාසමයන් කිහිපයකින් සමන්විත වෙනවා වගේම දැනට කියලා තියෙන විදිහට මේක Amazon Prime Stream හරහා විකාශය වීමක් වෙනවා කියලයි ආරංචි වෙන්නේ මේ අලුත් කතාමාලාව මොන තරම් සාර්ථක වේවිද කියලා බලමුකෝ. තාම මේක ගිවිසුම් කටයුතු විතරක් ගහලා තියෙන නිසා නිල වශයෙන් කවදා නිකුත් වේවිද කියලා කියන්නවත් දන්නේ නැහැ.

 

චාමර සම්පත් (97 Posts)


3 thoughts on “ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ඇසුරින් රුපවාහිනී කතාමාලාවක්.. .

  • June 6, 2018 at 9:57 AM
    Permalink

    හම්මේ පට්ට ආසාවෙන් බලන්න පුලුවන්

  • November 14, 2017 at 2:33 PM
    Permalink

    Patta Patta…. Apu Gaman Sub Diyan Mcn…

  • November 14, 2017 at 12:14 PM
    Permalink

    එහෙම වෙනවා නම් පට්ටයි ඈ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!