INHUMANS කතා මාලවේ අපිට හමු වූ චරිත

මම හිතනවා බොහෝ දෙනෙක් මේ වන විටත් ඉන්හියුමන්ලා කියන්නෙ කවුද කියලා දන්නවා ඇති කියලා. Marvels Agents of S.H.I.E.L.D සහ Marvels Inhumans කතා මාලා දෙක නරඹපු කට්ටිය නම් මේ අය පිළිබඳව හොදින් දන්නවා. ඉතිං දන්න නොදන්න අයට ඉන්හියුමන් කතා මාලාව පිළිබඳව සහ එහිදි අපිට හමු වුනු චරිත කිහිපයක් පිළිබඳව තමා මම මේ කියන්න සූදානම. Inhumans කතාව බලපු අය කට්ටිය බලයි මූ මේ මෙතන දීලා තියෙන්නෙ උපසිරැසියත් එක්ක දීපු ලිපි ටිකමනෙ කියලා. ඔව් ඒක ඇත්ත, හැබැයි එතනදි මට කියන්න බැරි වුනු චරිතයක් පිළිබඳවත් මේ ලිපියෙ සඳහන් කරලා තියෙනවා. ඉතින් Inhumans කතාව බලපු මම දුන්න ලිපි කියවන්න බැරි වුන අයට සම්පූර්ණ විස්තරයක් මෙතන දීලා තියෙනවා. ඇත්තම කිව්වොත් මම ලිපි ලියන්න දක්ෂයෙක් නම් නෙවෙයි, මේ ලිපිය මේ විදිහට දෙන්න හේතු වුනේ අපේ චාමර සම්පත් සහෝදරයා. එයාගෙ ඉල්ලීමකට තමා සේරම ලිපි ටික එකතු කරලා මේ තනි ලිපියක් හැදුවෙ.


මාර්වල් සිනමා විශ්වය හෙවත් හැමෝම දන්නා විදියට MCU හි පුංචි තිරයේ නවතම නිර්මාණය තමයි Inhumans කියන්නේ. මාර්වල් ඉන්හියුමන් හෙවත් සරලම විදියට ඉන්හියුමන් ලෙස හඳුන්වන මේ කතා මාලාව ඉන්හියුමන් නමින්ම නිකුත් වූ කොමික් මාලාවන් පදනම් කරගෙන සුපුරුදු විදියට ABC නාලිකාව මගින් තමයි නිර්මාණය කරන්නේ. මුලින්ම මේක MCU තුන්වන අදියෙරේ 2019 එන ෆිල්ම් එකක් විදියට තමයි ඉදිරිපත් උනේ. ඒ නිසාම Marvel’s Agents of S.H.I.E.L.D කතාමාලාව තුලින් ඉන්හියුමන්ලා හඳුන්වාදීම පවා සිදුවිය. නමුත් පසුව මේ සිනමාපටය 2016 අප්‍රේල් මාසයේදී MCU තෙවන අදියරෙන් ඉවත් කල අතර පසුව 2016 නොවැම්බර් වලදී මාර්වල් ස්ටූඩියෝව ඉන්හියුමන් කතා මාලාවක් ලෙස නිර්මාණය කරන බව දැනුම් දුන්නා.

මෙලෙස නිර්මාණය වන ඉන්හියුමන් කතා මාලාව 2017 මාර්තු සිට ජූනි දක්වා රූගත කිරීම් වල යෙදුනා. විශේෂත්වය තමයි මේ කතා මාලාව මාර්වල් සහ IMAX Entertainment හි නිර්මාණයක් වීම. ප්‍රථම වරට තමයි රූපවාහිනී කතා මාලාවක් IMAX සමඟ එක්ව IMAX කැමරා මගින් රූගත කිරීම් වල යෙදුනේ. IMAX මගින් නිමවුණු සිනමාපටයක් IMAX සිනමා ශාලාවක නරඹපු අය දන්නවා ඇතිනේ එහි වීඩියෝ වල ගුණාත්මක තාවය.. ඉතින් මේ කතා මාලාවක් ඒ තරම්ම ගුණාත්මක ලෙස නිර්මාණයට මාර්වල් සහ අයිමැක්ස් එකමුතු වෙලා තියෙනවා. මෙලෙස නිර්මණය වුනු ඉන්හියුමන් කතා මාලාවේ පළමු කතාංගය 2017 සැප්තැම්බර් 01 අයිමැක්ස් සිනමාශාලා වල තිරගත වුනා. ඉතිහාසයේ පළමු වතාවට තමයි live-action රූපවාහිනී කතා මාලාවක් අයිමැක්ස් සිනමාශාලාවල තිරගත වුනේ. සැප්තැම්බර් 01 සිනමා ශාලාවල තිරගත වුනත් ABC නාලිකාවේ විකාශය ආරම්භ වුනේ මේ 29 වෙනිදා..

ඉන්හියුමන්ලා මුලින්ම හඳුන්වා දුන්නේ 1965 දෙසැම්බර් Fantastic Four #45 කලාපය තුලින්. මාර්වල් කොමික් හි දැවැන්තයින් දෙදෙනා වන ස්ටෑන් ලී සහ ජැක් කර්බි තමයි මෙහි නිර්මාතෘ වරුන් වන්නේ. Thor #146 (1967 නොවැම්බර්) සිට #152 (1968 මැයි) දක්වාත් Silver Surfer #18 (1970 සැප්තැම්බර්), Amazing Adventures #1 (1970 අගෝස්තු) සිට #10 (1972 ජනවාරි) දක්වා ලෙසින් විවිධ කොමික් වලින් පසුව පැමිණි ඉන්හියුමන් 1975 දී තමන්ගේම කියා කොටස් 12 කින් යුතු කොමික් මාලාවක් හිමිකරගන්නවා. පසුව විවිධ කොමික් කතා තුලින් සහ ස්වකීය කොමික් කිහිපයකින්ම ඉන්හියුමන් ලා පැමිණෙනවා. ප්‍රධාන චරිහා විදියට පැමිණෙන්නේ ඉන්හියුමන් රාජකීය පවුල හෙවත් Inhuman Royal Family එකයි. අමජිකයන් විදියට Black Bolt, Medusa, Karnak, Gorgon, Triton, Crystal, Lockjaw, Maximus the Mad, The Unspoken වැන්නවුන් දැකගන්න පුළුවන්. මීට අමතරව තව ප්‍රධාන චරිත රාශියකින් සමන්විතයි.


ඉන්හියුමන් ලා ගැන පොඩි සරල හැඳින්වීමක් කරන්නම්… වසර දහස් ගණනකට පෙර ක්‍රී (Kree) සහ ස්ක්‍රල් (Skrull) අතර යුද්ධයක් ඇතිවෙනවා. මේ අතරතුරේ ක්‍රී වරු ඔවුන්ගේ බලකොටුවක් පිහිටුවනවා යුරේනස් වල. මේ කාලයේ පෘතුවියේ මානව පරිණාමනය වෙමින් පැවතුනේ. ක්‍රී වරු දකිනවා මිනිසාගේ පරිණාමනය සහ ඔවුන්ව වැඩිදියුණු කරන්නට හැකි බව. මේ නිසා ක්‍රී වරු ස්ක්‍රල් වරුන් සමඟ පවතී යුද්දය සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීම සඳහා මනුශ්‍යන්ගෙන් පර්යේෂණ කරනවා. කලකදී ක්‍රී වරුන්ට යුරේනස් අතහැර යන්න සිදුවෙනවා. ඒ නිසා මිනිසා සමඟ කල පර්යේෂනයද අතහැර යන්නට සිදුවෙනවා. මෙලෙස මිනිසාගෙන් ක්‍රී වරු කල පර්යේෂණ වල ප්‍රතිඵලය විදියට තමයි ඉන්හියුමන්ලා බිහිවෙන්නේ. මෑතක් වෙනතුරුම ඉන්හියුමන්ලා මානව පරිණාමනයට බලපෑමක් නොකර වෙනමම ජීවී කණ්ඩායමක් විදියට රහසේ වාසය කරනවා. ඉන්හියුමන්ලාගේ ප්‍රධාන නගරය Attilan. මේක කාලෙන් කාලෙට විවිධ තැන වල ස්ථාපනය කරනවා සෙසු ලෝකයාගෙන් වෙන් වෙලා පවතින්න ඕනි නිසා. උතුරු අත්ලාන්තික් මුහුදේ දූපතක මුලින්ම තිබුණු මේක ඇන්ඩිස් කඳු වැටියේ, හඳේ නොපෙනෙන පැත්තේ වගේම නිව්යෝක් නගරයට ඉහලින් මේ නගරය ස්ථාපනය කරලා තියෙනවා විවිධ කාල වල.

ඉන්හියුමන්ලා එක්ක පවතින තවත් දෙයක් තමයි Terrigenisis ක්‍රියාවලිය. මේක සිදුකරන්නේ Terrigen Mist කියන වාෂ්පයෙන්. හඳේ අඳුරු පැත්තේ තිබිල හමුවුණු Terrigen පලිඟු වලින් තමයි මේ වාෂ්පය නිර්මාණය කරන්නේ. මේකෙන් පුළුවන් ඉන්හියුමන් ජාන තියෙන අයගේ වෙනස්වීම් සිදුකරන්න. මේක විශේෂ බලයන් ලබාදීමක් හෝ ස්වරුපයේ වෙනස්වීමක් වෙන්නට පුළුවන්. නැතිනම් ස්වරුපයේ වෙනස්වීමක් සමඟම බලයන් ලැබීමක් සිදුවන්න පුළුවන්. Agents of S.H.I.E.L.D බලපු අයටනම් මේ කියපුව අපූරුවට දකින්න පුළුවන් උනා. ටෙරිජන් පලිඟු, ටෙරිජෙනසිස් ක්‍රියාවලිය වගේ ගොඩක් දේවල් Agents of S.H.I.E.L.D තුලින් ඉදිරිපත් කළා. වර්තමානයේ ඉන්හියුමන් නායකයා තමයි බ්ලැක් බෝල්ට්. බ්ලැක් බෝල්ට් වගේම ඔහුගේ බිරිඳ මෙඩුසා, සහෝදරයා මැක්සිමස් වගේ චරිත තම අපිට මේ tv සීරියස් එකේදී දකින්න ලැබෙන්නෙත්.


කොමික් පැත්ත ගැන ලාවට වගේ කිව්වා ඇති කියල හිතෙනවා.. බලමු කතා මාලාව දිගා. මේක Action|Adventure|Science fiction|Superhero|Drama ගණයට අයත් වෙනවා. Scott Buck විසින් ABC නාලිකාව වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. එමෙන්ම රංගනයෙන්,
Anson Mount – බ්ලැක් බෝල්ට්
Serinda Swan – මෙඩුසා
Ken Leung – කාර්නක්
Eme Ikwuakor – ගොර්ගන්
Isabelle Cornish – ක්‍රිස්ටල්
Ellen Woglom – ලොයිස්
Iwan Rheon – මැක්සිමස් ලෙසින් දායක වනවා..

මේ කතා මාලාව කොටස් 8 කින් යුතු මිනි සීරියස් එකක්. නමුත් කාරනාව තමයි අයිමැක්ස් ශාලාවල තිරගත වුනු පළමු කොටසින්ම මේ කතා මාලාව විචාරකයන්ට ආසාර්ථක කතමාලාවක් බවට පත්වීමක්යි. කුණු තක්කාලි දර්ශකයේ විකාශය වූ දින 0% අගයක් ද ABC හි විකාශය ඇරඹීමට පෙර මේ වන විට 6% ක අගයක්ද ලබා තියෙනවා. දැනට ලැබෙන ආරංචි අනුව මාර්වල් සමගම විසින් රූපවහිනී විකාශය ඇරඹීමට පෙරම පළමු අදියරෙන් කතා මාලව අත්හිටුවා තියෙනවා. නමුත් විකාශය වූ පසුව ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව මේ තීරණය වෙනස් වෙන්නද ඉඩ නැතුව නෙවෙයි.
#Hail_Hydra


ඔය ඉහලින් දුන්න විස්තරය නම් මගේ එකක් නෙවෙ. Inhumans කතා මාලාව වෙනුවෙන් තිසර නියෝ අයියා ලියපු ලිපිය. ඉතිං මම ඒකත් එකතු කරලා තමයි ලිපිය හැදුවෙ.

බ්ලැක් බෝල්ට්
==========

ඔයාලා හැමෝම දන්නවනෙ Inhumans කතා මාලාව ABC නාලිකාවෙ විකාශනය ආරම්භ කරන්නත් කලින්ම අසාර්ථක කතා මාලාවක් වුනා කියලා. ඉතිං එහෙම වෙන්නෙ මොනා හරි හේතු නිසානෙ. මේක අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි චරිත වල ඇදුම් ආයිත්තම්. මොකද කිව්වොත් කොමික් එකත් එක්ක සසදලා බලද්දි සම්පූර්ණයෙන්ම වෙනස් ඇදුම් තමා තියෙන්නෙ. කොටින්ම කිව්වොත් ලෝ බජට් කොස්ටියුම්ස්.
හැමෝම දන්නවනෙ මේ කතාවත් අර අයන් ෆිස්ට් එක විනාස කරපු ස්කොට් බක්ගෙ කෙරුවාවක් කියලා. අයන් ෆිස්ට්ට කලා වගේ තමයි මේකටත් කරලා තියෙන්නෙ. ඇයි මාවල්ලා මේකත් මූටම දුන්නෙ කියලා මං දන්නෙ නම් නෑ. දැන් මම බ්ලැක් බෝල්ට් ගැන ටිකක් කියන්නම්, ඔයාලා සසදලා බලන්න ටිවි සීරියස් එකෙයි කොමියි වලයි වෙනස කොහොමද කියලා. සැබෑ නම: Blackagar Boltagon, බ්ලැක් බෝල්ට්ගෙ බලය තමයි එයාගෙ හඩ. එයාගෙ කඩ හඩ පාවිච්චි කරලා ලොකු විනාශකාරි බලයක් මුදා හැරීමෙ ශක්තියක් මෙයාට තියෙනවා. කතාවෙත් ඒකනම් අපි දැක්කා. [මතකනෙ මෙයාගෙ දෙමව්පියො වාෂ්පවෙලාම යනවා.] මෙයා යන්තමට කෙදිරි ගෑවත් ඒ බලය මුදා හැරෙනවා. [පොලිස් කාර් එක මතකනෙ.] මේ හේතුවම නිසා බෝල්ට් බොහෝ වෙලාවට නිශ්ශබ්ද කෙනෙක් විදිහට තමා ඉන්නෙ. මේ කෑගැසීමෙන් ඇති වෙන ශබ්දය “uasi-sonic” scream බ්ලැක් බෝල්ට් අවට පරිසරයෙන් ඇද ගන්න ඉලෙක්ට්‍රෝන ශක්තියෙන් තමයි බලවත් වෙනවා කියලා කියන්නෙ. උපරිම ශබ්දයෙන් කෑගැහුවොත් ඒක න්‍යෂ්ටික අවියක් පිපිරීමෙන් ඇති වෙන බලයට සමාන බලයක් තමා එන්නෙ. අනික් දේ තමා මේ සන්නද්ධ වෙන ඉලෙක්ට්‍රෝන වලින් electron energy blasts එකක් වුනත් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමා පියාසර කිරීමෙ හැකියාව, වැඩි දියුු හැකි ශක්තිය,[සුපර් හියුමන් පන්ච්], අභ්‍යවකාශයේ නොනැසි සිටීමෙ හැකියාව, ඒ වගේම පදාර්ථ විශ්ලේෂණයට හා මෙහෙයවීමට ඇති හැකියාව. දැන් හිතයි යකෝ මූට පියාබන්නත් පුළුවන්ද කියලා. ඒක තමා ටිවි සීරියස් එකේ ඇදුමෙ අඩු පාඩු තියෙනවා කිව්වෙ. කොමික් වල බැලුවොත් පියාසර කරන්න මෙයාගෙ ඇදුම නිර්මාණය කරලා තියෙනවා. ඕං බලාගන්නකො එහෙනං.

 

තව දෙයක් තමා බ්ලැක් බෝල්ට්ට පොඩි කාලෙ ඉදල එයාගෙ බලය පාලනය කරගන්න බැරුව හිටිය කෙනෙක්. මෙයාව හුදකලාව කුටියක දාලා පුහුණු කලා කියලා තමා කියවෙන්නෙ. ඒ වගේම තමා මෙයාගෙ බලය පාලනය කරගන්න පොඩි කාලෙ ඉදන්ම නළලට ඉහලින් දෙබලක හැඩයෙ ඇන්ටනාවක් පළදිනවා. ඒකත් අපි ටිවි සීරියස් එකේ දැක්කෙ නැ. අනික තමා වෙස් මූණ,බ්ලැක් බෝල්ට් වෙස් මූණක් පැලදන් ඉන්නවා. තාම නම් කතා මාලාවෙ දැක්කෙ නෑ. ඉස්සරහටවත් තියෙයිද බලමු.

නින්ද අතරවාරයෙ කතා කරයි කියන බයට නිදා නොගෙන භාවනා කරන්න තමා බෝල්ට් පුරුදුවෙලා ඉන්නෙ. ඒකෙන් එයාගෙ හැකියාවන් තවත් වැඩි දියුණු වෙන එකත් සිද්ද වෙනවා. දැන් තේරෙනවනෙ කතා මාලාවෙ බ්ලැක් බෝල්ට්ගෙ චරිතයෙ තියෙන අඩුපාඩු මොනවද කියලා. කොමික් එක්ක බැලුවාම තමා හොදට පේන්නෙ. තව දේවල් තියෙනවා. බ්ලැක් බෝල්ට් ගැන තවත් විස්තර ඕනනම් මෙතනින් ගිහින් බලන්න.


මෙඩූසා
=====

අනික් හැම ඉන්හියුමන් කෙනෙක්ටම වගේ මෙඩූසටත් එයාගෙ බලය ලැබිලා තියෙන්නෙ ටෙරිජන් වලින්. ඉතින් එයාගෙ හැකියාව තමයි එයාගෙ කොන්ඩෙ පාලනය කරන්න පුළුවන් කම. මෙයාගෙ කොන්ඩෙ සමහර තැන් වල කියලා තියෙන විදිහට සුඛොපබෝගි, විනාශ කරන්න බැරි, ග්‍රහණය කර ගැනීමට පුළුවන් රතු පැහැ කෙස් කලඹක් විදිහට. මෙයා සාමාන්‍යයෙන් අතින් පයින් ගහ ගන්න කෙනෙක් නෙවෙයි, මොකද සටනකදි අතින් පයින් ගහනවට වඩා ඇස් පිය ගහන ක්ෂනයකින් සතුරන්ව බිම දාන්න මෙයාගෙ රතු කොන්ඩයට පුළුවන්. මම ඉලින් සතියෙ කිව්වනෙ බ්ලැක් බෝල්ට්ගෙ ඇදුමෙ අඩුපාඩු ගැන. ඒ වගේම තමා මෙඩූසගෙත් ඇදුම වගේම එයාගෙ කොන්ඩෙ එහෙම නැත්නම් පාවිච්චි කරපු විග් එකෙත් අවුල් තියෙනවා. ප්‍රේක්ෂකයො අහලා තිබුනෙ

” මාවල් ඔහෙලා මොන මගුලක්ද ඕයි මේ කරන්නෙ”

කියලා. මොකද මෙඩූසගෙ විග් එක ඒ තරම් අවුල් එකක්.

“Wearing what looks like a Party City wig. Marvel, what the fuck is going on?”

මම හිතන්නෙ ඒක දිහා හොදින් බැලුවොත් ඒක බොරු එකක් බව ඕනවටත් වඩා හොදට පේනවා.
Serinda Swan දක්ෂ නිළියක් කියලා පිළිගමුකො. ඒත් එයාගෙ ඔලුවට දාලා තියෙන විග් එක ඇත්තටම රාජකීය පවුලට ගැලපෙන එකක් නම් නෙවෙයි. පාවිච්චි කරලා තියෙන කොන්ඩෙ තනිකරම කෙලින් තියෙන්නෙ. ඒකෙ කිසිම දරුණු පෙනුමක් දකින්න නෑ. මොකද කොමික් එක්ක සැසදුවාම වෙනස්ම කොන්ඩ දෙකක් කිව්වැකි. මට නං හිතෙන්නෙ ඇත්තටම මේ අයගෙ පවර්ස්, ඇදුම් ගැන අධ්‍යක්ෂකවරයා වැඩිය හිතලා නෑ කියලා. හරි දැං කට්ටිය හිතන්න පුළුවන් කොමික් වල තියෙන ඒවා ගෙඩිය පිටින්න රූපවාහිනි තිරයට ගේන්න අමාරුයි කියලා. හරි ඒත් මේකප් කරන කෙනාට පුළුවන්නෙ ගැලපෙන මේකප් එකක්, ගැලපෙන විග් එකක් පාවිච්චි කරන්න. ඉතුරු හරිය ඇනිමේෂන් වලට බාරයි.

අපි දැන් මෙඩූසා ගැන පොඩ්ඩක් බලමු. මෙඩූසගෙ කොන්ඩෙ ගත්තොත් ඝනව වැවුනු , ආතන්‍ය බලයක් සහිත, වගේම කොන්ඩ ගහකුයි ඒ ඝනකමම තියෙන යකඩ වයර් එක්කුයි ගත්තොත් මෙයාගෙ කොන්ඩෙ ඊටත් වඩා හයියයි. තවත් දෙයක් තමයි මෙඩූසගෙ කොන්ඩෙ සාමාන්‍ය දිග වගේ දෙගුණයක් දිග් කිරීමෙ හැකියාවත් තියෙනවා. මෙඩුසගෙ කොන්ඩෙ ලිහිල්ව තියෙන වෙලාවට සාමාන්‍ය දිග ආසන්න වශයෙන් අඩි 6 විතර වෙනවා(1.8m). ඒ වගේම තමා මෙයාගෙ කොන්ඩෙ පාවිච්චි කරලා ටොන් 1.6 බරක් ඉසිලීමෙ හැකියාව තියනවා. තව ඕන තරම් දේවල් තියෙනවා මෙයාගෙ කොන්ඩෙට කරන්න පුළුවන් ඒත් ඉතිං මෙතන කියන්න ගියොත් ලිපිය සෑහෙන්න දිග් වෙනවා. ඒ හින්දා ඔය ඇති.

ඇත්තම කියනවනම් මම නම් මෙඩුසගෙ චරිතයෙ ලොකු යමක් කතාව ඇතුලෙ දැක්කෙ නෑ. ඇත්තටම ලොකු රගපෑමක් දැක්කෙත් නෑ. කෙසේ වෙතත් අපිට දකින්න ලැබුනා කොමික් වලිදි වගේම මෙඩූසගෙ කොන්ඩෙ කපලා දානවා. හැබැයි කොමික් වලදි මෙඩූසගෙ කොන්ඩෙ කපන්නෙ මැක්සිමස්ගෙ අතින්මද කියලා මම දන්නෙ නැ. කෙසෙ වෙතත් කොන්ඩෙ කපනවා. හැබැයි මැෂින් එකෙන් නෙවෙයි හොදේ. කොමික් එකෙයි ටිවි ෂෝ එකෙයි සෑහෙන්න වෙනස් කම් තියෙනවා. මේකෙ විතරක් නෙවෙයි ඇරෝ, ෆ්ලෑෂ් ගත්තත් එහෙම තමා. ඒක නිසා මැෂින් එකෙන් කොන්ඩෙ කැපුවද නැත්තං කතුරෙන් කැපුවද කියන එක මහවට හිතන්න ඕන දෙයක් නෙවෙයි. දැකලා නැති අයට බලාගන්න පින්තූරයක් එකතු කරන්නම්.


මැක්සිමස්
======

මැක්සිමස්ගෙ දෙමව්පියන් වෙන්නෙ Agon සහා Rynda. මෙයාලා තමයි ඉන්හියුමන්ලගෙ කලින් රජ්ජුරුවො සහ රැජින වුනේ. හැම කෙනෙක්ම වගේ මැක්සිමස්ටත් අවස්තාවක් ලැබෙනවා ටෙරිජන් වායුවට මුහුණ දෙන්න. නමුත් ඒ කාර්‍යයෙන් පස්සෙත් මෙයාගෙ කිසිම ඉන්හියුමන් ලක්ෂණයක් පෙන්නුම් කරලා නැ. ඒ කියන්නෙ මැක්සිමස් නිකන්ම මනුස්සයෙක්. කොහොම වෙතත් කාලයත් එක්ක මෙයාගෙ හැකියාවන් වර්ධනය වෙලා තියෙනවා. ඔව් දැන් ටිවි සීරියස් එකෙත් ඒ හරිය දැක ගන්න ලැබෙනවා. ඒ වගේම තමා අපි කතාව තුල දැක්කෙ එක වතාවක් මැක්සිමස් ඇට්ලැන් වල බලය අල්ල ගන්නවා විතරනෙ. ඒ වුනත් මෙයා කිහිප වතාවක්ම ඇට්ලැන් වල බලය අල්ලගෙන තියෙනවා. ඒ හැම වතාවකම වගේ නැවත වරක් මැක්සිමස්ම බලයෙන් නෙරපලා බ්ලැක් බෝල්ට් ඇට්ලැන් වල පාලනය අරන් තියෙනවා. ඒ ගැන ඉතින් කියන්න ගියොත් ලොකු හෑල්ලක් කියන්න වෙනවා. ඒ නිසා ඔය ටික දැනගත්තම ඇති.

දැන් බලමු මැක්සිමස්ට තියෙන හැකියාවන් මොනවද කියලා.
—————————————————————
මැක්සිමස්ගෙ හැකියාව තමයි අනුන්ගෙ මනස පාලනය කරන්න පුළුවන් වීම. මැක්සිමස්ගෙ හැකියාවන් ටෙලිපති එහෙම නැත්නම් පරචිත්තඥානයෙන්වත් අවුල් කරන්න බෑ. ඒ කියන්නෙ මැක්සිමස්ට පුළුවන් හැඟීම් වගේම අදහසුත් පාලනය කරන්න. මැක්සිමස්ට හැකියාව තියෙනවා එයාගෙ අදහස් අන් අයගෙ මනසට ඇතුල් කරලා එයාලගෙන් වැඩගන්න. තවත් විශේෂ දෙයක් තමා මේ මනස පාලනය කිරීම එකම වතාවෙ කිහිප දෙනෙකුගෙ මනස වුනත් පාලනය කිරිමෙ හැකියාව මෙයාට තියෙනවා.

මනස පාලනය කිරිමට තියෙන හැකියාවටත් වඩා භයානකම හැකියාව තමයි මැක්සිමස්ගෙ තියෙන කූට මනස [ his own scheming mind.]. මැක්සිමස්ට හැකියාව තියෙනවා විශ්වාස කරන්න බැරි සැලසුම් යෝජනා කරන්න අඩුම තරමෙ කර්නාක්ටවත් අහුවෙන්නෙ නැතිවෙන්න. ඒ කියන්නෙ කර්නාක්ගෙ බලය මැක්සිමස්ට වැඩ කරන්නෙ නෑ කියන එක.[කර්නාක් පිළිබඳව පස්සෙ කියන්නම්] ඒ වගේම තමා මැක්සිමස්ට අධිමානුෂික බුද්ධියක් වගේම අතිශයින් වැඩි දියුණු කරපු අවි ආයුධ සහා උපකරණ විශාල ප්‍රමාණයක් මෙයා නිර්මාණය කරලා තියෙනවා. මේ උපකරණ අතරෙ තියෙනවා බ්ලැක් බෝල්ට්ගෙ හඩ ඝන සන්නායකයක් බවට හරවන්න පුළුවන් උපකරණයක් වගේම බ්ලැක් බෝල්ට්ගෙ හඬට ක්‍රියාත්මක වෙන නියුක්ලියෝ බෝම්බයක්. ඉතිං හිතා ගන්න පුළුවන්නෙ මැක්සිමස් කියන්නෙ කොච්චර නම් දරුණු කෙනෙක්ද කියලා. දැනටත් නපුරු එකේ බලයන් ලැබුනම කොහොමට තියේවිද. මොනාවුනත් Iwan Rheon මැක්සිමස්ගෙ චරිතය සුපිරියටම කරා කියන එක තමයි මට නම් කියන්න තියෙන්නෙ.


ගොර්ගාන්
======

සෙට් එක්කම ඉන්නවනෙ මොකක් හරි ගොං වැඩක් කරලා ආතල් එකක් ගන්න ජාතියෙ පොරක්. ඉතිං අන්න ඒ වගේ පොරක් රාජකීය පවුලෙ ඇතුලෙත් ඉන්නවා. ඔහොම කියද්දි නම් ඉතිං මං මේ කා ගැනද කියන්න යන්නෙ කියලා තේරෙන්න ඕන. හැමෝම දන්නවනෙ මෙයා රාජකීය පවුලෙ සාමාජිකයෙක් කියලා. ඒ වගේම ඔයාලා දන්නවනෙ මෙයා ඇවිත් බ්ලැක් බෝල්ට්ගෙ ඥාති සහෝදරයෙක් කියලා. ඒ කොහොමද කියලා මං කියන්නම්. ගොර්ගාන්ගෙ දෙමව්පියො වෙන්නෙ Korath සහා Milena. ඉතිං Korath කියන්නෙ Agon ගෙ එහෙමත් නැත්නම් ඉන්හියුමන්ලගෙ කලින් රජතුමාගෙ එහෙමත් නැත්නම් තේරෙනම සිංහලෙන් කිව්වොත් බ්ලැක් බෝල්ට්ගෙ තාත්තට සහෝදරයෙක් වෙන කෙනෙක්. දැං තේරුණානෙ කොහොමද ඥාති සහෝදරයෙක් වෙන්නෙ කියලා. ඔන්න ඔය හේතු කාරණා නිසා තමයි ගොර්ගන් රාජකීය පවුලෙ සාමාජිකයෙක් වෙන්නෙ.

ගොර්ගාන් කියන්නෙ බොහොම ශක්තිමත් කෙනෙක්. ඒ වගේම තමා මෙයාගෙ හමත් සාමාන්‍ය මනුස්සයෙකුගෙ හමට වඩා ඝනකමින් වැඩියි. ආයෙ ඉතින් මං කියන්න දෙයක් නෑනෙ. මෙයාගෙ හැකියාවන් තියෙන්නෙ කකුල් වල. මොකද මෙයාගෙ පාද පිහිටලා තියෙන්නෙ කුර ආකාරයට. ඔයාලට බලා ගන්න රූපයක් එකතු කරන්නම්කො.

මෙයාගෙ මේ පාද වලින් එයාට හැකියාව ලැබෙනවා කෙනෙකුට හෝ යම් දෙයකට පහර දීලා විශාල ප්‍රමාණයේ හානියක් කරන්න වගේම පොලොව මත වැරෙන් පහර දීම මගින් භූ කම්පන ඇති කිරීමෙ හැකියාවත් මෙයාට තියෙනවා. මේ කොටස නම් අපි හොදටම කතාව තුල දැක්කනෙ නේද. තවත් කියනවනම් ගොර්ගාන්ට හැකියාව තියෙනවා රිච්ටර් පරිමාණයේ 7.5 වගේ වෙන භූ කම්පන ඇති කරන්න. එතකොට හිතන්න මෙයා කොහොම නම් ශක්තිමත් කෙනෙක්ද කියලා.


කර්නාක්
======

මංඉහත කොටසින් කිව්වෙ හැම සෙට් එක්කම වගේම රාජකීය පවුලෙත් ආතල් එකක් දීලා විනෝදෙන් ඉන්න පොරක් ගැනනෙ. ඉතින් ඔය සේරම ගොං ආතල් දෙන උන් අතරෙ හැම සෙට් එක්කම ඉන්නවා ඒ දෙන ගොං ආතල් වලින් වෙන වැරදි එහෙමත් නැත්නම් වෙන්න යන මහ විනාශ නවත්තන මොලේ පාවිච්චි කරලා වැඩ කරන ජාතියෙ පොරක්. ඉතිං රාජකීය පවුලෙ ඒ තැන හොබවන්නෙ කර්නාක්. මං ඔයාලට කර්නාක් ගැනත් පොඩි විස්තරයක් කියන්නම්. කර්නාක්ගෙ සහෝදරයා තමයි ට්‍රයිට්න් කියන්නෙ. ඔව් අර මුල්ම කොටසෙ වෙඩි කාලෙ මලේ, අන්න එයා. ට්‍රයිට්න් පුංචි වයසෙදිම තමයි ටෙරිජන් වලට නිරාවරණය වෙලා තියෙන්නෙ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ට්‍රයිට්න්ට ලැබුනෙ කොළ පැහැති හමක්. හැමෝම දැන් දන්නවනෙ ටෙරිජන් වලට නිරාවරණ වුනාම ජාන විකෘතිතා ඇති වෙනවා කියලා. ඉතිං ඔය හේතුව නිසාම කර්නාක්ගෙ දෙමව්පියො කර්නාක්ට ටෙරිජන් වලට නිරාවරණ වෙන්න අවස්ථාවක් ලබා දීලා නෑ. දැං බලයි එහෙනං කොහොමද යකෝ මූට බලයක් තියෙන්නෙ කියලා. හිටහල්ලා මං එතෙන්ට එන්නම්. ඒ වෙනුවට කර්නාක්ගෙ දෙමව්පියො කරලා තියෙන්නෙ මෙයාව මාෂල් ආ(ර්)ට් වලට යොමු කරපු එක.කර්නාක් කියන්නෙ පූජකයෙක් වගේම දාර්ශනිකයෙක් වුන Mander සහා සාගර ජීව විද්යාඥවරියක් වුන Azur ගෙ දෙවනි පුත්‍රයා.[පළවෙනියා තමා ට්‍රයිට්න්.] කර්නාක්ව Tower of Wisdom වලට යවලා තියෙනවා විවිධ ශාරීරික හා මානසික පුහුණුවක් ලබන්න වයස අවුරුදු 18 වෙනකල්ම.

Tower of Wisdom කියන්නෙ හිමාලයෙ පිහිටලා තියෙන ආරාමයක්.

අපි දැන් බලමු මෙයාට තියෙන හැකියාවන් මොනවද කියලා.
—————————————————————
කර්නාක්ට හැකියාව තියෙනවා එයාගෙ අවට ඉන්න ඕනම පුද්ගලයෙකුගෙ වගේම අවට තියෙන වස්තූන්වල දුර්වල තාවන් හදුන ගන්න. ඒ වීක් පොයින්ට් එහෙමත් නැත්නම් දුර්වල තැන් වලට පහර දීමෙන් හරි පීඩනයක් එල්ල කිරීමෙන් හරි මෙයාට වඩා ශක්තියෙන් ප්‍රබල කෙනෙක් වුනත් නැවැත්වීමෙ හැකියාව කර්නාක්ට තියෙනවා. අපි කර්නාක්ගෙ හැකියාවන් පිළිබඳව නම් කතාව ඇතුලෙ ඕන තරම් දැක්කා. මෙයාට තියෙන හික්මීම වගේම මාෂල් ආට් පිළිබඳ දැනුම නිසා නිරුත්සහයෙන්ම මේ දේවල් කරන්න හැකියාව තියෙනවා. නික් ඉන්හියුමන්ලට වගේ මෙයාට කිසිම අකාරයකය සුපර්හියුමන් පවර්ස් ඒ කියන්නෙ ශක්තිමත් බව වගේ දේවල්, ඒ වගේ පවර්ස් මෙයාට නෑ. හරියටම කිව්වොත් කිසිමදාක මෙයා ටෙරිජන් වලට මුහුණ දීලා නෑ වගේ. අපි කතාව තුලත් මෙයාගෙ ශක්තිමත් බවක් දැකගන්න ලැබුනෙ නැ. ඒ වෙනුවට මෙයාට තියෙන්නෙ, යම් කෙනෙකුගෙ හරි වස්තුවක හරි දුර්වල තාවන්, සැලසුම් වල ඇති වෙන්න පුළුවන් වැරදි, වගේ තවත් විශේෂතා හදුනාගැනීමට ඇති හැකියාවක්. මෙයා ටෙරිජන් වලට මුහුණ දීපු කෙනෙක් ඒත් අනික් ඉන්හියුමන්ලට තියෙන සුපර්හියුමන් පවර්ස් මෙයාට නෑ. ඒකයි කිව්වෙ කවදාවත් ටෙරිජන් වලට මුහුණ දීලා නෑ වගේ කියලා. එහෙනං ඔය ඇතිනෙ නේ කිව්වා.


ක්‍රිස්ටල්
=====

මෙයා තමයි Inhumans කතා මාලාවෙ රාජකීය පවුලට අයත් වෙන ලාබාලම කෙනා. ඔව් මේ සූදානම ක්‍රිස්ටල් ගැන කියන්න. වෙන මොකවත් කියන්න කලින් කියන්න ක්‍රිස්ටල් හරි සීදේවි කෙල්ල.

ක්‍රිස්ටල්ගෙ හරි නම වෙන්නෙ Crystallia Amaquelin. Quelin සහා Ambur යන දෙපලගෙ දෙවනි දරුවා තමයි ක්‍රිස්ටල් කියන්නෙ. පළවෙනියා තමා මෙඩූසා. ඒ කියන්නෙ මෙඩූසා තමා ක්‍රිස්ටල්ගෙ අක්කා. ඕක ඉතිං දැං නොදන්න කෙනෙක් නෑනෙ. අනික් හැම ඉන්හියුමන් කෙනෙක්ම වගේ මෙයත් පොඩි කාලෙදි තමා ටෙරිජන් වලට නිරාවරණ වෙලා තියෙන්නෙ. පවර්ස් ගැන පස්සෙ කියන්නම්.

කට්ටිය දන්නවා ඇතිනෙ ගොඩක් ඉන්හියුමන්ලව නිම වුනේ Fantastic Four වෙනුවෙන්. ඉතිං ක්‍රිස්ටලුත් එහෙම තමා ඔයාලට මතක ඇති නෙ Fantastic Four ඉන්න ගිනි ගන්න හාදයා Johnny Storm, අන්න එයාගෙ පෙම්වතිය තමා ක්‍රිස්ටල් කියන්නෙ. හැබැයි ඕක වැඩි කාලයක් තිබුන සම්බන්ධයක් නෙවෙ. මොකද ඔය දෙන්නා අතරට Quicksilver එනවා. කොහොම වුනත් මේ දෙන්නා අතර සටනක් වෙලා තමා මේ සම්බන්ධය ඉවර වෙන්නෙ. අන්තිමේ කොහොම හරි Quicksilver ක්‍රිස්ටල්ව විවාහ කරගන්නවා. විවාහයෙන් පස්සෙ මේ දෙන්නට දාව දරුවෙක් පවා ඉපදෙනවා. එයාගෙ නම තමා ලූනා. යම් යම් හේතු කාරණා නිසා මේ දෙන්නගෙ විවාහ ජීවිතය දෙදරා යනවා. අන්තිමේ දෙන්නා වෙන් වෙනවා. දැං කොහොමද අහන්න එපා. මොකද ඒක කියන්න ගියොත් ලොකු හෑල්ලක් කියන්න වෙනවා. තව කට්ටිය ඇදිලා එනවා. ඒ නිසා ඔය ටික දැන ගත්තාම ඇති.
ක්‍රිස්ටල්ට තියෙන හැකියාවන් පිළිබඳව කතා කලොත්, ක්‍රිස්ටල්ට හැකියාව තියෙනවා ස්භාදහමේ මූලික අංග හතර විදිහට සැලකෙන ගින්දර, ජලව, පොළොව, සහා සුලග පාලනය කරන්න. ඔක්සිජන් පාලනය කිරීම මගින් ගිනි අවුලුවන්න නිවන්න වගේම වැසි ඇති කිරීම පවා කිරීමෙ හැකියාව මෙයාට තියෙනවා. ඒ වගේම තමයි ක්‍රිස්ටල්ට පාලනය කරන්න පුළුවන් උපරිම ජල පරිමාව ඝන අඩි 2000ක් (ගැලුම් 15,000 පමණ.) පමණ වෙනවා. ඔහොමයි කියලා මෙයාට ගංගාවක ජල ගලාගෙන යන පාර වෙනස් කරන්න බෑ. තව කියවනවනම් මෙයාට පුළුවන් පොලොවෙ තියෙන ගල්, යකඩ, ග්‍රැනයිට්, වගේ පාෂාණ වගේම රිච්ටර් පරිමාණයේ 6.7 තරම් භූ කම්පනයක් වුනත් ඇති කරන්න පුළුවන්. ටොර්නේඩෝ, කුණාටු වගේ දරුණු ඝනයේ දේවල් කරන්න පවා මෙයාට හැකියාව පවතිනවා. තව තියෙනවා මෙයාට කරන්න පුළුවන් දේවල්. ඔකෝම කියන්න බෑ, කෙසේ වෙතත් ක්‍රිස්ටල් කියන්නෙත් ඉන්හියුමන්ලා අතරෙ ඉන්න දරුණු ඝනයෙ ඉන්හියුමන් කෙනෙක්. හැබැයි කතාව තුල අපිට ලොකූ දෙයක් බලා ගන්න හැකිවුනේ නෑ. ආයෙ කොහොමත් බලා ගන්න වෙන්නෙත් නැ.

ක්‍රිස්ටල්ගෙ ඇදුම නිර්මාණය කරලා තියෙන්නෙ ඉන්හියුමන් විද්‍යාඥයෙක්, ඒක නිමවලා තියෙන්නෙ උෂ්ණත්වයට, සිසිලට වගේම ගින්දරට ඔරොත්තු දෙන විදිහට. හැබැයි හදලා තියෙන්නෙ මොනවයින්ද කියලා දන්නෙ නැ.


ලොක්ජෝ
=======

ක්‍රිස්ටල් පිළිබඳව කතා කරද්දි නොකියම බැරි කෙනෙක් තමා ලොක්ජෝ කියන්නෙ. මොකද මේ දෙන්නම හැම තිස්සෙම ඉන්නෙ එකට. දැං ඉතිං ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නෙ තමා ලොක්ජෝ කියන්නෙ මනුස්සයෙක්ද එහෙම නැත්තං බල්ලෙක්ද කියලා. මෙහෙමයි ඇත්තම කියනවනම් ඒ පිළිබදව නිවැරදිව සදහන් වෙන්නෙ නැ.(එක්කො මට හොයා ගන්න බැරිවෙලා) කොහොම වුනත් comicvine වල කියවෙන විදිහට නම් බුල්ඩෝග් වර්ගයට අයත් බල්ලෙක් තමයි ටෙරිජන් වලට නිරාවරණ කරලා තියෙන්නෙ. මෙයා එතකොට ඉන්හියුමන් බල්ලෙක්. ඇත්තටම එහෙම වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මොකද හැමෝම මෙයාට සලකන්නෙ සුරතලෙක්ට වගේ ඒ නිසා මනුස්සයෙක් ටෙරිජන් ක්‍රියාවලියෙන් පස්සෙ ජාන විකෘතියෙන් බල්ලෙක් වුනා කියන්න අමාරුයි. කොහොම වෙතත් ඒක අභිරහසක්. මොනා වුනත් මෙයා රාජකීය පවුලෙ විශ්වසනීයම සමාජිකයෙක් වෙනවා. ඒ නිසාම ලොක්ජෝට ලොකු තැනක් ඇට්ලැන් වල වගේම ඉන්හියුමන්ලා අතරත් ලැබිලා තියෙනවා.

අපි දැන් බලමු මෙයාට තියෙන හැකියාවන් මොනවද කියලා.
—————————————————————

ටෙලිපෝටර්වීමට ඇති හැකියාව:
———————————-

ටෙලිපෝටර් වීම කියන ආයෙ මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කට්ටිය හොදටම දන්නවා. ඒ වගේම තමයි ලොක්ජෝට ටෙලිපෝටර් වෙන්න වගේම එයත් එක්ක තවත් අය කැමති තැනකට අරන් යන්න හැකියාව තියෙනවා. ඕක ඔයාලා දන්න දේ නෙ. තව කාරණයක් තමයි ලොක්ජෝට මාන අතරෙ වුනත් ටෙලිපෝටර් වීමෙ හැකියාව තියෙනවා.

සුපිරි ශක්තිය:
————–

අපි හිතමුකො සාමාන්‍ය බල්ලෙක් ලොක්ජෝගෙ සයිස් එකට හැදුනා කියලා, ඒ වුනත් ඊටත් වඩා ලොක්ජෝගෙ ශක්තිය වැඩියි. තව දෙයක් තමයි මෙයාට හැකියාව තියෙනවා ටොන් 90 බරක් එයාගෙ හකු පාවිච්චි කරලා රදවගෙන ඉන්න. ඒ වගේම තමා මෙයාගෙ දත්, සාමාන්‍ය බල්ලෙක් මස් කට්ටක් හරි යම් කාබනික ද්‍රවයක් වගේ හපනකොට ලොක්ජෝට හැකිආය තියෙනවා ලෝහ හෝ ගල් වගේම අකාබනික ද්‍රව්‍ය ඒ විදිහටම හපන්න.

සුපිරි ඉව:
———-

ලොක්ජෝට හැකියාව තියෙනවා මෙයා දන්න කියන අයව එයාලගෙ ගඳ සුවඳ විතරක් පාවිච්චි කරලා මොන ලෝකෙ හිටියත් හොයා ගන්න. තව දෙයක් තමයි ලොක්ජෝ සැලකිල්ලක් දක්වන කෙනෙක් අනතුරක වැටිලා නම් එයාට ඒක දැන ගැනීමෙ සීමිත හැකියාවකුත් පවතිනවා. මේ හැකියාව ලුහු බැදීමක් විදිහටත් පාවිච්චි කරනවා. ඔය හැකියාව නම් අයිති වෙන්නෙ සංවේදනය කියන ගොඩට.


ට්‍රයිට්න්
=====

ට්‍රයිට්න් ගෙපවුලෙ විස්තර මං ආයෙ කියන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. මොකද ඒ සේරම මං කර්නාක් ගැන කියද්දි කියලා තියෙනවා. ඒ නිසා අපි මෙයාට තියෙන හැකියාවන් ගැන හොයලා බලමු.
ජලය තුලදි හොදින් නිරීක්ෂණය කිරීමෙ හැකියාව, මෙයාගෙ පෙනීම දෘශ්‍ය වර්ණාවලියෙ හරිත පෙදෙසට වඩාත් සංවේදි නිසාවෙන් සාගරයේ අදුරු ස්ථානවල ගැඹුරුම තැන් වුනත් හොදින් නිරීක්ෂණය කිරීමෙ හැකියාව මෙයාට තියෙනවා. අනික් හැම ඉන්හියුමන් කෙනෙක්මටම වගේ මෙයාටත් සුපිරි ශක්තියක් හිමියි. සුපිරි වේගය: ට්‍රයිට්න් බොහො කාලයක් ගත කරන්නෙ වතුර තුල වුනත් මෙයා බොහෝම වේගවත් ඉන්හියුමන් කෙනෙක් වෙනවා. මෙයාට තියෙන තවත් හැකියාවන් ටිකක් මම කෙටියෙන් සදහන් කරගෙන යන්නම්, සුපිරි මිනිස් සවිබලය, කඩිසර බව, ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය වගේ තවත් බොහෝ හැකියාවන් මෙයාට තියෙනවා.
එතකොට මෙච්චර බලයන් තියෙන මෙයාට කිසිම දුර්වල තාවක් ඇත්තෙ නැද්ද කියලා කාට හරි හිතෙන්නෙ පුළුවන්. ඔව් ඒක ඇත්ත. මෙයාටත් දුර්වලතාවක් තියෙනවා. ඒ තමා මෙයාට වතුරෙන් පිටතදි විනාඩි 5 ට වඩා තමන්ගෙ පණ බේරගෙන ඉන්න හැකියාවක් නෑ විශේෂ උපකරණයක් නැතුව. මොකද ට්‍රයිට්න් කියන්නෙ ඇත්තම කිව්වොත් ජලජ ජීවියෙක් වගේ ඉන්හියුමන් කෙනෙක්. ඒ නිසා වතුරෙන් පිට ඉන්න කාලය වැඩි වෙන තරමට මෙයා වීජලනයට ලක් වෙනවා.

හැබැයි ඔන්න ඔය කාරණාව නම් අපිට කතා මාලාව තුලදි ඒ විදිහට දකින්න බැරිවුනා. මොකද මෙයා සෑහෙන වෙලාවක් වතුරෙන් පිට හිටියා. අනික කතා මාලාවෙ අපි දැක්ක ට්‍රයිට්න්ට වඩා කොමික් වල දකින්න ලැබෙන ට්‍රයිට්න් හාත් පසින්ම වෙනස්.


ඉතිංඔය තමයි කතාවෙ අපිට ප්‍රධාන වශයෙන් හමුවෙන චරිත ටික තව අය ඉන්නවා. සේරමලා පිළිබඳව මට කියන්න බෑ. එතකොට ලිපිය තවත් දිග් ගැස්සෙන එකයි වෙන්නෙ. ඉතිං ලොකු විස්තරයක් නෙවෙයි චරිත පිළිබඳව පොඩි අවබෝධයක් ගන්න තමයි මේ විස්තර ටික හොයලා කිව්වෙ. එහෙනං කතාව නොබලපු අයට බලන්න කියන ගමන් මම සමු ගන්නවා.

 

ලහිරු ප්‍රසාද් (13 Posts)


4 thoughts on “INHUMANS කතා මාලවේ අපිට හමු වූ චරිත

  • November 15, 2017 at 10:04 AM
    Permalink

    ලිපියට ස්තූතියි සහෝ

  • November 13, 2017 at 11:53 AM
    Permalink

    Honda lipiyak

  • November 12, 2017 at 5:45 PM
    Permalink

    thank you

  • November 12, 2017 at 4:34 PM
    Permalink

    සුපිරි ලිපියක් ලහිරු…ස්තූතියි…
    ඊලඟ ලිපියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!