Game Of Thrones සීසන් 7 හි 6 වැනි එපිය ගැන විවරණය

HBO ඉතිහාසයේ ඓතිහාසික ලීක් වීමක් ඊයෙ පෙරවරුවෙ වුණා.  අපි කාවුරුත් ආසා කරන GAME OF THRONE කතාමාලාවේ හත් වෙනි කතා සමයේ එපිසෝඩ් පහ නිල වශයෙන් නිකුත් වෙලා පැය 48 ක් ගෙවෙන්න ඉස්සර එපිසෝඩ් හය අන්තර්ජාලයට මුදා හැරුණා. ඒක හරි පුදුම සැලසුම්ගත අහම්බයක්. අන්තිමේදි HBO එක තීරණය කළා තමන් විසින්ම හොඳ කොපියක් අන්තර්ජාලයට මුදා හරින්න. මීට කලින් මේ වගේ ලීක් වීම් හුඟක් වෙලා තිබ්බත්, මෙච්චර ඉක්මනින් මෙච්චර වටිනා කියන එපියක් ලීක් වෙච්ච පළමු වතාව කියලා තමයි බයිස්කෝප් මංසලේ ශ්‍රේෂ්ඨ නරඹන්නන්ගෙ අදහස. ලෝකෙ අදහස් එච්චර වැඩක් නෑනෙ. 😀 … ඉතිං රොයිලි අයියා සබ් එකත් ලීක් කොපියට දුන්න හින්දා, බාල සහෝදරියක් වශයෙන් මට ගෙදරට වෙලා උය උය ඉන්ඩ බෑනෙ. මං තීරණය කළ 6 වෙනි එපිසෝඩ් එකට විචාරය අදම දෙන්න.. මොකද කවුද දන්නෙ, අද රෑට හත් වෙනි එකත් කවුරු හරි මුදා හරීද කියලා.. මේ දවස් වල උතුරු කොරියාවෙ ප්‍රශ්නෙට වඩා මේ ප්‍රශ්නෙ ප්‍රබලයි වගේ.

මෙදාපාර වැරදීමකින්වත් අපිට කින්ග්ස්ලෑන්ඩිං ගැන කතා කරන්න ඕනෙ නෑ. මොකද ඒ කාවවත් පෙන්නුවෙ නැති නිසා. ඒ නිසා අපි ඊට වඩාත් ආසන්න මකරගලට පා තබමු. ඩ්‍රැගන්ස්ටෝන් තමයි.. 😀  ඉතිං ඩ්‍රැගන්ස්ටෝන් වල ඉතා වැදගත් කතා කිහිපයක් සිදුවෙනවා. පළමු වැන්න සර්සි මොන වගේ දෙයක් බලාපොරොත්තුව සටන් විරාමයට එකඟ වුණාද කියන කරුණ. අනික ටිරියන් ලැනිස්ටර් , ඩැනීට ඈ ගෙන යන ක්‍රමයේ දරුණු කම පෙන්වීමට ගත් උත්සාහය. ඒ වගේම මේ වගේ සංකූලතා පැන නැගිය හැකි අවස්ථාවක ටිරියන් තවත් වැදගත් ප්‍රශ්නයකුත් මතු කළා. අපි මේ ගැන පුළුල්ව සාකච්ඡා කරමු.

සර්සි ව කුඩා කල සිට අඳුරන  ටිරියන් ඇය ගැන යමක් දන්න නිසා, ඩැනේරිට අනතුරු අඟවන්නට උත්සාහ කිරීමත්, ජේමි ගැන ඔහු සතු විශ්වාසයත් වැදගත්. ඒ වගේම පාලකයෙක් වශයෙන් හදිසි තීන්දු ගැනීමේ දි කෙනෙක් කොතරම් පරිස්සම් විය යුතුද යන්නත් ටිරියන් කියනවා. සියල්ලට දඬුවම මරණය නොවන බවයි ඔහු ඩැනීට පහදන්න උත්සාහ කරන්නෙ. මේ අතර හදිසියෙවත් යමක් නිසා ඩැනී මියගියොත් ඇගෙන් පසුව රාජ්‍ය උරුම කාටද කියන කරුණත් ටිරියන් මතු කරනවා. යුද්ධයක ඉන්න සැම පාලකයෙක්ම සාමාන්‍ය යෙන්, තමන්ගෙන් පසු එන්නා නියම කරලා යන්නෙ. ඒත් වෙස්ටරෝස් වල එහෙම නොවෙන පාලන කොට්ඨාස දෙකක් ඉන්නවා.  එකක් නයිට් වොච් එක. එයාලා ඡන්ද විමසන ප්‍රජාතන්ත්‍ර වාදී රාමුවක ඉන්නවා. අයන් බෝන්ලා කෑ ගහලා වැඩි සද්දෙන් තමන්ගෙ රජු තෝරනවා. හරි මෝඩයි තමයි. ඒත් ඒක වසර දහස් ගණනක එයාලාගෙ ක්‍රමය. ඒත් වෙස්ටරෝස් වල පියාගෙන් පුතාට ලෙස පරම්පරාවටයි රජ කම ලැබුණෙ, එහෙම නොවේ නම් රජ යමෙක් නම් කළා. ඩැනේරිස් එහෙම කෙනෙක් නම් කරන්න කැමති නෑ. ඩැනේරිස්ට දරුවො හදන්න හැකියාවක් නැහැ කියන කතාවත් මෙතනදි ටිරියන් අදිනවා. ඒක ඩැනීට වේදනාවක් ගේන බව දැන දැනත් ඔහු පවසන්නෙ, ඇයව යම් අනුප්‍රාප්තිකයෙක් තෝරා ගැනීම සඳහා බලපෑමක් ඇති කරවන්න. ඇයි ඇත්තට ඩැනීට දරුවන් හදන්න බැරි බව පවසන්නෙ.

ඔබට මතකද ඇය යක්දෙස්සියකගෙ නපුරු මායා වලින් කාල් ඩ්‍රෝගෝ සුව කරවන්න ගත්ත උත්සාහය. අන්න එදා ඒ යක් දෙස්සිය රුධිර බන්ධනයක් හෙවත් ලේ මායාවක් ඒ සඳහා උපයෝග කර ගත්තා. ඉන්පස්සෙ ඇයට සිහි සුන් වූ ඇස් ඇර උඩ බෙලි අතට කෝමා වැනි තත්වයේ පසුවූ කාල් ව ලබා දුන්නා. ඇගේ දරුවා ඒ රුධිර බන්ධනයට කැප වුණා. තම ස්වාමියාට හා දරුවාට අත් වූ ඉරණම දැක කම්පා වූ ඇය යක් දෙස්සියගෙන් එය විමසුවා. තමාට ඩොත්‍රැකි වරුන් විසින් කළ කරදර වලින් ඈ පළිගත්ත ආකාරයයි මේ..කොහොම වුණත් නැවත ඩ්‍රෝගෝ  යථා තත්වයට සුව වේදැයි, තමන්ට දරුවන් ලැබේදැයි ඈ යක් දෙස්සියගෙන් විමසද්දි ඈ කීවේ මෙලෙසයි…

“When the sun rises in the west and sets in the east,” said Mirri Maz Duur. “When the seas go dry and mountains blow in the wind like leaves. When your womb quickens again, and you bear a living child. Then he will return, and not before.”

හිරු බටහිරින් නගින යම් දිනෙක, නැගෙනහිරින් බැස යනු ඇත. එදින මුහුදු වියළී ගොස්, කඳු පරඬැල් මෙන් සුළගේ ගසා යනු ඇත. එදින ඔබේ කුස යළිත් පිබිදේවි. ඔබ දරුවෙක් පණ පිටින් බිහි කරාවි. ඔහු පැමිණෙවි. ඉන් පෙර නොපැමිණේවි.

මේ අනාවැකිය සහ ශාපය නිසා ඩැනේරිස් ට දරුවන් සෑදිය නොහැකි යැයි කතා පුවතක් සියල්ලෝ විශ්වාස කරති. ටිරියන්ද එයින් කැළමී ඇත. කවුද යම් සංකූලතාවයක් නිසා ඈ මියගියොත් ඇගෙන් පසු එන්නා වන්නේ. යුද්ධය කියන්නේම ගැටලුවක්. එහෙත් ඩැනේරිස් එම පිළිතුර මඟ හරී.

මම මේ අනාවැකිය ගැන ටිකක් හිතන්න කැමතියි.  ඇය ඒසෝස් දිවයිනේ සිටයි ආවේ. නැගෙනහරින් බැස ආවා. ඈ වෙස්ටරෝස් වලටයි පැමිණියේ.. බටහිරින් ඈ නැගුණා. මුහුදු වියළී පොළවක් වෙමින් පවතිනවා.. මේ ශිශිරය නිසා, බොහොම ඉක්මනින් මහා කඳු පවුරු කඩා වැටෙන බවයි දැනටම පෙනෙන්නෙ. ඉතිං ඈට දරුවෙක් පළ ගන්න හැකි වෙන්නත් පුළුවන්.

කොහොම නමුත් තම මිත්‍රයන් බේරා ගැනීමේ මෙහෙයුමට ඈ ඉතා ඉක්මනින්, එක ඇමතුමෙන් සහභාගි වෙන්නෙ, ඉතාම යහපත් නායිකාවක් ලෙස. ඇය ඩිකොන් රැන්ඩෙල් මැරූ හැටි සහ තවත් බොහෝ අකටයුතු ඒ ක්‍රියාවෙන් ලස්සනටම යටත් වුණා. ඩැනී ජොන්ට කැමති වග ටිරියන් කටින් අල්ලගන්නත් බැලුවේ මේ  ඩ්‍රැගන්ස්ටෝන් වලදිමයි. ඩ්‍රෝගෝට, ඩාරියෝට, ජෝරාට ජොන් සම කරමින් ඈ කතා කිරීම නිසා ටිරියන් ඈ ගැන සැලකිලිමත් වුණා. ඉතිං කොහොම වුණත් ඩැනී ඒ වෙලේ සිතැඟි සැඟෙව්වත්, පස්සෙ නම් මකරු අරන් දුවපු විදිහෙන් තේරෙනවා කෙල්ල කැමති කාටද වග.


ඩ්‍රැගන්ස්ටෝන් වලින් මං කැමතියි කෙලින්ම උතුරට යන්න. Eastwatch එකෙන් පිටත් වුණු සූර වීර හත් දෙනා ගෙ දෙබස් ගැන ටිකක් සැලකිලිමත් වෙමු. පෙනෙන විදිහට බෙරික් ඩොන්ඩාරියන් නෙඩ්ව පුද්ගලිකව අඳුනන කෙනෙක්. ඒ වගේම මෑන්ස් ස්ටැනිස් රජුට යටත් නොවීම ගැන ටෝමුන්ඩ් වද වෙනවා.  ඒ වගේම ගෙන්ඩ්‍රි සහ බ්‍රදර්ස් ලා අතරෙ වුණ ප්‍රශ්නත් කතා බහෙන් සමනය වුණා. චණ්ඩියා වගේ ආවාට ගෙන්ඩ්‍රිට සීතල ඔරොත්තු දෙන්නෙ නෑ. ජොන් සහ ජොරා අතරෙ සිදුවෙන දෙබසත් අතිශය වැදගත්. ජොන් නැවත කඩුව ජොරාට පිරිනැමුවත්, එය ඔහු බාර ගන්නෙ නෑ. මෙහිදි, ජොන් එම කඩුව සාඩම්බරව දැරිය යුතු බවත්, ඔහුගෙන් පසු ඔහුගේ දරුවන්ට එය හිමිවිය යුතු බවත් ජොරා පවසනවා. ජොන් යනු දරුවන් වෙනුවෙන් ඉතාම වද වෙන කෙනෙක්.  ඇය රොස් සමඟ නොසිටින්නේ, හෝ වෙනත් කාන්තාවක් සමඟ නොසිටින්නේ තමන්ගේ දරුවන්ද Snow ලා වෙතැයි බියටයි. ජොරා දරුවන් ගැන කී විට ජොන් ඒ ගැන සිතන්නට මඳක් නතර වෙනවා. ඒ වගේම අනික් වැදගත් ම කරුණ, අයිස් වෝකර් වරු මරාදැමීමෙන් වයිට් ලා ඉබේම මිය යාම.

කොහොම වුණත් අන්තිමේ වයිට් ලාට සහ වයිට් වෝකර් හමුදාවටම හසු වෙන්නට මේ පිරිසට සිදු වෙනවා. ජොන් පණිවිඩය ගෙන්ඩ්‍රි අතේ යවන්නෙ, ඔහුව බේරා ගන්නයි. ඒ ඔහුගේ වේගය නිසාම නෙවෙයි. ඔහු අවජාතකයෙක් වුණත් රාජ ලේ තියෙන කෙනෙක්. බේරුණොත් කවදා හරි වැඩක් තියෙනවා. අනික් විශාලම දේ ඔහුට සීතල ඔරොත්තු දෙන්නෙ නෑ. ඔහු සීතලේ එක තැන හිටියොත් ලේ හැලුණ තෝරෝස්ට කලින් මිය යනවා. හොඳම දේ ඔහුට වේගය ලබා දීම. සීතලේ වේගයෙන් යාම තුළින් සීතලෙන් මියයාම වලකින බව, සීතලේ හිටපු කෙනෙක් විදිහට ජොන් දන්නවා. ඒ වගේම පවතින තත්වයට හොඳම පිළියමත් ඩැනේරිස්ගෙ පැමිණීම සහ ඇයගේ පැමිණිම ඔහු විශ්වාස කිරීමත් මෙහි වැදගත් සාධකයක්. හවුන්ඩ් මල හමුදාව විහිලුවකට නොගෙන හිටියා නම්, සටන තව පමා කරගන්න තිබ්බා. හැබැයි සිනමා කතාවක් කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි. පුළුවන් තරම් pinch point දීලා අපිව climax එකට ගෙනෙන එකයි සිනමාකරුගෙ වගකීම.

රේගාල් එන්නෙ, ජොන්ව Defend කරගෙන. ඔහුගේ පැත්තෙන් විශාල වයිට් පිරිසක් පැමිණෙමින් හිටියා. රේගාල් හැදුවෙ ජොන් ආරක්ෂා කරන්න. ඒ අතරෙ විසේරිස් තමයි ඉහළ සිට බොහෝමයක් කාර්යක්ෂමව ගිනි පිබ්මෙ, ඩැනී පිට නැගලා එන ඩ්‍රෝගොන් ආවෙ තුන්වෙනියාට. ඩෝගො දූපත මත Land කළත්, ඒ පැත්තට එන වයිට්ලා පන්නා දැමීමට නැවත ජොන්ට හැරෙන්න සිද්ධ වෙනවා. යුද්ධයක තියෙනවා Cover කිරීම කියලා දෙයක්. ඒක තමයි වැදගත්ම දේ. යම් කිසි දෙයක් ආරක්ෂිතව ප්‍රවාහනය කරන්න ඒ දේ තැනකට පටවා ගැනීමක් හෝ යම් කිසි අපදාකටයුත්තක් හෝ යුධ බිමක් තුළ වෙනවා නම්, යම් කෙනෙක්ට ඒ ස්ථානය Cover කරන්න සිද්ධ වෙනවා. ජොන් මෝඩයෙක් නෙවෙයි. ජොන් තමා එතැන හිටපු නියමම සොල්දාදුවා. එයා මිනිස් පලිහක් ලෙස ක්‍රියාත්මක වුණා. අනෙක් අයට ඩ්‍රෝගොන් පිටට ගොඩ වෙන්නත්, ඉතාම අත්‍යවශ්‍ය දේ වන වයිට් ව ඩ්‍රොගොන් පිට රඳවා ගන්නත්. මේ අවස්ථාවෙ විසේරියන් මෙහෙයවන්න කෙනෙක් නැති කම නිසයි විසේරියෙන් මැද්දට වෙලා ගිනි පිම්බෙ. ඔහුව පැහැදිළිව පෙනුණා වගේම මඳක් ඉහලින් පියාසර කරපු නිසා නයිට් කිං ගෙ පළමු ඉලක්කය වුනේ විසේරියන්.  රේගාල් නිතර පියාසර කළේ මැද මට්ටමක නිසා නයිට් කිං ට ඌ පෙනුණෙ තුන් වෙනියාට. දෙවැනි ඇස ඩ්‍රෝගෝට යොමු වෙද්දි මුලින්ම ඒක දකින නිසා ජොන්  ඔවුන්ට යන්න කියනවා. ඔහු එන්න උත්සාහ කළත් එය සාර්ථක වෙන්නෙ නෑ. වයිට් ලා සමඟ අයිස් කඩාගෙන ජලයට වැටෙන නිසා. අවසාන මොහොතේ ජොන්ට ඩැනීගෙන් සහය ලැබුණාට, වෙන කාගෙන්වත් සහය ලැබුණෙ නෑ. ඔහු මුළු Situation එකම තනියම Cover කළා. ඩ්‍රෝගොන් බේරුණේ ජොන් නිසා. හැබැයි විසේරියන් මැරුණෙ ජොන් නිසා නෙවෙයි.  හුඟ දෙනෙක් ජොන් මෝඩයි කියලා ස්ටේටස් දාගෙන බනින නිසයි ඒ පැහැදිළි කිරීම කළ යුතුයි කියලා හිතුවෙ. මකරුන්ට මෙහෙය වන්නන් අවශ්‍ය බව දැන් දැන් පේන්න පටන් අරන්. ඒක හොඳ සුබ වාදී දෙයක්. දුක ඒක තේරෙන්න මකරෙක්ට මිය යන්න වීම.


දැන් අපි යමු වින්ටර්ෆල් හෙවත්  සන්සා ආර්යා ගැටුමට. එය සාමාන්‍ය සහෝදරි ගැටුමකට එහා ගිය තත්වයක්. ආර්යා සැක කරනවා සන්සාගෙ සිතුවිලි. ලියුම එය තවත් ඔප්පු කළා. ආර්යා තරහව මත රැඳෙද්දී, සන්සා බිය මත රැඳීම කියන කාරණාව දිගින් දිගටම ඔවුන් සාකච්චා කළා. ගැටුම් ඇති කරගත්තා. ආර්යා සන්සා ජොන් සතු කිරුළ උදුර ගනීවි කියන සැකයෙන් පසුවෙන්නෙ. ලිට්ල් ෆින්ගර් සහෝදරියන් අතර තවත් ගැටුම් ඇති කරලා, සන්සාගෙ අන්ධකාර පැත්තෙන් ප්‍රයෝජන ගන්න හදනවා. බ්‍රියෙන් පවා ලිට්ල්ෆින්ගර්ගෙ යම් බලපෑමකට අසුවේ යැයි සන්සා සිතූ නිසා බ්‍රියෙන්ව පිට කළාද, ආර්යාට බ්‍රියෙන් සේවය කරයි, ආර්යා තෝරාගනී යැයි බියෙන් බ්‍රියෙන්ව පිට කළාද, හැබෑටම කින්ග්ස් ලෑන්ඩිං යෑමට ඇති බිය එය කළාද කියලා තාම කියන්න අමාරුයි. නමුත් තවමත් සන්සා සිටින්නේ ආර්යා ගැන සැක උපදවාගෙන බවත්, ආර්යාත් එසේම සන්සා සැක කරන බවත් පැහැදිළියි. ආර්යාගෙ කාමරෙන් හමුවූ මුහුණු ගැන සන්සා ප්‍රශ්න කරද්දී සන්සාගේ සිතිවිල් අල්ලා ගැනීමට ආර්යා උත්සාහ කරයි. මොනම හේතුවකටවත් ආර්යා සන්සාව නොමරන බව සන්සා නොදන්නා හැඩයි. එහෙත් ආර්යා ඈ හොඳින් බය කර සිතිවිලි තේරුම් ගන්න උත්සා කරයි. කෙසේ වෙතත්, තවමත් මේ ගැටුමේ ලිට්ල්ෆින්ගර් සාර්ථකයි. සමහර විට ජොන් නැති නිසා හැරී යන මිනිසුන්ට එසේ හැරී යාමට බලපෑවෙ ලිට්ල් ෆින්ගර්ද විය හැකියි.  කොහොම වුණත් හත්වැනි කතා සමයේ මේ කරන සෙල්ලම ඔහුගේ අවසන් සෙල්ලම වේවායි අපේ පැතුමයි. ඔහු මහා ශාලාවක දෙනෝදහක් බලා සිටියදී, කිසිවෙක් ඔහු වෙනුවෙන් කතා නොකරද්දී .. ඔහුගේම ආයුධය ඔහුටම බූම රංගයක් ලෙස කැරකී මිය යා යුතුයි. ඔහු නෙඩ්ව අල්ලා ගත්තේ, ඔහුගේ පිහියට බෙල්ල තිබ්බේ.. මහා රාජ සභාවකදීය. එදා නෙඩ් නිවැරදි බව දන්නා කෙනෙක්වත් ඔහුට පක්ෂ වූයේ නැත. ලිට්ල් ෆින්ගර්ට ලබන කතා සමයේ හෝ අවසාන එපිසෝඩයේ එයම වෙනු ඇතැයි සිතමි. ඔහු එතරම්ම කෘර දෙපිටකාට්ටුවෙකි.සන්සාගේ අනාවැකිය අනුව ඇ ය යෝධයෙක් මරා දමයි. ගැටලුව දැන් යෝධයාට, එනම් බ්‍රාවෝස් හා සම්බන්ධ දෙදෙනෙක් සිටියි. එක් අයෙක්, ලිට්ල්ෆින්ගර්ය. ඒ සීයා එහි අයෙක් නිසාය. අනෙකා ආර්යාය. අපි බලා සිටිමු. ආර්යා තමා කවුදැයි මුල් වරට සන්සාට හෙළි කළ විට ඈ බිය කළ තැනදී සුපුරුදු බිය සුළු සන්සා අපි දුටුවෙමු.


අවසානයේ මකරා අයිස් විලෙන් ගොඩ ගෙන මල හමුදාවේ ප්‍රබලම ආයුධය ලෙස ඔවුහු නැගී සිටවුවෝය. එම දර්ශනය පිළිබඳ බොහෝ තර්ක වෙයි. ඒ අයට කොහෙද දම්වැල්.. එච්චර ලොකු දම්වැල්.. වසර දොළොස්දාහක් පුරා හමුදාවක් හදනවා නම්, ලොකු දම්වැලක් කියන්නෙ ඒ තරම්ම දෙයක් නෙවෙයි. ඔවුන් වසර දහස් ගණනකට පෙර සොරකම් කළ හෝ අයිති කරගත් එකක් වෙන්න පුළුවනිනෙ.


නෑ නෑ.. එහෙම අමතක වෙනවාද? ජොන් ඩැනී ගැන ලොකු විශ්වාසයක් වගේම ආදරයක් ඇති කරගත්තා ඇගේ පැමිණිමෙන්. ඒ වගේම, විසේරියන් බේරා ගන්න බැරි වීමත් ඔහුට දුකක්. කොහොම වෙතත් තමන්ට දරුවන් සෑදිය නොහැකි බව ඩැනී ඔහුට පවසනවා. එවිට ජොන් ඇගේ කුස දෙසයි බලන්නෙ. සමහරවිට ඔහු එය විශ්වාස නොකළා වෙන්න පුළුවන්. ඩැනී කියන නමින් තමන්ට කතා කළ අය වැඩි කල් තමන්ට ළඟ තියා ගන්නට බැරි වූ බව ඈ කියද්දී, මගේ රැජිණ ලෙස අමතන්නදැයි ජොන් අහන දේ ඩැනී මඳක් වරදවා වටහාගත්තාද මන්දා. තමන් දණ නැවිය යුතු බව ඔහු පවසයි. එවිට ඔබේ මිනිස්සු කැමති වෙයිද? යැයි ඈ ඔහුගෙන් අසන්නේ ඒ නිසයි. ඈ කවුදැයි කියා හඳුනා ගත් විට සියලුම දෙනා ඇයට කැමති වනු ඇතැයි ඔහු පවසයි. එතැනදී නම් ඩැනීට යමක් අවබෝධ වූ හැඩයි.. මේ රැජිණකට යටත් වීම නොවන බව එක් අතකට අපි තේරුම් ගත යුතුව ඇත. කතා පිටපතේ ව්‍යංගය නම්, රැජිණ යටත් වී ඇති බවයි. තව දුරටත් ඩැනී නොපිළිස්සෙන්නියක යැයි කීම වැරදිය. විසේරියන් මිය ගියාට වඩා ඈ ජොන් මිය ගියා යැයි බිය වී සිටියාය. ඈ අවදානම දැරුවේ ජොන් වෙනුවෙනි. ඈ ජෝන්ට රැජිණක වීමට සුදුසුදැයි ඈ තුළම සැකයක් ඇති බව ඇගේ අවසාන දෙබසින් හැඟේ. කෙසේ වෙතත් තිරපිටපත ඉතා වේගයෙන් දෙදෙනා අතර හාද්දක් නිර්මාණය කරනු ඇත.

මුළු කතාවම ගැන කතා කරනවා නම්, පිටපත හොඳ අධ්‍යක්ෂණ්‍ය මඳක් සවුත්තු එපිසෝඩ් එකකි. නලු නිළියන්ගේ හැඟීම් මීට වඩා පෙන්වීමට උත්සාහ කරන්නට තිබිණි. විශේෂයෙන්ම යුධ අවස්ථාව තව ටිකක් නිර්මාණ ශීලි කරන්නට ඉඩ තිබිණි. කොහොම වුණත් සියලු දෙනා රසවිඳී බව නම් සහතිකයි. දැන් අපහසුව තවත් සති දෙකකට ආසන්න කලක් ඉවසා සිටින්නටයි. HBO දඬුවම දුන්න හැටි අගෙයි නේද?

තරිඳු අයියා තාම වීඩියෝව හදලා කියලා දැක්කෙ නෑ. ආපු ගමන් බලන්න. රොයිලි අයියාගෙ උපසිරැසිය බා ගන්න. තිසර සහ චාමර සම්පත් මල්ලිලාට ස්තූතියි ලිපිය හැදුවාට. ගිහිං එන්නම්!!

නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

26 thoughts on “Game Of Thrones සීසන් 7 හි 6 වැනි එපිය ගැන විවරණය

  • August 24, 2017 at 1:04 PM
    Permalink

    ජොන්ට නයිට් කිං දෙවෙනි පාරට මේ හම්බවුනේ.මකරු හිටියත් වැඩක් වුනේ නෑ.ගින්දරත් හරිගියේ නෑ.අසෝ(ර්) අහායි එකට මෙකෙ මොකක් හරි තියෙනවද ගැලපිමක්.ජොන්ගෙ පපුවට එකක් බස්සල තියනව නයිට් කිංටත් එහෙමයි

  • August 24, 2017 at 3:49 AM
    Permalink

    Jonaerys Starkgaryen

  • August 24, 2017 at 3:13 AM
    Permalink

    thank you akke jaya wewa!!

  • August 23, 2017 at 1:05 PM
    Permalink

    බොහොම ස්තූතියි

  • August 22, 2017 at 8:47 PM
    Permalink

    notice longclaw’s eyes open?

  • August 22, 2017 at 8:23 PM
    Permalink

    නියමයි අක්කෙ…..නියමයි..පට්ට විචාරයක්….ජය!!!!!!

  • August 21, 2017 at 11:09 PM
    Permalink

    ලිපිය නියමයි. දිගටම කරගෙන යමු. Game of tharones ඉවර උනාම මොකක් කරන්නද කියලත් කියන්න වෙයි වගේ hikzzz

  • August 19, 2017 at 11:16 PM
    Permalink

    Season 08 episode 01
    Scene 1

    Aftermath of the Night King’s attack on Eastwatch By The Sea. Tormund and Gendry are able flee the scene. Undead Viserion sets Crows and Undead afire. Lord Beric Dondarrion stays behind to fight the White Walkers (dies off-screen?), but not before killing the White Walker that killed Edd. Edd is stabbed to death by a White Walker. Tormund and Gendry ride for Winterfell, whilst we see a burning Castle Black in the background.

    Scene 2

    Daenerys, Jon, Tyrion, Davos, Jorah, Brienne, Podrick, The Hound, Missandei, Varys and Theon arrive in Winterfell. Davos remarks that it has gotten much colder and darker since he has left with Jon. Jon and Arya are first reunited. Daenerys meets Sansa Stark and Sansa asks whether she and Jon are in love now. Daenerys don’t give a proper response to that. Sansa doesn’t seem too pleased with Jon returning to Winterfell and Daenerys’s presence. Jon notices this and chats with her. She mentions Littlefinger’s death and how he has always betrayed them right under their nose. She says it is plain stupid to work together with Cersei Lannister. The Hound and Arya also have a conversation with each other. Arya tells the Hound she didn’t regret to leave him behind without having him killed off. The Hound answers that Arya should have had him killed off right there, especially with the things he has seen beyond the Wall.

    Scene 3

    Euron Greyjoy arrives back in King’s Landing with the Golden Company and meets up with Cersei Lannister and the commanders of the Golden Company in the Throne Room. Cersei thanks Euron for having the sellswords shipped to King’s Landing. Cersei orders the commander-in-chief to take Storm’s End and to have the army gathered in the fortress. Robert Baratheon once told her that the fortress has stood for many centuries and she’s sure that it will keep standing during the Long Night as well. Since there’s no Baratheon holding the castle any longer, it wouldn’t be too difficult to just take it themselves. They’ll need to protect themselves during the Great War. Later that night, Euron Greyjoy is about to have sex with Cersei Lannister. Euron jokes that she won’t miss her brother after she finds out what he can give her. Cersei’s face says enough. She isn’t too pleased with Euron in her bed. Possible nudity to be seen here. The following morning Euron leaves with his ship ‘The Silence’ to ferry the sellswords to Storm’s End to take the fortress. After he comes back, he tells Cersei he wants to be her king. Inside the Silence, Euron has a conversation with Yara Greyjoy about Queen Cersei. Yara point-blank tells him that she knows he isn’t interested in being Queen Cersei’s pet/husband at all. Euron laughs and tells her his good friends from Braavos will take care of that problem soon enough.

  • August 19, 2017 at 11:14 PM
    Permalink

    Game of Thrones Season 7 Spoilers : Episode 7 Season Finale

    King’s Landing

    Pod and Brienne arrive at King’s Landing on horses.

    Dany sends her army of the unsullied and Dothraki to King’s Landing in case Cersei has a trap for her and places them outside King’s Landing. Jamie and Bronn oversee King’s Landing defenses, and are impressed with Dany’s army. Tyrion, Jon and others arrive with Dany via ships.

    Tyrion, Jon, Jorah, Dany, Davos, Theon, The Hound (who is the one with the wight in a cage) as well as Dany’s Dothraki blood riders are received by Bronn.

    Brienne is already there and see’s the Hound, she is surprised to see how he is still alive. They talk about Arya and The Hound tells Brienne to take care

    ‘The only person needing protecting is the one who gets in her (Arya’s) way’

    The Hound smiles and says he doesn’t want to be in her way.

    Tyrion and Pod meet each other as well, Podrick still admires Tyrion and tells him that Tyrion is still his lord.

    They all arrive at the dragon pit, and it’s a large amphitheater with three large tents. Other lords also start to arrive, and Tyrion feels like it could be a trap and looks around. Cersei arrives with Euron, The Mountain and Qyburn and they sit.

    The Hound and The Mountain make eye contact, and The Hound gives that kill you look #cleganebowl.

    The Hound then brings the cage that houses the wight to the middle of the amphitheater. Cersei asks Tyrion where Dany is as Dany isn’t present, this is when Dany arrives on top of Drogon and with Rhaegal giving them company. Everyone is amazed, and Cersei wonders where the third dragon is.

    Tyrion then explains what the meeting is about.

    Theon and Euron see each other, and Euron challenges Theon to rescue his sister Yara.

    Jon then tries to explain about wight and Night King and how they need to unite to fight the Army of the Dead. Cersei doesn’t believe him which is when The Hound opens the wight cage and the wight comes out like a wild beast towards Cersei. The Hound has him chained up so it isn’t able to reach her.

    Cersei is amazed and afraid, and this is when The Hound starts to demonstrate how a wight cannot be killed by normal weapons. The wight continues to moves even after The Hound hound cuts it up. Jon then yells out that there are only 2 ways to kill a wight, the first fire, so they set fire to one of the wight arms and the arm stops moving. The second is dragon glass, and then Jon uses to stab the wight with a dragon glass weapon and it dies. This is the proof that everyone needed to come together in order to survive the long night.

    There is only one war that matters. The Great War, and it is here

    Euron pretends to be afraid and asks how many of these creatures are there. Jon Snow says hundreds and thousands of then. Euron asks

    well can they swim?

    and Jon responds “no” so Euron says

    well I’m going back to Pyke

    and leaves with his fleet.

    Cersei and Dany see the danger together but Cersei says once the long night is over she must still be queen and offers Jon Snow to be the warden of the North. Jon then swears an oath to Dany in front of everyone.

    I can only serve one queen and that queen is Daenerys Targaryen

    Cersei is shocked, pissed and leaves. She is unwilling to collaborate because she is unwilling to bend the knee to Dany.

    Brienne tells Jaime he needs to come with the Lannister Army to fight the White Walkers, to which Jaime replies by complementing her for her loyalty to the Starks. Brienne replies

    “fuck loyalty… it’s about survival”.

    Jamie has seen all this and believes in the long night and will do all he can to help them.

    Now that Tyrion, Dany and Jon have seen Cersei’s negative response it means they won’t have some of the southern armies as support in the North.

    Tyrion heads to the Red Keep with The Mountain behind him. Tyrion and Cersei have a conversation on how she blames him for all the Lannister’s have gone through, how he killed their mother and father. Tyrion says there was nothing he could do and that Tywin just wanted him dead so he had to kill him instead. He also tells her that Daenerys wanted to destroy Kings Landing with fire but he stopped her trying to prove he doesn’t want to destroy his own family.

  • August 19, 2017 at 5:48 PM
    Permalink

    letter is impressive.. awaiting for the next.

  • August 19, 2017 at 4:18 PM
    Permalink

    මෙය විචාරයක වඩා ඌන පූර්නයක් ලෙස දකිමි.
    බොහොම ආසාවෙන් කියෙව්වෙ අක්කට ජයෙන් ජය

  • August 19, 2017 at 2:39 AM
    Permalink

    tikak parakku una kiyawanna supiri lipiyak akke thanxx jaya wewa digatama karamu. baiscopelk team ekatath thanx

  • August 18, 2017 at 11:10 PM
    Permalink

    patta pathuru sis………..!

  • August 18, 2017 at 3:48 PM
    Permalink

    NIYAMAY AKKE

  • August 18, 2017 at 1:28 PM
    Permalink

    thank you… patta lipiya..

  • August 18, 2017 at 11:26 AM
    Permalink

    patta, thanks akki..

  • August 18, 2017 at 11:04 AM
    Permalink

    වාව් මේ ලිපිය……… මේක කියෙව්වහම කාටද අප්පා බලන්න නොහිතෙන්නෙ. එකපාරක් නෙවෙයි දෙතුන් පාරක්ම බලන්න හිතෙනවා.

  • August 18, 2017 at 11:00 AM
    Permalink

    niyamai neranji digatama liyamu….

  • August 18, 2017 at 7:43 AM
    Permalink

    Godak sthuthui nangiya.

  • August 18, 2017 at 1:41 AM
    Permalink

    නියමයි අක්කෙ දිගටම මේවගේ හරවත් රසවත් review කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා..
    මේක මගේ උපකල්පනයක් විතරයි.>>>
    ඩැනී අත්තටම ළමයි හදන්න බැරිවෙන්නත් පුලුවන්, AZOR AHAI ජෝන් වෙන්නත් පුලුවන් , Prophecy එකට අනුව තමන්ගෙ බිරිඳ හෝ ආදරිය වෙන ඩැනීව මරල ජෝන් AZOR AHAI වෙන්නත් පුලුවන් නේද?. අදහසක් දක්වනවනම් අගෙයි..

  • August 18, 2017 at 1:34 AM
    Permalink

    ලිපියනම් හැම සැරේම වගේම සුපීරියි

  • August 17, 2017 at 10:38 PM
    Permalink

    විචාරය ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ එලම කිරි. ඒත් ඔරිජිනල් කොපිය එනකම් සඳුදා වෙනකම් ඉන්න කියලා හිතුවේ. එපිය බලලම review එක read කරනවා.ගොඩක් ස්තූතියි. ජයෙන් ජය….!!!!!

  • August 17, 2017 at 10:13 PM
    Permalink

    Supiri.thawa api aan nathi dewal kiyanna meka gana.spinoff seadon ekak gana aranchi hbobeke.game of throne ekema.eka ganath hoyala kiyanna.

  • August 17, 2017 at 9:55 PM
    Permalink

    Marvelous

  • August 17, 2017 at 9:55 PM
    Permalink

    Kiyanna deyak na.fatta…gdk pin.

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!