රේගාර් ටාගේරියන් හෙවත් සල්ලාල නමින් සැඟව ගත් අපූර්ව ප්‍රේමවන්තයා

ඒ තරම් ප්‍රමාණාත්මකව දිග ලිපි පෙළක් නොවුණත් මේ තැන් සිට ලියන ලිපි මාලාව හරහා මං බලාපොරොත්තු වෙනවා නිරන්තරයෙන් හැමෝම උනන්දු වන චරිත සහ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් නිතර නොපැවසුණු, එහෙත් වැදගත් විය හැකි ඉතිහාස සහ පුරාවෘත්ත වගේම තොරතුරු ටිකක් කියන්න. ඒ කොටසෙ පළමුවැන්නා විදිහට මං තෝරා ගත්තෙ රේගාර් ටාගේරියන් ව. කතාව පුරාම තවමත් එකම දවසක්වත් පෙන්වලා නැතත්, කතා මාලාවෙ වගේම සමස්ත පොතෙත් හැම තැනම රේගාර්ගෙ ශක්තිය සහ සුවඳ තියෙනවා කියන එකයි ඇත්ත.  කෙටියෙන්ම කිව්වොත් මේ මහා කතාව මේ තියන තැනට ගෙනෙන්නෙත්, තාම එහි පැවැත්ම තීරණය කරන්නෙත්, සමහර විට අපි නොදන්නා කතා වේ අනාගතයම තීරණය කරන කෙනාත් රේගාර් ටාගේරියන් ම විය හැකියි.  Game of Throne මාලා නාටකය හෝ Song of Ice and Fire ගැන දන්න ඕනෙම කෙනෙක්, අනිවාර්යෙන්ම රේගාර් ටාගේරියන් කියන්නෙ කවුද කියලා දන්නවා. හැබැයි බයිස්කෝප් මංසලේ අපි අද එයා ගැන පොඩ්ඩක් හොයං යනවා..

 

සීසන් 6 වැන්නෙ අවසානයත් එක්ක, වසර ගණනක් පුරා ෆෑන් තියරියක් වෙවී එහා මෙහා වෙවී තිබූණු R + L =J තියරිය ස්ථාවර වුණා. HBO සමාගම විසින්ම තමන්ගේ තොරතුරු වගු තුළ එය ඇතුළත් කළා. එමඟින් ලියානා ස්ටාර්ක් ව මෑඩ් කිං විසින් දූෂණය කළා වෙන්නත් බැරිද ලෙස  ආදී එක් එක් පුද්ගලයන් ගෙනා ෆැන් තියරි බොහෝමයක් නතර කරන්න වුණා. ලියානා ස්ටාර්ක් මරණ මංචකයේදී නෙඩ්ට බාර දුන් දරුවා ජොන් බවත්, ඒ දරුවා ලියානා සහ රේගාර් ගේ දරුවා බවත් එයින් සිනමාත්මකවත් කියවුණා


කවුද මේ රේගාර් ටාගේරියන්?

  1. රේගාර්ගේ අන්ධකාර උත්පත්තිය

රේගාර් ටාගේරියන් උපත ලබන්නේම ශාපයක් සමඟ බවයි ඉතිහාසය සඳහන් කරන්නෙ . 259 AL හී දී දෙවන ඒරිස් ටාගේරියන් හා රේහ්ලා කුමරියට උපදින රේගාර් ටාගේරියන් උපන් මොහොතේ දී ම තමන්ගේ මුතුන් මිත්තො බොහෝ දෙනෙක් ට මරු කැඳවෙනවා. අදත් එය හඳුන්වන්නේ ගිමිහාන ශාලාවේ මහා ගින්න කියලායි. මේ ගින්න ඇති වෙන්න හේතුව ටාගේරියන් වරු මකරු අභිජනනය කරන්න කරන යම් දෙයක්. එහෙත් එය සාර්ථක වන්නේ නෑ වගේම බිත්තරත් පිළිස්සී ගියා කියලයි කියන්නෙ.  රේහ්ලා හා ඒරීස්  තමන්ගෙ දරුවා එළියට ගේන්න සමත් වෙනවා. කොහොම නමුත් පස්වෙනි එගොන් ගෙ මරණයත් එක්ක දෙවැනි ඒරිස් ටාගේරියන්, එනම් අපි මෑඩ් කිං ලෙස හඳුන්වන රේගාර්ගෙ තාත්තාට රජ වීමේ වාසනාව ලැබෙනවා.

  1. එක පිට එක සිදු වූ සහෝදරියන්ගේ මරණ

හුඟක් අයට තියෙන ගැටලුවක් තමයි. රේගාර් සහ ඩැනේරිස් එකම මවකගෙ දරුවොද කියන එක. මේ ලිපියෙන් එයටත් නිවැරදි පිළිතුරක් ලැබෙයි. ඔවුන් දෙන්නා අතරෙ, පියෙක් සහ දුවෙකුට කිට්ටු වයස් පරතරයක් තිබුණත් දෙන්නාගෙම අම්මා රේහ්ලා. රේහ්ලා ට රේගාර්ට පසුව දියණියන් කිහිප දෙනෙක්ම ලැබෙනවා. ඒ වගේම පුතාලාත් ලැබෙනවා. හැබැයි එක් අයෙක්වත් සැලකිය යුතු කාලයක් ‍ජිවත් වන්නෙ නෑ. හැමෝම ඉතා කුඩා කාලෙ මිය යනවා. මේ සිද්ධි නිරන්තරයෙන් දැකපු රේගාර් තමන්ගෙ ළමා කාලය පුරාම කාන්සියෙන්, සහෝදර සහෝදරියන් ගේ වියෝවෙන් කල්ගෙවපු කෙනෙක් වෙනවා. අන්තිමේදි විසේරිස් ගෙ උපතින් පස්සෙ තමයි ඔහුට වුණත් දැනුණෙ තමන්ගෙ සහෝදරයෙක් ජීවත් වෙනවා කියලා, ඒත් ඒ වන විට රේගාර් තව දුරටත් සහෝදරයෙක් එක්ක සුරතල් විය හැකි ළමා කාලයේ පසු වුණේ නෑ. රේගාර් ටාගේරියන් අඩු තරමේ තමන්ගේ කුඩාම නැගණිය දුටුවේවත් නෑ. ඇය උපන්නේ රේගාර් මිය ගොස් මාස කිහිපයකට පසුවයි.

  1. ඉතා කඩවසම් රූපය

කාන්තාවන් දුටු මතින් සලිත කෙරෙන ආකාරයේ කඩවසම් රූපයක් ඔහුට තිබ්බා කියා පොත් පත්වල සඳහන් වෙනවා. රිදී පැහැ හිසකෙස් තිබූ සුදු මුහුණක් සහ දම් ඇස් තිබූ ලස්සන පිරිමියෙක් ලෙසයි දුටු අය ඔහු ගැන කියන්නෙ. ඔහුගේ මුහුණේ කරුණාවන්ත බවක් වගේම තැන්පත් බවකුත් තිබ්බ බව බොහෝ අය පවසනවා. දෙවන ඒරිස් රජ පවා ඔහුගේ රූපයට අවසාන කාලෙ ඉරිසියා කරලා තියෙනවා.

  1. සරාගී සටන්කරුවා

කෙතරම් කාන්තාවන්ගෙ ඇල්ම බැල්ම වැටුණත් රේගාර් ටාගේරියන් සල්ලාලයෙක් වුණේ නෑ. ඔහු නව යොවුන් කාලයට එළඹෙන දින සිටම විවාහ යෝජනා තබා තිබුණෙ සර්සි ලැනිස්ටර් ව. සර්සි හිටියෙ රේගාර් ගැන උන්මාදයෙන්. සර්සි රේගාර්ගෙ චිත්‍ර පවා ඇන්දා කියලා කතන්දර තියෙනවා. ඒත් ඒ විවාහ පොරොන්දුව දෙදරා යනවා. ඉතින් රේගාර්ට විවාහ කරගන්නට සහෝදරියක් නොසිටි නිසා ඒ වෙනුවට ඩෝර්න් හී එලියා මාටෙල් කුමරිය විවාහ කරගන්නට ඔහුට සිදු වෙනවා. ඒ විවාහය ප්‍රේමයක් නොවුණත්  ඔහු ඇයට ඉතා කාරුණිකව සැලකූ බව තමයි හැමෝම දැකලා තිබුණෙ. ඒලියාට රේගාර්ගෙන් දුවෙක් සහ පුතෙක් ලැබුණා. පුතාගෙ උපතින් පස්සෙ ඒලියා රෝගි වුණා. තව දරුවෙක් ඈට හදන්න බෑ කියලා මේස්ටර් වරු කිව්වා. එතනින් පස්සෙ රේගාර් හුඟක් කණස්සල්ලට පත් වුණා. දරුවො තුන් දෙනෙක් ගැන රේගාර් වද වෙමින් හිටියා. ඒ අතරෙ තමයි රේගාර්ට ලියානා ස්ටාර්ක් මුණ ගැහෙන්නෙ. ඒලියා මාටෙල් කියන්නෙ දෙන්නට පොරොන්දු කරගත් ආදරයක් නිසා ඇති වූ විවාහයක් මිසක්, ආදරය මත පදනම් වූවක් නෙවෙයි. ඉතිං රේගාර්ගෙ හිත ආදරයෙන් මත් වෙන්නෙ ලියානා ස්ටාර්ක්ගේ සුන්දරතවය හා වීරත්වය දකිද්දි. ලියානා රූපයෙන් වගේම වීරත්වයෙන් ආර්යා ස්ටාර්ක් වගේ කියලා නෙඩ් ස්ටාර්ක් කියනවා.  ලියානාට තිබ්බේ උතුරු කලාපයට ආවේණික සුන්දරත්වයක්. කොහොම නමුත් රේගාර් සල්ලාලයෙක් ලෙස ඉතිහාසය හංවඩු ගැහැවෙ ලියානා ස්ටාර්ක්ට ඔහු කළ ප්‍රේමය නිසයි.  රේගාර් හැබෑවටම සල්ලාලයෙක් ද යන වග අපි ඉදිරියේදි දැක ගනිමු.

  1. ලේ සහ ගින්දර

සියවස් ගණනක් පුරා වෙස්ටරෝස් මහද්වීපය විසින් දැරූ ටාගේරියන් කිරුළ ටාගේරියන් වරුන්ට අහිමි කෙරුවෙ රේගාර් ටාගේරියන් ගත්ත එක පුංචි තීරණයක්. ඒ තමයි ලියානා රැගෙන යාම. ඔබ මා පෙර ලියා තැබූ ඉතිහාස වංශය කියෙව්වා නම් පළමු එගොන් ගේ සිට පස්වැනි එගොන් දක්වා වෙස්ටරෝස් මහද්වීපයට කැරලි ගණනාවක් ආවා. ඒ හැම කැරැල්ලක්ම ඉතා මෘග ලෙස වුණත් ටාගේරියන් වරු දින්නා. ඒත් රේගාර් ආරම්භ කරපු මේ සටනට නම් ඒ වාසනාව උදා වුණේ නෑ. තමන් පරදින බව පවා රේගාර් දැනගෙන මේ තරම් අවදානමක් ගත්තෙ නිකමට වෙන්න පුළුවන්ද? රේගාර් මෝඩයෙක් නෙවෙයි

 

  1. රේගාර් විසින් ජේමි ලැනිස්ටර් ව විශ්වාස කළේ ඇයි?

රේගාර් ටාගේරියන් විසින් තමයි අවසාන කාලය පුරා පාලනයේ තීන්දු ගත්තෙ. ඔහු කුමරා වුණත් රජ පැමිණ සිටි දෙවන ඒරිස් ඉතා බිහිසුණු ආතතිකාමි මිනිසෙක් වී හිටියා. කොටින්ම දෙවන ඒරිස් රේගාර් තමන්ට විරුද්ධව සටන් කර තමන්ගෙන් යකඩසිංහාසනේ උදුර ගනී වගේ බිය වලින් පසු වුණා. ලැනිස්ටර්වරුන් යුද්ධයේදී දැක්වූ නිහඬ ක්‍රියා කලාපය දැන දැනම රේගාර් ටාගේරියන් ජේමි ලැනිස්ටර්ව මාළිගාවේ රැකවලට තබා ගියා. තමන්ගෙ පෙර බිරිඳ හා දරුවන් දෙදෙනා ළඟ. ඒ වගේම මානසික රෝගි වූ පියා ළඟ. එයට යම් කිසි විශේෂ හේතුවක් තිබුණා වෙන්න පුළුවන්ද? ඔහු සමස්තය වගේම දක්ෂම රැකවරණය දුන්නෙ තමන්ගෙ අලුත් බිරිඳට හා ඒ ලැබෙන්න හිටි දරුවාට බව නම් පොත වගේම කතා මාලාවත් ස්ථීර කරනවා. ඒත් මාලිගය මේ වගේ අනාරක්ෂිත අතකට බාර දීලා ගියෙ ඇයි කියලාද හිතන්නෙ? ඔයාලාගෙ අදහස් කියන්න.

  1. රේගාර් සහ පද්මරාග

රේගාර් ටාගේරියන් දැරූ සන්නාහයේ පද්ම රාග ඔහුගේ මරණයෙන් ගැලවී විසි වෙලා ඔහු මිය ගිය තැන ඉහිරුණාලු. ඔහුගෙ හිස කැබලි කැබලි වෙන්න රොබට් මිටියෙන් පහර දුන්නාලු. ඔහු මිටිය ඔසවන මොහොතේ රේගාර් ලියානා ගෙ නම නොනවත්වා කියමින් හිටියා කියලා සඳහන් වෙනවා. ඒකෙන් රොබට් තවත් කුපිත වුණාලු. රොබට් ලියානාට ආදරය කළා. ඇයව අයිති කරගන්න ආශා කළා. ඒත් ඒදවසත් රොබට් ඉතාම සල්ලාලයෙක් බව තමයි ලියානා නෙඩ් සමඟ කියා තිබුණෙ. රොබට් ලියානා හා විවාහ වූ දිනෙකත් ඒ දේවල් වෙනස් විය හැකි බව ලියානා අපේක්ෂා කළේ නෑ . ඒ ගැන හැරන්හෝල් තරඟාවලි සමයේදිත් ඇය තැවි තැවී හිටියා. ඒවන විට විවාහය ස්ථිර නිසා, බ්‍රැන්ඩන් ගේ විවාහයෙන් පසු ඇගේ විවාහයට දින නියම වී තිබ්බා. රේගාර් කෙරෙහි ලියානා හැබෑවටම ආදරේ කළේ ඔහු සතු කඩවසම් බවටම නොවේ. නිවුණු සොභාවයට.

  1. ඩැනේරිස් සහ රේගාර්

ඩැනේරිස් කිසි දිනෙකතවත් රේගර් දැක තිබුණේ නෑ. ඔහුගේ මරණයෙන් පසුවයි ඇගේ උපත සිදු වුණේ. වසර විසි දෙකක පමණක් වෙනසක් තිබුණු නමුත් මේ නොදුටු වැඩිමහල් සොහොයුරාට ඇය බොහෝම ආදරය කළා. එනිසා ඇගේ  පුතු රේගෝ ලෙස නම් තබන්නට ඈ තීරණය කළේ පුතා ඉපදෙන්නත් පෙරයි. එහෙත් අවාසනාවට ඔහු ඉපදුණේ නෑ. ඈ තමන්ගේ පළමු මකරා නම් කළේද? රේගාර් ගේ නමින්. රේගාල් යනු ඩැනේරිස්ට හිමිව තිබූ බිත්තර පිපිරීමෙන් උපන් වැඩිමහල් මකරායි. එහෙත් මකරු සිර කර තැබීමෙන් කුඩා වෙන නිසා ඩ්‍රෝගෝන් විශාල වුණ බවයි කියන්නෙ. කෙසේ වෙතත් නිරන්තරයෙන් ඈ තම සහෝදරයා ගැන තොරතුරු දැන ගන්න ආශා කළා. ඒ වගේම house of undying හී දීත් ඈ රේගාර් ගෙ දර්ශනයක් දකිනවා කියලා සඳහන් වෙනවා.

 

  1. රේගාර් ගැන මිනිස්සුන් ගේ ලැදියාව

රේගාර් ටාගේරියන් පිළිබඳව, ඔහුව දැන සිටි පුද්ගලයන් කතා කරන්නේ ඉතා යහපත් ආකාරයටයි. බැරිස්ටන් සෙල්මි රේගාර් ටාගේරියන්ට බොහොම ප්‍රිය කළා. ඔහු රේගාර්ගේ කලා කුසලතා පිළිබඳව ඩැනීට පවසන්නෙ ඉතා සතුටින්. ඔහු යහපත් කෙනෙක් බවයි බැරිස්ටන් සෙල්මිගෙ මතය වුණේ. ඔහු සටනේ අති දක්ෂයෙක් වුණත් යුද්ධයට අකමැති වූ බවයි බැරිස්ටන් පවා පැවසුවේ

 

  1. රේගාර් ටාගේරියන් සියල්ල දැන සිටියාද?

රේගාර් කුඩා කල සෑම් ටාර්ලිටත් වඩා වැඩි පොත් කාවෙක් ලු. ඒත් දවසක් එක පාරම එයා රණ ශූරයෙක් වෙන්න හිතුවාලු. ඉන්පස්සෙ තමයි රේගාර් ටාගේරියන් කියන ජනප්‍රිය හාදයා ගැන රට ලෝකය දැනගන්නෙ. පොත් කියව කියව හිටපු රේගාර් මෙහෙම සටන් කරන්න පටන් ගන්නෙ අහඹුවක් ලෙස නොවෙන්නත් පුළුවනි. සමහර විට ඔහු අනාගතයේ විය හැකි යැයි නිර්මාණිත සියල්ලම දැන සිටියා විය හැකියි. ඒ වෙනුවෙන් යම් සැලැස්මක් ඇතිව ඔහු වැඩ කළ බවත් ඔහු පිළිබඳව කතා කරන විට වැටහෙනවා. ඔහු සල්ලාලයෙක් නොවීත්, දෙවැනි බිරිඳකට ගියෙ තුන්වැනි දරුවෙක් වුවමනා නිසයි. ලියානා ස්ටාර්ක්ට ඔහු සැබෑවටම ආදරය කළා නම්, එය ගැටුමකින් තොරව කෙළවර කර ගැනීමට අදක්ෂ කමක් රේගාර්ට තිබ්බෙ නෑ. මේ හැම දේම ඔහු සැලසුම් කළා කියලයි බොහෝ අය කියන්නෙ.

කොහොම නමුත් රේගාර්ට තවමත් මුලු පාලනයටම බලපෑම් කළ හැකි මට්ටමක් තියෙනවා. සමහර විට රේගාර් මේ වනවිටත් ලෝකය බේරා අවසාන කරලා වෙන්න පුළුවන්. රේගාර් ටාගේරියන් කියන්නෙ හුඟක් අය කැමති ජෝන් ස්නෝ ගෙම චරිතයට ඉතාම සමාන ඒ වයසෙදිම වාගෙ මිය ගිය පිරිමියෙක්. හැබැයි රූපෙන්  ඔහු ජෝන්ට වඩා වෙනස්. ජොන් ගෙ සහ රේගාර්ගෙ සමානකම් නාට්‍ය හරහා මේ කාලෙ වැඩි වශයෙන් පෙන්වනවා.



 ඉතිං හෙට අපි තවත් වැදගත් වෙන කෙනෙක් ගැන කතා කරමු.  බයිස්කෝප් මංසලේ හැමටම ස්තූතියි කියන අස්සෙම, මේ ලිපි කියවන ඔයාලා හැමෝටම ස්තූතියි කියන්නත් අමතක කරන්නෙ නෑ.. තිසරට, රොයිලි අයියාට හා තරිඳු අයියාට ස්තූතියි.

නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා has 57 posts and counting. See all posts by නෙරංජි සුලක්ඛනා

23 thoughts on “රේගාර් ටාගේරියන් හෙවත් සල්ලාල නමින් සැඟව ගත් අපූර්ව ප්‍රේමවන්තයා

  • August 23, 2017 at 8:18 PM
    Permalink

    mata hitana vidihata raggar danagana ina ati (night king ) wa paradananm ice and fire combination akakin upadina kanakta vitari kiyal aka hinda aiy Lyanna Stark wa thoragana ati.
    Lyanna Stark (is ice) + rhaegar targaryen (is fire) = The Prince That Was Promised (jon snow)

  • August 14, 2017 at 1:59 PM
    Permalink

    thnqu akki

  • August 14, 2017 at 9:27 AM
    Permalink

    බොහොම ස්තූතියි

  • August 14, 2017 at 1:14 AM
    Permalink

    සැමී ඕල්ඩ් ටවුන් එකෙ පුස්තකාලෙන් රෙගා ටාග්රියන්.. අතින් ලියපු කතාවෙ පොතක් හම්බවෙයි කියල හිතෙන්නේ මට විතරද… සමහර විට සෑම්ගෙ සුඡාත බාවයත් ඔප්පු කරාවි….

  • August 14, 2017 at 12:41 AM
    Permalink

    eelaga epiya enakm kiyawnna mewwa thiyena eka loku deyk..,,
    nathnm sathiyk iwasanne koomayi.. 🙂

  • August 13, 2017 at 4:50 PM
    Permalink

    @මම අහිංසකයි
    ඒ වින්ටෆල් වල මැරුන යෝදයා නෙමෙයී ප්‍රකාරයට එපිටින් හිටිය වෙන යෝදයෙක්

  • August 13, 2017 at 4:46 PM
    Permalink

    නියම පෝස්ට් එකක් අක්කෙ

  • August 13, 2017 at 10:39 AM
    Permalink

    ara winterfell wala mala yodaya white walker kenek une kohomada ? . westeros wala puchchan nathi mini okkoma white walkersla wenawada ?

  • August 13, 2017 at 8:45 AM
    Permalink

    Ammo ela a.

  • August 13, 2017 at 8:45 AM
    Permalink

    තෑන්ක්ස් නෙරා මෙයා. කතාව බලනවට වඩා ලිපි කියවන්න ඇබ්බැහි වෙලා වගේ දැන් නම්
    සොරි ඈ කමෙන්ට් එහෙම නොකරනවට. අමතක වෙනවම නේ.රේගාර් ගැන නම් හොදටම පැහැදිලි වුනා. අර ටිරියන්ගෙයි ටාගෙරියන්ගෙයි අතර ඇති ජිල්මාට් එක ගැනත් පොඩ්ඩක් ලියන්නකො. ඒක ලිව්වේ නෑ නේද තාම. ගින්දර ඈ. ජය වේවා!!!

  • August 13, 2017 at 2:21 AM
    Permalink

    Oyage articles hamadam kiyawanawa,,, maru,,, eth ada thama comment ekak damme issarom … The song of the ice and fire meke sinhala translation ekak thynawa da?

  • August 13, 2017 at 1:27 AM
    Permalink

    නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  • August 12, 2017 at 11:14 PM
    Permalink

    Mad kings visions are messages from Bran. Bran seeing the definite win of Night King. ..So he want to burn everything

  • August 12, 2017 at 11:00 PM
    Permalink

    Thank you sis…

  • August 12, 2017 at 10:34 PM
    Permalink

    elama.my fav R

  • August 12, 2017 at 10:25 PM
    Permalink

    godak asawen me lipi kiyawanne..godak thaaaaanks

  • August 12, 2017 at 10:12 PM
    Permalink

    niyamai niyamai..eka episode ekak balala anith eka balanna kalin GOT kathawe godak missed wechcha dewal danaganna puluwan dan..niyamai supirima lipi set ekak..Jayen jaya….!!!!

  • August 12, 2017 at 9:34 PM
    Permalink

    Aasama lipi oyage ewa thamai.hamadaama kiyawanawa mis nokara

  • August 12, 2017 at 9:27 PM
    Permalink

    බොහොම ස්තූතියි ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!

  • August 12, 2017 at 8:38 PM
    Permalink

    ela kiri……….
    thank you sis…………

  • August 12, 2017 at 8:27 PM
    Permalink

    superbbb akkiyoooo

  • August 12, 2017 at 8:16 PM
    Permalink

    Thanx akke.. mma godak asawen oyage lipi qyawanne.. super..

  • August 12, 2017 at 7:59 PM
    Permalink

    Niyamai akke aluth dewal danagaththa digatama liyanna jaya wewa !! Thanx

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!