මෙතෙක් ඔබ ඇසූ ප්‍රශ්න වලින් මා දුටු ප්‍රශ්න වලට පිළිතුරු හෙවත් Q and A Session
ඉතාම කෙටි විචාරයක් එපි තුනේ හාඩ් රිවිව් එක විදිහට දුන්නාට සමාව ඉල්ලනවා. හතර එපියෙ එක විශාල වශයෙන් ලියන්න වෙලාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. මම තුන්වෙනි එපියෙ විග්රහ කරන්න බැරි වුණ දේවල් ගැනත් මේ ප්‍රශ්න උත්තර සටහනේ සාකච්චා කරන්නම්.
1.හිස කෙස් වල ස්වරුපය පාට වගේ දේ එකක් ඔවුන් අයිති වංශය ගැන අදහස් කතාව පුරාම තියනවා. අපි දැකල තියන ටගේරියන් වරුන්ගේ කොන්ඩේ කහ පාටයි.එත් ජෝන් ස්නොව්ගෙ කොන්ඩේ කලුයි.ඒ ගැන ඔයාගේ අදහස මොකද්ද නෙරන්ජි.. (රකිත)
මගෙ නම නෙරංජි ( ඒක වැරදියට කිව්වාම මට) ( 👿 ). හිස කෙස් වල වංශෙ කබල් ගාන්න ගිහිල්ලා තමයි නෙඩ් ස්ටාර්ක් ගෙ බෙල්ල ගහලා ගියෙත්. මතකද? ඔයා හරි අපි අහලා තියෙන්නෙ ටාගේරියන් වරුන්ට රිදී පැහැ කෙස් තිබ්බා කියලා. වචනය කහ නෙවෙයි. රිදී පාට. සරලවම සුදු පාට කිව්වත් හරි. හැබැයි ජෝන් ගෙ කලුයි. සරලවම මෙහෙමයි. ඇයි බ්‍රැතියන් කොණ්ඩ කලු වෙන්නෙ. ලැනිස්ටර් බිරිඳකට හෝ මොන යම් වංශයක බිරිඳකට බ්‍රැතියන් වරයෙක්ට දාව දරුවෙක් උපන්නොත් ඇයි ඒ දරුවාගෙ කොණ්ඩෙ කලු වෙන්නෙ. ඒ තමයි බ්‍රැතියන් ජාන වල ප්‍රබල කම. හැබැයි ටාගේරියන් ජාන විරලයි වගේම ඒ තරම් ප්‍රබල නෑ. ස්ටාර්ක් ජාන හරි ප්‍රබලයි. ජෝන්ට පිහිටන්නෙ ස්ටාර්ක් රූපයක්. ඒක පැහැදිළිවම සඳහන් වෙනවා. රොබ් ස්ටාර්ක් ට තිබ්බෙ ටලී වරුන්ගෙ හුරුව. සන්සා ට තියෙන්නෙ , බ්‍රැන්ට තියෙන්නෙ, රිකොන්ට තිබ්බෙ ටලී හුරුව. පවුලෙන්ම ස්ටාර්ක් රූප තිබ්බෙ දෙන්නෙක්ට විතරයි. ඒ ආර්යා සහ ජොන්. මේ කාරණාව තමයි කැටලින්ගෙ හිතට වද දුන්නෙත්. කැටලින් විවාහ කරගන්න හිටපු බ්‍රැන්ඩන්ගෙ තරුණ අවධියට හුරු රූපකායක් තමයි ජෝන්ට තිබ්බා කියලා අනුමාන කෙරෙන්නෙ. කොටින්ම නියම ස්ටාර්ක් රුව. ඉතිං ස්ටාර්ක් ට දාව හදපු ස්වජාත දරුවන්ට ඒ උතුරු රුව නැති වීම හැබෑවටම කැටලින් ව මානසිකව දුර්වල කළා. ඒකයි ජෝන් එක්ක වෛරයක් පවා නිර්මාණය කළේ. ඇයට තමන්ගෙ ස්වාමියා වගේ දරුවො හදන්න බැරි වෙද්දි, පිට ගෑණියක් එහෙම කළ එකට ආපු තරහට. ඉතිං කොහොම හරි, ස්ටාර්ක් ටලී ජාන වලින් ටලී ජාන ශක්තිමත් වුණාට, ටාගේරියන් ස්ටාර්ක් ජාන අස්සෙන් ස්ටාර්ක් ජාන හයියයි. ඒක තමයි දැනට ඒ ගැන කියන්න පුළුවන් දේ. ඔය ප්රශ්නය නිසා අලුත් තියරි පවා නිර්මාණය වෙලා තියෙනවා. ඒත් මං ඒවා ගැන විශ්වාස කරන්නෙ නෑ. දැනට මගෙ අදහස තමයි මං ඉහළින් දැක්කුවෙ.
2.මම ලිපියක දැක්ක tyrion lannister , targaryen කෙනෙක් වෙන්න පුලුවන් කියලා තිබ්බ.. මේ පිලිබඳව කතා මාලාවෙ යම් යම් hint ලැබෙන බවත් තමා තිබ්බෙ.. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද (කෙසර)
අපොයි පුළුවන්. කට්ටිය තියරි ගේන හැටියට හැමෝම ටාගේරියන් වෙලා ඉස්සරහට ඔයයි මමයිත් ටාගේරියන් වෙලා තමා කෙසර නවතින්නෙ . 😛 හරි මේ කතාව මෙහෙමයි. පොතේ ටිරියන් ෆිල්ම් එකේ ටිරියන්ට වඩා හරි වෙනස් කොටෙක්. කොණ්ඩය ඇස් පාට දෙකක්. මීට වඩා අමුතුයි. ටීවි කතාවෙත් ඒ වෙනස් කම් ඩිංගක් තියෙනවා. කොහොමත් ටිරියන්ට වාශේෂ මකර ආශාවන් ආකර්ෂණයන් තියෙන නිසා තමයි හුඟක් අය එහෙම හිතන්නෙ. ඒ වගේම මේ කතාවෙ නොපෙන්නපු, ඉතිහාස කතාවෙ තැන තැන මතුවෙන තව කතාවක් තියෙනවා. ඒ තමයි තමන්ගෙ නෑනා වන ජොවැන්නා ලැනිස්ටර් විවාහ කරගත් ටයිවින් ට දාව ඇගෙන් නිවුන් දරුවො ටයිවින්ට හමුවෙනවා. මේ වන විට ටයිවින් මෑඩ් කිං ගෙ හෑන්ඩ්. මේ දරුවො දෙන්නා ඉතා අඩු වයසෙදි දෙන්නාට දෙන්නා ලිංගිකව ආකර්ෂණය වී ඇති බව මුලින්ම දැනගන්නෙ ජොවැන්නා, ජොවැන්නා මේ දේ නතර කරන්න අවශ්‍ය නිසා නිතරම දරුවො ගැන අවධානෙන් කින්ග්ස් ලෑන්ඩිං වල නතර වෙනවා. ටයිවින් නිතරම ඉන්නෙ කාසලි රොක් වල. රන් පතල් වැඩ ගැන බලන්න යනවා. මේ අතරෙ ජොවැන්නාගෙ සුන්දර රූපයට වශීවු දෙවන ඒරිස් හෙවත්, මෑඩ් කිං ඇය සමඟ කරන කටයුතු වලින් ඈ ගැබ් ගත්තා කියලා විශ්වාසයක් තියෙනවා. ලැනිස්ටර් ලේ සහ ටාගේරියන් ලේ විකෘති වෙලා උපන්න මේ දරුවා නිසා තිභිරි ගෙයි දීම ජොවැන්නා මිය යනවා. ඒත් ටයිවින් මේක දැන හෝ නොදැන ටිරියන් ව ලැනිස්ටර් කෙනෙක් ලෙසම බලා ගන්නවා. ඔහුගෙ නම ටිරියන් වුණෙත් ටාගේරියන් යන්නෙන් බිඳිලා කියලා තමයි විශ්වාස කෙරෙන්නෙ. ඔහු ලැනිස්ටර් වරයෙක් වුණත් ටාගේරියන් වරුන්ට තියෙන බැඳියාව දැක්කාම එහෙම හිතන එක පුදුම නෑ.
අනු ප්රශ්නය : ඇයි කවුරුත් කියන්නෙ නැත්තෙ ටිරියන් ටාගේරියන් කෙනෙක් කියලා. ( ලහිරු)
තාම කාටවත් ඒ කාරණාව විශාල වැදගත් කමක් නෑ. ටිරියන් කියන්නෙ අයිස් හෝ ෆයර් නොවෙන නිසා. ඒත් ටිරියන් තමා මේ කතාවෙ ප්‍රධානම චරිතය. හැබැයි ටිරියන්ට ටාගේරියන් වුණා කියලා ලැබෙන්න හෝ නැතිවෙන්න දෙයක් නෑ. ඒ වගේම එයාගෙ ටාගේරියන් බව අනිවාර්යෙන්ම අවජාතකයි. නැතුව නීත්‍යානුකූල වෙලා නෑ කියලා අපි දන්නවා. ජොවැන්නා පැහැදිළිවම මැරෙන්නෙ ලැස්න්ටර් බිරිඳ විදිහට. ඒත් අපි ලියානා ගැන එහෙම මුකුත් දන්නෙ නෑ. ලියානාව හැබෑවටම රේගාර් බැන්දා වෙන්න බැරි කමකුත් නෑ. එහෙම නම් ජොන් කියන්නෙ නීත්‍යානුකූල ස්වජාත ඔටුන්න හිමි කුමාරයා. ඒකයි ජෝන් ගැන සැකය සහ කතාව වැඩි. හැබැයි එකෙන් ටිරියන් කතාවෙ ප්‍රධාන චරිතය වීම කියන කරුණ නැතිවෙන්නෙ නෑ.
3.දැනට වැලේරියන් කඩු කීයක් තියනවාද? (සහන්) (මධුක)
දැනට වැලේරියන් කඩු වලින් අපිට පෙනන්න තියෙන්නෙ මේ ආකාරයටයි. පළමුවැන්න ජොන් ගෙ ලොන්ග් ක්ලෝ එක, ඉන් පස්සෙ දැන් ජේමි ගෙ අතේ තියන ජොෆ්රිට අයත්ව තිබූ විඩෝව්ස් වේල් එක සහ ටයිවින් ජේමිට ලබාදී බ්රියෙන්ට තෑගි කළ ඕත් කීපර් ( මේ යුධ කඩු දෙක හැදුවෙ නෙඩ් ස්ටාර්ක් ගෙ අයිස් කියන සෙරමෝනියල් කඩුව දිය කරලා) හතරවැනි අපි දන්න කඩුව හාට්ස් බේන් කඩුව ඒක අයිති ටාර්ලි පරපුරටයි. ඒකත් සෙරමෝනියල් කඩුවක් වගෙයි. සමහරු විශ්වාස කරනවා මීරා අතේ තිබ්බෙත් වැලේරියන් කඩුවක් කියලා. ඩාක් සිස්ටර් කියන කඩුව තමයි ත්‍රී අයි රේවන් ගුහාවෙන් මීරා අරගත්තෙ කියලා. ඒ වගේම දැනට වැලේරියන් කිණිස්සක් තියෙනවා.. ඒක අයිති බේලිෂ්ට. ( බේලිෂ් බ්‍රැන්ඩන් ව මරන්න, සර්සි ගෙ ඉල්ලීමට ඒ වැලේරියන් කිනිස්ස මිනී මරුවාට දුන්නා. මිනී මරුවා සමර් අතින් මැරුණාම, තොරතුරු හොයා ගත් කැටලින් කිණිස්ස රැගෙන කින්ස් ලෑන්ඩිං යනවා. එහදි බේලිෂ් කියන්නෙ, ජොෆ්රිෙග උපන් දිනය දවසෙ ඔහු ටිරියන්ට ඒ කිණිසිය පරාද වුණා කියලා. ඒ නිසා තමයි සැකේ ටිරියන්ට යන්නෙ. මතකනෙ වුණ දේවල්.. කෙහොම හරි නෙඩ් ගෙ මරණයෙන් පස්සෙ ආයෙ ඔහු ඒ කිණිස්ස හංගා ගන්නවා. ) එය තාමත් ඔහු ළඟම සුරක්ෂාවෙන් තියනවා. අපි දැන ගන්න ඕනෙ අපි නොදැක්ක වැලේරියන් ලෝහ සන්නාහයකුත් තියෙන බව. ඒක තියෙන්නෙ යූරොන් ග්‍රේජෝයිට.
මධුකගෙ ප්රශ්නය වුණ ඩාර්ක් සිස්ටර් ගැන කිව්වානෙ. මං බ්ලැක්ෆයර් ගැනත් කියන්නම්. සිටිඩෙල් වල ඉතිහාසයෙ දන්න විදිහට ඔය කඩුව රෙබෙලියන් එකෙන් පස්සෙ එසෝස් වලට ගියා. තියන තැනක් දන්නෙ නෑ. මෝමන්ට් වරු ගාව තියෙන ලෝන්ග් ක්ලෝ එක මේ බ්ලැක්ෆයර් වෙන්නත් පුළුවන් කියලා තියරි මත පොඩි විශ්වාසයක් තියෙනවා. ඒ ඇයි දන්නවාද? මෝමන්ට් වරු පෞඩ වුණත් පුංචි උප නිවාසයක්. වැලේරියන් කඩුවකට හිමිකම් කියන්න තරම්ම ඒ අය ශක්තිමත් නෑ. අනික කඩු වල මිට මාරු කරන වැඩ මෝමන්ට් වංශෙට හොඳ පුරුදුයි. ඒ අය ඒකට සැලෙන පාටක් නෑ. මතකනෙ ජියෝ මෝමන්ට්, වළහාව මාරු කරලා වෘකයෙක් දැම්මා ජෝන්ට කඩුව තෑගි දෙද්දි.ඉතිං ඔය වගේ එසෝස් වලින් යම් විදිහකට මෝමන්ට් වරුන්ට මේ කඩුව ලැබිලා.. පාරම්පරික වස්තුවක් ලෙස රැක්කා වෙන්නත් බැරි නෑ.. කවර මාරු කර කර. ඕක තියරියක් පමණයි.
4. ජොන් ඩැනී කොහොමද බඳින්නෙ? (නැන්දා සහ පුතා නේද?) (කිහිප දෙනෙක්ම මේ ප්රශ්නය යොමු කරලා තිබ්බා)
ඒ දෙන්නා නීත්‍යානුකූලව නැන්දා සහ බෑණා තමයි. හැබැයි ඩැනී වයසින් ජොන් ට වඩා මාස කිහිපයක් බාලයි. එහෙම ගත්තොත් ජොන් ට ඈ නැගණියක්. ටාගේරියන් බ්ලඩ් ලයින් එකේ ඥාති විවාහය හරි ජනප්‍රියයි. ඉතිං ඇයි බැරි. ඒක කොහෙත්ම ප්‍රශ්නයක් නෙවෙයි. වංශයට හොඳක් යහපතක් මිස.
5. ඇයි ජොන් සහ සන්සා ආදරය කරයි කියලා කියන්නෙ? ( කිහිප දෙනෙක් තැන් තැන් වල ඇහුවා)
ජොන් ටාගේරියන් කෙනෙක් කියලා අපේක්ෂා කරනවා. සන්සාට තියෙනවා විවාහ ලැයිස්තුවක්. බ්‍රැතියන් , ටයිරෙල්, ලැනිස්ටර්, බෝල්ටන් විදිහට. සන්සා ස්ටාර්ක් කෙනෙක් . රෝදෙ කැරකෙන විදිහටයි සන්සාගෙ විවාහය පෙරළෙන්නෙ . ඉතිං මේ සන්සාගෙ තවම පෙරලෙන විවාහ රෝදයෙ නම් ලැයිස්තුවෙ මුල් පෙළේ වංශ වලින් ඇයව විවාහ කරගන්න දැනට ඉතිරිව ඉන්නෙ ටාගේරියන් ලා විතරයි. ඉතිං ජොන් ටාගේරියන් කෙනෙක්නෙ. 😀 බය වෙන්නෙපා. ඔයාලා ඔච්චර සන්සාට අකමැති නම් මං ජොන්ට ජෝර්ජ් ආර් ආර් මාටින්ගෙ වයිෆ් ව සෙට් කරලා හරි ජොන් ව බේර ගන්නවා. හැබැයි ඉතිං ටිරියන් ටාගේරියන් කෙනෙක්ට ඔට්ටුයි කියලා අපි හිතුවොත්, පස්සෙ සන්සාව බඳින කෙනා ලැනිස්ටර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ජේයිමි ලැනිස්ටර් වගේ. ඔයාලා ඒකටත් අකමැති නම් අපි බලමු මක්ක හරි කරන්ඩ.. ( කඳුළු පනින සිනා)
6. රෙගාර් ඩැනීගේ අයියානම් කොහොමද රෙගාරුයී ඩැනී අතර ඔච්චර වයස් පරතරයක් එන්නේ?රෙගාර් කියන්නේ ඩෑනීගේ අම්මාගේම පුතෙක් නෙමේද? (ඩෙත්ස්ට්‍රෝක්)
නෑ රෙහ්ලා ටාගේරියන් කියන ඒරිස් ගෙ සිස්ටර් වයිෆ් තමයි රේගාර් ගෙත් අම්මා. තමන්ගෙ නමට ඉතාම කිට්ටු නමකින් තමයි ඈ තම ලොකු පුතාව නම් කරන්නෙ. රෙගාර් ඉපදෙන දවසෙ තමයි මතක විදිහට ඔහුගෙ සීයා වූ ඒගොන් ගෙ මරණය වෙන්නෙ. රේගාර් ඉපදෙන්නෙ මහ පොළව උඩ. ඔහුගෙ මාලිගාව (සමර්හෝල්) ඔහු ඉපදෙන මොහොතෙ ගින්නෙන් දැවී යනවා. ඔහු උපන් දවසෙ තමා ඔහුගෙ පියා රජ වෙන්නෙත්. සීයා මැරෙන නිසා. ඉන් වසර ගණනකට පස්සෙ තමයි විසේරිස් ඉපදෙන්නෙ. කොටින්ම රේගාර් විවාහ වෙන කාලෙදි. හැබැයි.. ඒත් රෙහ්ලාට ම තමා. ඒරිස් එච්චර හොඳ සම්බන්ධයක් තියෙන්න නැහැ ඈ එක්ක. ඔහු පිස්සු වැටුණෙ ජොවැන්නාටනෙ. විසේරිස් ඉපදිලාත් හතකට පස්සෙනෙ ඩැනී ඉපදෙන්නෙ.. කාලසීමාව වැඩියි.. ගැප් තිබ්බාට එක අම්මා කියලා තමයි GOT ඉතිහාසය confrim කරන්නෙ.
7. ජෝන් ටාගේරියන් කෙනෙක් වුනොත් එයාවත් ගින්නට පිච්චෙන්නේ නැද්ද ඩැනී වගේ… (ජනිත්)
ජෝන් ව වරක් පිළිස්සුණා. පළමු සීසන් එකේ ජියෝ මෝමන්ට් ව වයිට්ගෙන් බේරගන්න අවස්ථාවෙ. හැබැයි ඒක පිළිස්සුමක්ද? ඔහුගෙ කෑගිසීමක්ද කියන්න දන්නෙ නෑ. හැබැයි ඔහු වයිඩ් ලිං යුද්ධයේදි ගිනි ගොඩට වැටුණ වෙලේ පිච්චෙන්නෙ නෑ. හැබැයි ඉතිං ක්ෂණිකයක් නිසා ඒක ගණන් ගන්න අමාරුයි. විසේරිස් ව ඩැනී මරා දැම්මෙ, ඩිරෙක්ට් ගින්නෙන් නෙවී.. ඔහුගෙ ඔලුවට දැම්මෙ උණු කළ ලෝහ. ඉතිං හැබෑවටම කියන්න අමාරුයි විසේරිස් වුණත් ඩිරෙක්ට් ෆයර් වලට නොපිළිස්සී ඉන්න පුළුවන් කමක් තිබ්බ කෙනෙක් ද කියලා. හැබැයි විසේරිස් කෝම වෙතත් ජෝන් කියන්නෙ සියයට පනහක් ස්ටාර්ක් නිසා… පිච්චෙයි කියලා ඔට්ටු තියත හැකි.
8. තෙ ඇස් ද්‍රෝණ කාකයා යනු කවුද? (අමල්ක හිමේෂාන්)
ඒ කෙනාට පුළුවන් සියලුම දේ දකින්න. අතීතය වර්තමානය අනාගතය. එයා මියෙන්න ඉස්සර , එයා තෝරා ගත් පුද්ගලයෙක්ට ඒ සාස්තරය දෙනවා. ඒක හැමෝටම ගන්න බෑ.. සත්තුන්ට ආවේශ වෙන කෙනෙක් පමණයි ඒ තනතුර පුහුණුවට සුදුසුකම් ලබන්නෙ. සරලවම ඒ තත්වය ලබද්දි, නිර්වාණය වගේ කියලා පෙන්වන්න පුළුවන්. ආශාවල් තණ්හාවල් නැති වෙනවා. ආදරය පවා නැහැ. හැම දේම මැදහත්. සිත් රිදීමක් පවා නෑ. බ්‍රැන් ත්‍රී අයි රේවන් වුණ මොහොතෙ සංකේතයක් ලෙස තමයි සමර් කියන බ්‍රැන්ට අයත් වෘකයා මිය ගියෙ. එයින් සංකේතවත් කරන්නෙ බ්‍රැන් ස්ටාර්ක් නම තිබ්බාට ස්ටාර්ක් වංශය ඉදිරියට ගෙනයන්නා නොවන බවයි. ඒකයි සන්සා බ්‍රැන්ට “ ඔයා නෙඩ් ගෙ සිවජාත දරුවා නේද“ කියලා පැහැදිළි කරද්දි, බ්‍රැන් ඒක තකන්නෙ නැත්තෙ. ඒ වගේම සන්සාට ඉදිරියෙ වීමට නියත දේවල් ගැන යම් දුකක් හා ඇය කිරීමට නියමිත යමක් ගැන කලකිරීමකින් බ්‍රැන් පෙලෙනවා වගේ නේද?
දැනට මගෙන් ඇවිත් අහපු සහ මං දැකපු ( කවුරුත් හොඳ උත්තරයක් නොදුන්න බව හිතෙන) ප්‍රශ්න වලට මං උත්තර දුන්නා… තවත් ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මගෙ පෝස්ට් වලටම යටින්. ෂෙයාර් කරන තැන් වල ප්‍රශ්න ඇහුවොත් සමහර විට මට මඟ හැරෙයි. නැත්තම් Game of Throne- Srilanka group එකේ අහලා මාව ටැග් කළත්.. මං ඒකට අපේ බයිස්කෝප් මංසල හරහා පිළිතුරු දෙනවා. පොඩි දෙයක් නම් එතැනම කමෙන්ට් කරනවා. හරි.. එහෙම නම් හතර වෙනි එපියෙන් හමුවෙමු. ස්තූතියි දිරි ගැන්වීම් වලට. නිතරම බයිස්කෝප් මංසල එක්ක රැඳෙන්න. තරිඳු සහෝ ගෙ වීඩියෝ වගේම රොයිලි අයියාගෙ සබ් ටිකත් මතක ඇතිව බා ගන්න. ඒ වගේම මේ ලිපි මං ලිව්වාට, මේවා මහන්සියෙන් එළියට ගේන තිසර සහෝටත් ඔයාලා මතක ඇතිව ස්තූති කරන්න.
ඇත්තටම හිතාගන්න බෑ ඔයාලට මේච්චර දිග ලිපි ලියන්න කොහෙන්ද වෙලාවක් කියලා..කොයි තරම් ස්තූති කරත් මදි ඉතින්..දිගටම කරන් යන්න සුබ පතනවා..අපිට වටිනාවා මේ ලිපි ගොඩක්
ඇති යන්තම්..ජේමි සන්සා දෙන්නනම් හොදට ගැළපෙනවා(කදුලු පනින සිනා)
තව දෙයක් අහන්න තියෙනවා..4වෙනි එපියෙදි ආර්යාටත් වැලේරියන් කිණිස්සක් ලැබුනනේ…දැන් ජෝන්,සෑම්,ජේමි,බ්රියෙන්නා හැමෝම ලග වැලේරියන් ආයුධ තියෙනවා..හරියට නිකන් කතාව අවසාන වෙනකම් ඉන්න චරිත ටික අන්තිම සටනට සූදානම් කරනවා වගේ දෙයක් දැනූනා..එහෙම වුනොත් ඩැනී,සන්සා,බ්‍රෑන් ජීවත් වෙන් නැති වෙයිද..ඩැනීටනම් අර බෙරික් ඇවිල්ල හරි පණ දෙයි කියල හිතන්න පුළුවන් …අක්කට මොකද හිතෙන්නෙ?
මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ජෙමී ටයිරෙල් මාලිගාව අල්ලලා ආපහු එන්න ගත්ත කාලයත්, ඩොත්රාක් වරුන්ට වෙස්ටරොස් වටෙන් ඒ තැනට එන්න ගත වෙන කාලයත් ගැලපෙන්නේ නෑ නේද?
thanks for reply sister. 🙂 eth blackfyre eka longclaw eka kiyala mata hithenne naha.mokada longclaw eka house Mormonts eke five centuries thibba kaduwak kiyanwaane.aegon 1 awit thama 300 ganak neda mama hithanne eka nemi e nisa, mata dragon la dadgen son ta huruwennne komada kiyala therenne na?drogon ehema danita witharaine
control. the dread ehema aegon marunata passe awa ayat ekka fly kara kiyanawa egana danawanam poddak kiyanna dragon la intellgnt nisada? who knows 🙁 🙁 🙂
thanks akki
මම හිතන්නෙත් ටිරියන්ට මකර ලේ තියනවා. Meerenවල පිරමීඩය යට දංවැල් දාල හිටපු මකරුන්ව නිදහස් කරද්දි උන් ටිරියන්ට කිසි කරදරයක් කරේ නැහැ. ඩැනී හා සමාන ඉවක් උන්ට බිරියන් ගෙන් දැනෙන්න ඇති.
Last time azorai une kawda
Godak wadagath lipiyak.thanks a lot sis…keep it up..
Just one correction. Jaime Lannister does not have a valyrian sword, as his sward given to Brienne of Tarth. Joffrey’s sword taken by his brother, then after never mentioned who has it after Tommen’s death.
හපොයි typing error එකක්. සමාවෙන්න ඕන නෙරංජි 😀 .කොහොම හරි ගොඩක් ස්තුතියි උත්තර දුන්නට..
සීසන් 2කේ 10 වෙනි එපියෙදී සෑම් වයිට් වෝකර් කෙනෙක්ට අහු වෙලත් සෑම්ව මැරුවේ නැත්තේ ඇයි…..?
අක්කාගේ අදහස මොකක්ද ඒ ගැන
(s2×e10 – https://youtu.be/upDoPAVExjg)
පොඩී යෝජනාවක් තියෙනවා
මේ කමෙන්ට් කරන්න අර බයිස්කෝප් එකේ වගේ wordpress plugin එකක් හෝ facebook plugin හරි දාන්න.
පුලුවන් නම් ඇඩ්මින්ව දැනුවත් කරන්න ඒ ගැන
thank you
බොහොම ස්තූතියි අක්කේ ප්‍රශ්නෙට උත්තර දුන්නට.
ජැකන් හෙගාර් යළිත් එයිද?
බොහොම ස්තූතියි අක්කෙ
වයිල්ඩින්ස්ලා ලග අපි දැක්කා යෝධයො 3 දෙනෙක් ඉන්නවා season 6 වල එතනින් 2 නෙක් මැරෙනවා වෝල් එකේ නයිට්ස් වොච් යුද්දෙදි. අනෙක් එක්කෙනා මරුනා වින්ටෙර්ෆෙල් වල රම්සි ගෙ යුද්දෙදි. Season 7 වල පලවෙනි episode 1 වල දි පෙන්නනවා යෝධයො 3 දෙනෙක් White workers ලා වෙලා ඒ උන් තුන්දෙනාද ?
අනිත් එක දැන් Bran ඉන්නෙ වෝල් එකෙන් මෙහා පැත්තෙ වින්ටෙර්ෆෙල් වල. දැන් Night king ට ලේසියෙන් එන්න පුලුවන් නෙ වෝල් එකෙන් මෙහා පෑත්තට Bran අතේ තියෙන night king ge ලකුන නිසා ???
බෝම ස්තූති අක්කෙ.. මගෙ නම කේසර (ඒක වැරදියට කිව්වාම මට) ()
Thanks Akke
ආර්යා ගේ කඩුව (Needle) වැලේරියන් කඩුවක් නෙමෙයිද?