මාටින් ඔබ මැව් ලොව පුදුමයි!! පහන ළඟයි ආලෝකෙ දුරයි | දෙවන ට්‍රේලරයේ පසුවදන
බොහෝ දෙනා අප්‍රමාණ මනස කලම්බනයට පත් කරමින් දෙවැනි ට්‍රේලරය පෙරේදා මහ රෑනිකුත් වුණා. ඊයෙ දවසෙ, කට්ටියටම හිතන්න ඉඩ දීලා.. ඔන්න බයිස්කෝප් සිංහලෙන් අපි ලෑස්ති වෙනවා ට්‍රේලරය රසවිඳින්න. මුලින්ම ලිපිය පටන් ගන්න ඉස්සර රොයිලි අයියා හා තිසර මල්ලිව සිහිපත් කරන්න ඕනෙ. මොකද මේ ලිපි ඔයාලා අතට මෙහෙම ලස්සනට පත්වෙන්නෙ තිසර මල්ලි නිසා. ඒ වගේම සිංහල උපසිරසි මේ ටෙලිකතා මාලාවට අනාදිමත් කාලෙක සිට සපයන්නෙ අපේ රොයිලි අයියා. හරි.. දැන් අපි කෙලින්ම එනවා කතාවට
පටන් ගන්නෙ සන්සා ගෙන්. පූජනීය වෘක්ෂය අසලින් ඉවතට ගමන් කරන මේ රූප රාමුවේ ඇගේ මුහුණ දෙසට සහ ඇගේ ඉරියව් දෙසට ඔයාගෙ හිත යොමනවා නම් මං කැමතියි. ඒ ඉරියව්ව තුළ තියෙන්නෙ, මේ දැන් ඈ දැන නොගත යුතු, සංකාකූල දෙයක් තහවුරු කරගත්ත හෝ අලුතින්ම යමක් දැන ගත්තා වගේ ව්‍යාකූල බවක්.
මේක සරලවම කියනවා නං ෆුල් අඥ්ඥ පොරොස් සිටුවේෂන් මූණක්.
එතැන රූප රාමුවට නොපෙනුණාට බොහෝ විට, බ්‍රැන් ඉන්නවා වෙන්න පුළුවන්. ඈ බ්‍රැන්ගෙන් යමක් දැනගත්තා කියලා අපි උපකල්පනය කළොත් ඒ මොකක් වෙන්න පුළුවන්ද?
- පළමුවැන්න, සිය පියාගේ මරණයට බේලිෂ් ගේ සෘජු දායකත්වය.
- දෙවැන්න ජෝන් ස්නෝ යනු තම නැන්දණියගේ සහ රේගාර් ටාගේරියන්ගේ පුතා බව දැනීම.
- තෙවැන්න අනාගතයේ සිදුවිය හැකි හෝ වර්තමානයේ සිදුවන අනතුරක් දැන ගැනීම.
එක්කො ලිට්ල් ෆින්ගර්ගෙ යම් මෙහෙයවීමකින්, අතපෙවීමකින් මිදිලා ඈ අවිනිශ්චිත මුහුණකින් මෙතනින් පිටව යනවා නම්, ඔහු කිව්වෙ කුමක් වෙන්න පුළුවන්ද?
- පළමුවැන්න ජෝන්ගේ අනන්‍යතාව
- දෙවැන්න තමා හා විවාහ වීම හා ජෝන් ට ද්‍රෝහි වීමට ආරාධනා කිරීම.
කොහොම වුණත් මේ සන්සා සිටින මොහොත හරිම තීරණාත්මකයි. ඒ වගේම ඇගේ පසුබිමින් බේලිෂ් ගෙ හඬ අපට ඇහෙනවා. ඔහු ඇයව හදවතින් යුද්ධයකට පොළඹවන්න කරන උත්සාහයක් අපිට ඒ දෙබසින් ඇහෙනවා.
ඉන්පසුව තමන් පැමිණි නව රාජධානියේ සිරි නරඹන කලිසීව අපට හමු වෙනවා. ඒ අතරෙ, නගරයේ යම් ජන අධික තත්වයක් වාගේම අඳුරු කුටිය තුළ ඉන්න සර්සි අපිට පෙනෙනවා. මේ බොහෝ විට ග්‍රේජෝයි වරුන්ගේ පැමිණීම හා සිරකරුවන් සිටින අඳුරු කුටි වෙන්න පුළුවන්.
ඒ වගේම, ජෝන් කාසල් බ්ලැක් වලිනුත් උතුරට ගිහිං කියන කාරණාවත් ස්ථිරයි. ඔවුන්ට ඔන්නෙ වයිට් කෙනෙක් අල්ලාගෙන සමාන්‍ය ලෝකයට එය තරවුරු කිරීම වෙන්න පුළුවන්.
කොහොම වුණත් ගිය වර සංගීතය කලිසි ට හා සර්සිට ට්‍රිබියුට් කළාට, මේ පාර නම් ආර්යා සෑහෙන කොටසක් අයිති කරගෙන වගෙයි. එයින් පෙන්වන්නෙ, ඈ උපන් බිමට පැමිණීමේ අවශ්‍යතාවයයි.
ජෝන් විසින් ස්ටාර්ක් හා ටාගේරියන් වරු එකතු වී පොදු සතුරාට විරුද්ධව සටන් කිරීම ගැන කතා කරනවා. ශත වරුස ගණානාවක් පුරා දෙපාර්ශවය අතර මේ පිළිබඳව තිබූ එකඟතා පවා ඔහු මතක් කරනවා. මේ නිසා ජොන් ට අපහසු වන අවස්ථාවක එතැනට කලිසි පැමිණෙන්න බැරි කමක් නෑ.
බොහෝ යුද්ධ ඇතිවන්නට නියමිතයි. කාස්ටලි රොක් ටාගේරියන් වරු යටත් කර ගනීවි. මෙවර අපිට ජේමි ලැනිස්ටර්ව හැබෑ වීර සෙබලෙක් ලෙස දකින්නත් හැකි පාටක් පෙනෙනවා. කොහොම වුණත් යාරා සහ තියොන්ට නැවත වතාවක් වෙන් වෙන්න සිදු වීම පැහැදිළියි වගේම, ග්‍රේ වෝම් මරණීය තුවාලයකට හෝ මරණයට නැවත වරක් පත්වෙන බවට දර්ශනයකුත් මෙහි ඇතුළත්.
හුඟක් අය ඩෙරික් ගැන කතා කරන්න පටන් ගත්තෙ මේ ට්‍රේලරයෙන්. සමහරු හිතනවා ඔහු අසෝර් අහායි කියලා. අසෝර් අහායි වෙන එක ලේසි නෑ කියලා මං සම්පූර්ණ ලිපියකින්ම කියලා තියෙනවා. නමුත් ඩෙරික් මෙතන විශේෂයි. ඔහුට කෙනෙක්ට පණ දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔහු තමාගෙ ජීවන හුස්ම වෙන කෙනෙකුට දෙන්න වුණත් ඉඩ තියෙනවා.
බ්‍රැන් ගෙ කාර්යභාරයත් බොහාම විශේෂයි කතාව පුරා.. ඔහු තම නිවසේ සිට ජෝන්ගෙ මඟ පෙන්වන්නා වේවි. ඔය අතරෙ, තව සුන්දර අයියා මලෝ සටනකුත් බලන්න සූදානමෙන් ඉන්න. මවුන්ට් සහ හවුන්ඩ් එක්ක.
දැන් අපි යමු, අතර මඟ පුංචි කෑලි අතෑරලා හැමෝම සන්සා එක්ක කෝප අරන් තියෙන කොටසට.
“හිම වැටෙන විට, ශීත සුළං හමන විට, තනි වූණ වෘකයෙක් මැරුණාට. ඔහුගේ කල්ලිය ආරක්ෂා වේවි.“
මේ වචන කියන්නෙ සන්සා වීම නිසා බොහෝ අය හිතනවා ඔහු ජොන්ට ද්‍රෝහි වේවි කියලා. ඒත් මේ වචන සමහරවිට ඇය කියන්නෙ ලිට්ල් ෆින්ගර් ට වෙන්න පුළුවන්. ඔහුව මරා දමන්නට පෙර. ඇය ඇගේ පියාට සිදුවූ ඛේදවාචකය ඔහුට මතක් කරනවා වෙන්න පුළුවන්. සමහර විට සන්සාගේ රූපය ගත්ත ආර්යා වැලේරියන් කිණිසි තුඩ ලිට්ල්ෆින්ගර් ගෙ ගෙලට තියාගෙන මෙය කියනවා වෙන්නත් බැරි නෑ.
ඒ නිසා දැන්ම කාවවත් සැක කරන එක නුවණට හුරු නෑ. මොකද ලිට්ල් ෆින්ගර් ව විශ්වාස කරලා ජොන්ට ද්‍රෝහි වෙන්න සන්සාට අවශ්‍ය නෑ. සමහර විට, ඇගේ සිතුවිල්ල ජෝන් ව රැකීම වෙන්නත් පුළුවන්. අනික බ්‍රැන් වගේම ආර්යා පවා ජොන්ට ඉතාම ආදරය දක්වන අය. ජොන් කෙතානදි වත් තනි වෙලා නෑ.
විසේරියන් ජෝන්ව බේරන්න ගිහිං මැරෙයි කියලා සමහරු හිතනවා. ජෝන් ඉදිරියේ තියෙන ගිනිදැල් නිසා. එහෙම වුණොත් අයිස් පිඹින මකරෙකුත් කතාවට එකතු වෙයි. කොහොම වුණත්, ආර්යා නැවත වින්ටර්ෆේල් කරා පැමිණීම ගැන සතුටුයි. ඈ එයට යම් ආරක්ෂාවක් ගෙනේවි.
ටේලර් වල කොහෙත්ම නොපෙන්නපු සෑම් ගැනත් කියන්න දෙයක් තියෙනවා. ඔහු ජෝරාව සොයා ගෙන සිටිඩෙල් වලදි ඔහුව ඉක්මනින් සනීප කරලා මෙහෙයුමට එවනවා. ජොන්ට ජෝරා මුණ ගැසෙන්නෙ ඩ්‍රැගන්ස්ටෝන් වලදි. බොහෝවිට ජෝන්ට දෙන්න හෝ කියන්න සෑම් ගැන දේවල් තියේවි. ග්රෙන්ඩ්රි ගෙ පැමිණීම, ජෝරා සුවවීම වගේම සෑම් ගේ පර්යේෂණත් මේ කතාව පුරා තියේවි. තමන්ගෙ අප්පොච්චාගෙ කඩුව දිය කරලා හරි, වැලේරියන් වානේ නිර්මාණය කරන සාස්තරේ හොයා ගන්න සෑම් ට්‍රයි කරයි. කොහොම වුණත් සෑම් මේ කතාවට අති විශේෂයි. සමහර විට ජෝර්ජ් ආර් ආර් මාටින් තමන්ට කතාවෙ ඉන්න තියෙන ආශාව පිරිමහන්නෙ සෑම්ගෙන් වෙන්න පුළුවන්. කොහොමත් කතාව ස්ටාර්ක් වරුන්ට ආදරය හිතෙන්න ගලන්නෙ කාලෙකට පස්සෙ මේ කතාව ලියන්නෙ සෑම් නිසා වෙන්නත් පුළුවන්. අපි ආසා කරපු හොබිට් කතා මාලාවෙ වුණත් කතාව ලියන්න ඉතිරි කරලා යන්නෙ සෑම් කෙනෙක්ව, කියලා ඔයාට මතක ඇති.
සෑම් මොන විදිහට වැලේරියන් ලෝහෙ හොයා ගත්තත්, තව ප්‍රශ්නයක් තියෙනවා ඒ කඩු හදන්න හැමෝටම බෑ කියලා එක දවසක් ටයිවින් කියනවා. බොහෝවිට ග්රෙන්ඩ්රිට මේ ශාස්ත්රෙ පිහිටලා තියේවි. කොහොම වුණත්, උත්කෘෂ්ට කතාවක් බලන්න අපිට පුළුවන් වෙයි. මඟ හැරුණු තැන් හමු වුණොත් හෙට විතර ආයෙම, කතා කරමු.
ස්තූතියි
supiri bn
nice work sis
පට්ට පෝස්ට් එක
ela
ලිපියට ස්තුතියි.මොනා උනත් title එකනම් පට්ට.
ස්තූතියි ලිපියට
Thanks akke!!!
hammeeee ithnn!! june 15
thank you
Thanks..