Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 19

සින්දුවේ නම                                : Cheez Badi (ඔයා නම් පට්ටම කැල්ලක්)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය       : 1994
නව නිර්මාණය සිදුවූ වර්ෂය          2017
 
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට.  ඔන්න ඉතින් මේ පාර අරගෙන ආව සින්දුව ගැන කියනවා නම් මම හිතන්නේ ඔයාල කවුරුවත් හිතන්න නැතුව ඇති මේ ගීතයේ නව නිර්මාණයක් මේ විදියට එලියට ඒවි කියල.
 
ඔයාල ඔක්කොම දන්නවා නේ මෝහරා චිත්‍රපටය. එකෙත් තු චීස් බඩිහේ මස්ත් මස්ත් සින්දුව. අක්ශේ කුමාර්,  සුනිල් ශෙට්ටි සමග රවිනා තන්ඩන් රඟපෑමෙන් එකතු වෙන්නේ. ඒ ජනපිය ගීතය ගායනා කරන්නේ කවිතා ක්‍රිෂ්ණමුර්ති එක්ක උදිත් නාරායන්. විජු ෂාහ් කියන සංගීත නිර්මාණ ශිල්පියාගේ සංගීතයට ආනන්ද් බක්ෂි තමා පද රචනය කරලා තියෙන්නේ.
 
අන්න ඒ ගීතයේ නව නිර්මාණය තමා මම අද ඔයාලට හඳුන්වා දෙන්නේ. මේ නව ගීතය ඇතුලත් වෙන්නේ 2017 මාර්තු 17 තිරගත වෙන්න නියමිත Machine කියන හින්දි චිත්‍රපටයේ. මුස්තාෆා බුවර්මා සහ කියාරා අද්වානි කියන නවක නළු නිලි යුවලක් තමා මේ චිත්‍රපටයේ රඟපාන්නේ. පැරණි පද රචනයටම නව පදවැල් කොටසක් ශබීර් අහමඩ් එකතු කරලා තියනවා. නව සංගීත නිර්මාණය කොමල් ශිවන් ගෙන්. නව ගීතය උදිත් නාරායන් සමග නෙහා කක්කර් තමා ගායනා කරන්නේ.
 
ගීත දෙකම T-Series ආයතනය සතු වෙනවා.
 
ඉතින් මේවගේ ගීතයක් අරගෙන ඉක්මනටම ආපහු එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
 
 බුදු සරණයි.

 මෙන්න 2017 දී Machine චිත්‍රපටයට ඇතුලත් වීමට නියමිත අලුත් ගීතය

 

මෙන්න 1994  දී Mohra චිත්‍රපටයට ඇතුලත් පරණ ගීතය

 
 
G.A.P. Ranathunga (54 Posts)


2 thoughts on “Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!