කොමික්ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Marvel Iron Fist | අයන් ෆිස්ට් නොහොත් තරුණ මකරා

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ මාවල් කොමික් විශ්වයට එකතු වෙන අලුත්ම සමාජිකයා ගැන විස්තර ටිකක අරගෙන මංසලට ගොඩ වැදුනා. මාවල් සහ නෙට්ෆ්ලික්ස් නාලිකාව එකතු වෙලා කරගෙන යන සුපිරි වැඩේ ගැන කට්ටිය දන්නවනේ. කැප්ටන් ඇමරිකා, අයන් මෑන්, තෝර්, හල්ක් ආදීන් සිනමා තීරණය ආක්‍රමණය කරන අතරවාරයේ පහත පිළිවෙලට දෙවන පෙළ මාවල් වීරයින් රුපවාහිනය ආක්‍රමණය කළා.

  • ඩෙයාඩෙවිල් පළමු කතා මාලාව
  • ඩෙයාඩෙවිල් දෙවැනි කතා මාලාව
  • ජෙසිකා ජෝන්ස් පළමු කතා මාලාව
  • ලුක් කේජ් පළමු කතා මාලාව

ඉහත කතා පෙලට අලුතෙන්ම නිකුත් වෙන කතාව තමා “මාවල් අයන් ෆිට්ස්” කියන්නේ, ඉහත කතා මාලාවන් අති සාර්ථක වීම නිසාවෙන් එයාල ඔය කතාවන්ගේ ඉදිරි පියවරයන් වෙතත් යන්න සුදානම් බවයි ආරංචිය. කොයි කවුරුත් දන්නා ගේම් ඔෆ් ත්‍රෝන් චරිතයකට දායක වෙච්ච ෆින් ජෝන්ස් තමා අයන් ෆිස්ට් විදියට මාර්තු 17 වෙනිදා අපි හමුවට එන්නේ. එහෙමනම් බලමු දැන් මේ අලුත් සාමාජිකය කවුද කියල.

  • සැබෑ නාමය :
    ඩැනියල් තෝමස් රෑන්ඩ් කායි
  • ශරීර ස්වරුපය :
    උස අඩි 5 අඟල් 11ක් වන අතර නිල පැහැති ඇස්ද තඹවන හිසකෙස්ද සහිත වේ.
  • හඳුන්වන වෙනත් ආකාර :
    ඩෙයාඩෙවිල් (ව්‍යාජ ලෙස අනුකරණය කොට ඇත) | ජීවමාන ආයුධය | තරුණ මකරා
  • අනන්‍යතාවය :
    සිවිල් වෝ අතරතුර මැට් මර්ඩොක් ඩෙයාඩෙවිල් නිවන බවට පෙන්වීමට ඔහු ඩෙයාඩෙවිල් ලෙස පෙනී සිටි. කැප්ටන් ඇමෙරිකාගේ කණ්ඩායමට සහය දක්වන ඔහු එහිදී ව්‍යාජ අනන්‍යතාවයක් පෙන්වන අතර සිවිල් වෝ නිමවූ පසු නැවත ඩැනියෙල් ලෙස තම ව්‍යාපාර කටයුතු කරගෙන යයි.
  • පුරවැසිභාවය :
    ඇමරිකා එක්සත් ජනපද සහ කුං-ලූ දේශය (කුං-ලූ ගැන වෙනම පැහැදිලි කිරීමක් මෙම ලිපියේම දක්වා ඇත)
  • උපන් ස්ථානය :
    නොදනී
  • ඥාතින් :
    වෙන්ඩෙල් රෑන්ඩ් කායි – පියා, මියගොසිනි
    හෙදර් ඩන්කන් රෑන්ඩ් – මව (රිදී මකරා), මියගොසිනි
    මිරැන්ඩා රෑන්ඩ් – අඩ සොයුරිය (Death Sting – අයන් ෆිස්ට්ගේ සොයුරිය වන මැයද මාවල් කොමික් වීරවරියකි, නමුත් මෙම කතා මාලාවට සම්බන්ධ වන බව දැනගැනීමට හැකියාවක් නැත )
    යූ-ටි – හදාගත් මාමා
    ලෝඩ් ටුවාන් – පිය පාර්ශවයෙන් සීයා, මියගොසිනි
    ලේඩි මින්ග් – පිය පාර්ශවයෙන් ආච්චි, මියගොසිනි
    තෝමස් ඩන්කන් – මව් පාර්ශවයෙන් සීයා
  • කොමික් තුලින් කලඑළි බැසීම :
    Marvel Premiere #15 (1974)
  • සම්බන්ධ වූ කණ්ඩායම් :
    ඇවෙන්ජර්ස්
    හිරොස් ඔෆ් හයර්
    සික්‍රට් ඩිෆෙන්ඩර්ස්

  • අධ්‍යාපනය :
    කුන්-ලූන් හි උසස් පාසල් අධ්‍යාපනය
  • ජිවන වෘත්තීන් :
    රෑන්ඩ් මිචුම් හි හිටපු හවුල් අයිතිකරු
    ශරීර ආරක්ෂකයෙක්
    පෞද්ගලික පරීක්ෂකවරයෙක්
    පර්යේෂණ සහකරුවෙක්
    රණශූරයෙක්
  • හැකියාවන් :
    විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
    ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
    වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
    කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ එවයී භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
    ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” ( චි ගැන වෙනම පැහැදිලි කිරීමක් මෙම ලිපියේම දක්වා ඇත) භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගනිමේ හැකියාව පවතී.
    තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
    ඔහුට තම චි මගින් මාන අතර (Dimensions)සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.

කුං-ලූ දේශය නොහොත් අමරණීයන්ගේ දේශය

චීනයට අයත් ටිබෙට් දේශයේ තමයි මේ කුං-ලූ පෙදෙස පිහිටලා තියෙන්නේ. අතීතයේදී මකර ප්‍රහාරයන්ගෙන් (Dragon Chiantang) විනාශ වෙලා ගිය දේශයක් කොහොමින්හරි දිවි බේරගත්ත මිනිස්සු විසින් නැවත කඳු අතර ගොඩ නැගුව කොමික්වල පමණක් සඳහන් මිත්‍යා රාජධානියක් මේක. මෙහි තමයි ඩැනියල් අවුරුදු නමයේ ඉඳල හැදී වැඩෙන්නේ. ඩැනියල්ගේ පියා සහ මව ඩැනියල් සමග හිමාලය තරණය කරගෙන කුං-ලූ බලා යනකොට අනතුරකට පත්වෙනවා. මේ ගමනට පියාගේ ව්‍යාපාර සහකරුව වන හැරල්ඩ් මිචම් සහබාගි වෙනවා. කොහොමහරි අනතුරේදී වෙන්ඩෙල් රෑන්ඩ්ට මිචම් උදව් වෙන්නේ නෑ. ඒ ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම ඔහුට අරගන්න පුළුවන් වෙන නිසා. හිමාලයේ හිම කඳු අටහ්ර ඩැනියල් සහ ඔහුගේ මව හෙදර් තනි වෙනවා. වෘකයින්ගෙන් ඩැනියල්ව බේරගන්න ගිහින් හෙදර් මිය යනවා. ජිවිතේ බේරගන්න ඩැනියල්ව කුං-ලූ වැසියෙකුට හමුවෙනවා එයා ඩැනියල්ව යූ-ටි ලගට අරගෙන යනවා, එයා ගාව හැදෙන වැඩෙන ඩැනියල්ව ලෙයි කුංට බාරදෙනවා මාෂල් ආර්ට් උගන්වන්න. කුං-ලූ දේශයේ හැදෙන වැඩෙන එක ඩැනියල්ට වෙස් වලාගත්ත ආශීර්වාදයක් වෙන්නේ ඔන්න ඔහොම. අතීත කතාව ඔහොම වෙනකොට ඩැනියල් නැවත ඇමෙරිකාවට එනවා, ඒක තමා වර්තමාන කතාව වෙන්න යන්නේ…

  • “චි” ශක්තිය යනු ?
    මේක චීන සාම්ප්‍රධායික දෙයක්, හරියට නිකම් විශ්ව ශක්තිය එක්රැස් කරගෙන ඒකේ බලය පාවිච්චියට ගන්නවා වගේ. එක එක අයට එක් එක් ආකාරයේ චි හැකියාවන් තියෙනවා. ඩොක්ටර් ස්ට්‍රෙන්ජර් එකේදී දකින්න තිබ්බ දේ වගේ දෙයක්.
    රතු = බලය
    නිල් = ආරක්ෂාව
    කොළ/කහ = ඔහුගේ ප්‍රහාරක හැකියාව ඉහල නැංවීම.
  • සුළු ප්‍රමාණය = රතු රැස් වළල්ල, 20% ක පමණ ප්‍රමාණයක ප්‍රහාරක හැකියාව වර්ධනයක් ඇතිකරනවා.
  • සාමාන්‍ය ප්‍රමාණය = නිල පති රැස් වළල්ල, ඔහුට වෙන හානිය 20% කින් අඩු කරනවන.
  • ප්‍රබලතම ප්‍රමාණය = කොළ පැහැති රැස් වළල්ල, ඔහුගේ ප්‍රහාරක හැකියාව 50%කින් වැඩි කරනව..

I am the Iron Fist.
I hold back the storm when nothing else can.
— Iron Fist —

Author

9 thoughts on “Marvel Iron Fist | අයන් ෆිස්ට් නොහොත් තරුණ මකරා

  • ස්තූතියි ලිපියට ✨️
    ජය ✨️

    Reply
  • ela

    Reply
  • ela mcn….mekaeth sub deepn bn ikmantam …..jaya wewa

    Reply
  • හොඳ විස්තරයක්. ඔය කියන නිල් වර්ණය “ආරක්ෂාව” සම්බන්ධව නම් ඒ ශක්තිය බොහෝ දුරට war craft සිනමාපටයේ පෙන්නපු ඒ ශක්තියට සමාන ඇති.

    Reply
  • Ela bn saho.. godak sthuthei..

    Reply
  • නියමයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *