“-How I Met your Mother- ‘අම්මා හමුවූ හැටි…” නව වන සමයත් ඒවිද?

‘How I Met Your Mother (2005-Now)’ ටෙලි-කතා මාලාවෙහි රසිකයන්හට දන්වන්නට අප සතුව ඇති ආරංචිය එතරම් පැහැදිලි නියත එකක් නොවෙයි. කතාසමයන් 8ක් පුරා ගලා යන මෙහි මේ වනවිට විකාශය වන්නේ 8 වැනි සමයයි.

නිර්මාණකරුවන් මේ වනවිට කතාව ගොඩනංවමින් යන්නේ 8 වැනි සමයෙන් අවසානයක් දකින අතකට. නමුත් කතාවෙහි විකාශන අයිතිය හොබවන CBS නාලිකාව 9 වැන්නක් වෙනුවෙනුත් පෙරුම්පුරා ගෙන ඉන්න බවයි දැනගන්ඩ තිබෙන්නේ. Ted, Robin, Barney, Lily සහ Marshal සමගින් රසවත් වෙන කතාවේ අවසානය මෙවර සටහන් කරන්නට රචනාකරුවන් සහ නිර්මාණකරුවන් උත්සුකව බලා හිටියට CBS’හි අදහස තවත් වසරක් තෙක් දිගු කරන්නයි. නිර්මාණකරුවන් වන Craig Thomas සහ Carter Bays කොයි පැත්තට කතාව හරවන්ඩද කියන එක දැනගන්ඩ තමන්ට අවශ්‍යයි කියල ඉල්ලීම් දැනටමත් කරලලු.

CBS-ලට තවත් හිස් ඉඩක් ඇති වීමේ ඉඩ වළක්වගන්ඩ මේක ගැන නිසි තීරණයක් ගන්ඩ වෙන තත්ත්වයක් තිබෙන බවක් කියවෙන්නේ. නමුත් පරණ පිරිසම එක්කාසු කරගන්ඩ පොඩි පොඩි අපහසුතා නැතිවමත් නෙමේලු. Jason Seagalට ලැබිල තිබෙන කාර්යබහුල සිනමා දින යෙදීම් එක්ක ඔහුනම් එන්ඩ අදි මදි කරනවලු. නමුත් කොහොමින් හරි අසුපුරුදු පිරිසම එකතු කරගන්න උත්සාහය අත්හරින්ඩ මේ පිරිස සූදානම් නෑ. කොහොම වෙතත්, ලබන වසරේ මෙහි 9 වැන්නක් එනවනම් මෙවර විකාශය වෙමින් තිබෙන 8 වැන්න අවසානයේදී ඊට පසුබිම සැකසෙයි කියලයි හුඟ දෙනෙකුගේ විශ්වාසය. තවමත් හරියට නිවැරදි තීරණයක් නැති නිසා මේ ගැන ඔවුන් විසින්ම දැනුම් දෙනකම් ටිකක් ඉවසන්ඩ වෙන එකනම් දරාගන්ඩ වෙයි රසිකයින්ට.

උදා (217 Posts)


One thought on ““-How I Met your Mother- ‘අම්මා හමුවූ හැටි…” නව වන සමයත් ඒවිද?

  • November 29, 2019 at 8:03 PM
    Permalink

    Me subtitles download karannekohomada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!