Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 4

  • සින්දුවේ නම                               : Kala Chashma (කළු කණ්නාඩි පැළඳගෙන)
  • මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය       : 1996
  • නව නිර්මාණය සිදුවූ වර්ෂය          : 2016
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් මේ සතියේ ඔයාලට හඳුන්වාදෙන ගීතය. මේ ගීතය තමා මේ වසරේ වැඩිම යු ටියුබ් නැරඹුම් ප්‍රමාණයක් වාර්තා වෙන හින්දි ගීතය වෙන්නේ. ඉතින් සමහර විට ඔයාල මේ නව ගීතය දැනටමත් බලලා ඇති. ඒ උනත් ඔන්න මම ඔයාලට මේකේ ඉතිහාස කතාවත් අරගෙනම ආව බලපු නොබලපු ඔක්කොටම අලුත් විදියට රස විඳින්න.maxresdefa424ult
කාලා චස්මා කියල ජනප්‍රිය වෙච්ච මේ ගීතය ඇත්තටම මුලින්ම එලි දකින්නේ පන්ජාබ් විවාහ උත්සව වල ගායනා කරන සින්දුවක් විදියට 1996 දී. ඒ අමීර් අසිරී කියන ගායකයා විසින්. ඔහුගේ වචනවලින්ම කියනවා නම් ඒ කාලේ ඔහුට මේ ගීතය ගායනය වෙනුවෙන් මුදල් වත් ලැබී නැ. පදවැල් කුමාර් කියන කෙනෙක් සහ අමීර් විසින් නිර්මාණය කර තියන අතර සංගීතය නිර්මාණය කර ඇත්තේ අමීර් සමග ප්‍රේම් හල්දිප් විසින්. පසුව ඔහු එය ඔහුගේ 2005 වර්ෂයේ එලි දැක්වූ ගීත ඇල්බමයට ඇතුල් කර තියනවා. 2005 දී කම් දිලාන් කියන කෙනෙක් තමා නව සංගීත සංයෝජනය කරලා තියෙන්නේ.
ඉතින් මේ ගීතයට නව පණක් ලැබී වසරේ වැඩිම නරබුම් ප්‍රමාණයක් ලැබීමට තරම් ජනප්‍රිය උනේ 2016 වසරේ තිරගත වූ බාර් බාර් දේකෝ කියන චිත්‍රපටයට ඇතුලත් කර ගැනීම නිසා. සිද්දාර්ත් මල්හෝත්‍රා සහ කට්‍රිනා කයිෆ් ගේ නර්තනය මේ ගීතයේ ජනප්‍රිය බව වැඩි කිරීමට හේතුවක් උනත් ගීතයේ තනුවෙහි ඇති රිද්මය මෙය ජනප්‍රිය වීමට වැඩි හේතුවක් උනා කියලයි ඉන්දියාවේ විචාරකයෝ කියන්නේ. කොහොම නමුත් අම්රික් තල්වානි මෙහි පැරණි පදවැල් නව සංස්කරණයක් ලෙස සකස් කර තිබුනත් පැරණි පදවැල් බොහෝ ප්‍රමාණයක් ඒ අකාරයෙන්ම තියනවා කියල කියන්න පුළුවන්. මෙහි රැප් කොටස බාද්ශා කියන ඉන්දියානු රැප් ගායකයා විසින් ලියා තියන අතරේ එම කොටස එයා විසින්ම ගායනය කරනු ලබනවා. නව සංගීතය අර්මාන් මලික් විසින් කර ඇති අතරේ ගායනය සඳහා පැරණි ගිය ගායනය කරන ලද අමීර් අසිරී සහබාගි වීමද විශේෂයක්. ඊට අමතරව නෙහා කක්කර් සහ ඉන්දිප් බක්ෂිද ගායනයෙන් දායක වෙනවා. ගීත ඇල්බමයේ හිමිකාරත්වය Zee Music Company ආයතනය සතුවෙනවා. මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට මෙම ගීතයේ යු ටියුබ් නැරඹුම් ප්‍රමාණය 121,806,190 වෙලා තියනවා.
ඉතින් මේ ලස්සන ගීත දෙකම නරඹන්න කියල ආරාධනා කරන ගමන් ලබන සතියෙත් මේ විදියට අලුත් ගීතයක් හඳුන්වා දෙන්න එනවා කියන පොරොන්දුව දෙමින් සමු ගන්නම්.
බුදු සරණයි.
මෙන්න 2016 දී බාර් බාර් දේකෝ චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය
[youtube]https://www.youtube.com/watch?v=k4yXQkG2s1E[/youtube]
මෙන්න 2005 දී නිර්මාණයවුණු වීඩියෝව
[youtube]https://www.youtube.com/watch?v=K2R8qOvDdoM[/youtube]
G.A.P. Ranathunga (54 Posts)


One thought on “Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!