අමරණිය වෘක මිනිසා – වුල්වරින්
සම්පුර්ණ නම : ජේම්ස් හොවෙල්ට්
වෙනත් නම් : ලෝගන්, වුල්වරින්
උපන් වර්ෂය : 1880 ගණන්වල
උපන් ස්ථානය : කෝල්ඩ් ලේක්, ඇල්බ්‍රේටා, කැනඩාව
උස : අඩි 5 අඟල් 3
බර : ස්වභාවික බර කිලෝ 88 වන අතර පසුකලෙක විද්‍යාත්මක පරීක්ෂණයකින් ඇඩ්මෙන්ටියම් ලෝහය ශරීරයට එකතුකළ පසු බර කිලෝ 137කි.
X – Man කණ්ඩායමේ වයසකම සාමාජිකයන්ගෙන් කෙනෙක් වෙන ලෝගන් එහෙම නැත්නම් වුල්වරින් හැඳුනුම්පතක් සකස් කලොත් එහි තියෙන්න පුළුවන් ඔන්න ඔය මම කලින් සඳහන් කල තොරතුරු තමයි. දැන් ඔයාල බලනවා ඇති මම ඇයි මේ එකපාරට වුල්වරින් ගැන තොරතුරු කියන්නේ කියල. ඒකට හේතුව තමා තව මාස පහකින් ඔයාලට දක්නට ලැබෙන චිත්‍රපටයක් ගැන මුලිකව හඳුන්වා දීම. ලෝගන් විදියට නම් කරලා තියන ඒ චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය එළිදැක්වීම තමා මේ කරන්නේ. කතාව ගැන තාම දන්නේ නැ. ඒ උනත් මම වුල්වරින් ගැන නොදන්නා අයට එයා ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.
එක්දහස් අටසිය අසු ගණන්වල මැද බාගේ තමා වුල්වරින් ජේම්ස් හොවෙල්ට් නමින් ඉපදෙන්නේ. පවුලේ බාලයා වන ජේම්ස් ට ඉන්නවා වික්ටර් කියල සහෝදරයෙක්. එයා වඩා ප්‍රසිද්ද සයිබර්ටුත් කියන නමින්. මෙයාල දෙන්නම අපසාරින්. දෙදෙනාටම වෘක ගති තියන අතර ජේම්ස් ගේ විශේෂ ලක්ෂණය තමා කෝප වීමකදී හෝ බිය වීමකදී පිටි අල්ලෙන් උල් තුනක් ලෙස ශරීර කොටසක් වර්ධනය වීම ( ඇට සැකිල්ලෙන් ). පසු කලෙක ඔහු මෙය පාලනය කරගෙන අවශ්‍ය අවස්ථාවට පමණක් ඒවා ලබා ගන්න හුරුවෙනවා. ඇත්තටම ජේම්ස් ගේ වාසගම හොවෙල්ට් උනත් පසුව දැනගන්නවා ඔහුගේ සැබෑ පියා මවගේ ස්වාමිපුරුෂයා වන හොවෙලට් නොව නිවසේ වතු පාලකයා වන තෝමස් ලෝගන් බව. ඒ හින්ද තමා ජේම්ස් හොවෙල්ට් ලෙස නොව ලෝගන් ලෙස ප්‍රසිද්ද වෙන්නේ. ඒ කෙසේ උනත් වුල්වරින් අතින් පළමුවම මිය යන්නේ ඔහුගේ සැබෑම පියා. ඒ හදිසි කෝපය හින්ද වෙන අත්වැරදීමකින්. එතනින් තම වැඩිමල් සහෝදරයා සමග ගෙදරින් පැනලා යන ලෝගන් තනියම ජිවත් වෙනවා. ලෝක යුද්ද දෙකටම, සහ පැවති යුද පෙරමුණු බොහෝ ගණනකට කැනඩාව වෙනුවෙන් සටන් වැදීම මේ සහෝදරයන් දෙදෙනා කරනවා. ලෝගන්ට තියන විශේෂම බලයක් තමා තුවාල ඉක්මනින් සුවවීම. ඉතින් එයා මරාදැමීම කිසිසේත් නොකළ හැකි දෙයක් කියල තමා කියන්නේ.
පළමු කැනඩා පැරිෂුට් බලකායේ දෙවන ලෝක යුද්දය අවසන් වෙනකම් සටන් කරන මේ ලෝගන් පසුව CIA සංවිධානයේ සාමාජිකයෙක් වෙනවා. ඔවුන් සමග Team X, a black ops වැනි හමුදා බට කණ්ඩ වල සේවය කරන ලෝගන් ගේ ජීවිතය වෙනස් වෙන්නේ කැනඩා ආරක්ෂක අමාත්‍යංශයේ රහස් ආයුද නිර්මාණ වැඩපිළිවලක් වෙන Weapon X වැඩසටහනට රැවටිමකින් යොමුවීම හින්ද. කොහොම හරි ඇඩ්මෙන්ටියම් ලෝහය ශරීරයට ඇතුල් කිරීම හින්ද ලෝගන් ට අසාමාන්‍ය ශරීර ශක්තියක් ලැබෙන අතර ඇට සැකිලි පද්දතිය සම්පුර්නම ලෝහ බවට පත්වෙනවා. ඉතින් තුවාල කර නොහැකි කෙනෙක්ට මේ වගේ ශරීරයක් සහ ශක්තියක් ලැබුනොත් ඉතින් කියන්න දෙයක් නැනේ එයා කවදාවත් පරාද කරන්න බැරි බව. ඒත් මේ පරීක්ෂණයේ අතුරු විපායක් විදියට මතක ශක්තිය නැති වීම සිදුවෙනවා. ඒ වගේම මෙතැන් සිට වුල්වරින් නමින් තමා මෙයා පෙනී සිටින්නේ. ඒ තමාගේ දිර්ගකාලින පෙම්වතිය ඔහු හඳුන්වපු ආකාරය.
මෙතරම් ශරීර ශක්තියක් තිබ්බත් වුල්වරින් සැඟවුණු දුක්ඛිත ජිවිතයක් තමා ගෙවන්නේ. ඒකට හේතුව ඔහුගේ මනසේ තිබෙන වෘක ගතිගුණ. ඒකියන්නේ අතිශය දරුණු චරිත ලක්ෂණ. තව දෙයක් සිහිනයෙන් බයවීම වැනි අවස්ථාවක් වලදී අතෙන් පැමිණෙන උල් මගින් ඔහුගේ පෙම්වතියන් කිහිපදෙනෙක්ම නිදි ඇඳේම මියයාම හින්ද කොපමණ ආදරය කලත් පසු කලෙක එයාගේ පෙම්වතිය සමග එක ඇඳේ නිදා ගැනීමට ඔහු අකමැත්ත ප්‍රකාශ කරනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අප්‍රසිද්දියේ තනියම ජිවත් වෙන්න ප්‍රියකරන ඔහු පසුකලෙන චාර්ල්ස් එග්සෙවියර් ගේ X – Man කණ්ඩායමට ඇතුලත් වී ලෝකය ගලවා ගැනීමේ කටයුතු වල යෙදෙනවා. අවසානයේ ඔහුට තියන තුවාල, රෝග සුවවීමේ බලය නැතිවීම හේතුවෙන් නැවතත් Weapon X පරීක්ෂණයට මුහුණ දෙන අතරේ සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් වන සංකුලතා වලින් එයා මිය යනවා. ඒ උනත් කෙසේ හෝ එයාගේ ජාන සුරක්ෂිත වෙනවා Weapon X විද්‍යාගාරයේ.
ඔයාලට මේ කියවපු මියයන කොටස හැර සම්පුර්ණ කතාව බලාගන්න පුළුවන් X-Men Origins: Wolverine (2009) සහ The Wolverine (2013) මෙනම X – Man චිත්‍රපට හතෙන්. ඒවා බලනකොට ඔයාලට දකින්න ලැබෙන්න ඇති වුල්වරින් චරිතයට පන පොවන්නේ හියු ජැක්මන්. එයා කොච්චර මේ චරිතය ගැන ප්‍රසිද්ද උනාද කියනවා නම් ඔහුට අන්වර්ථ නාමයක් පවා පට බැඳුනා ලෝගන් කියල. ඒවගේම හියු ජැක්මන් දකින සැම වාරයක් පාසාම චිත්‍රපට ලෝලීන්ට වුල්වරින් මතක්වෙන තරම් දෙදෙනාගේ රුපය එකට බැඳුනා. ඒකට හේතුව තමා සැබෑ නලුනිලියන් යොදා X – Man සහ Wolverine චිත්‍රපට නිර්මාණයේ මුල සිටම හියු ජැක්මන් වුල්වරින් චරිතය සඳහා පන පෙවීම.
වුල්වරින් සහ හියු ජැක්මන් එක්කෙනක් යන තරමට චිත්‍රපට ලෝලීන් අතරට ජැක්මන් රුපය ජනප්‍රිය උනත් චිත්‍රකතා සහ මුල් කාලයේ පැමිණි X – Man කාටුන් ටෙලි කතා මාලාවන් ගේ වුල්වරින් කියන්නේ වෙස් මුහුණක් පැළඳි කහ පැහැති ඇඳුමක් පළදින චරිතයක් ලෙස තමා ඔයාල අතරට එන්නේ.
Thank you saho.
ඔයාගේ ලිපියට ගොඩාක් ස්තූතියි සහෝ………….ඒකෙන් ගොඩාක් දන්නැති කරුණු දැනගත්තා…………ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි අයෙමත්………..
ඔයාට ජය………
ඔයාගේ ලිපියට ගොඩාක් ස්තූතියි සහෝ………….ඒකෙන් ගොඩාක් දන්නැති කරුණු ගොඩාක් දැනගත්තා…………ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි අයෙමත්………..
ඔයාට ජය………
Ela Ela.. bohoma sthuthi saho me wisthareta….
patta aul wolverinewa issarahata dakinna nati wena nisa
bohoma sthuthi saho me wisthareta….
jaya wewa……
බොහෝම ස්තුතියි ලිපියට..
බොහෝම ස්තුතියි ලිපියට
supiri wadak… dan thama danne pora marenawa kiyala
Ela Bro
Niyama lipiya
Math atta asa character 1k tamai
නියම ලිපියක් සහෝ.
දිගටම මේ වගේ ලිපි දෙමු.
මම කැමතිම වගේම ගොඩක් ආදරේ කරන චරිතයක්.
හියු ජැක්මන් ප්‍රකාශයක් කරලා තියෙනවා මේක තමා එයාගේ අවසාන චිත්‍රපටය කියලා.
patta patta broooo thnks
patta machan. poster eket thiyenne #OneLastTime kiyala!!! e kiyanne Jackmange anthima eka wei meka..
Visthara valata sthuthi
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.