මෙහිදී මුලින්ම අවධානය යොමු විය යුත්තේ සන්සා ස්ටාර්ක් පිළිබඳවය. ඇය සැමවිටම තමා අදහන මිනිසුන් මුළු හදවතින්ම වැළඳගනී. එය පෙන්වන්නේ ඇයගේ කොණ්ඩ විලාසිතාව හරහා ය. ඇය උතුරේ සිටියදී කැටලින් ටලීගේ විලාසිතාව ඇයගේ ලෙසද, දකුණට පැමිණි කළ සර්සි ලැනිස්ටර්ගේ විලාසිතාව ලෙසද සිය කෙස් සැකැස්ම මාරු කරයි. තව බොහෝ ඉදිරියට, සිය හිස කෙස් විලාසිතාවන් තමා සමඟ බද්ධ වන අයගේ ඌරුවට ඇය මාරු කිරීමට නියමිතයි.
අනතුරුව අර්යා දෙසට යමු. ඇය නිදැල්ලේ පිබාඹන පරවියකුගේ හිස කඩා මරා දමයි. ඇය එම පරවියා රැගෙන බක්කරේ කෙනෙකුගෙන් බනිස් ගෙඩියක් ඉල්ලා සිටියි. ඇයට පිලුණු ආහාරයක්වත් නොලැබී යයි. එයින් පෙනෙන්නේ ඉදිරියට නිරපරාදේ ඝාතයනක් සිදුවීමට ඉඩ ඇති බවත්, ඝාතනය සිදුකළ අයට ඉන් ලැබෙනා කිසිඳු වාසියක් නැති බවත්ය. ඊට මොහොතකට පසු ඇය සිය පියාගේ මරණය දකී. එය නියම කරන ජොෆ්රිට ඒ නිසා සිදුවන කිසිදු වාසියක් නැති බව අපට පෙනී යයි. එය හුදු උමතුවකි.
තවද Ned ගේ මරණය පිළිබඳව කතා කරනවා නම්, එය එසේ සිදුවන බව තීරණය වන්නේ පළමුවැනි කතාංගයේ දීමය. ඒ අප කතා කළ වෘක මවගේ කතාව නිසාම නොවේ. ධවල සංචාරකයන් දුටු බවට සත්‍ය පැමිණිල්ලක් කළ, නිශා බැල්මේ රැකවලා නෙඩ් මරා දැම්මේ හුදු නීතිය පමණක් සලකාය. හුදු නීතිය පමණක් සැලකීම සහ සත්‍ය ගණන් නොගැනීම සැබැවින්ම උමතුවකි. ජෙෆ්රි බ්රැතියන්ද ඒ මොහොතේදි සත්‍ය නොදනී. ඔහුද උමතුව හුදු නීතිය ක්‍රියාත්මක කර විනෝද වෙයි.
දැන් අප ජෝන් වෙත හැරෙමු. මෙහිදී ජෝන් නොදන්නා බොහෝ දේ වෙයි. එය ඔහුට කියාදීමට පොරොන්දු වෙන සෑම අයෙක්ම ඒ මොහොතේ එය කියා දීම බැහැර කරයි. එසේ නම් ජෝන් සියල්ල දැනගන්නේ කවදාද? තවත් වැදගත් දෙයක් නම් ජෝන් සතු වෘකයා ය. ඔහු අනෙක් වෘකයන්ගේ පෙනුම නොමැති ඇලි සොභාවකින් දිස්වීම තුළ ජෝන් ගේ අවජාතක බව උඩු පෙළ හරහා පෙන්නුවත්, වෘකයා ඉන් එහා දෙයක් යටි පෙළෙහි පෙන්වා සිටියි. රතුඇස් මකර සලකුණ වන අතර, වෘකයා ස්ටාර්ක් සලකුණයි. යම් දිනෙක, මකර රුධිරය හිමි ස්ටාර්ක් වරයෙක් නැගි සිටිය හැකි බවයි.
- බයිස්කෝප් සිංහලෙන් 20 – Game of Thrones [S6E03] | Oathbreaker | දිවුරුම්.
- සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 03
හෝඩෝර්, ටිරියන් ලැනිස්ටර්, ජෝන් ස්නොව්
මේ තුන්දෙනාගේම අතීතයේ ලොකු රහසක් තියෙනවා. ඉස්සරහට ඔය තුන තමා
පෙන්නන්න හදන්නේ. (මම හිතන විදියට)
ජෝන් ස්නෝ නොදන්න කතාවත් ඒකම තමයි. ඔහුගේ සැබෑ උරුමය පිළිබඳව.
නියමයි අක්කේ…. නියමෙටම ලියල තියෙයි
more more more more more more more more more ………………………………….
ජෝන් ස්නෝව් යනු රේගාර් ටාගේරියන්ට දාව ලියේන්නාට උපන් දරුවෙකු වීමට බොහෝ දුරට ඉඩ ඇත