Fan (2016) – උන්මාදනීය රසිකයා [පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ]

2016 වසරේ බොලිවුඩයේ දැනට වඩාත් කතාබහට ලක්වන සිනමාපටයක් ලෙස Fan සිනමාපටය හඳුන්වා දිය හැකිය. ටීසර් පටයකින් මුල්වරට හඳුන්වා දුන් මෙය පසුව අතිශය ජනප්‍රිය වූ ගීතයක් නිකුත් කරමින් රසිකයන් තුල වෙනස්ම චිත්‍රයක් මවාපානු ලැබුවා. පසුගියදා නිකුත් කෙරුණු පූර්ව ප්‍රචාරක පටය තුලින් රසිකයන් බලාපොරොත්තු වූ කතාවට වඩා කණපිට ගැසූ කතාවක් ඉදිරිපත් කරමින් මේ වන විට රසිකයන් තුල නොඉවසිලිමත් භාවයක් ඇතිකර ඇත.maxresdefault (6)

උන්මාදනීය රසිකයෙක් වන ගෞරව්‍ නිසා සිනමා තාරකාවක් වන ආර්යන් ඛන්නා හට සිදුවන අහිතකර තත්වයක් වටා මෙම සිනමාපටය ගලා යනවා. ගෞරව් සහ ආර්යන් ලෙසින් ශාරුක් ඛාන් ද්විත්ව රංගනයෙන් එක් වනවා. ඔහුට අමතරව පළමු වරට බොලිවුඩයට පා තබන අයෙක් ලෙසින් ඉන්දීය නිරූපිකාවක් වන Mariola Jaworska ප්‍රධාන කාන්තා චරිතයට එක් වනවා.


 තිරගත කිරීම: 2016 අප්‍රේල් 15

අධ්‍යක්ෂණය: Maneesh Sharma

සංගීත සංයෝජනය: Vishal–Shekhar

සංස්කරණය: Namrata Rao

නිෂ්පාදන ආයතනය: Yash Raj Films


 පූර්ව ප්‍රචාරක පටයට සහ පහත දී ඇති වීඩියෝ දෙක සඳහා සිංහල උපසිරසි දායකත්වය හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත සොහොයුරා.


Jabra | Fan Song ගීතය

[youtube]https://www.youtube.com/watch?v=an1U5kVGwLY[/youtube]


Teaser පටය

[youtube]https://www.youtube.com/watch?v=qCShHgge86k[/youtube]

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

One thought on “Fan (2016) – උන්මාදනීය රසිකයා [පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ]

  • March 5, 2016 at 10:03 PM
    Permalink

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!