සීමාවක් නැති සීමා බිඳීන… DEADPOOL

හොලිවුඩයෙන් බොක්ස් ඔෆිස් වාර්තා බිහිවීම ලෝකයට අරුමයක් නොවේ. නමුත් ඉඳ හිට ඇතැම් චිත්‍රපට ලෝකයට නිරාවරණය වන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලට නැග බොක්ස් ඔෆිස් වාර්තා කඩා බිඳ ඉදිරියට යෑම නිසාය. කලකට පසු එවන් හොලිවුඩ් චිත්‍රපටයක් ගැන ලෝක මාධ්‍ය වාර්තා කරන්නට විය.01 2014 Octomber (1) copy

‘ඩෙඩ්පූල්’ ඒ නවතම චිත්‍රපටය ලංකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක තිරගත කිරීම ආරම්භ කෙරුනේ තෝරාගත් රටවල් කිහිපයකින් එයට පැනවූ වාරණ ද සහිතවය. දරුණු ක්‍රියාදාම, වාග් මාලාවේ සංස්කෘතික බාධාවන් මෙන්ම නග්න ලිංගික දර්ශන හේතුවෙන් ඩෙඩ්පූල් ඇමරිකාවෙන් නිකුත් වූයේ ‘R’ ශ්‍රේණිය හෙවත් ‘සීමා කරන ලද’ (Restricted) ප්‍රදර්ශන ඛාණ්ඩය යටතේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් එය නැරඹිය යුත්තේ සිය දෙමාපිය අවවාද අනුශාසනා සහිතවය.

සුප්‍රකට ඇමරිකානු ‘මාර්වල්’ චිත්‍ර කතාවකින් ඇරඹෙන ඩෙඩ්පූල් චරිතය මෑත අවධියේ වැඩියෙන්ම ජනප්‍රිය වූයේ ඩෙඩ්පූල් වීඩියෝ ක්‍රීඩා පෙල සමගයි.1991 දී රොබ් ලිෆෙල්ඩ් අතින් නිර්මාණය වුනු ඩෙඩ්පූල් මාර්වල් සමාගමේ අනෙකුත් චිත්‍රකතා (අවෙන්ජර්ස්, ඔ මෙන්, ස්පයිඩර් මෑන්, කැප්ටන් ඇමරිකා, තෝර්) මෙන්ම ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් විය.4954721-deadpool-poster_1280

මීට පෙර ඩෙඩ්පූල් චරිතයක් ලෙස සිනමාවට එක් වූයේ ‘ඔමෙන් වොල්වරින්’ තවත් මාර්වල් කතාවක් වූ චිත්‍රපටයෙනි. පසුකලෙක ඒ චිත්‍රකතා චිත්‍රපට සඳහා ලියවුනාක් සේ ඩෙඩ්පූල් ද චිත්‍රපටයක් ලෙස එළිදැකුනේ පෙබරවාරි මස 8 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර මංගල දර්ශනයත් සමගයි.

අනිකුත් මාර්වල් කතා වලින් ඩෙඩ්පූල් විශේෂ වූයේ ඒ සඳහා ‘R’ ශ්‍රේණිය ලැබීමත් ඒ හේතුකොටගෙනම ලොව පුරාම ප්‍රේක්ෂකයින් එයට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමත්ය. එනම් ‘අ’ ශ්‍රේණියේ හොලිවුඩ්චි ත්‍රපටයක් එහි පළමු සති අන්තය තුල ලබා ගත් ඉහළම අදායම ලබා ගැනීමට ඩෙඩ්පූල් සමත් වීමයි. එය ඇමරිකානු ඩොලර් මිලියන 132ක් ඉක්මවූ ආදායමකි. පෙබරවාරි 19 වන දින වන විට එය ඇමරිකානු කලාපය තුළ පමණක් උපයන ලද අදායම ඩොලර් මිලියන 196ක් ඉක්මවන අතර අනෙකුත් රටවල එකතුවද ඩොලර් මිලියන 153 ඉක්මවයි.

ඒ අනුව පෙබරවාරි මස 19 වන විට ලොව පුරා අදායම මිලියන 350 කට ආසන්න වී තිබේ. එපමණකින් නොනැවතී පළමු සතිඅන්තය තුළ වැඩිම අදායම් ලත් පළමු හොලිවුඩ් චිත්‍රපට 20 අතරට එක් වීමටද ඩෙඩ්පූල් සමත් වූ අතර ඉන් පළමු ස්ථානය තවමත් තිර ගත වන ‘ස්ටාර් වොර්ස්- ද ෆෝර්ස් අවේකන්ස්’ හිමි කරගෙන තිබෙනවා.

වැඩිම ආදායම් ලත් ‘R’ ශ්‍රේණියේ චිත්‍රපට 20 අතර දැනටමත් ඩෙඩ්පූල් රැඳී සිටින අතර තිරගත වීම අවසානයේ එය පළමු චිත්‍රපට 10 අතරට එක්වීමේ වැඩි සම්භාවිතාවක් ඇත. එම ලැයිස්තුවේ ඉහළින්ම රැඳී සිටින චිත්‍රපට අතර ‘ද පැෂන් ඔෆ් ක්‍රයිස්ට්’, ‘ඇමරිකන් ස්නයිපර්’ වැනිප්‍රකට නම් ඇතුලත්ය.deadpool-dmc_2670_v068_matte.1045_rgb_wide-1a6509acc4d6759a0ae466905cc75396e151b233-s900-c85

ත්‍රාසජනක රූප රාමුවක් පසුබිමින් ඇසෙන ජනප්‍රිය ඉංග්‍රීසි ගීයක් සමගම චිත්‍රපටයේ තේමාව දිගහැරෙන නමුදු චිත්‍රපටයේ අදියුරු දක්වාම හාස්‍යට ලක් කරන තේමාවක් යොදා ගැනීමෙන්ම චිත්‍රපටය යම් අකර්ෂණයකට ලක් කරයි. කලකට පසු හාස්‍ය හා උපහාසය ඇඟට නොදැනී ප්‍රකාශ කරන හොලිවුඩ් නිර්මාණයක් බිහිවූවා යැයි පැවසිය හැකි වුවද චිත්‍රපටයේ සැබෑ ඝනය ක්‍රියාදාමයයි. රාමුවෙන් රාමුවට හාස්‍ය මතු කරන රංගනයත් එය සීමා කරන සංස්කරණ රටාවත් ඉතා සිත් ගන්නාසුළු බව කිවමනාය.

ඩෙඩ්පූල් හෙවත් වේඩ් විල්සන් චරිතයට පන පොවන්නේ ප්‍රකට කැනේඩියානු නළු රයන් රෙනොල්ඩ්ස් ය. ඔහු චිත්‍රපටයේ නිෂ්පාදනයටද හවුල් වේ. තමන් පිළිකා රෝගයකින් පෙලෙන බව හිටිඅඩියේ දැනගන්නා විල්සන්පුදුමය දනවන පර්යේෂණයකට යොමු වෙන අතර එහි ප්‍රතිපලය වූයේ විකුර්ති පෙනුමක් සහිතව අධි හැකියා මිනිසෙකු බවට ඔහු පත් වීමයි. පෙම්වතියත් සතුරනුත් අතර තමජීවිතය දෝලනය වීමත් ‘ඩෙඩ්පූල්’ එම දෝලනය අවසන් කරන අයුරු විඳීමටත් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුමය.

ටිම් මිලර්ගේ අධ්‍යක්ෂණයක් වන ඩෙඩ්පූල්සයිමන් කින්බර්ග්, රයන් රෙනොල්ඩ්ස්,ලෝරන් ඩොනර් ගේ සම නිෂ්පාදනයක්. ලොව පුරා බෙදාහැරිම 20th Century Fox සමාගමෙනි. පැය 1යි මිනිත්තු 46ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයේ සංස්කරණය ජුලියන් ක්ලාර්ක් ගෙන්ය. වැල්ලවත්ත සැවෝයි ඇතුළු සිනමාහල් කිහිපයක තිරගත කරන චිත්‍රපටයට උණුසුම් ප්‍රතිචාර මේ වන විටත් ලංකාවෙනුත් ලැබෙමින් තිබේ.


ලිපිය – ෂෙනාල් එරාන් ජයසේකර

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

විකියා has 159 posts and counting. See all posts by විකියා

9 thoughts on “සීමාවක් නැති සීමා බිඳීන… DEADPOOL

  • March 20, 2016 at 8:38 PM
    Permalink

    Kawadada aiye apeta deadpool movie eka balanna puluwan..

  • March 7, 2016 at 7:55 PM
    Permalink

    thanks

  • March 6, 2016 at 9:40 PM
    Permalink

    මේකනම් සුපිරිම කතාවක්. අනිවා බලන්නම ඕනා කතාවක්. මේ වගේ ලිපි පලවුනාම මේක නොබලා ඉන්න හිතෙන්නෙම නැහැ. කොහොම උනත් ලිපියට තැන්ක්ස්. තිසර සහෝ කියපු කතාවට මන් එකගයි. CAM කොපියකට සබ් දෙන එක ෆිල්ම් එකට කරන අසාදාරනයක්. එකෙන් ඒ ෆිල්ම් එකේ තියෙන වටිනාකම බහිනවා… කොහොම උනත් හොද කොපියක් ආව ගමන් සබ් දෙන්න කියල ඉල්ලා සිටිනවා…. දිගටම මේ වගේ ලිපි වලින් අප දැනුවත් කරන එක ගැන තැන්ක්ස්.

  • March 6, 2016 at 7:44 PM
    Permalink

    balanna watinna film ekka baluwama thama eka ternne math baluwa kiyala wadak na elama kiri.aiyalage lipiyata gdan thnx deadpool thawath ekk ikmanta ei mage hithe… thnx aiya

  • March 5, 2016 at 12:11 AM
    Permalink

    Gathsara Umesh මලේ තවම ඇවිත් තියෙන්නේ කැමරා කොපි විතරයි. කැමරා කොපි එකකට සබ් දෙන එකේ තේරුමක් නැහැ. ඉතින් ගුණාත්මක පිටපතක් නිකුත් වූ සැනින් උපසිරසි ලබාදෙන්න අපි සූදානමිනුයි ඉන්නේ.

  • March 4, 2016 at 7:32 PM
    Permalink

    ela post ekak

  • March 4, 2016 at 2:09 PM
    Permalink

    තන්කූ අයියා මේක ගොඩක් වැද ගත්.(අයියලා මේක උත්තරයක් ඕනි.https://kickass.unblockme.eu/search/deadpool/ ලිකුවෙන් ගියාම මේකෙ හොදකොපි ගොඩාක් ඇවිල්ල.අයියල මේකට සින්හල සබ් දෙනවා නේද ?අනිවාරෙන්ම දෙනවනේද කියල මේක පොඩියට ඖත්තරයි ලියල යන්නකෝ.මම මේක බාගෙන ඉන්නවා සින්හල සබ එනකම්.මම විතරක් නෙවෙයි.තව ගොඩක් අය එහෙම වෙන්නැති.

  • March 3, 2016 at 10:58 PM
    Permalink

    Maxxssaw

Leave a Reply

Your email address will not be published. Required fields are marked *