Marvel එක්ක හැප්පෙන්ඩ DC තරගෙට බහින්ඩ සූදානම්!

 

පසුගිය දිනෙක Disney/ Marvel චිත්‍රාගාරයන් නිවේදනය කළා, අධ්‍යක්ෂක Joss Whedon -ඔබට මතකනම් ‘The Avengers (2012)’ අධ්‍යක්ෂකවරයා ඔහුයි- The Avengers 2 රචනා කර අධ්‍යක්ෂණය කිරීමට එක්වනු ඇති බව. ඔවුනගේ Marvel විශ්වය තවදුරටත් පුළුල් කරමින් ජීවමාන-ක්‍රියාදාම රූපවාහිනී මාලාවක් සෑදීමට පවා ඔවුන් බලාපොරොත්තුවෙන් හිඳින බව හෙළි කර සිටියේ මහත් අභිමානයෙන්.

Disney/ Marvel මෙහෙම කියනකොට DC-ලා එක්ක ඉන්න Warner Bros නම් එච්චර දුරකට යන්ඩ තරම් සූදානමක් තවම නෑ. නමුත් ඔවුන් අනිත් උදවියට දිනුම දීලා අතපොරවගෙන ඉන්ඩ ලෑස්තිත් නැති පාටයි. ඒ තරගකාරී ඝට්ටනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ලබන වසරේ තිරගතවන Zack Snyder ගේ අධ්‍යක්ෂණය යටතේ තැනුණ ‘Man of Steel (2013)’ රිදී තිරය ආක්‍රමණය කරන්නට ලකලෑස්ති වෙලා ඉන්නේ. Disney/ Marvel-ලාට තරගයක් දෙන්ඩ ඒ විතරක් මදි බව දන්නා නිසා Warner Bros/ DC තමන්ගේ මීළඟ පිටවරත් තියන්ඩයි හදන්නේ. ඒ “Justice League” එක්කයි.

Marvel කට්ටිය Joss Whendon ගෙන එද්දී, DC කට්ටිය Ben Affleck ගෙන එන්ඩ යන බව තමයි ප්‍රතිරාවය වෙන්නේ.දැන් Christopher Nolan තමන්ගෙ The Dark Knight 1, 2, 3 සම්පූර්ණ කරලා හමාරයි. (නමුත් ඔහු Justice League වෙනුවෙන් එක්වෙන්ඩ සතු‍ටු නැති එක රසිකයින්ගේ විතරක් නෙමෙයි DC-ලාගෙත් අවාසනාවක්. ඔහු එකතු වූවානම් අති අනර්ග චිත්‍රපට පෙළක් මවන බවට සැකක් නෑ.) Zack Snyder ගේ නවතම චිත්‍රපටය සමගින් ඇරඹෙන DC-ලාගේ ප්‍රතිචාරය ඉදිරියට ගෙනයාමට වඩාත්ම සුදුසු තැනැත්තා Ben Affleck බවයි හුඟ දෙනෙකුගේ විශ්වාසය වෙලා තියෙන්නේ.

ආරංචියේ හැටියට දැනටමත් රචනා වෙලා අවසන් වෙච්ච, Will Beall ගේ තිරපිටපත සඳහා සලකා බැලෙන එකම අධ්‍යක්ෂකවරයා ඔහු පමණක් විය හැකියි. හේතුව ඔහු තම හැකියාවෙහි අගය සනාථ කර තිබීම. ‘Gone Baby Gone (2007)’ න් පටන් අරං, 2010 ඔස්කාර් නාමිත ‘The Town (2010)’ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් Warner Bros හා සම්බන්ධ වෙමින්, සහ දැනට තිරගතවන ‘Argo (2012)’ අධ්‍යක්ෂණය කරමින් ආ ඔහුගේ ගමන් මග බොහොම කෙටි වූවක් බව ඇත්තයි. නමුත් ඒ කෙටි ගමනෙදී අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු ඉහළතම ප්‍රසාදයක් අත්කරගෙන ඇති බව සඳහන්. Warner Bros හා එක්ව වැඩකර තිබෙන අත්දැකීම නිසා Man of Steel පවා ඔහුට භාරදෙන්නට මුලදී ඔවුනට වුවමනා වූ බවයි කියැවෙන්නේ.

2012 හාස්‍යෝත්සවයේදී(Comic-Con) Supermanව මේ Justice Leagueයෙන් වෙන් කර තැබිය යුතුයැයි Zack Snyder එතෙක් දැරූ දැඩි මතය ලිහිල් කළා. නමුත් ‘Green Lantern (2011)’ සිතූ තරම් විචාර ප්‍රසාද නොදිනූ නිසා තවදුරටත් Ryan Reynolds හට ඒ තැන හිමිවේදැයි යන්න සැක සහිතයි. කෙසේ වෙතත් Marvel-ලාට තනිවම රජකරන්ඩ අරින්ඩ DC අයනම් කිසිසේත්ම සූදානම් නැතුවා වාගෙයි. ඔවුනුත් තමන් සතු වීරයන්ව එළි පහළියට අරගෙන එන්ඩ වැඩ පටන් අරං. ඒ අතරේ Superman/ Batman/ Green Lantern විතරක් නෙමෙයි The Flash/ Green Arrow/ Hawkgirl/ Wonder Women/ Catwoman/ The Atom වගේ තවත් සියගාණක් චරිත අතරින් කිහිපයක් වෙනුවෙන්වත් ඉදිරි මගක් විවර කරන්ඩ මේ හරහා කටයුතු කරන බව සහතිකයි. ඒ කියන්නේ ඉදිරි කාලෙ වීරකතා රසිකයින්ට කරල පැහෙයි වගේ.

උදා (217 Posts)


4 thoughts on “Marvel එක්ක හැප්පෙන්ඩ DC තරගෙට බහින්ඩ සූදානම්!

  • December 2, 2012 at 9:47 PM
    Permalink

    JUSTICE LEAGUE>AVENGERS, but movies walin gattama AVENGERS ekka heppenna JUSTICE LEAGUE movie ekata puluwan wei kyalaman nam hitanne ne. i’m a big fan of JOSS WHEDON.

  • December 1, 2012 at 11:14 AM
    Permalink

    බයිස්කෝප් මංසලේ පළවෙනි කමෙන්ට් එක.මේක මරු වැඩක්.ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන් චිත්‍රපටි ගැන.මේ ලිපියත් මරු.නියමයි උදා.

  • Pingback:Superman ගේ යට ඇඳුම ගැලවෙයි. – බයිස්කෝප් මංසල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!