“Vixen” (Maari Mccabe) | වික්සෙන්
ආයුබෝවන් හිත මිතුරු බයිස්කෝප් රසික රසිකාවියෝ හැම දෙනාටම,
මුලින්ම මේ ලිපිය ලියන්නට දිරි දුන් හසන්ත වික්රමරත්න සහෝදරයට හුගාක් ස්තුති වන්ත වෙනවා ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවියේ සියලුම දෙනාටත් ස්තුති වන්ත වෙනවා මේ ලිපිය පල කිරීම ගැන.
අද ලෝකයේ ජනප්රියම දේවල් වලින් එකක් තමයි මේ කොමික් කියන්නේ එහෙම නැත්තම් සුපිරි වීරයෝ කියන්නේ ඉතින් අදින් ආරම්භ වෙන මේ ලිපි පෙළ ඔයාලගේ අදහස් ප්රතිචාරත් එක්ක ඉදිරියට ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.
හරි අපි හැමෝම සුපර් මෑන්,බැට් මෑන් සහ ෆ්ලෑෂ් ගැන එහෙම හොදට දන්නවනේ මම එයාල ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා එත් අද මම ඔයාලට කියන්න යන්නේ ලංකාවේ වැඩිය කවුරුත් දන්නේ නැති (ඇරෝ 15 වන කොටස බලපු සමහර අය දන්නවත් ඇති) එක සුපිරි වීර වරියක් ගැන ඇගේ සැබෑ නම මාරි මැකාබේ. මේ සුපිරි වීරවරිය හදුන්වන්නේ “වික්සෙන්” කියන නමෙන්. ඇය උපත ලබන්නේ අප්රිකාවේ සැම්බේසි කියන ගමේ. ඇය සුපිරි වීරවරියක් පමණක් නොවෙයි දක්ෂ ව්යාපාරික කාන්තාවක් වගේම සුරූපී නිරූපිකාවක්.
මොකක්ද මෙයාගේ බලය?
වික්සෙන්ගේ බලය මායාවත් සමග සම්බන්දයි ඇයට තියෙනව මායා ගෙල පළදනාවක් මෙය හදුන්වන්නේ “තන්තු ගෙල පලදනාව” කියලා මේ ගෙල පලදනාවෙන් ඇයට සතුන්ගේ විශේෂ හැකියාවන් ලබා දෙනවා. ඒ කියන්නේ චීටෙකුගේ වේගය , අලියෙකුගේ,ගොරිල්ලෙකුගේ ශක්තිය සහ උකුස්සෙකුගේ පියාසර හැකියාව වගේ දේවල් සහ තවත් බොහෝ සතුන්ගේ හැකියාවන්.
තන්තු ගෙල පලදනාව ගැන කියනවා නම් මේ පලදනාව අප්රිකානු ගෝත්රික පූජක වරයෙක් “තන්තු” කියන රණ ශූරයා වෙනුවෙන් නිර්මාණය කරපු මායා උපකරණයක් කාලයත් සමග මෙම පලදනාව පරම්පරිකව ඉදියට යමින් අන්තිමට මැකාබේ වරුන්ට හිමිවෙලා තියෙනවා. පුංචි මාරි ට මේ ගැන දැනගන්න ලැබෙන්නේ ඇගේ අම්මගෙන් එත් මේ පලදනාව නිසා ඇගේ දෙමව්පියන්ට මාරි පුංචි කාලෙදිම මිය යන්න වෙනවා ඔවුන්ව මරා දමන්නේ මාරිගේ මාම කෙනෙක් එයටත් ඕන වෙනවා පලදනාව. ඉතින් අනාත නිවාසයක ඇති දැඩි වන මාරි අන්තිමේදී එයාගේ උරුමය ලබාගන්නවා ඒ වගේම එයා එකෙන් මිනිස්සුන්ට හුගක් උදව් කරනවා.මේ ගෙල පලදනාව ගැන දෙයක් කියන්න ඕනා මේකේ බලය ලැබෙන්නේ එකෙන් මිනිස්සුන්ට උදව් කරන්න හිතන කෙනෙක්ට විතරයි ඉතින් මාරිව තමයි මේ ගෙල පලදනාව තෝර ගන්නේ
වික්සෙන් වැඩ කරන්නේ තනියම එත් වික්සෙන්ව justice League (යුක්තිගරුක සංගමයට) බදවා ගන්නවා වික්සෙන් කියන්නේ බොහොම හොද
කණ්ඩායම් සාමාජිකයෙක් ඔබ Justice League රසිකයෙක් නම් අනිවාර්යයෙන් මෙයාව දැකල ඇති. මාරිව මේ සංගමයට බදවා ගන්නේ Aqua Man විසින් ඒ වගේම මාරි මේ සංගමයේ යාවජීව සාමාජිකයෙක් වෙනවා.
වික්සෙන් ගේ සතුරන්
ඉතින් මාරි justice League එකේ ඉන්න කාලෙම එයාගේ පලදනාව ජෙනරාල් මක්සායි විසින් සොරකම් කරනවා ඒත් මම කලින්ම කිව්වා වගේ නපුරු ජෙනරාල් ට පලදනාවේ උපරිම බලය ලැබෙන්නේ නෑ. නපුරු මුර්ගයෙක් බවට පත්වෙන ජෙනරාල් මක්සායි වික්සෙන් සමග සටනකදී මිය යනවා පලදනාව ආපහු වික්සෙන්ට අයිති වෙනවා.
justice League එකෙන් ටික කාලෙකට අයින් වෙන වික්සෙන් ට ආපහු කණ්ඩායමකට එකතු වෙන්න වෙනවා ඒ suicide squad එකට (මම හිතනවා ඉදිරියට එන Suicide Squad චිත්රපටයේ වික්සෙන් ඉදී කියලා හිටියොත් නියමයි) මාරි මේ කණ්ඩායමට යන්නේ මැර කල්ලියක් එයාගේ මිතුරන් මරපු නිසා. Suicide Squad එකට යන මාරි මැර කල්ලිය විනාශ කරලා දානවා.
මේ වික්සෙන් කියන සුපිරි වීර චරිතය නිර්මාණය කරලා තියෙන්නේ Gerry Conway කියන පුද්ගලයා සහ Bob Oksner විසින් එය එලි දක්වල තියෙන්නේ 1981 ජුලි මාසයේදී
ඒ වගේම ඇරෝ හතර වන කතා මාලාවේ 15 වන කොටසේදී මේ චරිතය දකින්න ලැබෙනවා ඒක නිසා මම හිතනවා මේ චරිතය ගැනත් කතා මාලාවක් නිර්මාණය වෙයි කියලා. ඇරෝ කතාමාලාවේ වික්සෙන් ගේ චරිතයට පන පොවන්නේ සුරූපි Megalyn Echikunwoke විසින්.
දැනට එපමනයි, වැඩිය ලිව්වොත් කියවන්නත් කම්මැලි වෙයි නේ නේද?? මේ මගේ පලවෙනි ලිපිය ඉතින් හොදයි කියලා හිතිනවා නම්, මූට තව ලියන්න දුන්නට කමක් නෑ කියලා හිතෙනවා නම් ඔයාලගේ අදහස් comment කරන්න එහම නැත්තම් මට ඊ මේල් කරන්න ([email protected]) ඔයාල හැමෝටම බොහොම ස්තුති.
තවත් සුපිරි වීරයෙක් සමග ඊලග සති අන්තයේදී හමුවෙමු එතෙක් ඔබට සුබ සතියක්.
elama
we love dc comics
Thank You..
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
Thank you machan
ela ela patta a