Marvel Cinematic Universe – Movies 2 | 03 – Captain America: The Winter Soldier (2014)

අධ්‍යක්ෂණය – Joe Russo
නිෂ්පාදනය – Kevin Feige, Victoria Alonso, Mitchell Bell, Alan Fine, Louis D’Esposito
තිර රචනය – Stephen McFeely, Christopher Markus
තිරගත වූ දිනය – 2014 අප්‍රේල් 4
Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 715
සම්මාන – Best Action TV Spot (Golden Trailer Awards), Favorite Action Movie Actor (People’s Choice Awards)

Captain America: The First Avenger සහ The Avengers චිත්‍රපට වලට අනුගාමී යන මෙම චිත්‍රපටය Marvel Cinematic Universe වල නව වන නිර්මාණයයි. මෙය Phase Two වල තෙවන නිර්මාණයයි. ඒ වගේම මේ චිත්‍රපට මාලාවේ තුන් වන කොටස වන Captain America: Civil War 2016 මැයි 6 තිරගත වීමට නියමිත වේ.
New York සටනින් වසර දෙකකට පසු Steve Rogers නියෝජිතයකු ලෙස S.H.I.E.L.D. හි කටයුතු කරමින් සිටිනවා. මේ කාලයේදී Steve හට මෙහෙයුමක් ලැබෙනවා මුහුදු කොල්ලාකරුවන විසින් රදවාගෙන ඉන්න ප්‍රාණ ඇපකරුවන පිරිසක් ඉන් මුදවා ගැනීමට. මේ මෙහෙයුමේදී ඔහුට සහය වන Natasha Romanoff මෙහෙයුම අතරතුරදී Nick Fury විසින් යොදවන ලද රහස් මෙහෙයුමක යෙදෙනවා.ඒ නැවේ තිබු යාම තොරතුරු වගයක් USB එකකට පිටපත් කරගැනීමට. මෙහෙයුම අවසන් කල පසු Fury USB අඩංගු විස්තර සොයාගැනීමට Alexander Pierce පවසනවා World Security Council සමග රැස්වීමක් සැලසුම් කිරමට. ඔහු පිටත් පසු Fury ගේ වාහනයට ප්‍රහාරයක් එල්ල කර ඔහුව ඝාතනය උත්සහ ගන්නවා.නමුත් Fury එතනින් පලා යනවා. පසුව Fury, Steve ගේ නිවසට රහසේම ගොස් USB එක Steve හට ලබා දී පවසනවා කිසි කෙනකු විස්වාස නොකරන ලෙස. පසුව Steve සොයාගන්නවා S.H.I.E.L.D තුල රහසිගත HYDRA නියෝජිතයින් සිටින බවට. ඒ වගේම ඔවුන් USB එක සොයා Steve පසු පස හබා යනවා. Steve, Natasha ගේද සහය ඇතිව USB හි ඇති විස්තර සොයා ගැනීමට උත්සහ කරනවා.නමුත් එය සාර්ථක වන්නේ නෑ. කෙසේ නමුත් ඔවුන් සොයා ගන්නවා එම USB එකට විස්තර ඇතුලත් කරපු ස්ථානයක් පිලිබදව. ඔවුන් ඒ ස්ථානය සොයා යන අතර Steve හට වැටහෙනවා ඒ ඔහු දෙවන ලෝක යුධ සමයේ පුහුණු වූ ස්ථානයක් ලෙස. එහි ඇති පරිගණකයකට USB එක ඇතුල් කිරීමෙන් 1970 ගණන් වල HYDRA නායක Arnim Zola ගේ හඩපටයක් නිකුත් විය.එහිදී Zola සදහන් කරනවා දෙවන ලෝක යුද්දෙන් පසුව තමා නැවත S.H.I.E.L.D. තුලින්ම HYDRA බිහි කර ගොඩ නැගුව බව. එසේම Howard Stark ගේ රිය අනතුරක් නොව HYDRA විසින් කල ඝාතනයක් බවත් පවසනවා. නමුත් තවත් තොරතුරු දන ගැනීමට පෙර S.H.I.E.L.D. විසින් එතනට එල්ල කරන මිසයිල ප්‍රහාරය නිසා විනාශ වී යනවා. පසුව ඔවුන් Falcon ගේද සහය ඇතුව HYDRA රහසිගත සාමාජික S.H.I.E.L.D හි Jasper Sitwell අල්ලාගෙන ප්‍රශ්න කරනවා.Sitwell පවසනවා අනාගතයේදී HYDRA හට තර්ජනයක් එල්ල වෙයි යයි සිතන සියලුම පුද්ගලයින් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව. පසුව Sitwell රැගෙන යාමේදී Winter Soldier එතනට පහර දෙනවා. එහිදී Steve දකිනවා Winter Soldier යනු 1940 සමයේ ඔහුගේ හොදම මිතුරෙකු වන Bucky Barnes බව. පසුව Bucky එතනින් පලා යනවා. අවසානයේදී HYDRA හි සැලසුම දැන ගත් Steve, Natasha සහ Falcon, S.H.I.E.L.D. මුලස්ථානයට කඩා පැන ඔවුන්ගේ සැලසුම අසාර්ථක කරනවා.unnamed2

Choppe (45 Posts)


One thought on “Marvel Cinematic Universe – Movies 2 | 03 – Captain America: The Winter Soldier (2014)

  • February 26, 2016 at 10:23 PM
    Permalink

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!