කළු ‍රැවුලා(Black Beard) මංකොල්ලකන්ඩ, පුංචි තිරයට එනවලු!

House M. D. ටෙලි-කතා මාලාවේ, වෛද්‍ය Gregory House ගේ චරිතයෙන් ඉහළ ජනප්‍රසාදයක් දිනූ Hugh Laurie මුහුදු කොල්ලකාර කළු ‍රැවුලා ගේ චරිතය කරන්ඩලු යන්නේ. NBC නාලිකාව අලුතින් නිෂ්පාදනය කරන්ඩ යන Crossbones ටෙලි-කතා මාලාවෙදි ඔහු මේ චරිතය නිරූපණයට සූදානම්.

Black Beard කියන්නෙ 1715දී බහමියානු දූපත්වලට වෙලා ඉඳගෙන, දරුණු කොල්ලකාරයන්, පි‍ටුවහලුන්, මැරවරයන් හා තක්කඩින් ‍රැසකට නායකත්වය සපයමින් ඒ කාලේ නාවික සහ වෙළ-හෙළඳ කටයුතු වලට දෘඪ තර්ජනයක් එල්ල කළ, නිර්දය මිනිසෙක්. ඔහුගේ සැබෑ නම Edward Teach. මේ දිවයින කොල්ලකාරයින්ගේ පාරාදීසයක් බවට පත්කරගෙන භිෂණය සහ ලේ වැගිරුව මේ මැරවර පිරිස හා ඔවුන්ගේ කටයුතු පාදක කරගෙන තැනෙන මේ අලුත් කතාව කොටස් 10ක එකක් බවයි දැනගන්ඩ තියෙන්නේ.

පසුගිය කාලේ මේ බ්‍රිතාන්‍ය රංගධරයා ඇමෙරිකානු උච්චාරණයකින් කතා කළාට (House/ Stuart Little) මේකෙදිනම් තමන්ගෙ හුරුපුරුදු පරණ උච්චාරණ විදිහ පාවිච්චි කරන්ඩ හැකි වෙයි කියල කියනවා. නමුත් ඉදිරියේදී විකාශය වීමට නියමිත එකම මුහුදුකොල්ලකාර ටෙලි-කතාව මෙය පමණක් නොවෙයි. Starz දැනටමත් Black Sails නමින් ටෙලි-කතාවක් සකස් කරමින් තිබෙනවා. එය Michael Bay ගේ නිෂ්පාදනයක්. Cpt. Flint සහ Long John Silver නිදන් දූපතට එන්නට දශක දෙකකට පමණ පෙර, එක්ව කළ වික්‍රමයන් එහි අඩංගු වන බවකුත් සඳහන්.

උදා (217 Posts)


One thought on “කළු ‍රැවුලා(Black Beard) මංකොල්ලකන්ඩ, පුංචි තිරයට එනවලු!

  • November 26, 2012 at 6:31 PM
    Permalink

    එල මචං සුපිරි වගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!