The 100 Season 03 | කතාව වෙනත්ම පැත්තකට…!
**ඔන්න අවුල්, හවුල්, වියවුල්, පටලැවිලි මැද්දේ The 100 Season 2 (දෙවෙනි අදියර) සාර්ථකව අවසන් වුණා. මෙතෙක් කාළයක් බලාගෙන උන්නු ඒ සුපිරි කතාවේ මීළඟ එළිදැක්වීම වන මෙහි තුන්වන කතාංගය (Season 3) ලබන අවුරුද්දෙ ජනවාරි 21 වෙනිදා ඉඳන් හැම බ්‍රහස්පතින්දාවකම රෑ අටේ කණිසමට CW නාළිකාවෙන් විකාශය කිරීමට නියමිත බව CW නාළිකාව දැන් ප්‍රේක්ෂකයන්ට දැනුම් දීලා තියෙනවා. දෙවෙනි කතාංගය ඉවරවෙලා මේ මාසයට මාස නවයක් විතර යන්න ඇති. ඒ වගේම තුන්වෙනි කතාංගය සෑහෙන්න පරක්කු වෙච්චි බවක් තමයි තිබුනේ නම්.

දෙවෙනි කතාංගය නම් ඉවර වුණේ ක්ලාර්ක්ට හොඳ පැත්තකට නෙවෙයි. ලෙක්සා ඇතුළු භූමිවාසීන් කණ්ඩායම ක්ලාර්ක්ට ද්‍රෝහි වුණාට පස්සෙ, ක්ලාර්ක් තනියම තම සටන අරගෙන ගියා. අවසානයටම සටන මෙහෙයවපු බෙලමි සහ ක්ලාර්ක් අන්තිමට නැතුනේ මවුන්ට් වෙදර් වැසියන් ඔක්කොම විනාශ කරලා. ක්ලාර්ක් ඒ තීරණය ගන්න තරම් දැඩි වුණා, ඒ තීරණය ගන්න තත්වයට පත් කළා කිව්වොත් හරි. ක්ලාර්ක්ගෙ මුළු හිතේම තිබුණේ වෛරයක්. ඒ, තමන්ම මෙච්චර කාළක් විශ්වාස කරපු, ලෙක්සා සටන නියමෙටම සැලසුම් කරලා තියෙද්දිත්, අන්තිමේදි පැනලා යාම. අනිත් එක තමයි, ක්ලාර්ගේ මව ඇතුළුව අනෙකුත් අහස් වැසියන් ඔක්කොම නායක වොලන්ස්ගේ කෘෘර හිංසන හමුවේ විනාශ වෙන්න යනවා බලන්න බැරි හේතුව නිසා. අකමැත්තෙන් වුණත් ක්ලාර්ක්ට සහ බෙලමිට විකිරණ යවලා මුළු මවුන්ට් වෙදර් සංහතියම විනාශ කරන්න වුණා. මවුන්ට් වෙදර් ජනතාව අතර උන්නු හොඳ අය (මායා වගේ) ද්‍රෝහි අය හැම කෙනෙක්ම වේවා එක තත්පරෙන් විනාශ වුණා. ඒක තමයි මුළු කතාව පුරාවටම සිද්ධ වුණේ. තමන් තමන්ටම කරගත්තු ද්‍රෝහිකම හින්දා ක්ලාර්ක් වෙනම ගමනක් අරඹන හැටිත් කට්ටිය අන්තිමටම දැක්කනේ. 🙂
ඒක එහෙමයි කියමුකෝ, එතකොට අපේ අලෝකයේ නඟරය හොයාගෙන යන තෙලෝනියස් ඇතුළු කණ්ඩායමට මොකද වෙන්නේ!? අන්තිමට ඉතිරි වෙන්නෙ තෙලෝනියස් විතරයි නේද? රතුපාට ඇඳුමක් ඇඳන් උන්නු ගෑණු කෙනා (ඇලී) තෝලෝනියස්ව බලාපොරොත්තුවෙන් උන්නෙ හොඳකට නම් වෙන්න බැහැ. එයා කියන කතාව මොකක්ද? අන්තිමේදි කතාව ගොඩක් වෙනස් පැත්තකට, අපි හිතන්නෙවත් නැති පැත්තකට හැරෙන්න බැරි කමක් නැහැ නේද? ට්විටර් සමාජ ජාලයේ පළ කරලා තියෙන Season 3 Poster එක අනුව අපිට අනිවාර්යෙයන් කියන්න පුළුවන් තෙවෙනි කතාව ඇදෙන්නෙ ආලෝකයේ නඟරයත් එක්ක කියලා. මොකද ඒ පින්තූරෙන් ඔයාලට බලාගන්න පුළුවන් ක්ලාර්ක් හරියටම හිටගෙන ඉන්න තැනට ඉදිරියෙන්, නටඹුන් වෙලා තියෙන ගොඩනැඟිලි වගයක් පේන ආකාරය.

කොහොමින් කොහොම හරි ඔන්න තුන්වෙනි කතාමාලාවේ විකාශ දිනයත් එක්කම තුන්වෙනි කතාමාලාවේ පූර්ව ප්රචාරක පටය (ට්‍රේලරේ) ඔන්න නිකුත් කරලා තියෙනවා. ඒ, පූර්ව ප්රචාරක පටයත් ඔයාලට මේ ලිපියෙන් බලන්න පුළුවන් වේවි, සිංහල උපසිරසිත් එක්කම.

මොනව වුණත්, ට්‍රේලරේ බැලුවහම නම් හිතෙන්නෙම කතාව වෙනත්ම පැත්තකට යනවා කියලා. විශේෂයෙන්ම කිව්වොත් ක්ලාර්ක් තනියම සුපිරි ගේමක් ගහනවා කිව්වොත් නිවැරදියි. ට්‍රේලරේ බැලුවම අපිට තේරෙන්නේ ක්ලාර්ක් භූමිවාසීන්ගෙන් පලිගන්න හදනවා කියන එකයි. දෙවෙනි කතාංගයේදී ඉතාමත්ම ආදරයෙන් උන්නු 😛 ක්ලාර්ක් සහ ලෙක්සා අතර සබැඳියාව ලොකු සංග්‍රාමයකට යන පාටක් තමයි තුන්වැනි කතාංගයේදි කියැවෙන්නෙ. ලෙක්සා චරිතයට පණ පොවන Alycia Debnam-Carey අන්තර්ජාලය හරහා නම් කියලා තියෙන්නේ ලෙක්සා චරිතය ඉදිරියේදී ඉතාමත්ම හොඳ වෙන්නත් පුළුවන් සහ දරුණු වෙන්නත් පුළුවන් කියලයි. අපි බලමුකො ඉස්සරහට මොනවා වෙයිද කියලා නේද?

එතකොට මේ අයියයි නංගියි. බෙලමි සහ ඔක්ටේවියා කියන්නෙ ගොඩක් ළඟින් උන්නු, දෙන්නට දෙන්නා නැතිවම බැරි චරිත දෙකක්. ඒත් ට්‍රේලරේ බැලුවම දෙන්නා සෑහෙන්න වෙනස් වෙලා තියෙන බවක් පේනවා. බෙලමි සහ ඔක්ටේවියා ඉන්නෙ දෙපැත්තක, දෙන්නාට දෙන්නා සටන් කරගන්නවා අපිට දකින්න පුළුවන්. පූර්ව ප්රචාරක පටයේදී ඔක්ටේවියා කියන දෙබස් වලින් අපිට ඒක හොඳටම තහවුරු කරගන්න පුළුවන්.
- “අපේ අයියා ඉන්නෙ වැරදි පැත්තක.”
- “උඹ දැන් මට මැරිච්ච එකෙක්.”
ඒකත් සෑහෙන්න ලොකු වෙනසක් කියමුකෝ. ඔන්න ක්ලාර්ක් සහ බෙලමි අතර ආදර සම්බන්ඳතාවක් බලන් උන්නු අයට නම් ට්‍රේලරෙන් හොඳ පණිවිඩයක් ගේනවා. ඒ තමයි, ක්ලාර්ක් සහ බෙලමි අතර සිදුවෙන බදාගැනීම 🙂 මෙතනදි කතාංගයේ විධායක නිෂ්පාදක වන Jason Rothenberg මහතා අන්තර්ජාලය හා සඳහන් කරලා තියෙන දෙයක් මම උපුටා දක්වන්නම් : “ඉදිරිය ඉතාමත්ම උද්වේගකර සිද්ධීන් වලින් පිරී ඇති බවට මම කියන්න කැමතියි. ඒ හේතුව නිසා දෙන්නාට දෙන්නා එකට ආදරය කිරීම, සමීප වීම අපිට කතාවේ ඉතිරි වැඩකටයුතු වලට වඩාත් අවශ්‍යය වෙනවා.” 

ඒ වගේමයි තෙලෝනියස්ට ආලෝකයේ නඟරයේදී හම්බවුණු ඇලී (කෘතීම බුද්ධි හුටපට කෙල්ල) සමඟින් කෑම්ප් ජාහා වලට එන දර්ශණයකුත් අපි ට්‍රේලර් එකේදි දකිනවා. ඒකත් කතාවට ලොකු වෙනසක් ගෙන්න පුළුවන් වෙන සිදුවීමක් තමයි.
ඔන්න ඔය සිද්ධීන් එක්ක අපිට කියන්න පුළුවන් සාර්ථක කතාංග දෙකක් එක්ක, තුන්වෙනි කතාංගයත් ඉතාමත්ම ත්‍රාසජනක, කුතුහලාත්මක කතාංගයක් වේවි කියලා. එහෙනම් පහලින් දාලා තියෙන පූර්ව ප්රචාරක පටය අපි බලමු. ඔයාලාට හිතෙන දේවලුත්, පහලින් සඳහන් කළානම් වැඩේ ගොඩක් සාර්ථකයි. එහෙනම් අපි ලබන ජනවාරි 21 වෙනිදාට කතාව බලාගෙන ඉමු. හැමෝටම ජය හා සතුට !!**

යාළුවා season3 episode සේරම දානවා නේද ඔයාලා.i want to reply.good luck bro.
Machanla season3 e1 sub denne nadda?
Api balagena innawa ikmanata denna. Thanks
Season 3 එකටත් අනිවා සබ් ඕනේ…….
ඔව්.. ඒක නම් ඇත්ත තමයි 🙂
Lexai clarkui set nowunu eknm loku deyk. Mta penna ba oya lexawa
January 21 wenkan kohoma innda mnda
Me para nm kathawa fattama wei wge
Mta thiyena ekama prashne me tv series ekta imdb ratings mechchra adu mkda kiyla(aduma tharame 8.5k wth thiyenna ona)