ඉදිරි දිගහැරුම C | Star Trek Beyond (2016) | තරු ගණදුර තෙවන වරටත් (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ)

මේ තමයි මංසලේ දැනට දීර්ඝතම ලිපි පෙළ වන “ඉදිරි දිගහැරුම” ලිපි පෙලේ 100 වන ලිපිය. උදා සොයුරා ඇරඹු මේ ලිපි පෙළ සෙමින් ගමනක් විත් අද වන විට බොහෝ දෙනෙකුගේ ලිපි සමඟ 100 වන කඩයිම පසු කරනවා. ඉදිරි දිගහැරුම ලිපි පෙලට දෙන්න දැනට සිනමාපට කිහිපයක්ම තිබුනත් ලබන වසරේ එන සුපිරිම සිනමාපටයක් වනු ඇති බලාපොරොත්තු තමා සිටින Star Trek Beyond සිනමාපටය මෙවර ලබාදෙන්න සිතුවා.star-trek-3-header


අද ලිපිය පටන් ගන්නම් මම බයිස්කෝප් අඩවියේ (Star Trek (2009)) සිනමාපටයේ උපසිරසි සමඟ ලබාදුන් ලිපියෙන්.pegg-stb

Star Trek කියන නමින් 1966-1969 දක්වා මුල් වරට මේක රූපවාහිනී කතා මාලාවක් හැටියට (The Original Series) දිග හැරුණා. දැනටත් ඒක IMDb හි 8.4ක අගයක් ලබාගෙන තියෙනවා. පසුව කිහිප විටක්ම මෙය රූපවාහිනී තිරයට පැමිණියා. ඒ,
The Animated Series (1973–74)
The Next Generation (1987–1994)
Deep Space Nine (1993–99)
Voyager (1995–2001)
Enterprise (2001–05) ලෙසටයි.

1979 දී මුල්වරට මේ කතාව පාදක කරගෙන සිනමාපටයක් නිර්මාණය වනවා. පසුව 1991 දක්වා ඔරිජිනල් ස්ටාර් ට්‍රෙක් සිනමාපට 6ක් නිර්මාණය වෙනවා. පසුව 1994 සිට 2002 දක්වා ඊළඟ පරම්පරාවේ සිනමාපට 4 නිර්මාණය වෙනවා.

The Original Series සිනමාපට

Star Trek: The Motion Picture (1979)
Star Trek II: The Wrath of Khan (1982)
Star Trek III: The Search for Spock (1984)
Star Trek IV: The Voyage Home (1986)
Star Trek V: The Final Frontier (1989)
Star Trek VI: The Undiscovered Country (1991)

The Next Generation සිනමාපට

Star Trek Generations (1994)
Star Trek: First Contact (1996)
Star Trek: Insurrection (1998)
Star Trek: Nemesis (2002)

2009 දී මෙම සිනමාපට The Original Series පදනම් කරගෙන Star Trek නමින්ම ප්‍රතිනිර්මාණයක් ලෙස නැවත නිපදවනු ලබනවා. පසුව 2013 දී Star Trek Into Darkness නමින් දෙවන ප්‍රති නිර්මාණයද නිමවනු ලැබුවා. ඒ සඳහා Star Trek II: The Wrath of Khan සිනමාපටය ප්‍රධානවම මූලික කරගනු ලැබුවා.Capture

Star Trek (2009)

Star Trek Into Darkness (2013)viewer-header


ඉතින් 2009 සහ 2013 වසරවල නිකුත් වූ ප්‍රතිනිර්මාණ ද්විත්වය ලද සාර්ථකත්වය නිසාම මේ වන විට තෙවන නිර්මාණයද නිර්මාණය වෙමින් පවතිනවා.

J.J. Abrams විසින් නිර්මාණය කෙරුණු මුල් නිර්මාණ ද්විත්වය ලද සාර්ථකත්වය නිසා තෙවන නිර්මාණයද ඔහුට ලබාදීමට තිබුනත් සිනමා ඉතිහාසයේ දැවැන්ත සිනමාපට පෙළක සත්වන නිර්මාණය වන Star Wars: The Force Awakens (2015) සිනමාපටය නිර්මාණය කිරීමේ කටයුත්ත ඔහු භාරගත් නිසා තෙවන Star Trek සිනමාපටය සඳහා නව අධ්‍යක්ෂක වරයෙක් සෙවීමට පැරමවුන්ට් සමාගමට සිදු වූවා.IDR_1920_BG-500x250

අවසානයේ තවත් දැවැන්ත සිනමාපට පෙළක් ගෙන ආ අධ්‍යක්ෂක වරයෙක් ඔවුන්ට මුණ ගැසුනා. ඒ සැවොම නමින් හඳුනන Justin Lin. එකිනෙකට සම්බන්ධයක් නොමැති සිනමාපට තුනක් එක් කර තවත් සුපිරිගණයේ සිනමාපට ත්‍රිත්වයක් නිර්මාණ කරමින් Fast And Furious සිනමාපට පෙළ දැවැන්ත සිනමාපට පෙළක් බවට පත් කෙරූ අධ්‍යක්ෂක ඔහුයි. (හැබැයි ඔහුට මේ සිනමාපටය භාරගත් නිසා Fast And Furious 7 සිනමාපටය පවා අත්හරින්නට සිදු වූවා) මේ අනුව J.J. Abrams විසින් නව නිර්මාණයක් ලෙස නිර්මාණය කෙරුණු නවතම Star Trek සිනමාපට මාලාවේ තෙවන ආගමනය Justin Lin විසින් සිදු කරනු ලබනවා.

පෙර ද්විත්වයේ මෙන්ම Chris Pine, Zachary Quinto, Zoe Saldana ඇතුළු පිරිස මෙවරත් රංගනයෙන් දායක වනවා.star_trek_beyond

කිසිඳු පිළිසරණක් නොමැති සතුරු ග්‍රහලොවක් මත පිටසක්වල ප්‍රහාරයකට ලක්වන කැප්ටන් කර්ක් ඇතුළු පිරිස වටා මෙවර කතාව ගෙතී තිබෙනවා.maxresdefault

තිරගතවන දිනය: 2016 ජූලි 22 (USA)

අධ්‍යක්ෂක: Justin Lin

සිනමාපට මාලාව: Star Trek

නිෂ්පාදනය: Roberto Orci

සංගීත සංයෝජනය: Michael Giacchino

තිසර නියෝ (414 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 414 posts and counting. See all posts by තිසර නියෝ

One thought on “ඉදිරි දිගහැරුම C | Star Trek Beyond (2016) | තරු ගණදුර තෙවන වරටත් (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ)

  • December 23, 2015 at 11:39 AM
    Permalink

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    සහෝ

    නියමයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *