~Rambo – 5 එනවද?~ Sly පිළිතුරු දෙයි!

Sly නැතිනම් කවුරුත් දන්න කියන විදිහට පුරුදු නමින් කිව්වොත් Sylvester Stallone තමන්ගෙ අතිශය ජනප්‍රිය වුණු Rambo චිත්‍රපට මාලාව ගැන අදහස් දක්වලා. ඔහු කියල තියෙන්නේ මෙහෙමයි.

“රම්බෝ 5 වැන්නක් ගැන අදහසක් තියෙනවා. නමුත් දැනට එහි කතා අන්තර්ගතය පිළිබඳව නිගමනයකට ඇවිදිං නෑ. රම්බෝ යම් විලෝපිකයෙක් වගේ මොකෙක්හරි එක්ක හැප්පෙන; එහෙමත් නැත්තම් මෙක්සිකානු මත් ජාවාරම්කරුවන් එක්ක ගැටෙන ආකාරයේ තේමාවක් ගැන අදහසක් පළ වෙලා තියෙනවා.”

The Expendables 1, 2 චිත්‍රපට ලබාපු අති දැවැන්ත ප්‍රතිචාර මැද්දෙම, Arnold Schwazenegger ආපහු තිරයට එන්ඩ හිතපු එකත් මේ වගේ අදහසක් පහළ වෙන්ඩ මූල බීජයක් වෙච්චි බවකුයි පේන්නෙ. නැතිනම් Sly මීට කලින් කියල තිබුණේ රම්බෝ දැන් ගෙදර යවන්ඩ ඕනි කියලයි. අනික රම්බෝ අන්තිම වතාවට වැඩ පෙන්නලත් දැන් සෑහෙන කාලයක් වෙනවා.

“මගේ වැහැරුණ ඇඟ ඔරොත්තු දෙනවනම්, ඒක හරියටම හරියාවි. එහෙම නොවුණොත් රම්බෝ හතුරො එක්ක සටන් කරනවා වෙනුවට, හන්දිපත් රුදාවත් එක්ක සටන් කරාවි. නමුත් තවමත් ඒ ගැන හරි තීරණයක් නෑ. කොහොම වුණත් මෙක්සිකානු අපරාධ කල්ලි එක්ක උරෙනු’ර ගැටිලා කරන සටනක් ගැන අදහස බොහොම ආකර්ශනීයයි.”

ඔහු කියන විදිහටනම් මේ වගේ ශක්තිමත් ජවසම්පන්න යුදකාමියෙක් වෙන්ඩ දැන් තමන්ගෙ වයස වැඩීයි. වයස 66ක් වෙන Slyට දැන් එච්චර හරියක් කරන්ඩ තමන්ට හයියක් තියේවිද කියලත් සැකයිලු. කොහොම වුණත් තවම ‘Rambo 5’ ගැන කිසිවක් පැහැදිලිව කියල නැතත්, ඒ ගැන අදහසනම් ලේසියට අත්හරින්ඩ ඔහු සූදානම් නැති පාටයි. 60 පැන්නත් අවි බිම තියන්ඩ John Rambo කැමති නැතිවා වෙන්ඩ ඇති.

උදා (217 Posts)


One thought on “~Rambo – 5 එනවද?~ Sly පිළිතුරු දෙයි!

  • November 21, 2012 at 8:30 AM
    Permalink

    පට්ට පට්ට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *