Marvel’s Agents of S.H.I.E.L.D. characters – 09 Raina

Spoilers everywhere.. Read at your own risk!!

Marvel’s Agents of S.H.I.E.L.D. Season 1 වලදී අපිට Rainaව හමුවූවත් Season 2 වලදී මෙයාගේ චරිතය ගොඩක්ම වැදගත් වෙන නිසා ඒ ගැනලිපිය Season 2 වෙනකන් කල් දැම්මා. ඔන්න එහෙනම් අද අපි Raina ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕනේ Agents of S.H.I.E.L.D. Season 2 දැනට බලලා නැති අය ඉන්නවා නම් එයාලට කථාවේ storyline එක spoil වේවි.

Raina කියන්නේ ටිකක් සංකීර්ණ චරිතයකින් යුතු කෙනෙක්. ඇය තමයි HYDRA වල Super Soldiersලා හදන Centipede Group එකේ වර්තමාන ප්‍රධාන විද්‍යාවේදිනිය. ඒ විතරක් නෙවෙයි ඇය තමයි දැනට මේ භාවිතා කරන Centipede Serum එක නිපදවූ තැනැත්තිය. මේ නිසාම අපිට හිතෙනවා Raina කියන්නේ HYDRA වලට වැඩ කරන කෙනෙක් කියලා. ඒත් ඇත්තටම මෙයා කථාබහ කරන විදියෙන් නම් HYDRAලාගේ අදහස් නැති බවයි පේන්නේ. HYDRAලාගේ උවමනාව තියෙන්නේ Global destruction එකක් උනත් මෙයා හැම වෙලේම හොයන්නේ පුද්ගලයන්ට බලයන් ලබා ගැනීම සහ ඒවා පාලනය කිරීම කියන දේ සම්බන්ධවයි. ඒ ගැන අපිට “Girl in the Flower Dress” කියන episode එකෙන් හොඳටම පැහැදිලි වෙනවා. Rainaගේ බාහිර පෙනුම ගැනත් විශේෂ සඳහනක් කරන්න අපිට සිදුවෙනවා. බොකුටු ගැසුණු කළු පැහැවන් කොණ්ඩය, විශාල ඇස් සහ සිහින් සිරුර නිසා ඇය තුළ තිබෙන්නා වූ ගුප්ත ස්වභාවය කථාමාලාව පුරාම විහිදෙනවා. ඒ වගේම තමයි ඇය තෝරාගන්නා ඇඳුම් විලාශයෙත් වෙනසක් තියෙනවා. ආසියානු මෝස්තරයට හැඩගැන්වුණු මල් වලින් සැඳුම්ලත් මෝස්තරයකින් සමන්විත ගවුම් තමයි ඇය අඳින්නේ. සමහර විට ඇය ආසියානු සම්භවයක් තියෙන කාන්තාවක් වන්නටත් පුළුවන්. මගේ මතය නම් ඇය පුරාතණික ආසියානු මතවාද විශ්වාශ කරන්නියක් බවයි. එහෙමත් නැතිනම් ඇය තමන් ඇතුළත සිටින ගුප්ත චරිතය එළියට නොපෙන්වන්න මේ ඇඳුම් මෝස්තර යොදාගත්තා වන්නටත් පුළුවන්.

සෑමදෙනාම හිතනවාට වඩා Raina කියන්නේ බුද්ධිමත් හැමදෙයක්ම ගැඹුරින් දකින කෙනෙක් හැටියට මට හඳුන්වන්න පුළුවන්. Season 1 වලදී ඇය Coulson සමඟ “Magical Place”(T.A.H.I.T.T.I) ගැන කෙරෙන කථාබහෙන් සහ John Garret සෑම දෙයක්ම දකිනා දිවැස් ඇත්තෙකු(Clairvoyant) නොවන බව දැනගත්තාම හැසිරුණු ආකාරයෙන් ඒ බව මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම Season 2 වලදී ඇයට බලයන් ලැබීමට පෙර ඇය Skyeගේ තාත්තා සමඟ කරන සාකච්ඡා වලින්ද, ඇයට බලයන් ලැබීමෙන් පසුව Jiaying සමඟ කරන සංවාද වලින්ද මේ බව පැහැදිලි වනවා. ඒ වගේම ඇය Skyeගේ පියා, Daniel Whitehall සහ HYDRA එක සමඟ බොහොම ප්‍රවේශමෙන් ගණුදෙනු කරන ආකාරය තුළින් ඇයගේ යම් අරමුණක් කරා ඇය ගමන් මාර්ග තනා ගන්නා බවකුත් පැහැදිලි වෙනවා. මේ නිසාම අර කලින් කියපු ගුප්ත චරිතය ඉස්මතු වනවා. Rainaගේ උප්පත්තිය ගැන සඳහනක් නොමැති නිසා season 2 එක ආරම්භයේදී ඇයගේ පවුල් පසුබිම ගැන වැඩි සඳහනක් කරන්නට අපහසු වුණත් ඇය Obilisk/Deviner එක ස්පර්ශ කිරීමට සමත් වූ නිසාත්, Skyeගේ පියා එය ස්පර්ශ කිරීමට සැමට නොහැකි බව පැවසීම නිසාත් ඇය සුවිශේෂී පරපුරකින් පැවතෙන්නියක් බව සඳහන් කළ යුතුමයි.

Season 2 වල mid season finale එකේදී Skyeට සහ Rainaට බලයන් ලැබෙන Terrigenesis ක්‍රියාවලියේදී ඔවුන් දෙදෙනාම Inhumansලා බවත් එතැනදී Rainaගේ ස්වභාවය වෙනස් වන ආකාරයත් අපිට දැකගන්න ලැබෙනවා. මේ ගැන වැඩි දුරටත් අපේ review එකේදී කථා කරන්න හිතාගෙනයි ඉන්නේ. ඒ වගේම Rainaට ලැබෙන බලයන් මොනවද, ඒවා ඇය නිවැරදි ආකාරයෙන් භාවිතා කරනවාද යන දේවල් ගැනත් ඒ ලිපි පෙළින් කථා කරන්න සූදානම්.

Agents of S.H.I.E.L.D. කථාමාලාවේදී Rainaගේ චරිතය රඟදක්වන්නේ 1982දී ඉතියෝපියාවේදී උපත ලද අයර්ලන්ත සම්භවයක් සහිත නිළියක් වන Ruth Negga විසිනි. 12 Years A Slave, Fury (2012), Breakfast on Pluto (2005), Isolation (2005) සහ World War Z වන චිත්‍රපට වලට රංගනයෙන් දායක වී ඇති Negga,Misfits කියබ බ්‍රිතාන්‍ය Tv series එකේද රංගනයෙන් දායක් වී තිබෙනවා. ඇය චරිතයට ගැලපෙන ලෙස හැඟීම් දනවමින් විශිෂ්ඨ ලෙස චරිතයට හොඳ අවසානයක් ලබා දෙනවා. ඊලඟ ලිපියෙන් අපි Skyeගේ දෙමව්පියන් ගැන විස්තර දදැන ගනිමු.

‪#‎SmAsHeR‬

https://www.facebook.com/slcomicscripto (1)

Comic Script (144 Posts)


One thought on “Marvel’s Agents of S.H.I.E.L.D. characters – 09 Raina

  • September 28, 2015 at 12:11 PM
    Permalink

    Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *