Tamasha(2015) | ඇයි නිතරම එකම කතාව…

ආයුබෝවන් කිව්වා හැමෝටම… මම අද මංසලට ගොඩ වෙන්නේ තවත් සුපිරි, ජනප්‍රිය, දැවැන්ත සිනමා නිර්මාණයක් ගැන ඔයාලව දැනුවත් කරන්න.
මේකේ නම තමයි Tamasha(තමාෂා)… ඒකෙ තේරුම ගත්තොත් තමශාව, දර්ශනය, නාට්ටිය වගේ තේරුම් රාශියක් එනවා. o (1)බොලිවුඩ් සිනමාව ගැන උනන්දු අය නම් දැනටමත් දන්නවා මේකේ ප්‍රධාන චරිත කවුද කියලා. ඔවුන් මේ චිත්‍රපටිය එනතුරු ගොඩ උනන්දුවෙන් තමයි බලාගෙන ඉන්නේ.
මොකද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ කලක් බොලිවුඩයේ ආදරබර කුරුළු ජෝඩුවක් වෙලා සිටි රන්බීර් කපූර් සමගින් දීපිකා පදුකෝන්.

ඉමිටියාස් අලී තමයි මේ සලරුව අධ්‍යක්ෂණය කරන්නේ. ඉමිටියාස් අලී කියන්නේ බොලිවුඩයට ගොඩක් ලස්සන සම්මානනීය චිත්‍රපට රැසක් දායාද කල කෙනෙක්.
Jab We Met(2007), Love Aaj Kal(2009), Rockstar(2011), Highway(2014) වගේ චිත්‍රපටි ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපටි ලයිස්තුවේ මූලික තැනක් ගන්නවා.unnamedඒ වගේම දීපිකා පදුකෝන් Love Aaj Kal හිදී සහ රන්බීර් කපූර්  Rockstar(2011) හිදී ඉමිටියාස් අලී එක්ක වැඩ කරලා තියෙනවා.
මෙහිදී Love Aaj Kal වසරේ හොඳම අධ්‍යක්ෂක සහ වසරේ හොඳම චිත්‍රපටියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා වගේම,
Rockstar(2011) චිත්‍රපටිය හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය යන ෆිල්ම් ෆෙයාර් සහ අයිෆා සම්මාන සියල්ලම දිනාගන්න ඒ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.unnamed (1)ඉතින් ඔය දෙකේම වැඩකාරයෝ සෙට් එක එකතු වෙලා තමයි තමාෂා චිත්‍රපටිය සිනමාවට නගන්නේ.
සංගීත අධ්‍යක්ෂණයෙන් A.R Rahman, නිෂ්පාදනයෙන් Sajid Nadiadwala, ගීත රචනයෙන් Irshad Kamil සහ ඉමිටියාස් අලීගේම පිටපත් රචනයෙන් මේ සලරුව සිනමාවට නැගෙනවා.
ඒ වගේම ගීත ලේබලය සඳහා T-Series ආයතනය හොට දාලා තියෙනවා කියලත් ආරංචියි.unnamed (2)මේකේ රූගත කිරීම් ආරම්භ කරන්නේ 2014 ජූලි මාසයේදී ප්‍රංශයේ කොර්සිකා වලදී.unnamed (3)unnamed (6)unnamed (4)unnamed (5)ඉමිටියාස් අලීගෙන් චිත්‍රපටියේ කතාව ගැන විමසූ විටෙක ඔහු පවසා ඇත්තේ මෙසේය..
” ඔබට යම් කෙනෙක් හමුවනවා, ඔබ ඔහුට වශී වනවා. ඔහු නිදහසේ ගලාගෙන යන කෙනෙක්. ඔබේ වර්ගයට අනුව ඔබට ඔහුට සම්බන්ධ විය නොහැකියි.
නමුත් වසර ගණනාවකට පසු ඔබට ඔහුව මුණ ගැහුණු විට. ඔහු මුළුමනින්ම වෙන කෙනෙක්. “unnamed (6)පූර්ව ප්‍රචාරක පටය නැරඹුවාම මේ ගැන ඔයාලට අදහසක් ගන්න පුළුවන්… ඉතින් සිංහල උපසිරැසි එක්කම පූර්ව ප්‍රචාරක පටය ඔයාලා වෙත මං  අරගෙන ඇවිත් තියෙනවා.
චිත්‍රපටිය නොවැම්බර් 27 තිරගත කිරීමට සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ.
ඉතින් ඒ දවස් වෙද්දී තවත් අලුත් තොරතුරක් තිබ්බොත් මංසලෙන් ඔයාලව දැනුවත් කරන්න අපි බැඳී ඉන්නවා.
ඒ වගේම හොඳ පිටපත් නිකුත් වූ විගස සිංහල උපසිරැසිකරනයේ මහගෙදර වන අපේ මව් අඩවියෙන් ඔබට සිංහල උපසිරැසි ලබාදීමට අපි නොයිවසිල්ලෙන් බලා සිටිනවා.
ඒ වගේම පෞද්ගලිකව මටත් ගොඩක් විශේෂ චිත්‍රපටියක් වෙයි මේක.. 😛 හමුවමු එසේනම් තවත් දවසක…!!!

තාරක නුවන් දිල්හාර (71 Posts)


2 thoughts on “Tamasha(2015) | ඇයි නිතරම එකම කතාව…

  • September 27, 2015 at 12:49 AM
    Permalink

    එලස්…
    එනතුරු බලාසිටිමි…
    එල අවැඩක්,…

  • September 27, 2015 at 12:46 AM
    Permalink

    තුති…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *