Marvel’s Agents of S.H.I.E.L.D. characters – o8 | Lance Hunter

Marvel’s Agents of S.H.I.E.L.D කථාමාලාවේ Season 2 වලට එක්වුණු අලුත්ම සාමාජිකයන්ගෙන් කෙනෙකු තමයි Lance Hunter කියන්නේ. මෙයා comics වලටත් සම්බන්ධ කෙනෙක්. Comics වලදී මෙයාගේ උපන්බිම හැටියට සඳහන් වෙන්නේ එංගලන්තයේ Kent ප්‍රාන්තයයි. Comic වලදීයි Agents of S.H.I.E.L.D. කථාමාලාවේදීයි මෙයාගේ කථාවේ වෙනසක් වෙන්නේ නැහැ ඒ නිසා කෙලින්ම Tv series එක ගැන කථා කරමු.

Lance Hunter කියන්නේ කුලියට මුදල් පතා වැඩකරන පුද්ගලයෙක්. HYDRA ප්‍රහාරයෙන් පසුව බිඳවැටෙන S.H.I.E.L.D එකට පුහුණුවලත් නිළධාරීන් අඩුවක් පවතින විටයි Isabelle Hartley විසින් ඔහුව S.H.I.E.L.D. එක හා සම්බන්ධ කරවන්නේ. කථාමාලාව ආරම්භයේ පටන්ම ඇනුම්පද කියන උපහාසාත්මක ලෙස හැසිරෙන චරිතයක් වුවත් මෙහෙයුම් වලදී තම කාර්යභාරය මනාව ඉටු කරන්නට සමත් පුද්ගලයෙක් හැටියට හඳුන්වන්නට පුළුවන්. Hunter මුලින්ම රාජකාරි වැඩකටයුතු ආරම්භ කරන්නේ British Special Air Service එකේ Lieutenant කෙනෙක් විදියටයි. තම සේවා කාලයේදී දක්ෂ ලෙස සේවාරාජකාරි සිදුකළ Hunter, 2009 වසරේ බ්‍රිතාන්‍ය හමුදා මූලිකත්වයෙන් ඇෆ්ගනිස්ථානයේ සිදුකළ Operation Panther’s Claw මෙහෙයුමට සක්‍රීයව දායකත්වය දක්වපු පුද්ගලයෙක් ලෙසට හැඳින්වෙනවා. ඉන්පසුව බ්‍රිතාන්‍යයේ S.H.I.E.L.D. එක ලෙස ක්‍රියාකරන S.T.R.I.K.E. (Special Tactical Reserve for International Key Emergencies)හි සේවය කොට තිබෙන දක්ෂ නිළධාරියෙක්. Obelisk/Diviner එක සොයා කෙරෙන මෙහෙයුමේදී Carl Creelගේ අතින් ඔහුගේ සගයන් දෙදෙනා වන Isabelle Hartley සහ Idahoගේ මිය යාමෙන් පසුව ඔහු Director Phil Coulsonගේ ආරාධනාව සහිතව S.H.I.E.L.D. එකට සම්බන්ධ වනවා. එතැන් පටන් කණ්ඩායමේ මෙහෙයුම්වලදී වැදගත් කාර්යභාරයක් ඉටුකරන්න Hunterට හැකිවෙනවා.

කථාමාලාවේ Lance Hunter කියන්නේ බොහොම විනෝදබර කෙනෙක්. සමහර missions තුළදී පවා ඔහු beer උගුරක් බීලා උපහාසාත්මක විහිලුවක් කරන අවස්ථා බොහොමක් දකින්නට ලැබෙනවා. ඒ වගේම කථා විලාශය ඒ චරිතය මනහාව විදහා දක්වනවා. කථාමාලාවේදී Bobbi Morse තමයි Hunterගේ කලින් බිරිඳ. ඒත් කොමික් වලදී මේ කතාව පොඩ්ඩක් වෙනස්. Comic වලදී Bobbi සහ Hunter අතර තියෙන්නේ ආදර සම්බන්ධයක්. Tv series එකේදී දෙන්නා දෙන්නා ගැන තවමත් ඉස්සර වගේම හොයලා බලනවා කියලා පෙන්වන තැන් කිහිපයක්ම තියෙනවා. ඒ නිසාම දෙන්නා අතරේ වාද විවාද නම් බොහොමයක් සිදු වෙනවා. නියම වැඩේ කියන්නේ දෙන්නම දෙන්නගෙ වැරදි අඩුපාඩු කියාගන්නකොට Hunter හැමවෙලාවෙම “she devil” හෝ ඒ හා සමාන උපහාසයන් යෙදීමයි. මේ නිසාම දෙන්නා අතරේ නොදැනීම ආයෙත් ආදරක් හටගන්නවාද මන්දා. කොහොම හරි Hunter කියන්නේ හොඳ දක්ෂ agent කෙනෙක් කියලා අපි දන්නවානේ, ඒ වගේම තමයි මෙයා දක්ෂ හමුදා නිළඛණ්ඩ මෙහෙයවන්නෙකුත් වෙනවා. ඒ වගේම උපායදක්ෂයෙකුත් වෙනවා. රථවාහන පැදවීම, අවිආයුධ හැසිරවීම, අවිආයුධ අධ්‍යයනය සහ Martial arts ගැනත් හොඳ දැනීමක් සතු වෙනවා.

Marvel’s Agents of S.H.I.E.L.Dහි Lance Hunterගේ චරිතය රඟපාන්නේ Nick Blood විසිනුයි. ඔහුත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඒ නිසා බ්‍රිතාන්‍ය උච්චාරණය Hunterගේ චරිතය තුළ ප්‍රධාන ලෙස ඉස්මතු වෙනවා. Trollied (2011) and Brand New-U (2015), Babylon (2014) යන චිත්‍රපට සහ Tv Series වලට Nick Blood දායකත්වල ලබාදී තියෙනවා. Hunterගේ චරිතයේ ඇති පක්ෂපාතීත්වය, නිහඩ ගැඹුරු බව, කුතුහලය සහ ගවේශණාත්මක බව මෙන්ම තියුණු බුද්ධිමත් බවද මොහු මනාව රංගනයේදී ඉස්මතු කරනවා. තම චරිතයට අවශ්‍ය වන පරිදි ඔහු මනාව සෙසු චරිත පවා හැඩගස්වාගනිමින් ඔවුන්ගේ අවධානය දිනාගනිමින් ඉතා විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා.

‪#‎SmAsHeR‬

https://www.facebook.com/slcomicscript1280x720-flg

Comic Script (144 Posts)


One thought on “Marvel’s Agents of S.H.I.E.L.D. characters – o8 | Lance Hunter

  • September 25, 2015 at 12:05 AM
    Permalink

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *