Comic Based TV Series 005 – Vixen

අපේ යාලුවෝ හැමෝටම තිබ්බ ප්‍රශ්නයක් තමයි කොමික් ස්ක්‍රිප්ට් කණ්ඩායමට මොකද උනේ කියන එක. පහුගිය දවස් ටිකේම අපි කිසිම ලිපියක් පල කෙරුවේ නැති තරම් නේ. ඇත්තටම පහුගිය කාලේ පුරාවටම අපේ කණ්ඩායමට පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. ඇඩ්මින් වරුන් තුන් දෙනෙක් ම මේ අවුරුද්දේ උසස් පෙළ විභාගය ලියන එක තමයි තමයි ලොකුම අභියෝගය උනේ. ඒ අතර වාරයේ මම ඇතුළු තව ඇඩ්මින් වරයෙකුට රැකියාව ආශ්‍රිතව ඇතිවුණු ගැටළු තත්ත්වයක් හින්දා ක්‍රියා කාරී විදිහට ඉන්න බැරි උනා. ඊට අමතරව අපේ විදේශයක ඉන්න ඇඩ්මින් වරයෙකුට ටික දවසකට ලංකාවට ඇවිත් යන්න සිද්ද උන නිසා පුරුදු විදිහට ලිපි ලියන්න බැරි උනා. මේ කාරනා සේරම හින්දා අපේ පුරුදු වැඩ පිළිවෙල ටිකක් මඟ හැරුනා. තවමත් මේ ප්‍රශ්න සේරම ඉවර නැති උනාට අපි බලා පොරොත්තු වෙනවා පරන පිළිවෙලට ආපහු ලිපි ලියන්න.

අපි අද කතා කරන්න යන්නේ කොමික් චරිත මත පදනම් වුනු කතාවක් ගැන. මතක ඇතිනේ අපි මිට කලින් ඇරෝ, ෆ්ලෑෂ්, ශිල්ඩ් සහ ගෝතම් ගැන කතා කෙරුවා කියලා. අද අපි කතා කරන්නේ මේ වගේ තවත් කතාවක් ගැන. ඒ තමයි Vixen කියන චරිතය වටා ගෙතුණු කතාව. මතකනේ මේකේ ට්‍රේලර් එක ආවට පස්සේ අපේ යාලුවෝ මේකට දක්වපු උනන්දුව. මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලාගන්න පුළුවන් බලපු නැති අයට.

https://www.youtube.com/watch?v=HRbPGJ_pxPo

ගොඩක් අයට තියන ගැටලුවක් තමයි ඇරෝ සහ ෆ්ලෑෂ් දෙන්නා කොහොමද මේකට සම්බන්ද වෙන්නේ කියලා. අපි මේ ගැන කතා කරන්න කලින් Vixen කියන කොමික් චරිතය ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුවා. ඉස්සරහට මේ චරිතය සම්පුර්ණ විස්තරයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකල් පොඩි හැදින්වීමක් විතරක් කරන්න හිතුවා.

Mari McCabe කියන්නේ කළු ජාතික කාන්තාවක්. මෙයාට හම්බෙනවා අතීතයේ ඉදන් පරපුරෙන් පරපුරට පැවතගෙන එන Tantu Totem කියන පළදනාවක්. මේක භාවිතා කරලා මෙයාට පුලුවන් වෙනවා ඕනෑම සතෙක් ගේ හැසිරීම, හැකියාව අනුගමනය කරන්න. ඒ වගේම සමහර අවස්ථා වල දී සතෙක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. මෙයා පස්සේ කාලේක ඇමරිකාවට එනවා. ඊට පස්සේ තමන්ගේ හැකියාව භාවිතා කරනවා අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න.

එතකොට මේ කතාවට කොහොමද ඇරෝ ෆ්ලෑෂ් දෙන්නා සම්බන්ධ වෙන්නේ? ඔයාලා දන්නවා නේ මේ වෙද්දී The CW’s shared DC Comics TV universe එක තමන්ගේම ආවේනික තත්ත්වයක් ගොඩ නගා ගෙන ඉන්නවා කියලා. Arrow, The Flash සහ Legends of Tomorrow වලට අමතරව Constantine චරිතය පවා එයාලා මේකට ඇතුලත් කරලා තියෙන්නේ. Vixen කියන්නේ මේකට එකතු වෙන අලුත්ම චරිතය. මේ කතාවට ඇරෝ සහ ෆ්ලෑෂ් දෙන්නා එනවා වගේම, මෙයත් ඒ කතා දෙකේදීම දැක ගන්න පුළුවන් වෙයි.

හැබයි මේක ඇනිමේෂන් එකක් විදිහට තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක විකාශය වෙන්නේ අන්තර් ජාලය ඔස්සේ පමණක් විකාශය වෙන CW Seed කියන නාලිකාව ඔස්සේ වෙබ් සිරිස් එකක් විදිහට.
අපි බලමු මේ ගැන දැනගන්න තියන කරුණු ටික එක තැනකට ගන්න,

• DC කොමික් වල Vixen නමැති චරිතය වටා කතාව ගොඩ නැගී ඇත
• නිෂ්පාදන සමාගම – DC Entertainment, Warner Bros. Animation, Blue Ribbon Content
• විකාශය වෙන නාලිකාව – CW Seed
• විකාශය වෙන දිනය – 2015 අගෝස්තු 25
• නිර්මාණකරණය – Marc Guggenheim
• විකාශය වීමට නියමිත සීසන් ගණන – 1
• විකාශය වීමට නියමිත කොටස් ගණන – 6 (එකක් විනාඩි 5 බැගින්, මුළු කතා කාලය සාමන්‍ය කතාවක කාලය)

දල වශයෙන් මේ කතාව ඇරෝ කතාවේ තුන්වෙනි සීසන් එකේ 15 සහ 16 කොටස් අතරට තමයි වැටෙන්නේ. මුළු කොටස් 6 ම විකාශන කාලය විනාඩි 30 ක වගේ උනාට කලින් කිව්වා වගේ මෙයා ඇරෝ සහ ෆ්ලෑෂ් කතා දෙකටම එන්න නියමිත හින්දා මෙයා ගැන වැඩිපුර දැකගන්න පුළුවන් වෙයි.

Megalyn Echikunwoke විසින් Vixen චරිතයට හඬ කවනවා. මිට අමතරව අපි දන්න කියන ඇරෝ. ෆ්ලෑෂ්, ෆෙලිසිටි සහ සිස්කෝ මේ කතාවට එකතු වෙනවා. එහෙනම් මේ මාසේ 25 වෙනිදාට මේ කතාව නරඹන්න කියලා ඔයාලා සේරටම ආරාධනා කරනවා.

#attila_THE_hun

maxresdefault
Comic Script (144 Posts)


2 thoughts on “Comic Based TV Series 005 – Vixen

  • November 26, 2016 at 3:11 AM
    Permalink

    Prashna awama apitath kiyanna. Apith udaw karanawane. Good luck!

  • October 12, 2015 at 11:38 AM
    Permalink

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *