Marvel’s Agents of S.H.I.E.L.D. characters – o7 | Barbara “Bobbi” Morse / Mockingbird

Marvel’s Agents of S.H.I.E.L.D කථාමාලාවේ Season 1 වල අවසාන භාගයේ නොසිතූ ජනප්‍රියතාවයත් සමඟම Marvel සමාගම season 2 එක ටිකක් අඳුරු තේමාවක් සහිත action වැඩි කථාවක් බවට පත් කළා. ඒ වගේම කථාමාලාව සඳහා වඩාත් දක්ෂ නළු නිළි පිරිසක් සම්බන්ධ කරගත්තා. ඒ අනුව Marvel Comics වල සුවිශේෂතම චරිතයක් වන Mockingbird චරිතයත් Season 2 එකේ ප්‍රධාන චරිතයක් බවට පත් වුණා. මේ ලිපියේදී මං වැඩිපුරම Agents of S.H.I.E.L.D.කථාමාලාවේ Mockingbird චරිතය ගැනත්, ඒ චරිතය කථාමාලාවේ හරයට සම්බන්ධ වෙන ආකාරය ගැනත් ප්‍රධාන වශයෙන් කථා කරන්න හිතුවා. Mockingbird ගැන වෙනම comic හා සම්බන්ධ ලිපියක් අපි ගෙන එනවා.

Barbara Morse එහෙම නැත්නම් Bobbi Morse කියන්නේ S.H.I.E.L.D. agentsලාගෙන් ඉතාමත් දක්ෂතම Agentsලා කිහිප දෙනාගෙන් එක්කෙනෙක්. Comic වල කියන හැටියට නම් Bobbi Morse කියන්නේ Georgia Institute of Technology එකෙන් ජීව විද්‍යාව සඳහා වන Ph.D.එක සම්පූර්ණ කරපු විද්‍යාවේදිනියක්. ඒ අතරතුරේම කුඩා කාලයේ ජිම්නාස්ටික්, සහ සටන් කලාව ප්‍රගුණ කළ කෙනෙක්. මේ නිසාම ඇයට පවතින දරා ගැනීමේ හැකියාව අධිකයි. ඉන් පසු S.H.I.E.L.D එකට බඳවා ගන්නා ඇය එහි වැඩිදුර පුහුණුවීම් වලින් පසුව අති දක්ෂ agent කෙනෙක් බවට පත්වෙනවා. Comic වලදී කියවෙන හැටියට වරෙක Nick Fury විසින් Captain Americaගේ ස්ථානයට ළං කළ හැකි එකම තැනැත්තිය Bobbi Morse බවත් පවසා තිබෙනවා. මේ නිසාම ඇයගේ දක්ෂකම් ගැන අමුතුවෙන් වර්ණනා කරන්න ඕනෙ නැහැ කියලයි මට හිතෙන්නේ. Barbara Morse, Bobbi, Roberta Morse, The Huntress, Agent 19, Barbara Barton යනාදී නම් වලින්ද මැයව හඳුන්වා දී ඇති වාර අපමණයි. මෙයින් සුවිශේෂීම නාමය වන්නේ Barton යන නාමයයි. Marvel Comics වල Barton කියන නම තියෙන ප්‍රධානම කෙනා තමයි Hawkeye නොහොත් Clint Barton. මේ දෙදෙනා කලක් විවාහ වෙලා සිටි යුවළක්. නමුත් පසුව දෙදෙනා විරසක වෙලා වෙන් වෙන්න තීරණය කරනවා. ඒකට හේතුවෙන්නේ Bobby එයාගෙ දෙමව්පියන්ට හොරෙන් තමයි Mockingbird හැටියට වැඩ කරන්නේ. එයා එයාගේ අනන්‍යතාව කාටවත් හෙළි කරන්න කැමති වෙන්නෙ නෑ. නමුත් Clint, Bobbiගේ අම්මා ඉන්න තැනක ඇගේ අනන්‍යතාව හෙළි කරනවා. මේකට ඇතිවන විරසකෙන් පස්සේ තමයි දෙන්නා වෙන් වෙන්නේ. මොන දේ උනත් Marvel Comics වල අති සාර්ථකම කාන්තා චරිතයක් හැටියට Mokingbirdව සැලකෙනවා.

Agents of S.H.I.E.L.D කථාමාලාවේදීත් Comics වලට සම්බන්ධ කරුණු මත ප්‍රධානව පදනම් වුණු Mockingbird කෙනෙක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ චරිතයේ ජීව ගුණය පොඩ්ඩක්වත් විනාශ කරලා නැහැ. HYDRA එකේ ආක්‍රමණය සිදුවන කාලරාමුවේදී සහ අද දක්වාම S.H.I.E.L.D.එකේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් තමයි Bobbi Morse කියන්නේ. කථාමාලාවේදී මෙයාගේ code name එක(Mockingbird) භාවිතා වෙන්නේ අඩුවෙන්. ඒකට හේතුව කථාමාලාව S.H.I.E.L.D එක පදනම් කරගෙන සිදු කරන නිසායි. කොහොම නමුත් season 2 එකේ කථාවට මෙයාව ඇතුළත් කරන තැන ඉඳන්ම මං ආසා කරපු සහ ආදරය කරපු චරිත 5-6ට මෙයාවත් ඇතුළු වුණා. කලින් Marvel’s Agents of S.H.I.E.L.D. characters ලිපියෙන් අපි කථා කරපු Jemma එක්ක තමයි මෙයාට පළවෙනි mission එකට සහභාගී වෙන්න සිදු වෙන්නේ. ඒ HYDRA Laboratory base එකක් ඇතුළේ ඉඳලා ඔවුන්ගේ මීලඟ මෙහෙයුම් ගැන S.H.I.E.L.D. එක දැනුවත් කරන්නයි. Bobbi Morse කියන්නේ කොච්චර දක්ෂ spy කෙනෙක්ද කියලා season 2 episode 05 වලදී බලාගන්න පුළුවන්. ඒ වගේම Bobby සතු සියළුම පාහේ හැකියාවන් මේ season එකෙන් මනාව ඉස්මතු කරනවා. සමහර විට season 2 එක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මේක වෙන්නත් පුළුවන්. තමන් සතු සටන් හැකියාවන් සහ රහස් පරීක්ෂණ හැකියාවන් මනාව ඉදිරිපත් කරමින් කුමන අවස්ථාවක් වුවත් කණ්ඩායම ගැන හිතන කෙනෙක් හැටියට අපිට මෙයාව දැකගන්න පුළුවන්. තව විස්තර අපේ review එකේදී කථාකරමු.

Agents of S.H.I.E.L.D කථාමාලාවේ Bobbi Morseගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ Adrianne Palicki විසිනුයි. Friday Night Lights, Red Dawn (2012) Supernatural and the G.I. Joe: Retaliation(2013), Legion (2010), John Wick(2014) කියන චිත්‍රපටි සහ Tv Series බලපු අයට නම් Adrianneගේ රංගනයන්ගේ විශිෂ්ඨ බව ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැතුව ඇති. කථාමාලාවට guest star කෙනෙක් හැටියට ඇතුළත් වුවත් Season 2, episode 11 වලින් පස්සේ කථාමාලාවේ ප්‍රධාන චරිතයක් බවට Marvel සමාගම මැයව පත් කළා. ඉහළ ජනතා ආකර්ෂණයක් දිනාගැනීම නිසා ඒ වරප්‍රසාදය ඇයට හිමි වුණා. කතාමලාවට එකතුවුණු පළවෙනි episode එකේ ඉඳලා season finalie එක වෙනකන්ම action, Agility පොඩ්ඩක්වත් අඩු නොකරගෙන චරිතය රඟදක්වන්නට Adrianne ලොකු මහන්සියක් ගන්නවා. චරිතයට අවශ්‍ය වන පරිදි ඇය මනාව හැඩගැසෙමින් ඉතා විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා.

#SmAsHeR

Comic Script (144 Posts)


One thought on “Marvel’s Agents of S.H.I.E.L.D. characters – o7 | Barbara “Bobbi” Morse / Mockingbird

  • September 23, 2015 at 12:48 AM
    Permalink

    මේක AVENGERS කථාව එක්ක සමගාමීව මේක යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා.

    Marvel’s Agents of S.H.I.E.L.D. කථාව නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම

    සුබපැතුම්

    බුදු සරණයි! දෙවි පිහිටයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *