Gotham S02E01 – Damned If You Do **Spoilers**

කොමික් ස්ක්‍රිප්ට් අපිව ගොඩක් යාලුවෝ ආදරයෙන් වැළඳ ගත්තේ අපි ආදරය කරන ටීවී සිරිස් වල ගැඹුරට කතා කරන්න සිංහල මාධ්‍යයෙන් තියන නිසා කිව්වොත් ඒක බොරුවක් නෙවේනේ. ගිය අවුරුද්දේ පටන් ගත්ත ගමන පුරාවටම අපේ යාලුවෝ අපිත් එක්ක ගොඩාක් ආසාවෙන් එකතු උණා ඒ වැඩ පිළිවෙලත් එක්ක. ඒ වැඩ සටහනේ දෙවෙනි පියවර විදිහට මේ අවුරුද්දේ ටීවී සිරිස් වලින් කොමික් සම්බන්ධ කතාවක් විදිහට ආපු කතා අතරින් ගෝතම් කියන්නේ ඉදිරියෙන්ම ඉන්න කතාවක්. මුලින් මුලින් මන්ද ගාමි විදිහට ආපු මේ කතාව පලවෙනි සීසන් එක ඉවර වෙද්දී ලොකුම ලොකු ආන්දෝලනයක් ඇති කරන්න සමත් උණා. ඒ හින්දා හැමෝම මේකේ දෙවෙනි සීසන් එක එනකල් හිටියේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. ඔන්න අන්තිමට ඒ දවස ආවා. හැබැයි අපේ වාසනාවට ගෝතම් නියමිත දිනට කලින් නිකුත් උණා. ඒ කොටස ගැන පුරුදු විදිහට කතා කරන්න හිතුවත් අපේ ඇඩ්මින් එක තීරණය කලා නිල වශෙන්ම ගෝතම් නිකුත් වෙන කල් ඉන්න ඕනේ කියලා. ඒ හින්දා මීට දවස් කිහිපයකට කලින් ගේන්න හිතා ගෙන හිටපු ලිපිය අපි අද තමයි ඔයලා ට ගේන්නේ.

ගිය සැරේ අපි ගෝතම් කතාවේ නතර උනේ කොතන ද කියලා මතකද? ෆැල්කෝනි මිය යනවාත් එක්ක ඔහුගේ රාජධානිය බිඳ වැටෙනවා. ඊලඟට හිටිය ප්‍රබලයන වෙන සැල් මැරෝනි සහ ෆිෂ් මුනි දෙන්නාම මිය යන හින්දා ගෝතම් වල අණසක පතුරුවන්න ඉතුරු උනේ පෙන්ගුවින් විතරයි. ඔය අතරේ බ්රුස් වේන් එයාගේ තාත්තා සඟවලා තියපු රහස් කුටිය හොයා ගන්නවා. චරිත එකින් එක ගැන කතා කරන්න යන්නේ නෑ මේක ඉවරයක් වෙන්නේ නැති හින්දා. ඒ ඒ චරිත වල වැදගත් කම අනුව අපි ඉස්සරහට වැඩි පුර දේවල් කතා කරමු.

මුලින්ම කියන්න ඕනේ දෙයක් තියනවා මේ කොටස මගින් කරන්නේ ගිය පාර කතාවේ නතර කරපු තැනින් අද වෙද්දී අපි කොච්චරක් දුර ඇවිත් ද කියන එක කියන්න. ඒ හින්දා මේ කොටස තුලින් අපිට දකින්න පුළුවන් උනේ යම් යම් සිද්දි වලට අදාළ මුලික කාරණා වලට පසු බිම වැටෙන එක විතරයි.

1.කතාව පටන් ගන්නේ ගියපාර සීසන් එක ඉවර උණු තැනින් මාසෙකට පස්සේ. මේ වෙද්දී ගෝතම් ඇතුලේ ලොකු වෙනස් කම් වෙලා තියනවා. ගෝර්ඩන් සහ ලෙස්ලි දෙන්නා ආදරයෙන් ජිවත් වෙන්න පටන් අරගෙන. හැබැයි එයා ගේ වැඩ හින්දා ගෝතම් නගරයේ දුෂිත පොලිස් ප්‍රධානියෝ එයාව තත්ත්වයෙන් පහත් කරලා දාලා තියනවා. පොලිස් දිවියෙන් විශ්‍රාම ගත්ත බුලොක් ආපන ශාලාවක වැඩ කරනවා. පෙන්ගුවින් නගරයේ ආධිපත්‍ය තමන්ගේ අතට අරගෙන. වික්ටර් සාස් එයාගේ ප්‍රධාන ගෝලයෙක් වෙලා. බාබරා කීන් ආර්කම් සිර මැදිරියට ඇතුල් කරලා. ගිය පාර අපිට හම්බුනු ගොඩක් දෙනෙක් මේකේ නතර වෙලා ඉන්නවා. මේ අය ගැන තව ටිකකින් ම කතා කරමු.

2.අද කතාවේ දකින්න තිබ්බ අනවශ්‍ය චරිතයක් විදිහට තමයි මට නම් Zaardon හෙවත් Soul Reeper. මෙයා ගෙන් කතාවේ තියන වැදගත් කමත් නැති උණා. ඒ වගේම ෆිල්ම් වල දී අපිට නිතරම දකින්න ලැබෙන අභව්‍ය සිද්ධි වලට සමාන සිද්ධියක් (මෙයා අත් අඩංගුවට ගන්නත් ඕනේ, ඊට පස්සේ ආර්කම් සිර ගෙදරට දාන්නත් ඕනේ, එයා දාන තැන ඕන කරන අනිත් සිර කාරයෝ සේරම ඉන්නත් ඕනේ, එතන දී ම මෙයාට කටින් නිල් පාට වායුව මුදා හරින්න පුළුවන් වෙන්නත් ඕනේ). මෙයා ගැන කොමික් වලින් නම් ගැලපෙන චරිතයක් හොයා ගන්න බැරි උණා.

3. ගිය පාර සීසන් එකේ අවසාන වෙද්දී පුදුමාකාර දියුණුවක් ලබපු නිග්මා තමන් ගේ දෙබිඩි පිළිවෙත හින්දා අතර මං වෙලා. අපිට කොමික් වල දී දකින්න හම්බෙන රිඩ්ලර් ව තාම දකින්න බැරි උනත් මේ සීසන් එකේ දී නම් විශේෂ දෙයක් වෙන්න පුළුවන් මෙයා සම්බන්ධයෙන්.

4. බැට් මෑන් ගෝතම් වල සැරිසරන කොට පොලිස් ප්‍රධානියා වෙන්නේ ගෝර්ඩන් නේ. එයාට කලින් තමයි සාරා එසන්ස් ප්‍රධානියා වෙන්නේ. ඒ සේරටම කලින් ලෝබ් ව මේ තනතුරින් ඉවත් කරලා දාන්න ඕනේ. මේ සඳහා ගෝතම් කතා මාලාව යොදා ගන්නේ ටිකක් අඳුරු ක්‍රමයක්. මේකේ දී ලෝබ් ව ඉවත් කිරීමට වඩා දෙයක් වෙනවා. ඒ තමයි ගෝර්ඩන් කියන්නේ පෙන්ගුවින් ට එරෙහිව යන්න බැරි කෙනෙක් බවට පත් කරන එක. බැට් මෑන් කරලියට එනකල්ම අපිට ගෝතම් වල ප්‍රධානියා විදිහට පෙන්ගුවින් දකින්නේ ඒ හින්දා. ඒ වගේම ගෝර්ඩන් කියන්නේ මෙතනින් එහාට සර්ව පාරිශුද්ධ කෙනෙකුත් නෙවේ.

5.බාබරා කීන් ආර්කම් සිර මැදිරියට ගිය සිද්ධිය නම් ඇත්තටම විශේෂ අවස්ථාවක්. කලින් අපි දැකපු ආකර්ශනිය චරිතය වෙනුවට මෙතනින් මතු වෙලා පෙනුනේ කිසිම දෙයක් ගැන බයක් නැති මුරණ්ඩු බාබරා කෙනෙක්. සේරමත් හරි මෙයා ගෝර්ඩන්, ඩොක්ටර් ලෙස්ලි එක්ක කරන්න හදන භයානක සෙල්ලම නම් එච්චර හොඳ දෙයක් වෙන්න බෑ. තව වැදගත් කාරණයක් තමයි බාබරා සිර මැදිරියට එද්දී සීසන් 1 පුරාවට අපිට හම්බුනු ජෙරෝම් (අනාගත ජෝකර්???, මාස්ක්, ආරෝන්) වගේ අයත් මෙතන ඉන්න එක. හැබැයි මේ අය මෙතනට ගෙනාවේ නිකන් ම මුහුණ පෙන්නලා යන්න නෙවේ කියන එක අපිට ඉක්මනටම පැහැදිලි උනා.

6. මේ සේරම පිටිපස්සේ ඉන්න චරිතය තමයි Theo Galavan කියන්නේ. ගෝතම් සීසන් 2 වලට බැට් මෑන් ගේ ප්‍රධානම විලන් කෙනෙක් ගේනවා කියලා ආරංචිය ආවේ අද ඊයේ නෙවේනේ. ඒ වගේම එයා ගොඩාක් පොහොසත් වගේම ලොකු අතීතයක් තියන කෙනෙකුත් වෙනවා. අනිවාර්යෙන් ම මේ කිව්වේ තියෝ ගැලවන් ගැන තමයිනේ. හැබයි මෙහෙම නමක් අපිට කොමික් වල දී හම්බෙන්නේ නම් නෑ.හැබයි දැනට හම්බෙලා තියනවිස්තරයට ගැලපෙන කට්ටිය කවුද කියලා බලපුවාම අපිට තුන් දෙනෙක් තමයි එක පාරටම මතක් වෙන්නේ. ඒ රේශ් අල් ගුල්, වැන්ඩල් සැවේජ් සහ කෝට් ඔෆ් අවුල්. මේ අතරින් රේශ් ව මෑත කාලයේ දී ඇරෝ එකෙන් ගොඩක් ගැඹුරටම කතා කළා. ඒ වගේම වැන්ඩල් සැවේජ් කියන්නේ ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ එකේ ප්‍රධාන සතුරා. ඒ හින්දා මේ දෙන්නාවම අපිට ගෝතම් කතාවේ දකින්න ලැබෙන එකක් නෑ. එහෙනම් අපිට ගන්න තියන නිගමනය තමයි මේ කෝට් ඔෆ් අවුල් වලට තිබ්බ පියවරක් කියන එක. බැට් මෑන් ගැන තියන විශිෂ්ඨම කතාවක් ගෝතම් සීසන් 2 එකට පාදක කර ගන්නවා කියන්නේ නම් මේ සීසන් එක හිතනවා ටත් වඩා ආකර්ශනීය වෙනවා කියන එක නම් සැකයක් නෑ.

7. තියෝ ගැලවන් වගේම එයාගේ සොහොයුරිය කියලා අපිට දකින්න හම්බුනු සරාගී Tabitha Galavan (හම්මේ Jessica Lucas….) ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා. මොකද මෙයාව හදුන්වා දුන්නේ Tigress කියලා. ඉතින් මෙහෙම නමක් තියෙන්නේ කාටද කියලා හොයලා බලපුවාම අපිට dc කොමික් වල අම්මායි දුවයි දෙන්නෙක් ම හම්බෙනවා. ඒ දෙන්නා තමයි Paula Brooks Crock සහ එයාගේ දුව Artemis Crock. මේ දෙන්නටම ගැලවන් කියලා නමක් නැති උනාට නම් මාරු කරන එක ගෝතම් වල ලොකු දෙයක් නොවන හින්දා මේ දෙන්නාට සම්බන්ධයක් තියන කෙනෙක් වෙන්න ඇති කියලා තමයි මුලින් හැමෝම හිතුවේ. එත් ක්‍රොක් පවුලේ දෙන්නා ගේ අතේ තියෙන්නේ පිහියක් නෙවේ ගොඩක් වෙලාවට. ඒ හින්දා තමයි මෙයා වෙන කෙනෙක් කියලා ඔප්පු උනේ. මෙහෙම කෙනෙක් අපිට හම්බෙනවා Action Comics 01 වෙනි කලාපයත් (සුපර් මෑන් මුලින්ම එලියට ආපු කතාව) එක්ක පල වුනු The Mystery of the Freight Train Robberies කතාවේ. මෙයා Zatanna Zatara ඇතුළු Zatara පවුලේ එදිරිවාදිනියක්. ඒ වගේම කොමික් වල දී මෙයාගේ ඇත්ත නම කවුරුත් දන්නේ නෑ. ඒ හින්දා ඕනෑම නමක් මෙයා ගේ නම විදිහට භාවිතා කරන්න පුළුවන්.

8. අන්තිමට කියන්න තියෙන්නේ නම් බ්රුස් වේන් කියන්නේ කලින් හිටිය උද්ධච්ච කොල්ලා මයි. ගෝර්ඩන් හම්බුනු වෙලාවේ හැසිරුණු විදිහ, රහස් කුටිය විවර කරන්න දරපු උත්සාහය ඒවා ගෙන් ඒක හොදට කැපිලා පේනවා. මොනවා උණත් බ්රුස් ට හම්බුනේ රහස් කුටියක් මිස බැට් කේව් එකක් නම් නෙවේ. හැබයි ඉතින් මේක අනාගත බැට් කේව් එක වෙන්න බැරි කමක් නෑනේ. ඒ එක්කම තෝමස් වේන් එයාට ලියලා තියපු ලියුමෙන් ඉල්ලනවා සතුට හෝ සත්‍ය දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා කියලා. බැට්සි ගැන දන්න ඕනෑම කෙනෙක් දන්නවා නේ එයා තෝරා ගත්තේ මොන මාර්ගය ද කියලා. ඒ හින්දා මනේ අපිට ඉතාම කලාතුරකින් විතරක් සතුටින් ඉන්න බැට්මෑන් කෙනෙක් දකින්න පුළුවන් උනේ.

කලින් කිව්වා වගේ මේ සතියේ කොටස පුරාවටම අපිට දකින්න ලැබුනේ ඉදිරි කොටස් වලට අවශ්‍ය අඩිතාලම දා ගන්න විදිහ. අපි බලමු ඉස්සරහට මේ චරිත කොහොමද ගොඩ නැගෙන්නේ කියලා.

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

maxresdefault

Comic Script (144 Posts)


One thought on “Gotham S02E01 – Damned If You Do **Spoilers**

  • September 23, 2015 at 10:45 AM
    Permalink

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *