Stephen Amell පිළිබද ඔබ නොදන්නා කරුණු හතක්

unnamed (3)මං කලින් ලිපියක් මගින් ඔයාලව දැනුවත් කලා Arrow කතාමාලාව ගැන නොදන්නා කරුණු හයක් ගැන. අද කියන්නම් ඇරෝ චරිතය රග දක්වන බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර වූ Stephen Amell [ස්ටීවන් ඇමෙල්] ගැන. කියවන ගමන්ම ගණන් කරලා බලන්න මං මේ කියන කරුණු වලින් කියක් ඔයාලා දන්නවද කියලා.

  1. ස්ටීවන් ඇරෝ කතාමාලාව තුල දක්වන දුනු ශිල්පය ගැන කතා කලොත් ඔහු ඇත්තටම ඒ කලාව අත්දැකීම් තුලින් ලබා ගන්න කැමැත්තක් දක්වන කෙනෙක්. වැඩිදුරට කිව්වොත්, ඔහු දුනුවිදීම් තරග වළට සහභාගී වෙනවා. ඔහු මේ ගැන එක්තරා තැනකදී මේ වගේ ප්‍රකාශයක් කලා.

unnamedතේරුම- මට ඕනේ කාතාමාලාව තුල දුනු විදීමේ නිරත වෙන්න, ඊටපස්සේ මං දුනුවිදීමේ තරග වළට ගියාම මට දැකගන්න පුලුවන් මගේ හැකියාව කොහොමද කියලා. ඔයා සන්සුන් වෙන්න ඕනේ ඔයා ඊතලය නිදහස් කරන්න සුදානම් වෙද්දී. ඔයා නොසන්සුන්කාරී වෙන්න නම් එපා. ඒක ඔයාගේ එදිනෙදා ජිවිතයට පවා වැදගත් වෙයි.

2.ස්ටීවන්ට ඔහුගේ පළවෙනි චරිතය වුණේ ව්‍යායාම උපදේශක කෙනෙක් විදිහට. ඒක වැඩසටහනක් විදිහටද විකාශය වුණා.එවව්ගේම මේ වැඩසටහනට විශාල ප්‍රතිචාර ලැබිලා තියනෙවා. ඔතනින් පස්සේ තමයි ස්ටීවන් තමන්ගේ රංගන ජිවිතයට පය තිබ්බේ.

unnamed (1)​03.  ස්ටීවන් කියන්නේ කුඩා කාලයේ සිටම රෙස්ලින් වලට විශාල කැමැත්තක් දක්වපු කෙනෙක්. රෙස්ලින් පිළිබද විශාල ඇල්මක් දැක්වූ ඔහුගේ කැමතිම රෙස්ලින් සටන් ශිල්පියා වුයේ Hulkamania නොහොත් Hulk Hogan. ඒවගේම ඔහු තවමත් මේ රෙස්ලින් පිළිබද විශාල ඇල්මක් දක්වන වගේම මෑතකදී ඔහුගේ තරගයක් පවා තිබුනා. ඒ ගැන නම් දන්නවා ඇතිනේ.

unnamed (2)04. ස්ටීවන් කියන්නේ විවාහ වුන කෙනෙක්. ඔහු හොද සැමියෙක් වගේම, හොද පියෙක් ලෙස ඔහුගේ පවුලේ පසුබිම පවා නිසිලෙස පවත්වාගෙන යනවා. ඔහු විවාහ වුණේ Cassandra Jean. 2012 අවුරුද්දේ නත්තල් දිනය දවසේ. ඇය Miss World වෙලා තියෙනවා වගේම ඇය,CSI, Mad Man ලෙස සිනමාවට දායක වෙලා තියෙනවා. ඒවගේම තමයි මේ ස්ටීවන්ගේ හා කසෑන්ඩ්‍රාටයි ඉන්නේ දුවෙක් ඇයගේ නම Mavi [මාවි].unnamed (4)

​05. NOCKING POINT කියන්නේ වොෂින්ටන්වළ ප්‍රසිද්ධ වයින් විශේෂයක්. මේකට හවුලේ වැඩ කරන එක්කෙනෙක් තමයි ස්ටීවන් ඇමෙල් කියන්නේ. ඒ වෙනුවෙන් ඔහුගේ නමට අක්කර 3.5 ඉඩමක් තියෙනවා. [වයින් වලට දාන යම් දෙයක් ඇති ඉඩමකි]. මේ මේකේ ලොකු විශේෂයක් තියෙනවා. ඒ තමයි මේ ඉඩමට දාලා තියෙන්නේ Archery Term කියලා. මොකද මේකත් දුන්නක හැඩයක් තියනෙවා. ඒ වගේම අනෙක් විශේෂම කාරණය තමයි මේ වයින් බෝතලයේ ලේබලය නිර්මාණය කරන්නේ DC Comics පවත්වාගෙන යන කෙනෙක් වගේම DC Comics චිත්‍රකතා ශිලපියෙක් වන Jim Lee. ඒවගේම මේ වයින් බෝතලයේ ලේබලය හොදට බලන්න ඒකෙ තියෙන්නෙත් දුන්නකට ඊතලයක් දාලා ඇදුනු හැඩයක්.unnamed (5) unnamed (6)


​06. ස්ටීවන් ඇමෙල් කියන්නේ ප්‍රේක්ෂකයන් හැකි තාක් ලගින් ඇසුරු කරන කෙනෙක්. ඔහු හැමවිමට වගේ FACEBOOK, TWITTER සමග ජයාරූප, වීඩියෝ වගේම නොයෙක් දෑ පළකරනවා. ඒවගේම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න,ඔහුට ලැබුණු තෑගී පෙන්වන්න,Fan Arts, වීඩියෝ නිර්මාණ. විශේෂයි කියලා කියලා ෆේස්බුක් තුල පල වෙන ජායාරුප ඇල්බම් වගයක් තියෙනවා. Meme Monday, Fan Art Friday, Light Saber Saturday. මේ Social Meadia සම්බන්ධව ඔහු මේ වගේ ප්ප්‍රකාශයක් කලා.

“YOU ARE MISSING THE BOAT IF YOU DON’T’T CONNECT WITH PEOPLE VIA TWITTER AND FACEBOOK. BEING INTERACTIVE WITH AND GAIVING THEM THINGS THEY CAN HOLD ON TO WILL SUSTAIN A MUCH LONGER CAREER FOR ME,BECAUSE THEY WILL BE INVESTED ME”

දළ අදහස- “ඔයා ෆේස්බුක් හො ටුවිටර් මගින් සම්බන්ධතා පවත්වන්නේ නැත්තම් ඔයාට බෝට්ටුව මගහැරෙනවා. එයාලා සමග අන්‍යෝන්‍ය ලෙස කටුතු කිරීම හා ඔවුන් වෙත යම් යම් දේවල් ලබා දීම තුලින් ඔවුන් මාව වෙත ඇති කැමැත්ත/ විශ්වාසය රදා පවතියි. මොකද එයාලා මා වෙත ආයෝජනයක් කරන බැවින්.”unnamed (7) unnamed (8)07. සල්ලි මතම තම ජීවිතය හොයන්නෙම නැතුව වෙනත් ආකාරයේ පුණ්‍යමය කටයුතු වලටද ඔහු දායක වෙනවා. පිළිකා රෝගයට එරෙහි වෙමින් F*CK CANCER නමින් පුණ්‍ය කටයුත්තක් තවමත් කරමින් පවතියි. ඒ වෙනුවෙන් ටි ෂර්ට් එකක් පවා නිර්මාණය කලා. එහි තියෙන්නේ ඔහු ජායාරූපයකි. මේ කටයුත්ත ඉතා සාර්ථක වෙමින් තවමත් කරගෙන යනවා, මේ සදහා අති විශාල වශයෙන් අරමුදල් ලබාගැනීමට හැකියාව ලැබුනේ ARROW  VS  FLASH කොටස ගෙන එන්නට කලින්, මේ කතාමාලා දෙකෙහි රංගනයෙන් දායක වන ප්‍රධාන චරිත කිහිපයක් හා අධ්‍යක්ෂවරුන් එකට එකතු කිරීමක් වශෙයන්. ඒවගේම මේකට ජනතාවට වැඩි වශයෙන් මේ පුණ්‍යමය කටයුත්ත සදහා දායක වුනා. මේ ලැබුණු සල්ලි පිළිකා රෝගය තුරන් කිරීම හා ඇමරිකානු හමුදාවේ ආබාධිත සොල්දාදුවන් සදහා ඔහු පරිත්‍යාග කලා.. unnamed (9)

අද එහෙනම් දැනගන්න ඇතිනේ ස්ටීවන් ඇමෙල් කියන්නේ සිනමාවේ පමණක් නොව සැබෑ ජීවිතය තුලද සැබෑ වීරයෙක් බවට…..

චාමර සම්පත් (41 Posts)


4 thoughts on “Stephen Amell පිළිබද ඔබ නොදන්නා කරුණු හතක්

  • September 14, 2015 at 10:25 PM
    Permalink

    maxxxaa digatama liyamau

  • September 14, 2015 at 10:18 PM
    Permalink

    thxz

  • September 14, 2015 at 10:17 PM
    Permalink

    patttaaaaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *