පොළොන්නරු වානර පවුලක් වටා බැඳුණු Monkey Kingdom

ලඟදීම ඊ.ඒ.පී. මණ්ඩල සිනමා ශාලාවක තිරගත වීමට නියමිත නවතම හොලිවුඩ් චිත්‍රපටයක් වන Monkey Kingdom වාර්තාමය චිත්‍රපටියකි. මාක් ලින්ෆීල්ඩ් සහ ඇලිස්ටෙයාර් ෆෝදර්ගිල් විසින් අධ්‍යක්ෂණ කාර්යය සිදුකර, නිපැයුමද ඔවුන් දෙදෙනා විසින් කරන ලද මෙය පොළොන්නරැ වනයේ වෙසෙන වානර පවුල් පිළිබඳව සිදු කෙරෙන්නක් වීම ශ්‍රී ලංකාව සමගද නිෂ්පාදනය සහ සම්බන්ධ වීමට හේතුවකි. මෙහි කතාවද අපූරුය.

මායා නමින් හඳුන්වන වානර මවක් කිප් නම් පුතාට වැඩි වාසි අත්කර දීමට, දරන උත්සාහය වටා දිවෙන මෙහි කතාවට අනුව ඇය අලුත් නිවසක් සොයා යන ස්වරූපයක්ද තිබේ. එහෙත් අවසානයට ඇය ප්‍රාර්ථනා කරන්නේ ඇගේ පුත්‍රට අනාගතය තුළ ඇගේ පවුලේ උපරිම ප්‍රතිලාභ ලැබිය යුතු බවයි. මෙහි පසුබිම් කථනය ටිනා ෆේගෙනි.

Disneynature චිත්‍රපටය ලෙස සැලකෙන මෙය ලේබල් වන්නේ Walt Disney Studios චිත්‍රපටයක් ලෙසයි. මෙය පසුගිය අප්‍රේල් මස 17 වැනිදා ඇමෙරිකාවේදී නිකුත් වුණු අතර, මෙම චිත්‍රපටය සැළකෙන්නේ මෙම අධ්‍යක්ෂවරැන් දෙපළ 2007 වසරේ නිර්මාණය කළ Earth චිත්‍රපටයටත්, 2012 වසරේ නිපැයූ Chimpanzee චිත්‍රපටයටත් පසුව මෙම චිත්‍රපට සමාගම හරහා නිකුත් කරන පළමු චිත්‍රපටය ලෙසිනි. මේ සඳහා පාදක වී ඇත්තේද ආචාර්ය වොල්ෆ්ගැන්ග් ශ්‍රී ලංකාවේ කළ විද්‍යාත්මක පර්යේෂණයයි. Sony F65 සිනමා කැමරාව යොදාගනිමින් රූගත කිරීම් සිදු වූ මෙම වාර්තා චිත්‍රපටයේ සංගීත සංරචනා කටයුත්‍ර හැරී ග්‍රෙග්සන්- විලියම්ස් විසින් සිදුකර ඇත.

කෙසේ නමුත් වාර්තා චිත්‍රපටයක් ලෙස මේ වනවිටත් ඇමරිකානු ඩොලර් මිලියන 17 කට ආසන්න ආදායමක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටය, පළමු සති අන්තයේදී ඇමරිකානු ඩොලර් මිලියන 4.58 ලබාගනිමින් බොක්ස් ඔෆිස් දර්ශකයේ අටවැනි ස්ථානයට පවා පත්විය.

චිත්‍රපටය විචාරකයන්ගේද පැසසුමට ලක්ව ඇති අතර ඉහළ විචාරක අගයන් පෙන්නුම් කරයි. මෙහි සතුන්ගේ ආදරණීය බව මනාව සිනමා කාචයකට හසුකරගෙන ඇති බැව් බොහෝ දෙනාගේ අදහසයි.

ලිපිය – මාලන් විදානපතිරණ මහත්මයා

monkey-kingdom-poster1

චලිදු දේශන් (10 Posts)


2 thoughts on “පොළොන්නරු වානර පවුලක් වටා බැඳුණු Monkey Kingdom

Leave a Reply

Your email address will not be published. Required fields are marked *