Arrow කතාමාලාව ගැන ඔබ නොදන්න කරුණු 6ක්

unnamed

Arrow කතාමාලාවේ සීසන් තුනක් නම් ඉවරයි. ඊළග සීසන් එක ඔක්තෝබර් මාසයේ නිකුත් වීමට නියමිතයි. නමුත් මං අද කියන්න යන්නේ ඔයාලා ඇරෝ කතාමාලාව ගැන නොදන්නා කරුණු හයක් (6) ගැන. නමුත් සමහර දේවල් නම් ඔයාලා දන්නවා ඇති. බලමු කීදෙනෙක් මං කියන කරුණු වලින් කොච්චරක් දන්නවද කියලා.

01.

ඇරෝ කතාමාලාවේ, season 1 හා 2 ඔලිවර් කුවින් එයාගේ පවුලේ අය හිටියා මතකද ලොකු ගෙයක . ඒක නම් ඇත්තටම විශාල ගෙයක්.  ඒකට කිව්වේ “Queen Mansion”( කුවින් ප්‍රසාදය). නමුත් ඔයාලා දන්නවද ඒ තැන ඓයිතිහාසික ස්ථානයක් කියලා. ඒ ස්ථානයේ නම තමයි “Hatley Park National Historic Site” . ඒ වගේම මේක මාලිගාවක් . මේක පිහිටා තියෙන්නේ British Columbia වල. ඔය තියෙන්නේ ඔය මාලිගාව හැම කොටසක්ම වර්ග කරලා ජයාරූප එක්කම.

unnamed (1)ඒවගේම මේ මාලිගාව තවත් බොහො චිත්‍රපට හා රුපවාහිනි කතාමාලා සදහා යොදාගෙන තියෙන බව ඔබ දන්නවද?

*Smallville කතාමාලාවට * Luthor Mansion කතාමාලාවට

* Lex Luthor කතාමාලාවට * X-Menචිත්‍රපට මාලාවේ(beginning in 2000)

* Generation X චිත්‍රපටය සදහා * The Duke චිත්‍රපටය සදහා

* Masterminds (1997) චිත්‍රපටය සදහා * MacGyver කතාමාලාවට

* Seven Days කතාමාලාවට * Poltergeist: The Legacy චිත්‍රපටය

* Fierce People (2004) චිත්‍රපටය * The Changeling (1979) චිත්‍රපටය

* Big Time චිත්‍රපටය * Arrow කතාමාලාවට

* The Killing කතාමාලාවට * Descendants චිත්‍රපටය.  

    

02.

ඔලිවර් එයාගේ තාත්තාගේ පරණ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ යට තට්ටුවේ තමයි එයාගේ ගුහාව නැත්තම් රහස් ස්ථානය ගොඩනගාගත්තේ. ඒවගේම එයාගේම එතන රාත්‍රී සමාජ ශාලාවක් විවෘත කලා. එයාගේ රහස් හංගගෙන ඉන්න වගේම, එයාගේ වැඩ වළට ලේසි වෙන්න.. ඒ කල්බ් එකේ නම වුණේVERDANT. මේක ප්‍රංශ වචනයක්. මේක ඉංග්‍රීසියට හැරෙව්වම එකේ තේරුම තමා “Bright Green” . ඇරෝගේ පාට වුනෙත් තද කොළ පාට.
unnamed (2)

03.

තුන්වෙනි කරුණ තමා. ඇරෝ කියන්නේ DC කොමික් චරිතයක්. නමුත් DC චිත්‍රකතා පොත්වල, කතාමාලා හා ඔහු DC කොමික්වල ඇනිමේෂන් චිත්‍රපට කිහිපයක පමණයි. නමුත් හැමෝම කියන කරුණක් තමයි ඔහු Justice.League කණ්ඩායම් චිත්‍රපට වල වගේම ඇනිමේෂන් චිත්‍රපට වල නැත්තේ ඇයි කියන එක. නමුත් ඔබ දන්නවද “INJUSTICE GODS AMONG US” ක්‍රීඩාව තුළ ඉන්නවා. ඒවගේම එම ක්‍රීඩාව තුළ ගොඩක් අය අතර ඔහුව ජනප්‍රිය වුණා. ඒවගේම එම ක්‍රීඩාව තුළ ඇරෝ චරිතයට පණ පොවලා තියෙන්නෙත් “Stephen Amell” ම තමයි.
unnamed (3) unnamed (4)

04.

ඒවගේම ඔයාලා දකින්න ඇති ඩිගල් හා ලයිලා හාමවෙලේම ආපු ගියපු තැන. “ARGUS”. හිරගෙදර. හා Suicide Squad  වල අයිතිකාරි.කළු ගෑනු කෙනා. Amanda Waller. එයා  DC Comics වල චරිතයක්. හැමෝම දන්නා “Harley Quinn” ඇයට කොමිස් චරිතයට අනුව ඇයට හඩකාවන්නේ “TaraStrong”  මේ Harley Quinn දකින්න පුලුවන් වෙන්නේ Batman Arkham City ක්‍රීඩාවේ හා LGEO Batman 3 වල.

unnamed (5) unnamed (6) unnamed (7)

05.

ජෝන් ඩිගල්- කලින් දැකපු කතාමාලා තුනෙහිම දකින්න ලැබුනා. ඒවගේම ඔහු මුල් කාලයේ එච්චර වටිනාමක් තිබුණේ නැහැ. නමුත් ඔහු හමුදාවේ හිටියා වගේම ඔහු ඔලිවර් එක්ක පුහුණුවීම වෙලා ඔහු මේ කතාවට නැතුව බැරි චරිතයක් වුනානේ. නමුත් ඔහු විශේෂ ඇදුම් කිසිවක් නැතුව සමාන්‍ය විදිහට සටන් කලේ. නමුත් ඔහු DC Comic චිත්‍රකතා පොත්වල ආපු Green Arrow කතාපොත් මාලාවන්හි 24 වෙනි පොතේ විශේෂ චරිතයක් වී තිබෙනවා. Arrow Srason 4 වල ඔයාලට වලාගන්න පුලුවන් මේ වගේ විශේෂ වෙනස් වූ ඩිගල් කෙනෙක්. ඒ විතරක් නෙවේ. Green Arrow කතා ලියන අයගෙන් එක් අයකුගේ නමක් තමා“Andy Diggle”

unnamed (8) unnamed (9)

06.

Arrow කතාමාලාවේ නම් නගරය වුණේ Straling City ( ස්ටාලින් නගරය) . හැමතැනකම වගේ මතකනේ. Deathstroke ආපු ගියපු තැන්, ඇරෝ ඇරෝ, ලාන්ස්ව හමුවෙන්න එන තැන්, කට්ටිය එකතු වෙන එක එක දකින්න ඇතිනේ. ඒවගේම ඇරෝ මොකක් හරි වුණාම උදව් ඉල්ලන්න වගේම හැමවෙලේම මාරුවීමක් වුණොත් යන්නේ Central City (සෙන්ට්‍රල් නගරයට) ඒ Flash (බේරි) ව හමුවෙන්න. ඒකෙ අනිත් පැත්තම තමා ෆ්ලෑෂ් කරන්නෙත්. එයාට උවමනාවක් ආවම එන්නේ ස්ටාලින් නගරයට ඒ අරෝව හමුවෙන්න. එකෙන් කියන්නේ මේ ගියපු කොමික් කතාමාලාවට අනුව ඇරෝගේ හොදම යාලුවා ෆ්ලෑෂ්. නමුත් DC Comics කතාවලට අනුව නම් Green Arrow ගේ හොදම යාළුවා Green Lantern ( ග්‍රීන් ලැන්ටන්).

unnamed (10) unnamed (11) unnamed (12)

චාමර සම්පත් (45 Posts)


7 thoughts on “Arrow කතාමාලාව ගැන ඔබ නොදන්න කරුණු 6ක්

  • October 4, 2015 at 10:21 AM
    Permalink

    Ela Bro..

  • August 22, 2015 at 4:17 PM
    Permalink

    නියම පෝස්ට් එකක්

  • August 21, 2015 at 10:04 PM
    Permalink

    pattaa

  • August 21, 2015 at 9:56 PM
    Permalink

    නොදැන හිටිය ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතියි.

  • August 21, 2015 at 12:12 PM
    Permalink

    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..

  • August 21, 2015 at 12:11 PM
    Permalink

    බොහෝම වටින විස්තර ටිකක් සහෝ.
    තවත් ලිපියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  • August 21, 2015 at 9:45 AM
    Permalink

    ෂා… නියම පෝස්ට් එක මචෝ. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. දිගටම මේ වගේ සුපිරි පෝස්ට් ලියමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *