Paayum Puli (2015)

ඔන්න මම අද මංසලට ගොඩවෙන්නේ ලබන මාසේ නිකුත් වන සුපිරිම දමිල සලරුවක් ගැන ඔයාලව දැනුවත් කරන්න.
අද මම මේ කියන්න යන්නේ “Paayum Puli” චිත්‍රපටිය ගැන.

unnamed (1)වර්තමාන දමිල සිනමාවේ තවත් දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන “විශාල්” තමා ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ,
විශාල් අවසාන වතාවට රඟපෑ චිත්‍රපටිය වන්නේ Aambala චිත්‍රපටියයි.

unnamedචිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන්නේ කවුරුත් හදුනන සුරූපී “කාජල් අගර්වාල්”ය.
ඇය මීට මාසයකට පමණ ඉහත නිකුත් වූ “මාරි” චිත්‍රපටයෙන් පසුව දෙමල සිනමා නිර්මාණයකින් හමුවන්නේ මේ චිත්‍රපටය තුලිනි.
මං හිතන විදිහට මේ දෙන්නා එකට රඟපාන පලවෙනි අවස්ථාව වෙන්න ඕන මේක.
unnamed (2)චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ  “Suseenthiran” විසින් වන අතර
නිෂ්පාදනය “S. Madhan සහ P.Madhan”විසිනි.
ඒ වගේම සංගීත අධ්‍යක්ෂනය   D. Imman විසින් සිදු කරනු ලබනවා.
මීට පෙර Jilla, Romeo Juliet, වගේ ජනප්‍රිය චිත්‍රපටි ඇතුළු චිත්‍රපටි රැසකට මොහු විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා.
unnamed (3)එළඹෙන සැප්තැම්බර් මාසයේ හතරවෙනිදා මේ චිත්‍රපටිය නිකුත් වීමට නියමිතයි.

ඉතින් ඔන්න සිංහල උපසිරසි සමගින් ඔයාලට පූර්ව ප්‍රචාරක පටය අරගෙන ඇවිල්ලා තියෙනවා,
තවත් මෙවන් නිර්මාණයකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. ජයෙන් ජය..

පූර්ව ප්‍රචාරක පටය සඳහා උපසිරැසි දායකත්වය අපේ රවිඳු සංදීප සහෝ විසින්.

තාරක නුවන් දිල්හාර (71 Posts)


4 thoughts on “Paayum Puli (2015)

  • October 12, 2015 at 11:43 AM
    Permalink

    meke subtitles thama nedda?

  • October 3, 2015 at 9:01 AM
    Permalink

    mata meke subtile link eka ewanna

  • September 26, 2015 at 9:37 AM
    Permalink

    ko paayum puli eke Subtiles thama deme nedda?

  • August 16, 2015 at 5:49 PM
    Permalink

    thanks lipiyata
    jayawewaa
    dennatama thuthi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *