සිනමා ලෝකයේ සැබෑ ක්‍රියාදාම චරිත 10ක්

හොලිවුඩ්, බොලිවුඩ් හෝ වෙනත් සිනමා ක්ෂේත්‍රයක් දිහා බලන විට පැහැදිලිවම දකින දෙයක් තමයි සෑම සිනමාපටයකම පාහේ Stunt ශීල්පීන් නළු නිලියන් වෙනුවෙන් ක්‍රියාදාම චරිත වල යෙදෙන බව. මක්නිසාද යත් සුපිරි තරු වුවද බොහෝ තාරකාවන් වලට එවැනි අවධානම් ක්‍රියා වල යෙදීමට නොහැකි වීම හෝ ඇති අකමැත්තයි. මේ නිසා ක්‍රියාදාම ආදේශක ශිල්පීන් හරහා එම අවධානම් රූගත කිරීම් සිදුකරනු ලබනවා. ඔබ සිනමාපටයක නාමාවලිය දෙස බැලුවහොත් කොතරම් ආදේශක ක්‍රියාදාම ශිල්පීන් ප්‍රමාණයක් එක් නිර්මාණයක් සඳහා එක්වනවාද යන්නදැකගත හැකිය.

නමුත් සුළුතර රංගන ශිල්පීන් ප්‍රමාණයක් රංගන දක්ෂතාවෙන් ඔබ්බට ගොස් ක්‍රියාදාම දර්ශන තමන් විසින්ම කිරීමේ හැකියාව දක්වයි. ඉතින් අද මේ මම කියන්න යන්නේ එලෙස ක්‍රියාදාම ආදේශක ශිල්පීන් යොදා නොගෙන තමන් විසින්ම ක්‍රියාදාම දර්ශන වලට පෙනී සිටි රංගන ශිල්පීන් දසදෙනෙකු ගැනයි.

[divide style=”2″]

10 Donnie Yen

3727301-wing+chun

මාෂල් ආර්ට්. ටයිකොන්ඩෝ, වින්ග් චුන්, ජුජිට්සු ශිල්පියෙක් වන මොහු Ip Man, Flash Point වැනි නිර්මාණ හරහා තම සටන් ශිල්ප ක්‍රමවල දක්ෂතා ඉදිරිපත් කරන ලදී.

[divide]

09 Angelina Jolie

Angelina-Jolie-Movie-27-HD-Images-Wallpapers

සුරූපී ඇන්ජලීනා ජොලී ඩ මෙම ලැයිස්තුවට එක්වන රංගන ශිල්පිනියක්. Lara Croft: Tomb Raider, Wanted, Salt වැනි නිර්මාණ හරහා ඇය තමන්ගේ ක්‍රියාදාම හැකියාව පෙන්වනු ලැබුවා.

[divide]

08 Daniel Craig

Daniel-Craig1

Quantum of Solace, තුලින් මෙන්ම වර්තමාන ජේම්ස් බොන්ඩ් ලෙස Skyfall හරහා තම දක්ෂකම් ඉදිරිපත් කල මොහු Spectre හරහා මේ වසරේ බොන්ඩ් ලෙස තම හැකියාව ඉදිරිපත් කරනු ලබනවා.

[divide]

07 Matt Damon

damon
Saving Private Ryan හරහා යුධ ක්‍රියාකාරකම් මෙන්ම Bourne ත්‍රිත්වය හරහා පාලම් වලින් පැනීම්, වාහන හැප්පීම්, ජලයේ කිමිදීම වැනි ක්‍රියාකාරකම් හරහා මොහු තම දක්ෂතා ඉදිරිපත් කරනු ලැබීය.
 [divide]

06 Harrison Ford

184587447JA00009_17TH_ANNUA

Clear and Present Danger, The Fugitive, Indiana Jones and the Kingdom of the Crystal Skull මෙන්ම Indiana Jones and the Raiders of the Lost Ark තුලින් මේ විශිෂ්ඨ රංගන ශිල්පියා තම දක්ෂතා ඉදිරිපත් කරනු ලැබුවා.
 [divide]

05 Tatchakorn Yeerum (a.k.a Tony Jaa)

Tony_Jaa_Ong_Bak__promo_0

තායිලන්තයේ ඉපද සිනමා ලොව ජයගත් මේ රංගන ශිල්පියා සැබවින්ම ක්‍රියාදාම දක්ෂතා වලින් පරිපූර්ණ ශිල්පියෙක්. අතිශය ජනප්‍රිය Ong-Bak ත්‍රිත්වය, The Protector ද්විත්වය මෙන්ම ඔහු රංගනයෙන් දායක වූ සියලුම නිර්මාණ වල ඔහු කරනු ලබන සෑම දර්ශනයක්ම ඔහු විසින්ම කරනු ලද අතර ඒ සඳහා කිසිඳු සිනමාරූපී තාක්ෂණික උපකාරයක් ඉදිරිපත් කර නොමැත.
 [divide]

04 Buster Keaton

best-buster-keaton-films

1895-1966 කාලයේ ජීවත් වූ මොහු ඒ කාලයේ සිනමාපට වල තම ක්‍රියාදාම දක්ෂතා දක්වූ ශිල්පියෙක්. Sherlock Jr. , Steamboat Bill Jr. , A Funny Thing Happened on the Way to the Forum හරහා ඔහු තම දක්ෂතා දක්වා තිබේ.
  [divide]

03 Tom Cruise

Tom_Cruise_avp_2014_4

අති සාර්ථක Mission: Impossible සිනමාපට 4කින්ම ඔහු තම දක්ෂතා ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම එහිදී Burj Khalifa ගොඩනැගිල්ලේ කල ක්‍රියාදාම මෙන්ම ටොන් ගණනක වතුර සමඟ කල දර්ශන වඩාත් කැපී පෙනෙනවා. Knight and Day හි ගොන්පොර පිටියේ බයිසිකලයෙන් කල දර්ශනයද කැපී පෙනෙනවා.
  [divide]

02 Jason Statham

017216
017216

සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන මොහු The Transporter ත්‍රිත්වය The Expendables ත්‍රිත්වය, Death Race හරහා තම හැකියාවන් උපරිම ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.

[divide]

01 Jackie Chan

jackie-chan-would-really-like-to-see-some-countries-have-a-disaster

වැඩිම ක්‍රියාදාම දර්ශන වලට එක් වූ රංගන ශිල්පියා ලෙස ගිනස් පොතට පවා එක් වූ මේ හොංකොන් ජාතික රංගන ශිල්පියා තම මාෂල් ආර්ට් හැකියාව තුලින් ලෝකයම තම වසඟයට අරගත්තා. Police Story, Project A, The Spy Next Door ඇතුළු ඔහුගේ සියලුම නිර්මාණ තුල ක්‍රියාදාම දර්ශන ඉදිරිපත් කරමින් සාර්ථකත්වයට පත්විය.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

8 thoughts on “සිනමා ලෝකයේ සැබෑ ක්‍රියාදාම චරිත 10ක්

  • Pingback: සැබෑවටම චරිතාංග රංගන ශිල්පීන් 10ක් – බයිස්කෝප් මංසල

  • August 3, 2015 at 8:12 PM
    Permalink

    ලිපියක් ලියන්න තවත් හොඳ තේමාවක් තියෙනවා.
    චිත්‍රපට වලදී වගේම සැබෑ ජීවිතයේත් සටන් කලාව ගැන
    ප්‍රවීනතාවක් තියෙන අය ගැනත් ලිපියක් ලියමු.

    කාලෙකට පස්සේ මේ පැත්තේ ඇවිල්ලා ලිපියක් කියෙව්වා.
    ලිපියට බොහෝම ස්තුතියි. 🙂

  • August 1, 2015 at 8:04 AM
    Permalink

    niyamai saho…

  • July 30, 2015 at 2:53 PM
    Permalink

    Thanks..!

  • July 30, 2015 at 1:26 PM
    Permalink

    නියමයි සහෝ නියම පෝස්ට් එකක්

  • July 30, 2015 at 11:32 AM
    Permalink

    මේ ලිපියේ ඉන්නේ ක්‍රියාදාම දර්ශන (stunt) තමන් විසින්ම කරපු අය ගැනයි. බෘාස් ලී ක්‍රියාදාම වලට වඩා සටන් ජවනිකානෙ කරේ.

  • July 30, 2015 at 11:19 AM
    Permalink

    ඕනෙම කෙනෙක් මඟඇරිලද මන්දා, බෘෘස් ලී නැද්ද?

    හොද ලිපියක්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *