The Man from U.N.C.L.E. (2015)

the-man-from-uncle-posterරොබට් ඩව්නි ජූනියර් රඟපාපු ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටි දෙක මතකයිනෙ..අන්න ඒ චිත්‍රපටි දෙක නිර්මාණය කරපු එංගලන්ත හාදයා ගයි රිචී ,අවුරුදු හතරක නිහැඬියාවකට පස්සෙ හදපු චිත්‍රපටිය The Man from U.N.C.L.E. මේ අගෝස්තු 14 වෙනිදා තිරගත වෙන්ඩ නියමිතයි.man-from-uncle-the-man-from-uncle-henry-cavill-2084853059

එක්දාස් නවසිය හැට ගණන්වල බොහොම ජනප්‍රිය වුනු, මේ නමින්ම විකාශය වුනු රූපවාහිනී කතා මාලාවක් ඇසුරෙන්, ඇමරිකන් ඩොලර් මිලියන 75ක වියදමක් දරලා හදලා තියන The Man from U.N.C.L.E.  ස්පයි,ඇක්ෂන් චිත්‍රපටියක් විදිහට වර්ගීකරණය වෙලා තියනවා.jT5yNfZ

ඇමරිකානු සහ රුසියානු රහස් පරීක්ෂකවරුන් දෙන්නෙක් එකතුවෙලා කරන සීතල යුද්ධෙ කාලෙ කරන රහස් මෙහෙයුමක් වටා ගෙතෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත දෙක රඟපාන්නෙ, මෑන් ඔෆ් ස්ටීල් චිත්‍රපටයෙන් අළුත්ම සුපර් මෑන් විදිහට ඔයාලා හඳුනගත්ත හෙන්රි කැවිල් සහ ද ලෝන් රේන්ජර් චිත්‍රපටියෙ ජොනී ඩෙප් එක්ක ලෝන් රේන්ජර් විදිහට රඟපෑව ආමි හැමර්.

Nirosh Gunasekara (2 Posts)


7 thoughts on “The Man from U.N.C.L.E. (2015)

  • July 28, 2015 at 5:38 AM
    Permalink

    ස්තුතියි සිරාජ් මල්ලි !

  • July 28, 2015 at 5:37 AM
    Permalink

    ස්තුතියි තිසර සහෝ ! 🙂

  • July 27, 2015 at 10:19 PM
    Permalink

    අප්පට , තවත් ෆිලුමක් ගැන දැනුවත් කිරීමක්
    එල එල නිරෝෂ් අයියේ
    ට්‍රේලරය බැලුවා
    සුපිරි කතාවක් වගේ
    දැනුවත් කිරීමට ගොඩාක් ස්තූතියි !
    ජයෙන් ජයම වේවා !!!

  • July 27, 2015 at 7:39 PM
    Permalink

    ස්තූතියි නිරෝෂ් සහෝ මේ ගැන දැනුවත් කිරීම වෙනුවෙන්….
    ජයවේවා
    ඉක්මනින්ම අලුත් ලිපියකින් හමුවෙමු…

  • July 27, 2015 at 7:18 PM
    Permalink

    ස්තුතියි කාවින්ද සහෝ ! 🙂

  • July 27, 2015 at 10:40 AM
    Permalink

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…

    සුපිරියි සුභපැතුම්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *